ඒ මිතුදම් උණුසුම් ය! සිඩ්නි සිතුවිලි කාලය යළි සුපුරුදු පරිදි ගලා යන්නට ආරම්භ වුණු මොහොත පිළිබඳ මට මතකයක් නැත. ඇතැම් විට අප නොදන්නවා වුවත්, කාලය අප එක් එක් අය වෙනුවෙන් ද විවිධාකාර ධාවන ක්‍රම සොයාගෙන කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබට තත්පරයක කාලය ඇතැම් විට මට විනාඩි ගණනක හෝ පැයක දෙකක ලෙස හඟවා තබන්නට කාලයට හැකි ව ඇත්තේ එකිනෙකා වෙන්ව ගෙන සිය සේවයන් ඔහු හෝ ...
දිග ගවුම් සහ කොට ගවුම් සිඩ්නි සිතුවිලි (2012 මාර්තු මස 15 වැනිදා)රීජන්ට් වීදියේ නවාතැන් දොරින් ඇතුළුවත්ම හමුවන ප්‍රවේශ දොරටුව යොමු වූයේ තරුණියන් දෙදෙනාගේ කාමරය වෙතට ය. තරුණියන් සමග එකම නවාතැනක කල් ගෙවීම ලාංකික අපට සමීප අත්දැකීමක් නොවේ. පේරාදෙණියේ සහ කොළඹත්, ශ්රීපාලියේත් මා දන්නා සියලු ශිෂ්‍ය නේවාසිකාගාර ගැහැණු හා පිරිමි ලෙස වෙන් වශයෙන් පිහිටුවා ඇත. පේරාදෙණියේ පිරිමි නේවාසිකාගාර දොරටු විසි හතර පැයෙහි ඇර දමා තිබෙන නමුත් කාන්තා නේවාසිකාගාරයකින් ...
දොස්තරලා සහ සේවකයෝ සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 03 වැනිදා අඟහරුවාදා)ඕනෑ ම සේවා ස්ථානයකදී ඔබට හමු වන ආයතන සේවකයා ඉතා සුහද ලෙස ඔබට කෙසේ දැයි විමසීම ඔස්ට්‍රේලියාවේ දී සාමාන්‍ය සිරිතකි. එහෙත් පිළිතුර කුමක්දැයි සෙවීමට මාහට මඳ වේලාවක් ගත වූයේ සී.ටී. ස්කෑන් පරීක්ෂණයට පරීක්ෂණාගාරයට ගිය විට එහි සේවිකාව එසේ විමසූ විට ය. මෙහිවිත් ටික දිනකින් මතුව ආ කොන්දේ වේදනාවක් ගැන අසා මා මෙම පරීක්ෂණයට යොමු ...
නෙක ඉසිඹු රැසකට පසු... සිඩ්නි සිතුවිලි ‘ඉසිඹුවකට අවසර‘ ඉල්ලමින් යම් රිද්මයකින් ලියමින් උන් මෙම ‘සිඩ්නි සිතුවිලි‘ ලියවිලි පෙළට මඳ විරාමයක් තැබුවේ මෙයට වසර 4කට පෙර ය. සිඩ්නි විශ්වවිද්‍යාලය වෙත ලියා භාර දෙන්නට සිටි පශ්චාත් උපාධි නිබන්ධනය වෙත පූර්ණ අවධානය යොමු කරන්නට තැබූ එම විරාමය නිබන්ධනය භාර දුන් වහාම කෙළවර කරන්නටත්, යළි ලියවිලි අතරට පිවිස වසර දෙක හමාරක සිඩ්නි දිවියේ තතු ඔබ හා බෙදා ගන්නටත් මා ...
ගිනි මහත්තුරු සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 01 වැනිදා) මසකට ආසන්න කාලයක් ගත වෙමින් පැවතුණ ද තවමත් සිඩ්නි නගරය හා ඔස්ට්‍රේලියාව මා හට ආගන්තුක ය. කාලගුණයේ කිසිදු වෙනසක් නැතත් රාජ්‍ය මට්ටමින් ඔස්ට්‍රේලියානුවෝ අද සරත් කාලය ආරම්භ කළහ. ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා ඇරඹුනේ දිවා කාලය රැක ගැනීම වෙනුවෙන් ඔරලෝසුව පැයක් පසුපසට ගනිමිනි. එම නිසා ඊයේ රාත්‍රියට මධ්‍යම රාත්‍රින් දෙකක් එළඹෙන්නට ඇත! පසුගිය සතිය පුරාම සිරුරට ...
සිඩ්නියේ සිට ලියමි! සිඩ්නි සිතුවිලි (2012 මැයි)ශීත කාලය කෙමෙන් ළඟාවෙමින් පැවතියේ දිනෙන් දින ශීතලය ඉහළ නංවමිනි. රීජන්ට් වීදි නවාතැනේ මගේ කාමරය තවදුරටත් උණුසුම්ව කල් ගෙවන්නට හැකි තැනක් නොවන බැව් වැටහෙන්නට ගත්තේ එහි වීදුරු පනේල විදගෙන ශීතලය කාමරයට වදින්නට ගත් තැන ය. නගරයේ පහළ සිට ඉහළට, විසි හතර පැය පුරා දුවන වාහනවලින් නැගෙන ගුම් නදැති එන්ජින් හඬ කණට හුරු කරගෙන උන්න ද වීදුරුව විනිවිද එන ශීතයට ...
ජූනි සහ ජූලි සිඩ්නි සිතුවිලි (2012 මැයි) ෂින්ගේ සමුගැනීමෙන් පසු ටික දිනක් ගතවන තුරුම පැට්රික් සහ මා සමග කාමරය බෙදා ගන්නට කෙනෙක් පැමිණියේ නැත. අධික ලෙස ජපාන සජීවකරණ සිනමාපට නරඹන්නට හුරු වී සිටි ෂින්ගේ ඇතැම් ක්‍රියා ඔහු සිටි දිනවල මහත් කරදරයක් ලෙස දැණුනු මුත් ඔහු පිටව ගිය පසු දැනෙන්නට ගත් පාළුව කුඩා එකක් නොවී ය. ෂින් තම ජීවිතය අප සමග බෙදා නොගත්තේ වුව ආවේණික ...
බැරිවෙයිද බිත්තර කොත්තුවකුත් ගේන්න ඒත් එක්ක? සිඩ්නි සිතුවිලි (2012 මාර්තු 21 වැනිදා) සිඩ්නියට පැමිණ දින කිහිපයක් ගෙවී ගිය තැන විශ්වවිද්‍යාලයේ බැංකු ශාඛාවක් වෙත ගිය මම එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සොයා ගතිමි. සිඩ්නියේ අධික වියදම කිසිවකුට ඉහිලුම් නොදෙන්නකි. තිදෙනෙකුගෙන් සමන්විත කාමරයේ මගේ කොටස සඳහා සතියකට ඩොලර් එකසිය විසිපහක මුදලක් ඇනීට ගෙවීමට සිදුව ඇත. ඒ අනුව මම මසකට ඔස්ට්‍රේලියානු ඩොලර් පන්සියයක් ඇනී වෙත ගෙවමි. රුපියල අවප්‍රමාණ වෙද්දීම ලංකාවෙන් පිටව ආ ...
බටහිරට දිගු ගමනක්! සිඩ්නි සිතුවිලි (2012 ජූනි) සිතෙහි දිගින් දිගටම නැගී තිබුණු, විස්තර කළ නොහැකි හැඟීම් සමුදායත්, ඒ සිතුවිලි හා එක්ව අත්වැල් ලාගත් ශරීරයේ සෑම කෙළවරකට විහිද ගිය තියුණු කෙඩෙත්තුවත් යළි මා හැර නොයනු ඇතැයි හැඟෙන තරමට මගේ සිත හා කය වෙළාගෙන තිබිණ. ගුවන් තොටෙහි පිටත්වීමෙහි පර්යන්තයේදී ජයන්ත අංකල් මගෙන් සමුගත්තේ ස්වකීය අතීතයේ ඇති සමාන අහිමිවීම් පිළිබඳ දිගු විස්තරයක් කෙළවර කරමිනි. “මේ රටවලදි මුහුණ දෙන්න ...
බ්‍රොන්ටි වෙරළට වී බලා සිටියෙමි සිඩ්නි සිතුවිලි (2012 මාර්තු මස 25 වැනිදා)රීජන්ට් වීදියට පැමිණ ගෙවුණු දින කිහිපය තුළ කිහිපවරක්ම විවිධ විනෝද ගමන් සඳහා නවාතැන් සගයින් ආරාධනා කළද ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළේ අතමිට යහමින් මුදල් නැති මොහොතක අනවශ්‍ය ගමන් බිමන් වලින් තවතවත් කරදර මතුවේයැයි හැඟුණු නිසාවෙනි. සතිය පුරා යන්ත්‍ර මෙන් වැඩ කරන සිඩ්නි නුවරු සති අන්තයන් විනෝදවීම් සඳහා වෙන් කර තබති. මෙනිසාම විශේෂ හේතුවක් නොවන්නේ නම් ...
චොකලට් සිඩ්නි සිතුවිලි -2012 මැයි 07 වැනිදා - විසි හතර පැය විවෘත සවන් -ඉලවන් වෙළඳ සැළක් රීජන්ට් වීදියේ කෙළවර වර්ණ ආලෝක සංඥා අසළ වේ. මග දිවෙන රථ නතර කරෙන රතු එළිය දැල්වී පදිකයින් වූ අපට කොළ පැහැ මගී සංඥාව ලැබුණු විගස ජුන් සහ මම මාර්ගය අනෙක් පසට පැන ගත්තෙමු. වේලාව රාත්‍රී නවය පසුවෙමින් තිබිණ. ප්‍රධාන නගරය දෙසින් පිටතට දිවෙන රථවලත්, නගරය දෙසට යන ...
පාට සහතික සිඩ්නි සිතුවිලි නිරාවරණය වූ මුහුණ හා දෙඅත් තවතවත් ශීතලයෙන් තවමින් හිරි නංවන සුළං රැළි නගරය පිස හමා එයි. හිරු තවමත් හරිහැටි පායාවිත් නැත. ශීතලෙන් තැවෙන දෙඅත් එකිනෙක මත පිරිමදිමින් මම දුම්රිය වේදිකාවේ රැඳී සිටියෙමි. වේලාව උදෑසන හයට පමණ වන්නට ඇත. හෝන්ස්බි බලා දිවෙන දුම්රිය තව මොහොතකින් වේදිකාවට සපැමිණෙනු ඇත.සිඩ්නියේ ජීවිතය වෙනත් අතකට හරවමින් ලැබුණු සිඩ්නි චෙස් ඇකඩමියේ රැකියාව සියලු කරදර මකා ...
ඇට කෝටු බාස් සිඩ්නි සිතුවිලි (2012 මාර්තු මස 17 වැනිදා) රීජන්ට් වීදියට නවාතැනට ගොඩ වැදී දින කිහිපයක් ගතව යද්දීම පවුලින් නවාතැනින් සමුගෙන ගියා ය. තුන් මසක හෝ හය මසක කොන්ත්‍රාත්තු කාලයකට ලබාගන්නා කාමර යළි භාර දීම හෝ දිගටම රැඳී සිටීම නිශ්චිත කාලය සම්පූර්ණ වීමට ආසන්නයේ නිවාස හිමිකරුට දැනුම් දීම මගින් කළ හැකි ය. පවුලින් සමුගත්තේ කුමන හේතුවකටදැයි හරි හැටි පැහැදිලි නොවූවත් ඇගේ පිටව යාම නවාතැනේ ...
ගඟන සරන‘තර යළි ඔහු හමු විය! සිඩ්නි සිතුවිලි කිසිදු සැළකිල්ලකින් නොබැලූ මුත් සිඩ්නියේ විසල් ගොඩනැගිලි ක්‍රමයෙන් කුඩා වී ගොස් සෙමෙන් පසුපසට ඇදී මැකී යමින් තිබෙන බව මගේ ඇස්වලින් සටහන් කරගනිමින් තිබිණ. සිවු මසක් ගෙවෙන්නට මත්තෙන් යළි හැරී මව් රට බලා යාමට කිසිදු අදහසක් නොමැතිව ඊයේ උදෑසන අවදි වූ මම දැන් මගේ සිඩ්නියේ බොහෝ අඩුම කුඩුම ද රීජන්ට් වීදියේ නවාතැනෙහි තබා ගුවන් යානයක වාඩි වී සිටිමි. ජීවිතයේ එළඹෙන ...
ආයුබෝවන් බෙතී සිඩ්නි සිතුවිලි “ප්‍රියන්ත... දැන්ම, පන්තිය නවත්තල බර්වුඩ් ඔෆිස් එකට එන්න!““එතකොට මේ ළමයි?““ඇලිස්ගෙන් අහන්න පන්තිය භාරගන්න පුළුවන් ද කියල. නැත්නං පන්තිය ඉවර කරපු ගමන් කෙළින්ම එන්න!“බ්‍රෙට් එවදන් කීවේ සතුටකින් නොවන බව මට හොඳින් වැටහිණ. බොහෝ විට ඔහු මට තදින් දොස් පවරනු ඇත. සැබවින්ම මා කළ වරදක් තිබේ ද? සිඩ්නියට පය ගසා බොහෝ කලක් ගතවී නොතිබුණු හෙයින් තවමත් මෙහි ගමනාගමනය පිළිබඳව මා හොඳින් ...
‘සිල්ලර‘ ජීවිත සිඩ්නි සිතුවිලි (2012 - ජූනි)මාකට් වීදියේ පටු පදික වේදිකාව දිග ඇවිද යන විවිධාකාර මිනිස් ප්‍රාණීන් අතරින් හිස නිදහස් කරගත් මම සිටොන් සහ නෝමන් පෙනෙන ඉසව්වක වේ දැයි හැරී බැලුවෙමි. රාජ්‍ය රඟහල දොරටුවෙන් පිටතට ඇදෙන මහ සෙනඟ අතරින් වීදියට පිවිස තිබුණු ඒ දෙදෙන ඒ වන විටත් මවෙත ලංවෙමින් උන් හ. සුපුරුදු පරිදි නෝමන්ගේ තැන්පත් කතා බහට සිටොන් පිළිතුරු සැපයූවේ උස් හඬිනි. මවෙත ...
එසේ මුත් විහඟ... මා විහඟ... ඔබ පියාපත හකුලන්න - සැඟවෙන්න කාලය නොවේමැයි... සිඩ්නි සිතුවිලි පශ්චාත් උපාධියක් හදාරනු වස් විදේශ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වන්නට වරම් ලැබීම අප රට සමාජයේ ඥාණයට ගරු කරන්නන් අතර ඉහළ වටිනාකමක් ලැබෙන සිදුවීමකි. සිඩ්නි විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට ලද සුදුසුකම කණ වැකුණු බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම සම වයසැති කථිකාචාර්ය මිතුරන්ද සුභ පැතුවේ ලද අවස්ථාව ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන්නැයි සඳහනක් ද තබමිනි.“හොඳටම ඉංග්‍රීසි හදාගන්න, කාටවත් වැරැද්දක් හොයන්න බැරි වෙන්න... ඉන්න කාලෙ පුළුවන් තරම් කියවන්න, ...
මැලේසියානුවෝ සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් 29 වැනිදා)පැරණි ඉංග්‍රීසි බලකොටුවක සිරිය පළ කරමින් චතුරශ්‍ර ගොඩනැගිල්ල පසෙකින් දිස්වෙයි. සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඇති පැරණි ගොඩනැගිලි අතර මුල් තැනක් හිමිව තිබුණේ චතුරශ්‍ර ගොඩනැගිල්ලට ය. ගුරු පැහැ, මහල් ගොඩනැගිල්ලේ සිරිය තවත් ඉහළ නගින්නේ එහි පෙරබිමෙහි විහිද යන පිටිය නිසාවෙනි. කොළ පැහැ තෘණ පිරි පිටිය කෙළවරට වී, වික්ටෝරියා උද්‍යානය දෙස සිට, චතුරශ්‍ර ගොඩනැගිල්ලෙහි අලංකාරවත් ගෘහ නිර්මාණය විඳින්නට සිතුවිල්ලක් පහළ ...
කාලය නතර විය! සිඩ්නි සිතුවිලි (2012 ජූනි 29 වැනිදා)සිදුව ඇත්තේ කුමක්දැයි මා කිසිවක් නිශ්චය කර නොගත් බව එක්වරම හැඟී ගියේ සෙමින් පෙරට ඇදෙමින් තිබුණු බස් රථය රත් පැහැගත් ආලෝක සංඥා පුවරුවක් අභියස තිරිංගය තද කළ විගසම ය. රංග නිහඬ ය. ඔහු එකිනෙක බැගින් පසුපසට ඇදී යන උසැති ගොඩනැගිලි දෙසම නෙත් යොමු කොට සිටියි.“ඔයා එද්දි තාත්ත එහෙම එච්චර අසනීපෙකින් හිටියෙ නෑනෙ.... නේද?“ ජයසේකර මහතාගේ පැනය යළිත් ...
ආදරයට අලුත් වදනක් සිඩ්නි සිතුවිලි -2012 ජූනි - රාජ්‍ය රඟහල යන්නට සමාන අරුතක් දෙවන ‘ස්ටේට් තියටර්‘ රංග ශාලා දොරටුව අභියස සෑහෙන ජනකායක් රැස්ව උන් හ. පිරිස අතරින් නෙත් යැවූ මට ජන ගඟ අතර මගේ රුව සොයන නෝමන් හඳුනාගන්නට හැකි විය. සුදු ජාතිකයින් තරම් උස නොවූ නිසා පමණක් නොව සැමදා අඳින කළු පැහැ ඇඳුම නිසා ද නෝමන් පිරිස අතර කැපී පෙණින.“හේ... නෝමන්...!“ මම ඔහු වෙත ...