මගේ ලබන ආත්මේ (එන්න ස්වප්න ලෝකයට) The Modern Patriot මගේ ලබන ආත්මයේ මා ප්‍රාර්ථනා කරනුයේ රිවස් ජීවිතයකි. ඒ ජීවිතය මරණයෙන් අවසන් වනු වෙනුවට මරණයෙන් ආරම්භ විය යුතුය. උපතෙන් අවසන් විය යුතුය.මම මරසාන්න අත්දැකීම් විද ටිකෙන් ටික සුවයට පත් වෙමි.මම මහළු මඩමේ ලෙඩ ඇදේ සිටිමි. නමුත් දිනෙන් දින නව දවසක් උදාවන විට ශරීරය වඩ වඩාත් ප්‍රාණවත් වන බව දැනේ. ක්‍රමයෙන් දිරා පත් වන ජීවිතයකට වඩා ඉතා පහසුවක්, සුවයක් වින්දනය කරමින් ...
මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වය The Modern Patriot දේශපාලන විද්‍යාව නැමති විෂය ගැන මාගේ දැනුම අල්පය. නමුත් දේශපාලනය නැමති ප්‍රායොගික සාමාජීය ක්‍රියාව ගැන මා සතුවද කියවීමක් ඇත. ධනවාදයේ, ලිබරල් වාදයේ, සමාජවාදයේ, මාක්ස්වාදයේ හෝ වෙන මොනයම් වාදයකවත් ගුණ දොස් විමසීමට හෝ සංසංදනය කිරීමට වඩා 'යථාර්තවාදය' ගැන විමසීම මාගේ කැමැත්තයි. එනමුදු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම කුමන හෝ වාදයක පැටලි සිටීම නිසා අපට මෙම වාද අමතක කර ප්‍රායෝගින දේශපාලනයක් පිලිබඳ ...
ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට) The Modern Patriot හිතවත් බ්ලොග්කරුවකු වන නලීන් දිල්රුක්ෂ සහෝදරයා විසින් මාතලන් ගේ බ්ලොග් අඩවියේදී පළ කරන ලද අදහසක් දුටු විට මා හට මගේ කුඩා අවදියේ සිදුවීමක් මතක් වුණි. එය එම බ්ලොග් අඩවියේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සිත් වුවද, අවසානයේ නතර වුයේ මෙහි ලිපියක් ලෙසිනි.......................................................................................................මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක ...
ඔබාමා ගේ අවධානය පිණිසයි ! ( ජිනීවා වලින් බේරීමට රහසිගත උපක්‍රම ) The Modern Patriot ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්-1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි…2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, ...
'ලැට් වල' යනු ධනාත්මක තැනකි ( සුරපුරෙහි ධනාත්මක පැතිකඩ ) The Modern Patriot ඡායරූපය http://in.reuters.com වෙබ් අඩවියෙනිඅපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් ...
නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි) The Modern Patriot (ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච ...
අත යට 'හැකියාව' The Modern Patriot යටම ඇති ලිපි ගොනුව - උඩට ගන්නෙත්,උඩම ඇති ලිපි ගොනුව - නැති කරන්නෙත් මමයි....බලපතක් අත නැතිව - රිය පදින්නෙත්,වැරදිකර නොකල ලෙස - යලි ගෙදර එන්නෙත් මමයි....පුතා ජාතික පාසලට - දමා ගන්නෙත්,ඕනෑම පලාතකට - මාරුව දා ගන්නෙත් මමයි....හොරෙන් ලී පටවලා - ඉරා ගන්නෙත්,දඩ මසක් එලාගෙන - රහ කරන්නෙත් මමයි....අවේලාවේදි ලෙඩෙක් - බලා එන්නෙත්,හොර සුරා පෙරාගෙන - විකුණන්නෙත් මමයි....ටෙන්ඩරය වැඩි වුවද - ...
සැබෑ අවශ්‍යතාවන් සදහාවන අරගල පරදින්නේ මන්ද? (නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්ණයේ යතාර්ථය) The Modern Patriot අරගල - අපේ රටේ පමණක් නොව ලොව පුරා මේ දිනවල කථා වන මාතෘකාවකි. ලෝක දේශපාලනය මෙන්ම අර්ථ ක්‍රමය තුළද සිදුවන බොහෝ සාධාරණ අරගල සාධණීය අවසානයකට ලගා විය. එසේම රටේ සමස්ථ සමාජයට බොහෝ වෙනස්කම් සිදු කරවීය.පුදුමයකට මෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ අරගල, සාධාරණ හෝ අසාධාරණ කුමක් වුවත් අවසන් වන්නේ අරගලයට හේතු වූ ප්‍රස්තුථය තිබුනාටත් වඩා පහළ අඩියකට ඇද දමමින්ය.මෙය ...
අහෝ...ජිනීවා (ලබන මාර්තුව තෙක්) The Modern Patriot ජිනීවා තියෙන්නේ දියවන්නාව පැත්තේ යැයි සිතෙන තරමට එ.ජා. මානව හිමිකම් කමිටු යෝජනාව පැන යා හැකි මාතෘකාවක සීමාවෙන් ඔබ්බට ගමන් කර ඇත. සුමාන දෙකකට පසු සහ ලබන පෙබරවාරි අවසන වනතෙක් යලි කරලියට නොඑන මාතෘකාවක් බව දැන දැනම මේ නීරස මාතෘකාව ගැන පසු විවරණයක් කිරීමට සිත් විය.මුලින්ම මේ යෝජනාවේ අන්තර්ගත කරුණු වලින් ප්‍රධානම කාරණය වන LLRC කමිටු වාර්තාව ගන විමසා බලමු. මෙය ...
දැන්නම් ආශ්චර්ය ඔන්න මෙන්න (විදේශ කටයුතු පාදඩ කරණය) The Modern Patriot ඕනෑම ශිෂ්ඨ යැයි සම්මත සමාජයක රාජ්‍ය නිළධාරීයෙකුට හෝ රාජ්‍ය නියෝජිතයෙකුට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වූ විට ගන්න ක්‍රියාමාර්ගය වන්නේ, ඔහුගේ/ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වුවහොත් වරදේ ස්වභාවය අනුව දඩුවම් ලබා දීමයි.මහා බ්‍රිතාන්‍යයේ 'හිටපු' ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට කොතරම් දුරට ගැලපේදැයි ...
මට තෝ විතරක් උනාට තොට ඉන්නේ මං විතරද... The Modern Patriot අර කියමනක් තියනවනේ 'බ්ලොග් ලෝකෙට දවසක් ආපු එකා පහුවදා බ්ලොග් එකක් දානවා' කියල. මමත් එහෙමම තමා. සාහිත්‍යාර්ථයෙන් දවසක් කිව්වට මමත් මාසයක් විතර තමා බ්ලොග් බල බලා විතරක් හිටියේ.බුකියේ ස්ටේටස් දාල නිකං ඉන්නවා කියල දොස් මුරයක් දැම්ම රාමාගේ අඩවියේ රාමා තමා මාව බ්ලොග් ලෝකෙට තල්ලු කලෙ.මොන හේතුවකට මන්දා, රාමගෙ බ්ලොග් එකෙන් පස්සේ මම ඇදිලා තිබුනේ 'රාජ්ගේ නවාතැන' දිහාවට. රාජ්ගේ බ්ලොග් එකේ ...
මේක හදන්න බදාම අනනවා.... The Modern Patriot තාම හදාගෙන යනවා...පොඩ්ඩක් ඉන්න හොදේ....ඇවිත් බැලුවට බොහොම පින්....