71. ඈක්කා!!!!!!! A Mouthful! ගේ ඩෙනිම My Blue Jeans මෙවර කතාව පෝල් ජෙනිංස් ලියපු කතාවක්. ඇන්ඩි ග්‍රිෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු අවුරුදු හයේදි බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වෙද්දි ඔවුන්ට ඒ ගමන් වියදම ගියේ පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ ...
81. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude's Originals. ගේ ඩෙනිම My Blue Jeans “So the captain grits his teeth ඉතිං කැප්ටන් දත්මිටි කාගෙන, හෙන ගේමක් දීලා, ෆ්ලැප්ස් ෆුල් දාලා, බ්රේක් කෑගස්සගෙන ටයර් පාර බිම ඇඳෙන්න ප්ලේන් එක යන්තම් නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා කෝ-පයිලට්ට, "යකෝ මම ප්ලේන් එකක් බාපු කොටම රන්වේ එක වෙන්නෝනෙ මේක !" කියලා. කෝපයිලට් ඔලුව හරවලා උරෙස්සට උඩින් සයිඩ් එකේ ජනේලෙන් බලලා කියනවා, "ඒ වගේම පළලම එක."“And the ****ing widest!” ඔබ ...
64. මළා හා සමානයි. / Playing Dead. Part 2 ගේ ඩෙනිම My Blue Jeans පළමු කොටසට මෙතනින්.තාත්තා කාමරෙන් එලියට යනවා.අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින් මගෙ ඇරිලා තියෙන ඇස් පිහාටු වහනවා. හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ. මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත් තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා. "ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට," අම්මා කොඳුරනවා.ටිකකින් අම්මත් එලියට යනවා.දැන් මට ඇස් අරින්න බයයි, අම්මා එක ...
120. කුණු! -දෙවන කොටස/ Trash! Part 2 ගේ ඩෙනිම My Blue Jeans අපි ගිය පාර නතර කලේ මෙතන...මම එක පිම්මට ඇඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා. අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.ඊට පස්සේ...පඩි පෙල දිගේ පහලට එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ ...
148. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා. ගේ ඩෙනිම My Blue Jeans ගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්, ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත් දුෂ්කර , සේවෙට නම් යන්නේ නැති බවයි. එහෙම ලොකු අතු අල්ලන්න හයියන් නොතිබුන, එහෙම තිබුනත් එහෙම කරන්න හිත ...
135. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී! ගේ ඩෙනිම My Blue Jeans හායි, හෙන්රී!හායි, අමාලි!මම ඔයාගෙ නම ස්කයිප් එකේ නිකමට සර්ච් කරලා බැලුවා. මෙන්න ඉන්නවා යාලුවා!ස්කයිප් දෙවියන්ට ස්තුති වේවා! හෙහ්, හෙහ්…කොච්චර කාලෙකින්ද, නේ?ඉතින්, කොහොමද හෙන්රි?ඉන්නවා, අමාලි. වරදක් නෑ. ඔයා කොහෙද ඉන්නෙ? මේ කැනඩාවෙ ඇඩ්රස් එකක් වැටෙන්නෙ?ඔව් අනේ. මම කැනඩාවල තමයි ඉන්නෙ. ටොරොන්ටෝ වල, යූ එස් බෝඩර් එකේ වගෙ. ඔයාලත් එක්ක ටීචිං කලානෙ ලංකාවෙ. ඊට පස්සෙ ඔයා ට්‍රාන්ස්ෆර් උනානෙ.ඔව්, ඔව්. මම ගියානෙ එතනින්, ...
115.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version) ගේ ඩෙනිම My Blue Jeans නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies)කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා - එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ කඩේට. එතනින් ...
153. ඉබියතුරු ලෑ ආදරය - Lovelocked Padlocks - the Love Token Hardware - අප දුටු රුසියාව 1 ගේ ඩෙනිම My Blue Jeans ගඟ දෙසට වැටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්ටුව චිරි බිරි හඬ නගනවා. ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා. නැවුම් ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , ...
143. ඒ පාහර වැඩේ කලේ කවුද? ගේ ඩෙනිම My Blue Jeans කාර්යාල සේවක මගියා: වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟා වෙමින් තිබින. වේදිකාව මත රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදී යන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ. කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින්, ...
105.E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway! ගේ ඩෙනිම My Blue Jeans ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින් බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්. හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි! එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක් ඉවසීමෙන් ...
73. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!! ගේ ඩෙනිම My Blue Jeans පිදුම හිරුණිටමොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි ආයාසයක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං, පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි. මම පහත් වුනාම, එකත් මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනා නම් හාන්සි තමයි.මේ මොහොතෙ, මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං පන්ච් එකක් එල්ල කලා නිරාවරණය වෙලා තියෙන මොරයගෙ ...
82. කාකි හදවත. ගේ ඩෙනිම My Blue Jeans මගේ අතීසාර මිත්‍රයා රංජිත්, බාබර් ලඟට ගියාම ඩබල් චාජ් කරනවා. මොකද වර්ග සෙන්ටිමීටරයකට තියෙන කෙස්ගස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගෙ දෙගුණයක් නිසාවත්, කොන්ඩෙ ගනකම වැඩිකමට ආවුද මොට්ට වෙන නෙවෙයි. "Search & Snip" කියන Technique එකට දෙගුණයක් කල්ගතවෙන නිසාලු. රංජියයි මායි කලාතුරකින් හමුවුනම හීනියට ඔය තැඹිලි ව්තුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා. (දැන් නම් එහෙම ...
86. සය වසකට පසු... After Six Long Years... ගේ ඩෙනිම My Blue Jeans එදා, අපේ දියණිය රැගත් ගුවන් යානය පැමිණෙන තෙක් මම ගුවන් තොටුපලේ ලතවෙමින් සිටියා. කවුරුන් හෝ විසින් ගුවන් තොටුපොළ ජෙටියේ අතැර දමා ගොස් තිබුණු මේ ගමන් මලු ගෙනයන ට්‍රොලිය අහම්බෙන් මගේ ඇස ගැටුනු මොහොතේ, මගේ හදට නිතැතින්ම නැගුනේ ඉවසිය නොහැකි පාළු හැඟීමක් සහ විස්තර කල නොහැකි දුකක්. මා අත තිබූ කැමරාව නොකඩවා ක්‍රියාත්මක වෙත්දී, මගේ දෑස බොඳ වූ බවත්, උගුරේ යමක් ...
85. හරි දේ The right thing to do: Comments better than the post series: ගේ ඩෙනිම My Blue Jeans මම කාලෙකට ඉස්සෙල්ලා කියවපු සඟරාවක හරි, පත්තරේක හරි පළවුණු, ප්‍රශ්ණාවලියක තිබුණු මේ ප්‍රශ්ණය මට යන්තමින් මතකයි.පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්ටුවක් දකිනවා. ඔබ...A. රුපියල් සියය නොදැක්කා සේ ඔබේ ගමන යනවා.B.රුපියල් සියය හුළඟේ නොයන ලෙසට කුඩා ගල් කැට දෙකකින් බර තබා ඔබේ ගමන යනවා.C. රුපියල් සියය අහුලාගෙන සාක්කුවේ දාගන්නවා.D.රුපියල් සියය අහුලාගෙන, ඉන් පසු මුණ ගැහෙන ...
56. YEAH I DID IT! චන්දන උඹට ස්තුතියි! ගේ ඩෙනිම My Blue Jeans මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)සරළව කිව්වොත් පබ්ලිෂ් කරන අලුත් පෝස්ට් රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.මම කරපු දේවල් මෙන්න:ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ. යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් ...
144. දෙන්නම අධ්යක්ෂලා. ගේ ඩෙනිම My Blue Jeans Photo from Facebook page of Gamini මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් ...
66. Disclaimer අහවල් එක. ගේ ඩෙනිම My Blue Jeans මතකද පොඩි කාලේ? එක යුගයක් තිබුනා අපි කතා කරන්නම ආසා කක්කා කතා, චූ කතා. ඈක්කා! නමුත් ඒ ළමා මනස සංවර්ධනයේ එක අවස්ථාවක්. එහෙම නෙවෙයි කියනවා නම්, එක්කෝ ලැජ්ජාවට, නැතිනම් කුහක කමට, නැතිනම් ඇත්තටම අතීතය අමතක වෙලා.දැන් අපි සාමයේ අගය ගැන දේශණ පැවැත්තුවට, මතකද ඉස්සර, තුවක්කු, කැටපල්, බෝම්බ, කඩු, කිණිසි, දුණු, ඊතල වලින් සෙල්ලම් කලා. කවුරු මොනවා කිව්වත්, කොල්ලෝ ඒ දේවල් ...
150. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය. ගේ ඩෙනිම My Blue Jeans හැඳින්වීමතිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක' බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක් දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර ...
95. හොරි බනිස් ගේ ඩෙනිම My Blue Jeans කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු ...
119. කුණු! -පළමු කොටස/ Trash! Part 1 ගේ ඩෙනිම My Blue Jeans ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් රැයක්. අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ එක නිසා නෙවෙයි.අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night! මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම?අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.ඒක වෙන්නෙ මෙහෙමයි.මට මොන කරුමෙට ...