64. මළා හා සමානයි. / Playing Dead. Part 2 ගේ ඩෙනිම My Blue Jeans පළමු කොටසට මෙතනින්.තාත්තා කාමරෙන් එලියට යනවා.අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින් මගෙ ඇරිලා තියෙන ඇස් පිහාටු වහනවා. හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ. මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත් තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා. "ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට," අම්මා කොඳුරනවා.ටිකකින් අම්මත් එලියට යනවා.දැන් මට ඇස් අරින්න බයයි, අම්මා එක ...
63. මළා හා සමානයි. / Playing Dead. ගේ ඩෙනිම My Blue Jeans වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා? වෙන මොකුත් නෙවෙයි.මම මැරිලා.ම්ම්ම්ම්... ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි.මට පුලුවන් වුනොත්, මොන ජාතියෙන් හරි, මම මැරිලා කියලා අම්මටයි තාත්තටයි ඒත්තු ගන්නාගන්න, ඒක ඉතිහාසයේම ...
62. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics! ගේ ඩෙනිම My Blue Jeans ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම, හැම එකාම අහන දේ තමයි, "ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?" කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් ...
61. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස! ගේ ඩෙනිම My Blue Jeans මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා. සීමිත විෂයමාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසිකරන්නත් බැරි ජීවී විශේෂයක්. ...
60. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ? ගේ ඩෙනිම My Blue Jeans මේක ජෙනියා කිව්ව කතාවක් කිව්වට වැඩක් නෑ මොකද කොමෙන්ට් දාන බුවාලා අනිවා කියන්නෙ ඕක මට වෙච්ච වැඩක් කියලනෙ. 'අනික, උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ, ඕක උනේ උඹට නෙවෙයි නම්' කියලා කියන්න කී දෙනෙක් කටවල් මැදගෙන බලාගෙන ඇත්ද?කමක් නෑ ඕනෙ එකක්.මෙන්න කතාව.කට්ටිය ෂොපිං පාරක් දාලා, තෝසෙ කඩයකුත් වන්දනාමාන කරගෙන, කොටුව හරහා ඇවිදගෙන යනවා. මේ තෝසෙ වලත් තියෙනවනෙ ආවේනික ගති ලක්ෂණ. තිබහ ...
59. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2 ගේ ඩෙනිම My Blue Jeans පළමු කොටස මෙතනින්...ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත් ඉග්නේෂස් පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය.ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, පටු මඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම දුරකථන අංකය ...
58. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 1 ගේ ඩෙනිම My Blue Jeans නයිජීරියාවේ මුදල් ඇමති ධූරයට ඉග්නේෂස් අගාර්බි පත්වීමේ පුවත ගැන උනන්දුවක් දැක්වූවේ අතලොස්සක් දෙනා පමණි. නිර්දය විවේචකයෝ කී ලෙසම පසුගිය වසර දාහතක කාලයක් තුල පත්වූ දාහත් වැනි මුදල් ඇමති ඉග්නේෂස් වූ විට එය අරුමයක්ද?සිය මුල්ම පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්රකාශයේදී, රාජ්‍ය අංශයේ ඔඩුදුවා තිබූ දූෂණ, අල්ලස් හා අක්‍රමිකතා මුලුනුපුටා දැමීමට පොරොන්දුවකුත්, දූෂිත නිලධාරීනට අනතුරු හැඟවීමකුත් කල ඉග්නේෂස්, කතාව නිමකලේ, තමන් නයිජීරියාවට "ෆුල් සුද්දයක්" ...
57. “දැන් ලඟයිද තාත්තෙ?” Part Two ගේ ඩෙනිම My Blue Jeans මට ඈතින් ඇහෙනවා එන්ජිමක ගුමු ගුමු හඬක්. මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො. ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ? මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්! නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, ...
56. YEAH I DID IT! චන්දන උඹට ස්තුතියි! ගේ ඩෙනිම My Blue Jeans මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)සරළව කිව්වොත් පබ්ලිෂ් කරන අලුත් පෝස්ට් රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.මම කරපු දේවල් මෙන්න:ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ. යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් ...
HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP! ගේ ඩෙනිම My Blue Jeans මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන notification e mail එක එනවා.නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්.මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ඇතුලු තව කීප දෙනෙක්ම ...
54. "දැන් ලඟද තාත්තෙ ?" ගේ ඩෙනිම My Blue Jeans "තාත්තෙ""ම්ම්ම්?""දැන් ලඟද?"තව නෑ.""දැන්?""තව නෑ.""දැන්?"දෙයියංගෙ නාමෙට!!!", තාත්තා ගොරවනවා. "කට පියං ඉන්නවද?""හරි හරි තාත්තෙ," මම කියනවා. "ඔච්චර මල පනින්න දෙයක් නෑ!"අපි මේ වෙනකොට මේ කාර් එක ඇතුලෙ දවස් දෙකක් ගමන් කරලා තියෙනව. අම්මයි තාත්තයි දෙන්නම පුපුරා හැලෙන්න ඕන්න මෙන්න. මම මේ හිතලා මතලා ඒ දෙන්නව කේන්ති ගස්සනවා කියලා වරදවලා හිතන්නෙපා. ඒක වෙන්නෙ ඉබේටම. අපි කැමති වුනත් නැතිවුනත් කාර් එකක දිග ගමනක් යක්නකොට ...
53. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ. ගේ ඩෙනිම My Blue Jeans ආතතිය අඩු කරන ආහාර සැලැස්මක් / STRESS DIET.උදෑසන ආහාරය:දොඩම් ගෙඩියකින් භාගයක්කර කරන ලද දුඹුරු පාන් පෙත්තක්යොදය ඉවත් කරන ලද කිරි මිලී 300ක්කැෆේන් රහිත කෝපි.දිවා ආහාරය:ග්‍රිල් කරන ලද කුකුල් මස් ග්‍රෑම් 80ක්වාෂ්පයෙන් තම්බන ලද කැරට් අලයක්ග්රීන් ටී හෝ කොල කැඳ කෝප්පයක්චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු එකයි.සවස තේ වේල:චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු වල ඉතිරියඅයිස්ක්රීම් ලීටර් එකයි.වටලප්පන් හෝ කිතුල් පැණි සමග කිරි හට්ටියක්.රාත්‍රී ...
52. සැබෑම වෙනසක්! Parallel Blogging! ගේ ඩෙනිම My Blue Jeans අපි වරක් කියෙව්වා පොතක් Men Are From Mars, Women Are From Venus ද කොහෙද කියලා. දෙගොල්ලන්ගෙ තියෙන ජානමය වෙනස් කම් ගැන. මේ ඒ පොතෙන් නොවුනත් මේත් දෙගොල්ලන්ගෙ මොළවල ඇති වෙනස් කම් ගැන Allen Pease ගෙ The Ultimate Book of Rude and Politically Incorrect Jokes කියන පොතේ තිබිච්ච පින්තූරයක්. ඒ පොතේම ඕනෙ නම් ෆෝටෝ කොපි කරලා යාලුවන් අතර බෙදා ගන්න කියලා ...
51. ලොකු අයියයි, ටිකිරි මොලෙයි ගේ ඩෙනිම My Blue Jeans මට බ්රේක් හදන්න බැරිවුන හන්දා හෝන් එකේ සද්දෙ පොඩ්ඩක් වැඩි කලා, ඕං!ලොකු අයියා කිව්වෙ මගෙ නැන්දගෙ පුතා. අපේ ගෙදර නං ලොකු අයියා මමනෙ.ලොකු අයියා නාහෙට නාහන එකෙක් කියලා තමයි වැඩිහිටියො නං කිව්වෙ. නමුත් ලොකු අයියගෙ තවත් පැති තිබුනා කියලයි මට නං හිතෙන්නෙ. ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා මාව කරේ තියාගෙන ගෙදර ගෙනාවා මට මතකයි.ලොකු අයියත් මාත් අතර සෑහෙන වයස් ...
50. ගතානුගතිකත්වයෙන් ඔබ්බට. ගේ ඩෙනිම My Blue Jeans රයිගම හන්දිය ලියලා තිබ්බ ඇඟට ඇල්ලුවාම දෙදරන පොඩි ටෝර්ච් එකක් කියන පෝස්ට් එක ඇත්තෙන්ම ජනසංසදයෙ පළ වෙලා තිබ්බ තවත් ලිපියකට ප්‍රවේශයක්.රයිගම කරපු වැඩේ හරිය කියලා මට හිතුනේ, මේ වෙනකොටත් ජනසංසදේ ඒ පෝස්ට් එක කියවලා තියෙන්නෙ කීදෙනෙක්ද කියලා බැලුවාමයි. ඇත්තෙන්ම ජනසංසදය කියන්නෙ මම නිතර ගැවසෙන බ්ලොග් අඩවියක් නෙවෙයි. ඒක ලියන්නෙ කවුද කියලාවත් මම දන්නෙ නෑ. ඒ නිසා පෞද්ගලික දැන හැඳුනුම් කමක් ...
49. සුදු ඒජන්තගෙ අමුඩය සහ තවත් කතා. ගේ ඩෙනිම My Blue Jeans මහත්තුරු ගැන ගිය පාර ලියාපු පෝස්ට් එකේ, අන්තිමට ලියාපු කතාවට, අපේ රවියාත් කතාවක් ලියලා තිබ්බනෙ. මම ලිව්වෙ මේ කතාව. ලින්ක් එකට කොටලා ආයේ ආපහු යන්න නැතිවෙන්න ඔන්න ඒක මෙතනම දැම්මා ආරම්භයක් විදියට. මොකටද නිකම් රස්තියාදු කරවන්නෙ! ඒක කියවපු අය රතු පාට අකුරු ටිකට පන්නලා කියවන්න ගන්නකෝ.ඉස්සර සුද්දො ලංකාව පාලනය කරන කාලේ, පොලීසියෙ ලොක්කා. නඩු කාරයා, දිසාපති හෙම හැටියට ඉඳලා තියෙන්නෙත් ...
48. යං මහත්තයා! හා මහත්තයා! ගේ ඩෙනිම My Blue Jeans >>අඹුසැමි ටුවර්ස් කියලා. ඇත්තටම බස් එකක් තිබුණා අඹේපුස්ස, තලගම පැත්තෙ...ඒ බස් රථය පාරෙ දුවන එකක්...වැඩ පෙන්නන්න එල්ලිලා යන කොල්ලොත් ඇතුළට දාලා බස් එකේ පඩියෙ එල්ලිලා යන්නෙ රියදුරු තුමාගෙ බිරින්දෑ... බස් රථයට හැමෝම කිව්වෙ අඹුසැමි ටුවර්ස්...<<මගේ ඩෙනිමමගේ ඩෙනිමේ පළ වෙච්ච, "මං කවුරු වෙන්නද ආසා" පෝස්ටුවට, සිරාගේ කාමරේ සිරා දාපු මේ කමෙන්ට් එක දැක්කාම තමයි මට මේ කතාව මතක් වුණේ. මේක මට ...
47. යකෝ කෝච්චිය එනවා!! / Stuck On The Rail Crossing! ගේ ඩෙනිම My Blue Jeans Image from http://www.vau-max.de/සීවලී එංගලන්තයට සංක්‍රමණය වෙලා තියෙන්නෙ අවුරුදු නවයෙදි. අවුරුදු දොළහකට පස්සෙ තාත්තයි පුතයි ලංකාවට ආවා අවුරුද්දකට විතර. අම්මා එහෙ. ඒ දවස් වල මම අර මෝටර් ඉංජිනේරු ආධුනිකයෙක් වෙලා ඉන්න කාලෙ. අපි දෙන්නම එකට වැඩකලේ. ඉතිං මූ මගෙ බඩියෙක් වෙන්න වැඩි දවසක් ගියේ නෑ.හැම එකාටම වගෙ මූටත් තිබ්බ නොවැ උපන් දිනයක්. තොපිට නාන්න දෙන්නම් කිය කියා හිටපු පොර ඇත්තටම පාටිය ...
46. විදෙස් බිමක අතරමංව. ගේ ඩෙනිම My Blue Jeans මම ඉඳහිට අපි ඉන්න දූපතේ මෙන්න මෙතන පහු කරන් යනකොට මේ දකින දර්ශනයෙන් හිත පහන් වෙනවා. අදත් එහෙම වුනා. නමුත් ඊ ලඟට දකින්නෙ හිත කලකිරවන දර්ශනයක්. ගොඩ බිම අතරමං වූ බෝට්ටුවක්. සිංහල අකුරු බඳේ ඇති ලංකාවේ බෝට්ටුවක්. මාල දිවයින් ජනරජයේ දූපත් දහස් ගණනකින් එකක. ඉතින් නෑදෑයෙක් දැක්කා වගේ සතුටු වෙන්න ඕනෙ නේද?නමුත් මගෙ හිතට ඇති වෙන්නෙ දුකක්. මේ බෝට්ටුව පසු ...
45. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම. ගේ ඩෙනිම My Blue Jeans උගන්නන රස්සාවෙ ලංකාවෙදි සහ මෙහෙදි පුදුම වෙනසක් තියෙනවා, සමානකමුත් නැත්තෙ නෑ. ලොකුම වෙනස තමයි ලංකාවෙදි අපි විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රජයේ සේවකයො හන්දා අපිට තියෙන බලතල වැඩියි. මෙහෙදි, රජයේ ඉස්කෝලවල ඉගැන්නුවත් අපි අවුරුද්දකට සැරයක් ගිවිසුම අලුත් කලයුතු විදේශීය සේවා දායකයො. ඉතින් බලතල ගැන කතාකරලා වැඩක් නෑනෙ. ඒකට ලංකාව!! හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි වුනත්, ජීවිතෙන් බාගයක් පාරට වැය කලත්, අපිට ...