මහ බැංකුව විනාශයි හතර වටේ අද 2013 ජනවාරි 31 වෙනිදා. අද මම ඔබට කියන්න යන්නෙ හරියටම අවුරුදු 17 ක් පරන කතාවක්. දිනය 1996 පෙබරවාරි 1. එදා දිවයින පුවත්පතේ සිරස්තලය තමයි මේ. 'මහ බැංකුව විනාශයි.''මියගිය ගණන කියන්න බෑ.''ඊයේ පිපිරුණු බිහිසුණු බෝම්බයෙන් ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල සහ ඒ ඉදිරිපිට පිහිටි සෙලින්කෝ මන්දිරය ගිනිගෙන දුම් ගුලි අහසට විහිදෙද්දී ' යනුවෙන් සඳහන් වූ ඡායාරූප කීපයක් මුල්පිටුව පුරා දක්නට ලැබුනා.ලංකාවම ...
ටේලර් සාප්පුව ගිනිගනී හතර වටේ අද මම ඔබව ගෙනියනවා අවුරුදු 16 ක් අතීතයට. හරියටම දිනය කියනවනම්, 1996 මාර්තු 18 වැනි සඳුදා. ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තු දවසට පසු දිනය. එදා දිවයින පත්තරේ සිරස්තලය තමයි මේ.අර්ජුන රණතුංග පකිස්තානු අගමැති බෙනාසීර් බූතෝ අතින් ලෝක කුසලානය ලබාගන්නා අයුරු දැක්වෙන අපැහැදිලි ඡායාරූපයක් ඊට වම් පසින් මුද්‍රණය කර තිබුනා.සිරස්තලයට යටින් තිබුනේ ලංකා නායක අර්ජුන සහ උපනායක අරවින්දගේ ඡායාරූප දෙකක්. මුල්පිටුවට ...
අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක. හතර වටේ ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්.ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද?එන්නතක් විදින්න කලින් එන්නත් කටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්යප්රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි. යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් කීපයක් මෙසේ දක්වන්න ...
වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත හතර වටේ මට හම්බ උනා ගොඩක් වටින කෞතුක භාණ්ඩයක්! ඒ තමයි අවුරුදු 82ක් පරණ, ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත. ප්‍රකාශිත දිනය 1930 මාර්තු 30 වන ඉරිදා. පත්තරේ මිල ශත 10යි.අද මගේ ලිපියෙන් ගෙන එන්නෙ ඒ පුවත්පතින් උපුටා ගත් ලිපි හා ඡායාරූප කීපයක්."බෞධ රටවල දෙකක් අතර යුධයක් ඇතිවන්ට යාමේ ලකුණු." පත්තරේ සිරස්තලේ තමයි ඒ.ලේක්හවුසියේ රාත්‍රීකාලයේ ගන්නා ලද ඡායාරූපයකුත් ඊට යටින් මුද්‍රණය කරල තිබුනා."නේපාල ආණ්ඩුව ...
ලොව කුඩාම දූපත් රාජ්‍යය සොයා යමු! හතර වටේ ආයුබෝවන්! ගොඩක් දවසකින් ලිපියක් ලියන්න බැරිවුන එකට මුලින්ම සමාව ඉල්ලනවා.කලින් දවසක අයිස්ලන්තය ගැන ලිපියක් ලිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. අද මම ලියන්න හදන්නෙ ලෝක සිතියමේ වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු නොවුනු කුඩා රාජ්‍යයක් ගැන. ඒ තමයි Nauru. ශබ්ද කරන්නේ "නහූරු" කියල. මේ රටේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක ලෝකයේ තනි දූපතක් විදියට තියෙන කුඩාම රට වීම. විශාලත්වය වර්ග කි.මී. 21 ක්. මෙය ...
පාලොස්වක සඳ පායනු වැන්නේ හතර වටේ අද ලියන්න හදන්නේ 2013 වසරේ පලවෙනි බ්ලොග් ලිපිය. ඔක්කොටම කලින් ඔයගොල්ලො හැම දෙනාටම සුභ නවවසරක් ප්‍රාර්ථනා කරනවා. 2013 වසරේ පලවෙනි පෝය දිනය යෙදිල තියෙන්නෙ අනිද්දාට. ඒ වෙනුවෙන් අද මම ඔබට කියන්න යන්නේ දොළොස් පොහොය බෞද්ධයන්ට වැදගත් වෙන්නේ කොහොමද කියල.බුදුන්වහන්සේ පහලවීමටත් පෙර සිටම පෝය දිනය විවිධ ඇදහීම්වල ආගමික දිනයක් ලෙස යොදාගැනුනා. බිම්බිසාර රජුගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන්වහන්සේ විසින් සතරපෝය බෞද්ධාගමික දිනයක් ලෙස ...
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා... හතර වටේ කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මට අනුරපුරේ සංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම අද සූදානම් වෙන්නෙ, ......................ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් රැගෙන යන්න! :)ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුර චාරිකාවක් නම්, අනුරාධපුරේ නගරයට ගියාම. ඒත් මම හිතන්නේ අපි චාරිකාවක් රසවිඳින්න පටන් ගතයුත්තේ ගෙදරින් පිටත්වෙන විටමයි. අතරමගදී ඔබට ගොඩක් ලස්සන තැන් හමුවේවි. නැරඹිය හැකි ...
මම කැමතිම ගී 20 හතර වටේ එක්තරා ගුවන් විදුලි නාලිකාවක මීට කලකට පෙර මම ආසාවෙන් අහපු වැඩසටහනක් තිබුනා."මම කැමතිම ගී 10". රටේ ප්‍රසිද්ධ චරිත තමන් අහන්න කැමතිම ගීත 10ක් රුචිකත්වයේ ආරෝහණ පිලිවෙලට විකාශනය කරනවා. තාමත් ඒ වැඩසටහන විකාශනය වුනත්, කාර්ය්යබහුලත්වය නිසා ලඟදිනම් ඇහුවේ නෑ.අද ලිපියෙ තියෙන්නෙ මම අහන්න කැමතිම ගීත. ගීත 10ක් වෙනුවට මම 20ක්ම තෝරනවා. කියවා බලන්න. මගේ රුචිකත්වය ඔබේ රුචිකත්වයෙන් අපගමණය වන්නේ කවර කෝණයකින්ද ...
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය හතර වටේ නොදුටු ගැමි සුවඳකාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදී මාතර ප්‍රදේශයේ සංචාරය කරන්න මට සිතුනා. ඒ කාලෙකින් එහි ගියෙ නැති නිසා නොවේ. මගේ නෑයින් බහුතරයක් සිටින නිසාමත් නොවේ. මා අවංකවම ගැමි සුවඳට ප්‍රියකරන නිසාවෙන් සහ දකුණේ ආගන්තුක සත්කාරයට ප්‍රිය කරන නිසාවෙනි.කුඩා කාලයේ දෙමාපියන් එක්ක සිංහල අවුරුද්දට මාතර ගිය හැටි මට සිහිවේ. එදා මාතර වීදි වල ඉඳහිට හෝ බක්කි කරත්ත, ගොන් කරත්ත, තෙල් කරත්ත ...
දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග! හතර වටේ ඉකුත් සතිඅන්තයේ මට කතරගම සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. හදිස්සියේ යෙදුන ගමනක් නිසා ගොඩක් තැන්වල යන්නටවත් බොහෝ තොරතුරු රැස් කරන්නටවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. නමුත් ඒ කෙටි සංචාරයේ අත්දැකීම මගේ බ්ලොග් රසිකයන් අතර මේ විදියට බෙදාගන්න හිතුවා.කොලඹ ඉඳන් කතරගමට යා හැකි ප්‍රධාන මාර්ග 2ක් තියෙනවා.රත්නපුර හරහා230km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, හොරණ හෝ අවිස්සාවේල්ල හරහා රත්නපුරයට පැමිණිය යුතු වෙනවා. එතැනින් ...
දිය කැපීමේ චාරිත්‍රය හතර වටේ අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා.චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ආවෙ ...
තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු! හතර වටේ ඔබ විධායක ශ්‍රේණියේ රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ...
රජෙකුගේ දවසක් හතර වටේ පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද?ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි. II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ආක්රමණවලට ...
මනුස්සකම හතර වටේ මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි. එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ අවබෝධ ශක්තිය හොඳ නම් ලිපිය අවසානයේ එයට උත්තරයක් ලැබේවි.ඔබ ජීවිතයේ ඕනෑතරම් දේ පරිත්‍යාග කරල ඇති. ඒ පිනෙන් ඔබ නොයෙක් ලෞකික සැප බලාපොරොත්තු වෙන්න ඇති. එසේ නම් ඔබ කර ඇත්තේ සැබෑ පරිත්‍යාගයක් නොවේ.පරිත්‍යාගය නොඑසේනම්, දානය යනු අත්හැරීමයි. සැබෑ දානයක් අර්ථගැන්වෙන්නේ ධාර්මිකව උපයාගත් දෙයක්, අත්හැරීමේ චේතනාවෙන් හා කිසිඳු ...
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ හතර වටේ අද අපි යනවා අවාරයේ පාසිකුඩා සංචාරය කරන්න. ඇයි අවාරයේ යන්නෙ? ඔබට එහෙම හිතෙනවා ඇති. නත්තල් නිවාඩුවට යන්න තැනක් හොයද්දි මට ඕනෙ උනේ මීට පෙර නොගිය තැනකට යන්න. ලංකාවෙ මම මෙතෙක් නොගිය තැන් නම් බොහොමයි. ඒත් ප්‍රාදේශීය වශයෙන් ගත්තම මම මෙතෙක් නොගිය දිස්ත්‍රික්ක තියෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්. එයින් මම අද තෝරාගන්නේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කය. මීට හරියටම වසර දෙකකට පෙර මම ...
මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද? හතර වටේ දෙසැම්බර් නිවාඩුවට කොහේ හරි යන්න ප්ලෑන් කරන අයට පොඩි ඔත්තුවක් දෙන්නයි මම අද සූදානම් වෙන්නෙ. වෙනසකටත් එක්ක යමු බණ්ඩාරවෙලට.කොළඹ ඉඳන් බණ්ඩාරවෙල යන ඔබ මුලින්ම රත්නපුරට ආ යුතුයි. මේ සඳහා මුලින්ම A4 මාර්ගයෙන් හෝමාගම, අවිස්සාවේල්ල හරහා රත්නපුරට පැමිණිය හැකියි. එසේත් නැතිනම්, මුලින්ම පානදුරටත් එතැනින් A8 මාර්ගය ඔස්සේ හොරණ හරහා රත්නපුරටත් පැමිණිය හැකියි. රත්නපුර සිට A4 මාර්ගයෙන් පැල්මඩුල්ල, ඕපනායක හරහා බලංගොඩට පැමිණිය ...
සුන්දර අයිස්ලන්තය හතර වටේ යාලුවනේ... ඉතින් කොහොමද? ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවීම ගැන කනගාටුව ප්‍රකාශකරනවා. 2012 කියන්නෙ මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙච්ච සහ සිදුවෙමින් පවතින වසරක්. විශේෂයෙන්ම රැකියාව පැත්තෙන්. ඉතින් අලුත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා. කාලෙකට පස්සෙ ලැබුනු විවේකයේදී, මේ විදියේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා... අයිස්ලන්තය ගැන.මුලින්ම අයිස්ලන්තය ලෝක සිතියමේ කොයි ඉසව්වක පිහිටල තියෙනවද කියල බලමු.අයිස්ලන්තය කියන්නේ වර්ග කිලෝමීටර් 103,000 ක විශාලත්වයෙන් ...
යටත්විජිත සමයේ විමුක්ති අරගල හතර වටේ මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 64 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට ...
මිහින්තලාවයි දහම් අමාවයි හතර වටේ එලඹෙන පොසොන් සමය වෙනුවෙන් මම අද ඔබට තෑග්ගක් අරන් ආවා. ඒ මිහින්තලේ සංචාරයකදී ඔබ නැරඹිය යුතු තැන් හා ඒ ආශ්රිත ඓතිහාසික තතු විත්ති. දුර ගැන අදහසක් ගන්නට කියනවා නම්, කුරුණෑගල ඉඳන් දඹුල්ලට කි.මී. 60ක පමණ දුරක් තියෙනවා. එතැන් සිට A9 පාරේ තවත් කි. මී. 60ක පමණ දුරක් ගෙවා මිහින්තලේට ලඟාවෙන්න පුලුවන්. මිහින්තලේ ඉඳන් අනුරාධපුරයට තියෙන්නේ කි. මී. 12ක වගේ දුරක්.මිහින්තලේට ...
පුංචි තිරයේ එදා දුටු රූ හතර වටේ අද දවසේ රූපවාහිනී චැනල් කීයක් නම් තියෙනවද... ඒවායේ පෙන්වන නානාප්‍රකාර වැඩසටහන්, ටෙලිනාටක නම් කොපමණ තියෙනවද... ඒත් මීට අවුරුදු 25කට 30කට පමණ කලින් රූපවාහිනිය ලංකාවට ආපු දශකයේ මොන විදියෙ වැඩසටහන් තියෙන්නට ඇත්ද? ඔබ හෝ ඔබේ වැඩිහිටියන් එදා නරඹන්නට ඇත්තේ මොනවාද? අද ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැන.මේ තියෙන්නේ 1984 නොවැම්බර් 3 වැනි සෙනසුරාදා දිනමිණ පුවත්පතේ පලවී තිබුනු රූපවාහිනී වැඩසටහන් විස්තරය.රූපවාහිනීස්වාධීන රූපවාහිනීප. ව. ...