ගෝකණ්ණ පුර වරුණ හතර වටේ ගෝකණ්න නමින් පුරාතනයන් හැඳින්වූ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තමයි අද මම ඔබව රැගෙන යන්නේ.කොළඹ සිට කි. මී. 250 ක පමණ දුරක් ගෙවා අපි ත්‍රිකුණාමලය නගරයට සේන්දු උනා. පැය 7ක පමණ ගමනක් යැයි සාමාන්‍ය පිලිගැනීම වුනත් රාත්‍රී කාලයේ පැ. කි. මී 70ක පමණ අඛන්ඩ වේගයකින් පැමිණි නිසා පැය 4කදී අපි ගමන සම්පූර්ණ කලා.ත්‍රිකුණාමලය කියන්නේ බොහෝ කාලයක් ත්‍රස්ත ග්රහනයේ තිබූ නගරයක්. අද ...
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා... හතර වටේ කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මට අනුරපුරේ සංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම අද සූදානම් වෙන්නෙ, ...................... ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් රැගෙන යන්න! :) ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුර චාරිකාවක් නම්, අනුරාධපුරේ නගරයට ගියාම. ඒත් මම හිතන්නේ අපි චාරිකාවක් රසවිඳින්න පටන් ගතයුත්තේ ගෙදරින් පිටත්වෙන විටමයි. අතරමගදී ඔබට ගොඩක් ලස්සන තැන් ...
සොඳයි පරකාස ලක මීමුරේයා හතර වටේ ඉතින් යාලුවනේ... කාලෙකට පස්සෙ වටිනා දෙයක් මගේ බ්ලොග් රසිකයින්ට දෙන්න හිතාගෙන මම ගියා ලංකාවේ සුන්දරම ගම්මානයකට. මීමුරේ! මීමුරේ කිව්වම ගොඩක් දෙනෙකුට මැවෙන්නේ දුෂ්කර ගම්මානයක්! මීට දශක කීපයකට කලින් ඒ කියමන සත්‍ය උනත් අද වනවිට මීමුරේ අතිදුෂ්කර ගම්මානයක් නෙවෙයි. හැබැයි ගැමි සුන්දරත්වයේ නම් අඩුවක් දකින්න නෑ.මහනුවර ඉඳන් මීමුරේට යන ඔබ මුලින්ම මහනුවර මහියංගනය මාර්ගයෙන් (A26) හුන්නස්ගිරිය නගරයට යා යුතුයි. මහනුවර සිට ...
යුරෝපීය රටක නිවාඩුවක්! හතර වටේ මිතුරනි, අද මම සූදානම් වෙන්නේ ඔබට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න. මෙතෙක් කල් මම දේශීය සංචාරයන් ගැන ලිපි රාශියක් ලියල තියෙනවා. අද මම ඔබට විදෙස් සංචාරයක අත්දැකීමක් ලබා දෙනවා. මම ඔබව රැගෙන යන්නේ ඉතා සුන්දර යුරෝපීය රටකට. ඒ රටේ සැබෑ සංචාරක අත්දැකීමක් සමඟින්. ඒ තමයි ස්වීඩනය. ස්වීඩනය උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටක්. එහි විශාලත්වය ලංකාව මෙන් 7 ගුණයකට ආසන්න වෙනවා. ...
මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා.... හතර වටේ වසර 1400කට අධික කාලයක් පැවතුනු අනුරාධපුර රාජධානිය චෝල ආක්රමණයත් සමඟ බිඳවැටුනු ආකාරය ඔබ අසා ඇති. එසේ බිඳවැටුනු රාජධානිය ඉන් අනතුරුව විකාශනය වන්නේ පොලොන්නරුවට. පොලොන්නරුව කියන්නේ වසර 200කට ආසන්න කාලයක් පුරාවට රජවරු 20කට ආසන්න ගනනක් තෙද බල පරාක්‍රම පැතිර වූ පුරයක්. ඉතින් අද මම ඔබත් එක්ක යන්නේ ඒ ඓතිහාසික පොලොන්නරු රාජධානියට.කොළඹ ඉඳල පොලොන්නරුවට කි. මී. 225ක විතර දුරක් තියෙනවා. නුවර පාරේ ...
වියළි කලාපයේ සවාරියක් හතර වටේ කෙටි නිවාඩුවකදී සංචාරය කරන්න තැනක් සොයන හිතවතුන්ට අපූරු අදහසක් අරගෙනයි මම අද ආවෙ. මෙවර මම ඔබව රැගෙන යන්නේ උඩවලව ප්‍රදේශයට. උඩවලව කිව්වම හැමෝටම මතක් වෙන්නෙ සෆාරි. ඒ හැරෙන්නට උඩවලව හා ඒ අවට නැරඹිය හැකි ස්ථාන තැන් මොනවාද? විමසා බලන්නට යමු මාත් එක්ක.රත්නපුර සිට කි.මී. 23ක් පමණ A4 මාර්ගයේ ගමන් ගන්නා ඔබට පැල්මඩුල්ල නගරය හමුවෙනවා. එතැනින් A18 මාර්ගයට පිවිසෙන ඔබ තවත් ...