‘කොත්තුවේ’ ශබ්දය පාලනය කෙරේ ? වන වදුල බලන්නකො මේ පුවත, හම්බවුන තැන නම් ගොඩක් අය දන්නව ඇති නේ. හිනා යන පුවතක් වගේ නේද? මේ පුවත දැක්කම කාපු කොත්තු මකත් වෙනවා. හෝටල් වල කොත්තු වල ශබ්දය වැඩි වුනත් මේ පුවතේ පළවෙනියට දාලා තිබුන කමෙන්ටුවත් හරියි කියලත් හිතේනව. " ගඟෙන් එහා says: February 13, 2013 at 6:01 pm ඒ උනාට සද්දෙට වැදුනම නේ කොත්තුව රස" කතාව ඇත්ත වුනත් දැන් ...
කියුරියෝසිටි ඡායාරූපකරණයක් 53 megapixel පිටසක්වලයෝ දැක්කොත් මටත් කිව්වානම්? වන වදුල ජූනි 25 කුතුහලයා ගත්ත අලුත් ෆොටෝ එකක්. ඔන්න පිටසක්වලයෝ හරි එයාලගේ මොනවාමහරි සාධක තියනවානම් මටත් කිව්වානම්... ඔන්න සබැදිය.. http://apod.nasa.gov/apod/image/1306/gigamars_curiosity_17548.jpg (උපුටා ගැනීම නාසා ආයතනය) 17,548 x 3022px මෙගා පික්සල 53 megapixel ආ මේ කියන්න බැරි වුනා රටක් නැති ත්‍රස්තවාදී දෙමලයන් අගහරු වලටයවත් ගියානම්?? යන යන රටවල පාරවල් දිගේයි රට හැමතැනකමයි ජරා කර කර අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී? ...
බුදුදහම ඇමරිකාවේ වන වදුල ඇමරිකාවේ අද ඇමරිකානුවෝ ගොඩක් මානසිකව හා සමාජීයව පරිහානියට පත්වෙලා ගොඩක් අය මේ සඳහා මත්ද්‍රව්‍ය හා බෙහෙත් පෙති වර්ග පානයටම ඇබ්බැහි වෙලා. ආධ්‍යාත්මය පිරිහිලා. මේ කරුණු ගැන අවබෝධකින් එහි වෙසෙන ආසියාතිකයන්ගේ අවශ්‍යතාවයකට අනුව පූජ්‍ය තලංගම දේවානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා බුලත්සිංහල චන්දන හිමියන් ද එක්වී වර්ශ 2003 දී ඇරඹෙන ඉන්දියානා බෞද්ධ පංසලට අද මෙම පෙදෙසේ වෙසෙන ඇමරිකානුවන් ඇදී එන්න පටන් අරන්. NBC ...
වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා.... 2 කොටස නෙත් FM බැලුම්ගල වෙතින්. වන වදුල මම අපේ වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා ගැන මම දන්නා කරුණු ටික ලිව්වා. එතුමාට අසාධාරණයක් වුනා ඒගැන මම තනි පුද්ගලයෙක් විදිහට දන්නා කරුණු ටික අපේ ජාලෙ මිතුරන්ට කිව්වා. අද නෙත් FM බැලුම්ගල විමර්ෂනයකින් අද ඒ ගැන තවත් තොරතුරු ගෙනැල්ලා. පෙර ලිපිය - වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා....විදුහල්පති තුමා ගැන, ශිෂ්‍යන්, ආදි ශිෂ්‍යන්, දෙමාපියන්, නීතිවේදීන්, ප්‍රාදේශීය දේශපාලකයන් එක්කම බැලුම්ගල ...
ලංකා බ්ලොග් කියවනය - මමත් හැදුවා පොඩි සින්ඩියක් වන වදුල ඔන්න ඉතින් මමත් හැදුවා පොඩි සින්ඩියක්. බ්ලොගර් වලින්ම. ලංකා බ්ලොග් කියවනය කියල. බ්ලොගර් වල අනුග්‍රහයෙන් තමා හදාගත්තෙ. පොඩ්ඩක් ගිහින් බලන්නකෝ.දවස් 2ක් - 3ක් ගියා. පොඩ්ඩක් කට්ට කලා හදාගත්තා. මේකට දැනට දාගත්තෙ යාලුවන්ගෙම අඩවි. කවුරුහරි කැමතිනම් මේ ෆෝරමයෙන් ගිහිල්ලා මේටක ඇතුලු වෙන්න අයැදුම් පතක් එවන්න. අසභ්‍ය නැති ඕනෑම සිංහල බ්ලොග් අඩවියක් එකතු කරගන්නවා. මේක ගොඩක් බර නැති නිසා ඉක්මනින් සින්ඩිකේට් වේවි ...
අභ්‍යාවකාශයේදී අත සෝදාගන්නේ කෙසේද? වන වදුල අභ්‍යාවකාශ ගගණගාමීන්ට ගොඩක් වෙලාවට පෘතිවි කක්ෂයේ පර්යේෂණ හා අලුත් වැඩියා කටයුතු සඳහා රැදී ඉන්නට සිදු වෙනවා. දින ගණනක් රැදී සිටීමට සිදුවන නිසා ඔවුන්ගේ සැපයුම් අවම මට්ටමේ හා ඔවුන් සතුව ඇති දේ පරිහරණයේදී පරෙස්සම් වීමටත් සිදු වෙනවා. විශේෂයෙන් අත් සෝදා ගෙන පිරිසිදු වීම වැනි දේ සංකීර්ණයි. පහත වීඩියෝව මගින් ඔවුන් අභ්‍යාවකාශයේදී අත් සෝදාගන්නා ආකාරය පැහැදිලි කරනවා. අත් සෝදාගත් මේ ජලය නැවත ...
වී එෆ් එම් මහා රාවනා... ඔබත් අහනවාද? මග හැරුණාද? වන වදුල image from: elakiri.comරාවණා රජතුමා ගැන එක එක කතා ගොඩක් තියනවා. හැබැයි ඉන්දියාවෙ අය නම් අපේ මහා රාවණා රජතුමා එක්ක ජම්න්තර වෛරයි. ඒ වෛරයම හැමදාම තියාගෙන එයාලා අවුරුදු පතා රාවණා රජතුමා ( රාවණා පිලිමයක් පුච්චලා ) සිගිති ආතල් එකක් ලබනවා. රාවණා රජතුමා ගැන මම විශේෂයෙන් කියන්න ඕනා නැහැනේ. මේ පිලිඹදව ඉතින් අපේ බ්ලොග් සොහොයුරන්ම දාන ලිපි ඇතිනේ.. රේඩියෝවකින් පලවෙනි වතාවට මහා ...
ඔක්කොම බෞද්ධයෝ.. වන වදුල බෞද්ධයන්ගේ බෙදීම බලාපොරොත්තු වෙන, අන්‍යාගමිකයන්ට නරක පණිවුඩයක් සතුටෙන් දෙන්න තියනවා. මම වැඩිය කියන්න යන්නෙ නැහැ මේ පුවත දැක්කම ඇහුවම ඔයාලට තේරේවි.මහමෙව්නාව ගැන ගලගොඩ අත්තේ ඤාණසාර හිමි කතා කරයි.Read more: http://sinhalabuddhist.com/2013/07/mahamewnawa/#ixzz2ZqkkTpPsUnder Creative Commons License: Attributionමම තැන් ගොඩක දැක්කා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට බනින අය. නමුත් ඒවායේ දැක්ක හිතට එකඟම කමෙන්ටුවක් තමයි... “මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙමෙයි. මට බණ අහන්න ඕනෑ ...
ආයූබෝවන් යාලුවනේ, කාලෙකට පස්සෙ නැවතත් වන වදුල ආයූබෝවන් යාලුවනේ, කාලෙකට පස්සෙ නැවතත් ඔබ හමුවට,වන වදුල බ්ලොග් අඩවියේ වැඩකර කර ඉන්න අතරේ මට අතපසු වීමකින් මගේ මුරපදය එක අස්ථානගත වූවා.... ගොඩක් උත්සාහ කලා ඒත් වැඩක් වුනේ නෑ. ඒත් මීට දින කිහිපයකට ඉස්සර අහඹූ ලෙස මෙය නැවතත් සක්‍රීය කරගත හැකිවූවා. වන වදුලේ පෙර ගමන්මගේම යමින් නැවතත් තවතවත් අලුත් තොරතුරු හා අත්දැකීම ගොඩාක් සමගින් මගේ සියලු මිතුරු මිතුරියන් සමග එක්වෙමින් ...
වැලන්ටයින් දිනයත් අප්‍රේල් 1 දා වගේ සමරමුද? වන වදුල අපේ රටට, සංස්කෘතියට මේ වැලන්ටයින් නැතිනම් valentine's day ගැලපෙන්නෙ නෑ කියලා කතාවක් තියනවානෙ. මගෙ පෙම්වතියගෙන් ඇහුවම කිව්වෙ “ඇයි එක දවසද ආදරේ තියෙන්නෙ?“ කියල. කතාවත් ඇත්තනෙ :-* . දැන් මේක මේ ව්‍යාපාරිකයන්ගෙ මගඩියක් වෙලානෙ. රූපවාහිනියෙයි, ගුවන් විදුලියෙයි, පත්තරවලයි, අන්තර්ජාලයෙයි මේක විකුණලා උත්සව තියලා හම්බකරගන්නවා. ඒත් කොහොමද මේ වැලන්ටයින් දිනය මෙහෙම සැමරුවොත්, හරියට අපි අප්‍රේල් 1දා හරිහරියට යාලුවන්ට ලණු දෙනවා වගේ. මේ ...
පටීභා... වන වදුල ආපු නැති කාලෙ බ්ලොගර් ලිපි ලියන මුහුණතත් අලුත් වෙලා... කාර්යාලයේ කාර්ය බහුලත්වය නිසා බ්ලොග් අඩවියක් තියා වෙබ් අඩවියක්වත් හදාගන්න වෙලා තිබ්බෙ නෑ. හිතට විවේකයක් නැද්ද? හිත අවුල්ද බලන්න පටීභා.. මම අලුත් හැදින්වීමක් දෙන්න ඕනා නෑ, සෑම පොහෝ දිනකම දෙරණ රූපවාහිනියේ විකාශය වෙන මේ වැඩසටහන බලන්න හිතට විවේකයක් සහනයක් ගෙනේවි. ජාතක කතා, අටුවා, ටීකා, ටිප්පනි හැමදෙයක්ම අරගෙන පූජ්‍ය හන්තානේ ධම්මගවේශී ස්වාමින් ...
වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා.... වන වදුල from: http://upload.wikimedia.orgමමද වේල්ස් කුමර ආදි සිසුවෙකි. වසර ගණනකට පෙර නිමවුන පාසල් කාලය සිහිගන්වූයේ පාසල් මිතුරන් හමුවනා විටදීය.. පාසල ලගින් යන සෑම විටම ඒ ඉමිහිරි අතීතය සිහිවේ... එම සිහිනය යතාර්ථයක් කරවූ අයෙක් විය ඒ අපගේ විදුහලේ වර්තමාන විදුලහල් පති තුමායි. Old Boys Back to School සංකල්පයෙන් ප්‍රථම වරට එතුමා පාසල් කාලය ඒ සුන්දර කාලය නැවත අපට/ ගුරු මෑණිවරන්ට, පියවරුවන්ට දායාද කර ...
බ්ලොග්ස්පොට් වලින් සරලම මෑතක ප්‍රථිචාර විජට්ටුවක් සාදාගන්නා ආකාරය වන වදුල ඔයාලගේ බ්ලොග්ස්පොට් බ්ලොගයට සරළම විදියට මෑතක ප්‍රථිචාර විජට්ටුවක් සාදාගන්නා ආකාරය. මෙයින් ඔබගේ බ්ලොගයේ ඇති වර්ණ අලංකරණ විදිම යොදා ගැනීමට හැකි නිසා බ්ලොග් මුහුණතට කිසිදු හානියක් නොවේ. මෙන්න කරන විදිහ.මුලින්ම යන්න Blogger Dashboard >> Layout, දෙවනුව Add feed Widget http://YOURBLOG.blogspot.com/feeds/comments/default එයින් ලැබෙන මුහුණතේ රූපයේ පරිදි Feed අංගය තෝරන්න. පසුව ඊළග පියවරේදී ලැබෙන feed තිරය මත ඔබගේ බ්ලොගයේ නම, YOURBLOG කේතය මතට ...
යූ ටියුබ් සබ්ටයිටල් (උපශීර්ෂ පාඨ) භාගත කරමු. වන වදුල බ්ලොග් එක හදල ටිකක කාලයක් හිටියා. මොන සින්ඩිවල ප්‍රචාරය වෙනවද දන්නෑ. සිංහල බ්ලොගර්ස්, කොත්තු, සින්ඩිය කියන තුනටම රික්වෙස්ට් යැව්වා. තාම නම් ප්‍රතිචාර නෑ වගේ.ජාලයේ සැරිසරන සමහර මිතුරන් කැමති පරණ විදෙස් චිත්‍රපට, නාට්‍ය, යන ඕනෑම එකක් කතා අමාරුවෙන් හොයාගෙන භාගත කරගත්තත් ඒවායේ උපශීර්ෂ නැත්තනම් සබ්ටයිටල් හොයාගන්න අමාරුනේ.. මම නම් හොයලා, හොයලා හොයාගන්නම බැරි වුනොත් දැන් යන්නෙ යූටියුබයට, ඒ වාගේම english නොවන ...
යූ ටියුබ් බ්ලැක් ප්ලේයර්. වන වදුල දෙවනි පෝස්ට් එකත් යූ ටියුබ් ගැන. අන්තර්ජාලයේ යූ ටියුබ් සේවාව වීඩියෝ සම්බන්ධයෙන් විශාල සේවාවවක් කරන එක ගැන කතා දෙකක් නැහැනේ. ඒත් යූටියුබ් වල සේවාවේ පොඩි පොඩි අතපසුවීම් නැතුවාම නොවේ. අද මේ කියන්න යන්නෙ, අපිට full screen මෝඩ් එකේදී youtube වලින් තිරය කුඩා හෝ අවශ්‍ය ප්‍රමාණයකට කුඩා කරගත හැකි ක්‍රමයක් ගැනයි. විශේෂයෙන් අඩු අන්තර්ජාල දාරිතාවයෙන් තියෙන කොට අපි තොරගන්නෙ කුඩා වීඩියෝ ...
පළමු ලිපිය වන වදුල ගොඩක් ආසාවෙන් පටන් ගත්ත බ්ලොග් එක. ආයෙ අතාරින්න හිතක් නෑ ඕන්. මම රුවන්. රැකියාව වෙබ් අංශයේම තමා. ගම මොරටුව.බ්ලොග් අඩවියට වන වදුල කියල දැම්මෙ පරිඝනකයේ එබිලාම ඉන්න අපිට, නාගරික සීමාවේ වෙහෙසින් විඩාපත් අයට ඉතාමත්ම ආසාම දෙයක් පරිසරය, ස්වාභාවික දේවල්, ඇල, දොල, ගංගා වනාන්තර වගේ හිත නිවන දේවල් නිසා. මේ බ්ලොගය නිර්මාණය කරන්න මට ටික කාලයක් ගන්න උනා. ඒත් අද මම ...