ගෝණි බිල්ලන්ට ඌණ පූර්ණයක් සංවේදී (Sanwedi) කළින් සටහන මාතලන් තැබූ සටහනට ඌණ පූර්ණයක් වන අතර මෙය එම ඌණ පූර්ණයට ඌණ පූර්ණයකි.ගෝණිබිල්ලා ඇඳුමට සිය භාර්යාවන් / දියණියන් රිංගවන්නට වැඩිපුරම කැසිල්ලක් ඇත්තේ නූගත් මුස්ලිම්වරුන්ටය.දිනක් මා කළින් සේවය කළ සරසවියේ අප දෙපාර්තමෙන්තුවේ සේවයට වාර්තා කර තිබුණේ මා සහ මුස්ලිම් ජාතික තරුණ ආධුනික කථිකාචාර්යවරිය වන සඛීනා අක්කා පමණකි. මා උසස්වීමක් සමඟ වෙනත් විශ්වවිද්‍යාලයකට පත්වීමක් ලැබ තිබුණෙන් මා පැවැත්වූ ඇතැම් දේශන ...
ගෝණි බිල්ලන් සහ සමාජවාදය සංවේදී (Sanwedi) මෙය මාතලන් තබා ඇති මෙම සටහනට ඌන පූර්ණයකි. පළමුව මේ පිළිබඳව මගේ ස්ථාවරය ඉදිරිපත් කරමි. ගෝණිබිළි ඇඳුම යනු ආගමික අන්තවාදයේ ප්රතිමූර්තියකි. ඒ බව මධ්‍යස්ථ මුස්ලිම්වරුන් පවා පිළිගනී. (විශාලනය කර කියවීමට පින්තූරය මත ක්ලික් කරන්න.)මා එයට විරුද්ධ වන්නේ මා ඉස්ලාම් විරෝධියෙක් නිසාවත්, බොදුබල සේනා වැනි සංවිධාන වල පෙළඹීමෙන් හෝ රජයට පක්ෂපාතී නිසාවත් නොවේ. විචාර බුද්ධියෙන් විමසීමෙනි. මා ඔය කී පිරිස් 3 ...
අප්පච්චිට මල් මිටක්... සංවේදී (Sanwedi) කාලෙකට පස්සෙ ගොඩක් අධ්‍යාත්මිකව හැඟීම්බර වුණු දවසක්. ලංකාවෙ නාලිකා දුසිමක දැනට විකාශය වෙන ටෙලිනාට්‍ය අතුරින් මම බලන එකම එක, ස්වර්ණවාහිනියෙ 'අප්පච්චි'.ආචාර්ය කේමදාසයන්ට පසුව මා කැමතිම සංගීතය කසුන් කල්හාරගේ සංගීතයත් එක්ක...එකම හේතුව ජීවිතය ගැන ගැඹුරින් කතාකිරීම.....කසුන්ගෙ සංගීතය එහි අධ්‍යාත්මික භාවමය රසය තවත් උද්දීපනය කරනවා... විශේෂත්වය තමයි, මේක මුළදි මට පෙන්නන්න බැරිව තිබුණු එකක්. කොහොමත් මට ගෑණු ටෙලි පෙන්නන්න බැහැ ඉස්සර ඉඳලම.ඒත් ...
වීරප්පන් සංවේදී (Sanwedi) ඒ ඔහුගෙ කැම්පස් එකේ කාඩ් එක. ඒ ඔහු දෙමළ නිසා නෙමෙයි. සෑහෙන්න කළු නිසා ය. හමෙන් කළු වුනත් හදවතින් සුදුම සුදු එකෙකි. මේ සටහන ඒ නිසාවෙන්.අපි ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට ඉන්දියාවෙ රොබින් හුඩ් නමින් හැඳින්වුනු ප්‍රසිද්ධ කොල්ලකාරයෙක් වෙඩි කා මැරුණි. මූට දමන්නට කාඩ් එකක් සොයමින් සිටි අපේ උන්ට එය ඉබ්බා දියේ දැමීමක් විය. අනේ මේ අහිංසකයගෙ කාඩ් එක විදියට ඒ ...
ෆේස්බුක් මචංලා සංවේදී (Sanwedi) උදේ පාන්දරම මෙහෙම සටහනක් තැබීමට සිදුවීම කරුමයකි. එක අතකට මෙය කිසිම තේරුමක් නැති ලියවිල්ලකි. එහෙත්, අපේ රටේ ෆේස්බුක් භාවිත කරන්නන්ට ඇඟිල්ලෙන් ඇන මේවා කියා දීමට සිදුවීමට තරම් මූලික ආචාර ධර්ම (Fundamental Ethics) අතින් පිරිහී ඇති බව වැටහෙන විට දැනෙන්නේ කණගාටුවකි.ෆේස්බුක් හි සම්බන්ධවන සෑම අයෙකුම එම සන්දර්භයේදී සැලකෙන්නේ මිතුරකු හැටියටය. එය හුදෙක් සබඳතාවක් නිරූපණය කිරීමට යොදාගැනෙන යෙදුමක් පමණක් බව ඇතැම් නවක ...
විශ්වාසය සංවේදී (Sanwedi) මා කොහෙදෝ රස්තියාදුවක් ගසා නේවාසිකාගාරයට ගොඩ වැදුනා පමණකි."මචං ප්‍රොෆා," (ඒ මගෙ කැම්පස් එකේ කාඩ් එක.) "උඹට ගර්ල්ස් හොස්ට්රල් එකෙන් කෝල් එකක්...""මට...? උඹට හොඳටම ෂුවර්ද..? ඇයි යකෝ මේ තනිකඩ මට මොකා කතාකරන්නද...?""හලෝ ප්‍රොෆෙසර්.." එහා පැත්තේන් නුහුරු සිංහලෙන් කවුදෝ කෙල්ලක් අමතනු ඇසේ."ඔව්, කවුද..?""මම නාදියා කතා කරන්නේ. මට ලොකු උදවුවක් ඕනේ.""හ්ම්....කියමු බලන්න.""මේකයි. අද හිෂාම් (ඇගේ පෙම්වතා) මාව බලන්න ආව. එයාට නවතින්න තැනක් හොයාගන්න ...
මෙවැන්නන්ට කුමක් කරමුද...? සංවේදී (Sanwedi) මම මේ කියන සිද්ධිය සිදු වී තවම පැය කිහිපයක් පමණි ගත වී ඇත්තේ.මා සේවය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේය. එහි ආචාර්යවරයෙක්මි. මාතර නගරයට ස්චයංක්රීය මාර්ග පාලන සංඥා (Traffic Lights) හඳුන්වා දෙන ලද්දේ මේ මෑතකදි. ඒ නිසාම මිනිස්සුන්ට වැඩිය හුරු නැත.ඊයෙ සවස මා Traffic Light එකක වාහනය නවතාගෙන සිටිනවිට වම් පැත්තේ තිබුණ ඉතාම සීමිත ඉඩ ඔස්සේ මෝටර් බයිසිකලයක් පැමිණ මගේ වාහනේ රියදුරු අසුනට ...
නුඹට අවසරයි...... සංවේදී (Sanwedi) අට විසි වියේදී මා සූවිසි වියැති පුතුන්ගේ පියෙකු කළ ආදරණීය පුතුනි.....මා දෙපා නමැද සරසවි මවු තුරුලෙන් නික්මී ඉගිල යාමට අවසර පතන පුතුනි......නුඹට අවසරයි......එහෙත්....නුඹ ගැන බියක් මසිත නැතුවාම නොවෙයි...මන්ද....අදින් පසු නුඹ ගැටෙන්නේ පරිපූර්ණ තත්ත්ව තුළ හැසිරෙන අථත්‍ය යථාර්තය සමඟ නොව,පරිපූර්ණ යථාර්තය සමඟ නිසායි.ඒක තේරුණේ නැතුව ඇති....මට කියන්න ඕන වුනේ මෙපමණකි.....ආදරණීය පුත,කඩුල්ලෙන් එහා ලෝකය නපුරුයි..... ඒ නපුරු ලෝකයේ ලොකු මිනිසෙක් නොව, හොඳ ...
ගුරුවරු මෙහෙමයි සංවේදී (Sanwedi) මගේ අම්මා ගුරුවරියක්. ගම්බද ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ හරිම දුප්පත් අහිංසක ළමයි. මේ සිදුවීම වෙලා දැන් මාසයක් විතර ඇති.හය වසරෙ ගැහැණු ළමයෙක් ඇවිල්ල අසනීපයි කියල ගෙදර යන්න අවසර ඉල්ලුවලු. මොකද්ද අසනීපෙ කියල ඇහුවම බඩේ අමාරුවක්ලු. ගෙදර තියෙන්නෙ හැතැප්ම 6ක් විතර ඈත නිසාත්, එක්ක යන්න කවුරුවත් නැති නිසාත් එයාව නිදහස් කරල නෑ.ටික වෙලාවකින් පණිවුඩයක් එනවලු එයා සුදු ගවුම නාස්ති කරගෙන ...
ඊනියා රොබෝ සංවේදී (Sanwedi) මා කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවකු නිර්මාණය කර තිබෙනු දැක මගේ සමාජවාදී මිතුරකු මෙසේ කීය: "ඔයාලා වගේ අයගෙන් මේ රටට සත 5ක වැඩක් නෑ. රටේ සල්ලි වලින් රටට වැඩදායී යමක් කලොත් නරකද?"මේ ගැන ඔබේ කාරුණික අදහස් උදෙක්ම බලාපොරොත්තු වෙමි.මගේ පෞද්ගලික අදහස් දැක්වීම:මෙම චෝදනාවම මගේ ගුරුදේවයන් වන ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතාටද එල්ල වූ බව දනිමි. ඔහුගේ බිම් බෝම්බ ඉවත්කරන රොබෝ යන්ත්‍රය මෙවැන්නන් ...
ජීවන වියදම සංවේදී (Sanwedi) ජීවන වියදම පිළිබඳව මනා වැටහීමක් ලැබීමට නම් අගනුවර (සරසවි පරිශ්‍රයෙන් පරිබාහිරව සාමාන්‍ය ජනයා ගැවසෙන පරිසරයක.) ටික දිනක් හෝ ගත කළ යුතුය. අද උදෑසන මා පිළියන්දල බෝකුන්දර නගරයේ දිලිඳු ආපන ශාලාවකට ගොඩ වැදී උදෑසන අහර පිණිස, අල්ලක ප්‍රමාණයකට නොවැඩි තුනී පොල් රොටී 4ක් හා සීනි නොයෙදූ කහට කෝප්පයක් ගතිමි. (තිබූ කුසගින්නේ තරමට එයද කැළණි පාළම යටින් පොල් ලෙල්ලක් ගියා හා සමානය!) ...
ගිණි තියාගත් හිමිනම සහ හෘද සාක්ෂිය සංවේදී (Sanwedi) ගව ඝාතනය මුල් කරගත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන හිමිනමක් ගිණි තබාගෙන අපවත් වී ඇත.උන්වහන්සේගේ ක්‍රියාව පිළිබඳ අංශු මාත්රයකදු එකඟතාවක් මා තුළ නොමැත්තේ වුවද, එම පුවත මා කම්පනයකට පත්කළේ මන්ද...?මා ශෝකයට පත්වූයේ මේ රටේ ඉතාම අතලොස්සක් වූ, සිය හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන මනුෂ්‍යයෙකු නිකරුනේ අකාලයේ මිය යෑම නිසා මිස අන් කිසිදු හේතුවක් නිසා නොවේ.මා මෙසේ කියනා විට "මේ වගේ මෝඩයෙක් මැරිල ...
පොත් සංවේදී (Sanwedi) "කාලා...කාලා...විනාශ කරලා...ඇයි මේක වහල තියන්නෙ නැත්තෙ...?" තාත්තාගේ කටහඬේ තියෙන්නෙ තරහකට වඩා වේදනාවක්. මම කම්පියුටරෙන් ඇස් දෙක අමාරුවෙන් ගලවගෙන හැරිලා බැලුවා.අයියෝ මේ මොන අපරාදයක්ද...? තාත්තා පණටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු පොත් දුසිම් ගණනක් මීයො කාල විනාශ කරල. මම දැන් පාවිච්චි කරන කාමරය ඉස්සර අපේ ගෙදර පුස්තකාල කාමරය. ඔව්. තාත්තගෙ පෞද්ගලික පුස්තකාලය. දැන් ඒක මගෙ බුක්තියට සරි වුනත් ලොකු බිත්ති කබඩ් එකක් ...
කාට කියන්නද මේ අවනඩුව....? සංවේදී (Sanwedi) (හිතේ දුකට ලියැවෙන ඒවා.)මේ දවස්වල රෑ දෙගොඩහරියක් වෙනකම් රිචර්ච් එකක වැඩ නිසා උදේට මැරුවා වගේ නින්ද යනවා. අද උදේ ඇහැරෙනකොට 9.00ට කිට්ටුයි. මලලසේකර..10ට මගේ ලෙක්චර් එකක්. සාමාන්‍යයෙන් මට පැය භාගයක් විතර ස්ලීප් ඉන(ර්)ෂියා (නිදි මරගාතේ) තිබුනත් වෙලාව දැක්ක ගමන් ඒක කොහෙද නැතුව ගියා.ඉක්මනට ලෑස්ති වෙලා යාන්තම් 9.30 ට විතර ගෙදරින් පිටත් වුනා. යනකොට මගදි කෝල් එකක් ආවා. කැම්පස් එකේ යාලුවෙක්ගෙන්. ...
අපේ අල්ලපු ගෙදර මලයගෙ වැඩ හෙවත් ලංකාවේ පළමු සබ්මැරීනය සංවේදී (Sanwedi) (මේක මගේම වෙනත් බ්ලොග් අඩවියක තියපු සටහනක්.) අපේ අල්ලපු ගෙදර ඉන්නවා සාගර විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්.දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර."අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?" සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්. කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) ...
අපේ රටේ වැසියන්ගෙ සාමාන්‍ය දැනුම සංවේදී (Sanwedi) අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.අවුරුද්දට සාමාන්‍ය පෙළ ගණිතය උගන්නපු ගුරුතුමාගෙ ගෙදර ගියෙමි. මේ එහෙදි අහපු කතාවක්.(ඇත්තම සිද්ධියක්)විද්වත් සුහද කතාවට සහභාගී වී සිටින්නේ සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකයෙක්, එවැනිම සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ වියතුන් යයි කියාගත් ගුරු භවතුන් කිහිපදෙනෙක් හා අපේ ගණිත ගුරුතුමා ය.අප ගණිත ගුරුතුමාද හොඳ කලා රසිකයෙකි. අර්ථ රසයෙන් අනූන ගීත විචාරය කිරීම කතාබහේ මාතෘකාව විය.ආචාර්ය අමරදේවයන් ...
අගනුවර දේපළ මිළට ගන්නේ බලාගෙනයි... සංවේදී (Sanwedi) මේ ළඟදී අප හිතවතකු ඉතා දුක් මහන්සියෙන් හම්බකරගත් රුපියල් මිලියන ගණනක මුදලක් මරු කටට යා නොදී වලකා ගත්තේ අනූ නවයෙනි. මෙන්න ඒ ත්‍රාසජනක කතාපුවත..!රු. ලක්ෂ 45ක මිළකට සුපිරි සහසුකම් සපිරි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ යයි යන ආරංචියට ඔහු එහි ගියේය. පුවත සැබෑවකි. නිවස පිහිටා තිබෙන ස්ථානය අනුව සහ නිවසේ වටිනාකම අනුව බැලූ බැල්මටම එය ගජ වාසියක් බව ඕනෑම කෙනෙකුට ...
එක්තරා ඓශ්චර්යමත් රටක... සංවේදී (Sanwedi) වර්ෂ 1933වෙතයි,ආචාර්ය ෆර්ඩිනන්ඩ් පො(ර්)ෂ,මෝටර් රථ ඉංජිනේරු නිර්මාණ ශිල්පී, ජර්මනිය.මහත්මයාණෙනි,ජර්මනියේ ජනතාවගේ පාලකයා ලෙසට මට මගේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් භාවිත කරනවා දැකීමට අවශ්‍යයි.ඔබ ඒ සඳහා වෝල්ක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව අරඹන්න. ඒ සඳහා සියලු පහසුකම් හා ප්‍රතිපාදන මගේ රටවැසියන් වෙනුවෙන් සලසා දෙමි.ස්තුතියි.මීට,ඇඩොල්ෆ් හිට්ලර්.* * * * * * * * * * * * * * * * * * ...
මේ දවස්වල එක්තරා රටක..... සංවේදී (Sanwedi) පෙනෙන තෙක් මානයේ ඇත්තේ ගිණියම් වූ වැලි තලාවයි...ඒ ශුෂ්ක කාන්තාරය හැර වෙන පිළිසරණක් නැති පීඩිත වූ ගෝත්‍රික ජන කොඨ්ඨාශයක්....රත් වී කැකෑරෙන ලෙය ඔවුන් දරදඬු මිනිසුන් කිරීමට සමත්වී ඇත. ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය හිඟ කමින් අපිරිසිදු කමින්ද, එයින්ම පැණ නැගුණු රෝග පීඩා, ආසාධන වලින්ද පීඩිත වී සිටින ඔවුන්ට ඇති ජීවත් වීමේ අරගලය මදිවට ඒ මරු කතරම සිය ජීවිත තෝතැන්න ...
තාවකාලික සමුගැන්ම...... සංවේදී (Sanwedi) "කවුරුහරි ගිහින් වයිට්බොර්ඩ් මාකර් එකක් ගේන්න....ඉක්මනට...!" මම තරහෙන් කෑ ගහල කියන්නෙ මගෙ සහය ආචාර්ය මණ්ඩලයට..."ශිහ්...හිතට ආපු අදහස අමතක වෙන්ට කලින් ලියන්න විදියක් නෑනේ..." ඩිමෝ මල්ලි කෙනෙක් කෝල් එකක් ගන්නව ඔෆිස් එකට...එයා දුවගෙන එනව...පෑන් මිටියකුත් අරගෙන...එහා තියෙන මැත්ස් බිල්ඩින් එකේ අපේ ඔෆිස් එකේ ඉඳල එයාට එන්න ගතවෙන්නෙ මිනිත්තු භාගයක් විතරයි...කොහොමත් එයා අඩි හයක් විතර උසයි...දිග අඩි තියල එනව ඇති...සමහර වෙලාවට කළබලේ ...