The Butterfly Revolution සමනළ විප්ලවය (http://samanalaviplavaya.wordpress.com/) Latest Posts Most Popular Posts
අළුත්ම බ්ලොග් නවකතාව ‘බොදුබලතොට’ The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2033 ස්ථානය: බොදුබලතොට, ලංකාවේ අග නගරය (පෙර නම: හම්බන්තොට) 2033 මැතිවරණ වසරකි. දුරුතු මස ජනපතිවරණය කෙළවර වන්නේ බොදු බල සේනා සන්ධානයේ පොදු අපේක්ෂක ශ්‍රීමත් උදිත ලොකුබණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකා බෞද්ධ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මහා සම්මත ජනරජයේ අටවන විධායක ජනාධිපතිවරයා කරමිනි. ඊට දේශයේ බෞද්ධ ජන ප්‍රතිශතය නැංවීම, ඉස්ලාමීකරණය අවම කිරීම, (දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කර ගන්ට බැරි වූ) හලාල් ...
(29) ‘සාසනයා’ගෙන් පත්‍ර මිත්‍රයින්ට ඩිනර් එකක් || ‘Sasanayaa’ treats his journalist friends The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2008, සමාන්තර විශ්වය (මෙන්න මේ කතාවට පොඩියක් කලින්) ස්ථානය: කොළඹ, ලංකාව **********(‘සාසනයා‘ කියන කතාව )********** “සර් ‘සට්ටඹියා’ කියන වචනෙ තේරුම දන්නවද…?” සුමනසේකරයා ඇසුවේය. මේ මා කිහිප වාරයක් මේකාගෙන්ම ඇසූ කතාවකි. ඒත් මේකාද එක්කෝ ඒක මතක නැතිව, නැතිනම් මේ කතාවේ ඌට ඇති හෘදයාංගමභාවය නිසා ඒකම කියයි. මුගේ වින්දනයට බාධා නොකළ යුතුය. “නෑනෙ. කියමුකො බලන්න…” “…මේ වචනෙ භාවිතා වෙච්චි ඓතිහාසික අවස්ථාවක් ...
(26) මගේ අසම්මත ආදර කතාවේ දෙවන පරිච්ඡේදය || The second chapter of my love story The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය ස්ථානය: ලංකාව **********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** මෙතෙක් කතාව: වික්ටර් සාලිය බණ්ඩාර තමන්ම කුඩා බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. මේ එතැන් සිට කතාවයි. “සර්ට බැරිද අද ඉඳලා හෙට යන්න…?” ඇය ඇසුවාය. මේ සරල ප්රශ්නය මගේ ජීවිතය වෙනස් කරනු ඇතැයි මම ඒ මොහොතේදී සිහිනෙකින්වත් නොසිතුවෙමි. “කොහේද ...
(23) සර්වඥ ධාතූන් වහන්සේලා වැඩියහ; මා එතැනමය. || The mystery begins The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: අවශ්‍ය නැත, පින්වත ස්ථානය: අවශ්‍ය නැත, පින්වත **********(රතු හාමුදුරුවන් කියන කතාව)********** න අනතලිකෙඛ, න සමුදදමජෙඣ, න පබබතානං විවරං පවිසස, න විජජති සො ජගතිපපදෙසො යතථටඨිතො මුඤෙචය්‍ය පාපකමමා. යම් තැනක සිට අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි නම් එවැනි තැනක් ලෝකයෙහි නැත. අහසෙහි සිටියත් මූද මැද සිටිය , පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් එයින් නිදහස් වෙන්ට නො හැකි ය. (ධම්මපදය, පාප ...
(28) නිරුවතින් දිය නෑ සමනළිය || The Naked Butterfly The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය ස්ථානය: ලංකාව **********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ...
(18) මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට || Mervin Silva becomes a Buddhist monk The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2102, නොවැම්බර්, සමාන්තර විශ්වය ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව **********(‘සාසනයා’ කියන කතාව )********** මම කිරෙන් පොඟවා, තෙලෙන් බැද, ඩෙවිල් කරන ලද දේශපාලකයෙක්මි. දේශපාලනයේ අයන්නේ සිට අඃයන්න දක්වා මම අතැඹුලක් සේ දනිමි. මට තේරුම් ගන්ට බැරි සංසිද්ධීන් වලින් මා කැළඹීමට පත්වන්නේ එහෙයිනි. වික්ටර් මිය ගොස් තෙමසක් පිරුණේ ඊයේටයි. මා එය දැන ගත්තේ රාවයේ පළවූ වික්ටර් අයිවන් විසින් ලියන ලද ගුණ ...
(33) භව දුක || The suffering The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: අවශ්‍ය නැත, පින්වත ස්ථානය: අවශ්‍ය නැත, පින්වත **********(රතු හාමුදුරුවන් කියන කතාව)********** අථ පාපානි කම්මානි කරං බාලාන බුජ්ජති සෙහි කම්මෙහි දුම්මධෝ අග්ගිදඩ්ඪොච තප්පති පාප කර්මයෙහි යෙදෙන්නා වූ අඥානයා එයින් ලබන කටුක විපාකය තේරුම් නොගනී. ඒ පවිටු සිතැති තැනැත්තා ස්වකීය ක්‍රියාවන් නිසා ගින්නෙහි දැවුනකු මෙන් තැවෙයි. - ධම්ම පදය, පාප වග්ග පින්වතුනි, ඔබ කල්පනා කරන්නේ එදින සිද්ධියෙන් යම් කාලයකට පසු මගේ ...
(25) අසම්මතයේ පෙම්වතුන් අපි || The illicit lovers The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය (මේ පෝස්ට් එකෙන් මාස කිහිපයකට පසුව) ස්ථානය: ලංකාව **********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙමී… ඔබ නිසා පදවන්නෙමී… ප්රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා ඔබ සිටින ගොඩබිමෙහි මං ලකුණු දක්වන්න… නැංඟුරම් ලන තැනට පෙනෙන සේ ඔබ ඉන්න… වෙරළ වෙත සැපත් මා දෝතපා පිළිගන්න සිනාසී දුර්ඝ වූ ගමන් මග විඩා ...
(22) දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි || The days of wolves The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 1988, සමාන්තර විශ්වය ස්ථානය: ලංකාව **********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** අපේ රටේ ආණ්ඩු දෙකකි. මහ ආණ්ඩුව හා පුංචි ආණ්ඩුවය. මීට අමතරව මහ ජනතාව උපහාසයට කියන්නේ තුන්වැනි ආණ්ඩුවකුත් ඇති බවයි. ඒ සියඹලාණ්ඩුවය. සියඹලාණ්ඩුව කෙසේ වෙතත් අනෙක් ආණ්ඩු දෙකම නම් තියෙන බව අපට හොඳින්ම දැනේ. ඒ ඒ දෙකෙන් මාරුවෙන් මාරුවට සතියට දවස් දෙක තුනක් ඇඳිරි නීතිය පැනැවීම නිසාය. කිසිම විටෙක ...
(30) මාලක සිල්වා හා රෙහාන් විජේරත්න මැරයන්ට නෙළුවෙමු || How we beat the thugs Malaka Silva and Rehan Wijeratne The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2010, සමාන්තර විශ්වය ස්ථානය: දකුණු පළාත, ලංකාව **********(තිසර රාජිත සේනාපති කියන කතාව)********** Jesse Woodson James (1847-1882) ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ විසූ මැරයෙකි; මැර කල්ලි නායකයෙකි; බැංකු කොල්ලකරුවෙකි, දුම්රිය කොල්ලකරුවෙකි, මිනීමරුවෙකි. කොටින්ම නම ඇසූ සැණින් නිලධරයන් බියට පත් කළ දාමරිකයෙකි. මේ මහා දාමරිකයා මරණයට පත් වූයේ කිසිවකුත් නම අසා නැති සොච්චං තරුණයකු අතිනි. Brad Pitt රඟන ‘The Assassination of Jesse James ...
(38) මාලක ගැන රෙහාන් විජේරත්න කියන කතාව || Rehan Wijeratne on his friend Malaka The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2010, සමාන්තර විශ්වය [චරිත් තිසර හා පිරිස මාලකට හා රෙහාන්ට නෙලූ කාලයට සමාන්තරවයි ] ස්ථානය: දකුණු හා බස්නාහිර පළාත්, ලංකාව **********(රෙහාන් විජේරත්න කියන කතාව )********** මාලක බඳු මෝඩ මූසලයකු මගේ කිට්ටු මිතුරකු වූයේ යැයි මටම අදහා ගත නොහැකිය. අප දෙදෙනාගේ පසුබිම ඒ තරමටම එකිනෙකින් වෙනස්ය. ඔහුගේ පියා, මර්වින් අංකල්, වලව්වට ප්රවේණි දාසකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමූපාකාර මැනේජර් කමේ සිට ...
(43) ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? || Who killed Lasantha Wickrematunge? The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2010 අග හරිය, සමාන්තර විශ්වය. (ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් දින කිහිපයකට පසුව) ස්ථානය: කොළඹ, ලංකාව **********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )********** ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට තියේ. මේ මොහොතෙහි රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය එයයි. වර්තමාන ආණ්ඩුව අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියි. මේ තනි සිද්ධිය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත් වූ තැන් පටන් ඇය මුහුණ දුන් දරුණුතම අර්බූද ...
(24) උපේක්ෂාගේ උපන් දින සාදයට ස්ට්‍රිපර්ස්ලා || Upeksha brings male strippers to her birthday party The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2004 [පශ්චාත්-සහස්රක ආදර කතාවක් ට මාස දෙකකට පමණ පසු හා මඩොල් දූවේ සමනල්ලු ට මාස දෙකකට පමණ පෙර] ස්ථානය: කොළඹ, ලංකාව **********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )********** ආවොත් යා යුතුමය. නොගියොත් නැවත ඊමක් නැත. නාවොත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ පළමු පෙම්වතා ශේන් මගේ ජීවිතයෙන් පියඹා ගියේය. වැහි ලිහිණියකු සේය. ඔහු කවදා හෝ මා හැර යනු ඇතැයි ...
සමනළ විප්ලවය – කථාංගය 6 – යාපනය ගිනි ගනියි The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: මැයි 1981, සමාන්තර විශ්වය ස්ථානය: උතුරු පළාත, ලංකාව **********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)********** ලංකාවේ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ සම්භවය දුම්කොළ වැවීම පිණිස ලන්දේසි සමයේ මෙහි රැගෙන ආ දෙමළ කම්කරුවන්ය උපතිස්ස කියද්දී මම කෝපයට පත්වෙමි. ඒ දෙමළුන් කෙරෙහි ඇති විශේෂාදරයකින් නොව, හුදෙක් වාර්ගික අභිමතාර්ථයන් පිණිසම මෙවැනි අමු අමුවේ කරන ඉතිහාස විකෘති කිරීම් වලට මා නොකැමැති හෙයිනි. “දන්නෙ නැත්නම් ඉගෙන ...
(27) ඇය මගේ ඇඳට ආවාය || She came to my bed The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය ස්ථානය: ලංකාව **********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ...
(42) ආදරයේ ප්රාග් ඓතිහාසික අතීතය || Pre-historic days of love The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 1950, සමාන්තර විශ්වය ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව **********{වෝල්ටර් සමරසිංහ (චරිත්ගේ මවගේ පියා) කියන කතාව}********** යම් යෙහෙකින් මා උඩ දැමූ කාසිය Tail උඩට සිටිනායුරින් වැටුණේ නම් චරිත් කාලිංග බණ්ඩාර මෙලොවට බිහි නොවිය හැකිව තිබුණේය. ඔහු මෙලොවට බිහි වූයේ එය Head වැටුණු නිසාය. පුදුමයකට මෙන් කාසිය උඩ දමන ක්ෂණයෙහිම කහ පැහැති සමනළයෙක් මගේ කාමරයේ තටු සලමින් පියාඹන්ට පටන් ගත්තේය. සමහරවිට ...
(11) රනිල්ගේ මරණයෙන් පසු මිලින්ද මොරගොඩ එජාපයේ නායකත්වයට || Milinda Moragoda to lead UNP after Ranil dies in a blast The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2008, සමාන්තර විශ්වය ස්ථානය: කොළඹ, ලංකාව **********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** අද මම චිරාත් කාලයකට පසු මගේ පැරැණි සගයකු වූ මිලින්ද මොරගොඩට දුරකථන කළෙමි. ඒ ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වීමට සුභ පතන්ටය. මිලින්ද මට ස්තූති කොට ඒ විගසම දුරකථනය විසන්ධි කළේ මීටිමක සිටින්නේය කියමිනි. අඩුතරමින් ඔහු “…I’ll call you back” වත් නොකීම ගැන මගේ හිත ...
විරාමය: YES (PRIME) MINISTER! (ජිම් හැකර් අගැමැති වෙයි!) The Butterfly Revolution සමනළ විප්ලවය Yes Minister/Yes Prime Minister තරම් ‘සමනළ විප්ලවය’ ලිවීමේදී මා ආභාෂය ලද වෙනත් කෘතියක් නැති තරම්ය. විශේෂයෙන්ම දේශපාලකයින්ගේ පාර්ශ්වයෙන් සිද්ධීන් විස්තර කිරීමේදී මා යොදාගත්තේ එහි යොදා ගන්නා ශෛලියමයි. Yes Minister/Yes Prime Minister තුළින් තෝරා ගත් හොඳම පරිච්ඡේදය මෙහි ඵල කරනුයේ කෘතවේදීවය. කතාවේ ප්‍රධාන චරිත නොදැන්ම මෙහි රස වින්දනයට බාධාවක් විය හැකිය සිතෙන මුත් දීර්ඝ විස්තරයකට නොයමි. ප්‍රධාන චරිත තුන පිළිබඳව පහත ...
(36) ‘මහින්ද-ධර්ම-පූජා’ මැඩම් අතින් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට || Madam launches ‘Mahinda-Dharma-Pooja’ program The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2013 – නොවැම්බර්, සමාන්තර විශ්වය [මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට පත් වූවාට මාස කිහිපයකට පසුව] ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය, ලංකාව **********(‘සාසනයා’ කියන කතාව )********** මැඩම් හා මා අතර කැපියුලෙට්-මොන්ටේගු ජාතියේ පට්ට විරසකයක් ඇති බව ඔහේලාට තව දුරටත් රහසක් වන්ට බැරිය. මේකිට ඇහැක් නම් දැනටමත් මා රෝස්ට් කර, රෙඩ් වයින් දමා, Bœuf bourguignon එකක් හදා ඩිනර් එකට අරගෙනය. හරිය? ...
(13) ‘සාසනයා’ ජනාධිපති වෙයි || ‘Sasanaya’ becomes President The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2016, සමාන්තර විශ්වය ස්ථානය: හම්බන්තොට දිස්ත්‍රික්කය, ලංකාව **********(‘සාසනයා’ කියන කතාව)********** අද අතිශයින් සතුටු දවසකි. ඒ මට ලංකාවේ ජනාධිපතිකම ලැබුණු නිසාය. “අපටත් දවසක හඳ පායනවා. එදාට අපි මල් පැණියෙන් නානවා!” ලුණු ඇටයක් එක්ක හොඳ කිතුල් රා කට්ටක් ගසා, පැරණි රසාංගයක් ගයමින් ගෙදර වටේ වයිපරයත් එක්ක නට නටා යන්ට හිතෙයි. රකී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ… සිතේ ප්‍රීතියෙන්ම යමව් ඒ ...