ඉන්දු - ලංකා ගිවිසුම සකසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකායි! ටී.එන්.ඒ. තටු කපන්න ගෝමින් සූදානමින්! දෙනෙත් හරින්න ! ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතා ඉන්දු - ලංකා ගිවිසුම සකස් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හරිමින් බව පසුගිය 26 දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවෙන් තහවුරු වන බව අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා 'දිවයින' ට ඊයේ (27 දා) ප්‍රකාශ කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මෙරට කිසිදු ඉඩමක් පළාත් සභාවේ අයිතියට පවරාගත නොහැකි බව ද සියලු ඉඩම් පිළිබඳ වගකීම මධ්‍යම රජයට පැවරෙන බව ද ...
කිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද? දෙනෙත් හරින්න ! බහුජාතික සමාගම් මෙම තාක්ෂණික අඩුපාඩුව ඔවුන්ගේ වාසියට ඉතා සූක්ෂම ලෙස භාවිතාකර ඇත. මෙහිදී මෙම තාක්ෂණික අඩුපාඩුව උපයෝගී කරගනිමින් ව්‍යාජ ලෙස ප්‍රෝටීන ඇති බව පෙන්වීමට සුදුසු රසායනිකයන් ඔවුන් මේවනවිට සොයාගෙන ඇත. ඒ අතරම එම රසායනිකයන්ගෙන් වඩාත් සුදුසු රසායන ද්‍රව්‍යවන, ගන්ධයෙන්, රසයෙන් තොර ජලයේ දියවන නැතහොත් මිශ්‍රකළ පසු සොයාගත නොහැකි ක්ෂණිකව විස නොවන ද්‍රව්‍යවන Melamine හා Dicyandiamide වැනි රසායන ද්‍රව්‍ය කිරිපිටි වලට ...
අල්ෂහාබාබ් ත්රස්තයකු පැන යැමෙන් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත මර්දන නිතිරීති දැඩි කෙරේ දෙනෙත් හරින්න ! මුස්ලිම් කාන්තා හිස් ආවරණයක් පැළඳ ගත් ත්‍රස්තවාදියකු පැන යාමෙන් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත මර්දන නීතිරීති දැඩි කර ඇත.ත්‍රස්තවාදී සැක කරුවන්ව ආගම ඇඳහීම සඳහා මුස්ලිම් දේවස්ථානවලට ගෙන යැමේදී දැඩි ආරක්ෂක විධිවිධාන සැලසීමට බ්‍රිතාන්‍ය බලධාරිහු කටයුතු යොදා තිබේ.මොහමඩ් අහමද් නැමැති ත්රස්තවාදීයා මුස්ලිම් දේවස්ථානයකදී කාන්තා හිස් ආවරණයක් පැළඳ පලා ගොස් ඇත.ඔහු අලෂාහාබාබ් සංවිධානය සමග සබඳකම් පවත්වා ඇත. http://www.divaina.com/2013/11/14/forign02.html ...
උතුරේ මැතිවරණය තිබ්බොත් විනාසයි! – ගෝඨා දෙනෙත් හරින්න ! ඉදිරියේදී පැවැත්වීමට යෝජිත උතුරු පළාත් මැතිවරණය දැනට තිබෙන පරිදි පැවැත්වීමෙන් පසු එය දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කිරීම තුළින් රටට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.The Island පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පවසන බව පුවත්පත වාර්ථා කරයි.එහිදී අදහස් පළකරන ආරක්ෂක ලේකම්වරයා “ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මගේ වගකීම තමයි ඉඩම් හා පොලිස් ...
බුද්ධශාසන අමාත්‍යංශය නීති දමලා භික්ෂූන් මර්දනයට උත්සාහා කරනවා දෙනෙත් හරින්න ! බුද්ධශාසන අමාත්‍යංශයක් තිබුණාට ශත පහක වැඩක් නැහැ. ඒ අමාතයංශයෙන් නොයෙකුත් නීතිරීති දමලා භික්ෂූන් වහන්සේලා මර්දනය කිරීමට උත්සාහා කරනවා යැයි ගාල්ල තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තශ්රී පවරකිත්ති මතුගම ගුණරත්න නාහිමියෝ පැවසීය.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වස්ථාරාම විහාරයේ පැවති දහම් හමුවකදීය.තවදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ,”බුද්ධශාසන අමාත්‍යංශය තියෙන්නේ නමට පමණයි. ශාසනයටවත් බෞද්ධයාටත් සත පහක වැඩක් නැහැ. භික්ෂූන් වහන්සේලාට ...
සොරගුණේ වන පෙත අනතුරේ දෙනෙත් හරින්න ! දිවයිනේ පිහිටා ඇති ඉතා වැදගත් වනාන්තර කලාපයක් වන සොරගුණේ වන පෙත වනසාලමින් ඉදිකිරීමට නියමිත ගොල්ෆ් ක්‍රීඩාංගණය හා හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව කතිකාව ඇරඹී දැන් වසර ගණනාවක් ගතවී ඇත. ඊට විරුද්ධව පරිසරවේදීන් සහ බහුජන සංවිධාන විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම ව්‍යසනය කලින් කලට යටපත් වුවද නැවතත් එම උවදුර මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. "වලව නිම්නයේ මනු සතුන්ටත් - වන සතුන්ටත් ...
ගෝඨාභයගේ නම විකිණූ 'කරීම් මොහොමඩ්' රිමාන්ඩ් දෙනෙත් හරින්න ! ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස රඟපාමින් ඇටම්පිටිය පොලිසියේ අත්අඩංගුවේ සිටි පුද්ගලයකු ඉන් මුදා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු ඇටම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (24 දා) හවස වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැලිමඩ මහෙස්ත්‍රාත් නිලුපුලී උදයාංගනී ලංකාපුර මෙනවිය නියෝග කළාය.වැලිමඩ නගරයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන එම්. එන්. කරීම් මොහොමඩ් නමැති ...
ලොව අවදානම් වැඩිම රටවල් 3ම මුස්ලිම්... මැවීමේ හාස්කමක්ද? දෙනෙත් හරින්න ! ලෝකයේ වඩාත්ම අස්ථාවර සහ ජීවිත අවදානම් සහිත රටවල් 10 පෙරේදා ප්‍රකාශයට පත්කරන ලදී. බ්‍රිතාන්‍යයේ පිහිටි අවදානම් සහ අස්ථාවරත්වය පිළිබඳ විශ්ලේෂණ ආයතනය වන මේපල්ක්‍රොෆ්ට් ආයතනය විසින් ලොව වඩාත්ම අස්ථාවර රාජ්‍යයන් පිළිබඳ දර්ශකයක් එළිදක්වමින් මේ බව ප්‍රකාශයට පත්කර තිබේ.එහි පළමු ස්ථානය සෝමාලියාවටද, දෙවැනි ස්ථානය සිරියාවටද, තෙවැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයට ද හිමිවී තිබේ. අනතුරුව පිළිවෙළින් සුඩානය, කොංගෝ ජනරජය, මධ්‍යම අප්‍රිකාව, යේමනය, ලිබියාව, දකුණු සුඩානය, ...
ලංකාවේදී සිංහයකු වී එංගලන්තයේදී අසරණ වූ කැමරන් දෙනෙත් හරින්න ! ඉකුත් සතියේ සිදුවූ ප්‍රධාන සිදුවීම් දෙකක් වූයේ අයවැය ඉදිරිපත් කිරීම හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලංකාව පිළිබඳ විවාදයයි. මේ දිනවල අයවැය ගැන කවුරුත් කතා කරන නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලංකාව පිළිබඳ සිදුවූ විවාදය ගැන යමක් කිවයුතු යෑයි සිතුවෙමි. ඩේවිඩ් කැමරන් ලංකාවේදී කළ ප්‍රකාශයේ පරිමාව දැන ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා වූයේ කුමක්ද යන්න ලංකාවේ ජනතාව දැන ගැනීම වටී. යුද්ධයේ අවසන් දිනවලදී සිදුවූවා යෑයි ...
මාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසර දෙනෙත් හරින්න ! දුම්පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දක්වන රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම සඳහා සිගරැට් දවටන (පැකට්වල) මතුපිට ඉඩකඩ 50% ත් 60% ත් අතර ප්‍රමාණයක ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන පරිදි අදාළ රෙගුලාසි සංශෝධනය කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු බලධාරීන්ට නියෝග කළේය.රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීම සඳහා සිගරැට් පැකට්ටුවල ඉඩකඩ වලින් 80% යොදා ගැනීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ...
කච්චතිව් දූපත අපේ. සීමාව පනින ධීවරයින් නිදහස් කරන්නේ නෑ - ජී.එල්. ඉන්දියාවේදී කියයි දෙනෙත් හරින්න ! පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් කිරීම වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට ගොස් තිබේ. එහිදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එරට මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ දෙරටේ එකඟතාව මත ශ්‍රී ලංකාවට පවරා දී ඇති කච්චතිව් දූපත සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමක් අවශ්‍ය නොවන බවය. ඉන්දියාවේ දෙදින සංචාරයක නිරතව සිටින මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ කච්චතිව් දුපත පිළිබඳ ගැටලුවක් නොමැති බවයි. මේ ...
බෞද්ධයන්ගේ ඉවසීම පිටුදැක තලා පෙළන්න ලෑස්ති වුණොත් බලාගෙනයි දෙනෙත් හරින්න ! බෞද්ධයන්ගේ ඉවසීම පිටුදැක තලා පෙළන්න ලෑස්ති වුණොත් බලාගෙනයිබෞද්ධයාගේ ඉවසීම, සහනසීලීත්වය වැරදි විදියට තේරුම් ගෙන බෞද්ධයින් තළන්නට පෙළඹුණහොත් ඊට කිසිවිටෙක ඉඩ නොදෙන බව නැගැනහිර පළාතේ සන්ධාන මහ ඇමතිවරයාට මතක් කර දෙන බව බස්නාහිර පළාත් සභා ඇමති උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.බොදු බල සේනා සංවිධානය අන්තවාදී සංවිධානයක් යැයි පැවසීමට තරම් ඔවුන් කර ඇති අන්තවාදී ක්‍රියාව කුමද්දැයි හෙතෙම කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ජාවකදී ප්‍රශ්න ...
ලුම්බිණියෙන් හමුවූ ලොව පැරණිම විහාරය ගැන මහාචාර්ය කොනින්හැම්ගෙන් 'Excavation at Lumbini' මැයෙන් පොතක් දෙනෙත් හරින්න ! ලුම්බිණියෙන් සොයාගත් ලොව පැරණිතම බෞද්ධ විහාරය පිළිබඳව ලබන වසරේදී තමන් පොතක් නිකුත් කරන බව මහාචාර්ය රොබින් කොනින්හැම් ප්‍රකාශ කරයි.මෙම ග්‍රන්ථය 'Excavation at Lumbini' මැයෙන් වේ. ලුම්බිනියේ මායාදේවි විහාරය තුළ සිදු කළ කැණීම්වලදී ලොව පැරණිතම බෞද්ධ විහාරය සොයාගත් අතර එය සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වූ සල්ගසවටා ඉදිකරන ලද විහාරය ලෙස සැලකේ. මෙය ක්‍රි.පූ. 550 දී ඉදිකරන ලද විහාරයක් බව මහාචාර්ය කොනින්හැම් ප්‍රකාශ ...
තම ජනනේන්ද්‍රය කපාගත් වටරැක විජිත භික්ෂුව??? දෙනෙත් හරින්න ! වටරැක විජිත නමැති චීවරධාරියා තවදුරටත් භික්ෂුවක ලෙස හැඳින්වීම අප විසින් කරනු ලැබිය යුතුද? බොදු බලසේනාව සමග ගැටුමක් ඇතිකරගෙන සිටි ඔහු එම සංවිධානයේ සිවුරු ගැලවීම සඳහා තෙමේම ගුටි ඇනගෙන, තෙමේම අත් පා කපාගෙන පානදුරේ හිරණ පාලම අසල නිරුවතින් වැටී සිටීමෙන් පත්තු කරන්නට තැත් කළ බෝම්බය පොඩි එකක් නොව ලොකුම ලොකු එකකි. චීවරධාරී විජිත වැටී සිටි ආකාරයට අනුව වැඩි දෙනකු සැක කළේ ...
අමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමා දෙනෙත් හරින්න ! සිංහල ජාතියටත්, බෞද්ධාගමටත් විවිධ හිංසා පීඩා ඇති වූයේ අද ඊයේ නොවේ. එදා මෙදා තුර එය අඩු වැඩි වශයෙන් සිදු වූවත්a පෘතුගීසී, ලන්දේසි හා ඉංගී්රසි යටත් විජිත සමයන්හි මෙය තවදුරටත් වර්ධනය විය. යුරෝපීයයන්ගේ සංක්රමණයන්a සමගින් සංස්කෘතික ගති ලක්ෂණ මෙන්ම ආගම් ප්‍රචාරය ද තදින්ම සිදු කරන්නට විය. එය කොතෙකුත් ප්‍රබල වීද යත් එවකට සිංහල දරුවන්ගේ නම් ගම් පවා බටහිර මිෂනාරී සංස්කෘතීන්ට අනුරූප ...
උතුරේ ගිනි අවුළුවන ශ්‍රීධරන් පාර්ලිමේන්තුවෙන් නෙරපීමේ යෝජනාවක් දෙනෙත් හරින්න ! ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා දිගින් දිගටම රාජ්‍ය විරෝධී ක්රියාදාමයන්හි නිරතවීම නිසා ඔහුව පාර්ලිමේන්තුවෙන් නෙරපීමේ යෝජනාවක් ගෙන ඒම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.ශ්‍රීධරන් ඉන්දියාවේ සංචාරයක නිරතවී ආපසු මෙරටට එන අවස්ථාවේ මැයි 17 නමැති තමිල්නාඩු බෙදුම්වාදී සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ තමිල්මානි ප්රභාකරන්ද මෙරටට කැඳවාගෙන විත් ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ රජයේ බලධාරීන්ට දැනුම් දී තිබේ.ශ්‍රීධරන් පාර්ලිමේන්තුවෙන් නෙරපීමට 2/3 ක ඡන්දයක් අවශ්‍ය වේ.ඩෙල්ෆ් ...
යාපන බෞද්ධයෝ කැමරන්ට එරෙහි වෙති දෙනෙත් හරින්න ! පොදුරද මඬුලු සමුළුවට ප්‍රථම දේශීය විදේශීය බලවේග නොයෙකුත් කුමන්ත්‍රණ දියත් කරමින් මේ වැඩපිළිවෙළ අවුල් කිරීමට උත්සාහ කළ ද ඒ සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් විය. දෙමළ ඩයස්පෝරාව සිදු කළ කුමන්ත්‍රණ ද සාර්ථක වූයේ නැත. එනිසාම දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේ ද ශ්‍රී ලංකාව ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද බැබළීමට ලක් විය.දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් සිතේ දරාගෙන පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා බලාපොරොත්තු වූ ...
පාකිස්ථානයේ අන්තවාදය වේදිකාගත කිරීම දෙනෙත් හරින්න ! පකිස්තානයේ කරච්චි, මුල්තාන් ඇතුළු පාකිස්තාන නගර ගණනාවක උද්ඝෝෂණ පැවැත්වුණේ ලාහෝරයේ ක්‍රිස්තියානි නිවෙස් කොල්ල කා නිවාස ගණනාවක් ගිණි තැබීමට විරෝධය පල කිරීම සඳහාය.ක්‍රිස්තියානි පුද්ගලයෙක් මහම්මත් තුමාට අපහාස කර ඇතැයි යන ආරංචිය පැතිර යාම නිසා මෙම ක්‍රියා ඇතිවූ බව පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.ලාහෝරයේ ක්‍රිස්තියානින් ආරක්ෂා කිරීමට පන්ජාබ් රජය මීට වඩා දෙයක් කල යුතුව කිබුණු බව කරච්චි නගරයේ ක්‍රිස්තියානි පිරිසක් කියා සිටියහ.බලපෑමට ලක්වූ ...
මුසලුවන්ට එරෙහි රටේ මතවාදය සාධාරණද? දෙනෙත් හරින්න ! ඔබත්,මමත් ඉපිද සිටිනුයේ මහා ආශ්වාදාත්මක බිමකය. මේ බිමේ අපි ශීත සෘතුවේ ගල් වෙන්නේ නැත. කාන්තාරයේ පිච්චෙන්නේ නැත. ගිනි කන්දට බයේ පැනයන්නේ නැත. භූමි කම්පාවෙන් පෙරළෙන්නේ නැත. තවමත් කලට වැසි වසින්නේය. හාත්පස විහිදුණු නිල්ලය. උල්පත් ජලය අගනේය. මැණික් මතුවන්නේය. මැද කඳුකරයේ ඒ අත සිසිල්ය. මේ අත උණුසුම්ය. සියල්ල සමබරය. සොබාදම් මාතාව කිසිදු අඩුවක් කර නැත්තේය.මේ සොඳුරු දිවයින සොබා පරිසරයෙන් මහා ආශිර්වාදයක් ...
සිංහල කතුන් වඳ කරන කුමන්ත්‍රණය සනාතයි - මාදුළුවාවේ සෝභිත හිමි දෙනෙත් හරින්න ! අල කන්ටේනරයක් තුළ සගවා ගබ්සා එන්නත් කුප්පි තිස්දහසක් පමණ පාකිස්තානු ජාතිකයෙකු විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාගේ අවශ්‍යතාවටද යන්න සහ එය පිටුපස සිටින පුද්ගලයින් රටට හෙළි කරන්නැයි කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.ඒ සදහා පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම රජයේ යුතුකම බවද පෙන්වා දෙන උන් වහන්සේ සිංහල කාන්තාවන් වදභාවයට පත්කිරීම සදහා රහස් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවට රට පුරා ආන්දෝලනයක් පවතින බව ...