සමාව භාජනයක දමනු මැනවි ................ විලක්කුව අවාසනාවට ඇත්ත කථාවක් සමගින් වාසනාවන්ත බලාපොරොත්තුවක්.............................................1. අවාසනාවට ඇත්ත කථාව - අද අළුත් කථාවක් පොස්ට් කරන්නයි හිටියේ ඒත් වෙලාව මදි නිසා ඒක කොටන්ට වෙන්නෑ ඕං .2. වාසනාවන්ත බලාපොරොත්තුවක් - හෙට උදැහැනැක්කෙම මිතුරන් සමගින් නුවරඑළිගතවීමට බලා හිදිමි .................. දිනෙල්කගේ චාටර් චාරිකා සටහන් සමගින් හමුවෙන්නයි ඉන්නේ .........එතෙක් ඔබ සැමට , අයියනායක දෙයියන්නේම පිහිටයි පඩිවදන - චෙතනා පරිශුද්දවේ නම් උක් දඩු ගිනිතපින්නද ??????????පුරස්නය ---- ...
හිතුවෙවත් නැති දවසක !!!! ( අනේ නෑ බය වෙන්න එපා දේශපාලනේ නෑ ) විලක්කුව කාලය , හරිම පුදුමයි . අද ඊයේ වගේ මතකයේ තියෙන ආදරනීය සිදුවීම් දේවල් සිද්ද වෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් කියන එක , වෙලාවකට ඒක පිලිගන්න බැරි තරම්............ ඒත් පිලිනොගෙන කොහොමද ! කාලේ ගෙවිලා ගිහිල්ලා .අපි හිත පතන දේවල් හිතන විදිහ වෙනස් වෙලා , ලෝකෙ දකින විදිහ වෙනස් වෙලා , මිනිස්සු අපි දිහා බලන විදිහ වෙනස් වෙලා ...අවුරුදු දෙකතුනකට හිතාගන්න බැරිතරං ...
පලමු පෙම් පත විලක්කුව " අම්මේහ් කො මං යනකොට මේ මේසෙ උඩ තියලා ගියපු පෙට්ටි ටික" මාස ගානකට පස්සෙ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා වගේ මාරම සැහැල්ලුවකින් හිත පුරවගෙන , මාස හයකට විතර පස්සෙ ගෙදර ඇවිල්ලා ගෙවෙන දෙවනි දවසේ පොත් මේසෙ මාව ඇදලා වගේ ලඟට ගත්තෙ ගියෙ කාලෙකට කලින් ගෙවපු ජීවිතේ මතකයත් එක්ක ටික වෙලාවක් හරි ජීවත් වෙන්න තිබුන ආසාව වෙන්න හරියටම දැනගෙන හිටපු ගානට." ...
දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ් විලක්කුව " මචං , දිනෙල්කයෝ................... " මහා බෙලෙක්ක කටහඩකින් මොකොක්ද එකෙක් කෑගහනවා කව්ද යකෝ මේ මහ රෑ ටින් බෙලෙක්ක එකට ගහන්නා වගේ මගේ නම කියල කෑගහන එකා . ඒ මදිවට පිටකොටුවේ. හ්ම් ..... ඔව් , මම හිට්යේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් තමයි . වෙනදට කොටුවේ ස්ටේශන් එක ලගින් බැස්සට අද ආව බස් එක එතන නවත්තන්නේ නැතුව දිගටම ගියා , දහ ...
Untitled Post විලක්කුව මම ලියපු දෙයක් නං නෙවෙයි ආයුබොවං , ඒත් දැක්කම නොදා බැරිවුනාඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා.ටික වෙලාවකින් සිහිය එනකොට මෙයාලා හිටියේ ගෝත්‍රිකයන්ගේ නායකයා ඉදිරියේ.මේ තුන් දෙනා දිහා බලාගෙන ...
පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!! විලක්කුව මම මෙච්චර දවසක් ලියපු ලිපිත් එක්ක සන්සන්දනය කරල බැලුවෙත් මේක හුගක්ම වෙනස් ලිපියක් වේවි . කැම්පස් යන අය මගෙත් එක්ක තරහ වෙන්න එපා මොකද මේ ලිපියේ දෙවනි කොටසේදී ඉන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන නම යොදාගන්න පිරිසක් මිසක් ඇත්තටම කැම්පස් යන පිරිසක් නෙවෙයි. දිනෙල්ක නොහොත් මට අළුතෙන් රස්සාවක් ලැබුන බව හැමෝම නැතත් ටික දෙනෙක් හරි දන්නව ඇතිනේ ( දන්නැති අය දැන ...
හුරතලියක් නොහොත් දඩ බූට් එකක් 01 විලක්කුව අමතක කරන්න ඔනේ ඒත් අමතක වෙන්නේ නැති විදිහේ දවස් තියෙන්නේ බොහෙම ටිකයි , ඒ වගේම බොහොම ටික දෙනෙකුට විතරයි .මේකත් ඒ වගේඇත්ත සිද්ධියක් ......***************************************************** එදා සැප්තැම්බර් හය වෙනිදා ,කොළඹ ළමා රෝහල ඉස්සරහම තියෙන හුඟාක් ප්‍රසිද්ද ආයතනයක එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක පටන් ගන්න පලවෙනි දවස.කොළඹ ජීවිතේ ගෙවන කෙල්ලෝ කොල්ලෝ හුඟ දෙනෙක් උසස්පෙල විභාගේ ඉවරඋන ගමන් කරන පලවෙනි කෝස් එක තමයි ඔය ...
අරගලය 01 විලක්කුව රඛිත හිටියේ ඇත්තටම බඩගින්නේය . යාබද අසුනේ සිටි තරුණිය වරකාපොලදී දුන් බඩ ඉරිගු කරලේ භාගයත් හුන්නස්ගිරියේදී බඩට වැටුනු ප්ලේන්ටියත් අතහැරිය විට අන්තිමට කෑම වේලක් කෑවේ පාන්දර අම්පාරෙන් බස් එකට නගින්නට පැය දෙකකට පමන පෙර නවෝදා හොටලයෙනි . ඒ නයිට් කඩයකි .ඒ කෑවේද එලවලු කෑම එකකි. මොකද්දෝ හේතුවක් නිසා පැය දෙක් යනකල්ම කොළඹ බස් තිබුනේ නැත.රඛිත හිටියේ බස් නැවතුමේ සිමෙන්ති ...
ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 02 විලක්කුව ***************************************************මේකට කලින් පලවෙනි කොටස කියවන්න බැරි වුන කට්ටිය ගිහිල්ලා එන්නකෝ .....ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 01***************************************************ෆිල්ම් එකේ හැටියට නං මහ එකා වැටුනට පස්සේ පොඩි පොඩි හෙන්චයියෝ සේරම වීරයා දිහා බලලා හුරේ රන් එක දෙන්න ඕනේ . ඒ වුනාට ඇත්ත ලෝකේ සෙල්ලම යන්නේ ඒ විදිහට නෙවෙයි කියන එක අද්දැකීමෙන්ම දන්න නිසාම . මහ එකා වැටීමේ ශොක් එක අනිත් උන්ගෙන් ...
Untitled Post විලක්කුව අතන මෙතන කොතන වුනත් හොදයි කියලා හිතෙන ගොඩක් තැන අතරෙ, අන්තියමේදි හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි, අපේ කියලා හිතෙන තැන. ගොඩක් ලොකු කාලයකට පස්සේ මං බ්ලොග් එකේ .ඒක සිද්ධ වෙන්නේ අර මම කලින් කියපු විදිහට , හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි තමන්ගේ කියලා දැනෙන තැන.බ්ලොග් ලෝකෙට මං ආපු නැති පහුගිය අවුරුදු 03කට වැඩි කාලෙ ඇතුලෙදි මේක මොන ...
මරණය 01 විලක්කුව ''සර් මේ දැන් කෝල් එකක් ආවා වජිරාරාම පාරෙ අඵතින් පදිංචියට ආපු කට්ටියක් ඉන්න ගෙදරකින් පුදුම විදිහේ කුණු ගඳක් එනවා කියලා. දවස් දෙකක් විතර තිස්සේ දොරවල් ජනෙල් වහලලු . කවුරුත් ඉන්න බවක්පේන්නෙත් නෑලු ,අද දවල් ඉදන් ගඳ ඉවසන්න බැරි තරම් වැඩී කියලා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා කියන්නේ.''මහ පාන්දර පටන් අරන් පැය දොලහක විතර ඩියුටිය ඉවර වෙන්න තව පැය දෙකක් විතරක් ...
මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පලයං ..................... විලක්කුව ආදරණීය ගුරුතුමනි ,මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි.බොහෝ මිනිසුන් විසින් නොදුටු,නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි.උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු.........දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු,පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...උපාධිදාරින් විසින් ගැහැණුන් හා ළමයින් මරා පුලුස්සන අයුරු.....මට අධ්‍යාපනය ගැන ඇත්තෙ සැකයකි.මාගේ ඉල්ලීම, ගුරුවරුන් විසින් කියාදිය යුත්තෙ සිසුන්ටමානව දයොවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි ....ඔබේ උත්සාහය අවසානයේ ලොවට ...
හිගනකම විලක්කුව ජීවිතේ මහ පුදුම දෙයක් බං . වෙලවෙකට සුන්දරයි කියල හිතෙනව තමයි ඒත් මටනම් වැඩි පරම හිතෙන්නේ මහා කාළකන්නී කියල. ඒ මම ජීවිතේ දකින හැටිද නැත්තං ජීවත් වෙන හැටි නිසාද කියන එක මේ අවුරුදු 21ටම තේරුනේ නෑ .කැමති විදිහටම හැමදේම වෙන්නේ නෑ තමයි , ඒත් කැමත් විදියට කිසිම දෙයක් නොවුනහම දැනෙන්නේ කොහොමද කියල මම උඹලට අමුතුවෙන් කියල ාදන්න ඕන නෑනේ . ...
18 + ද මන්ද ......... විලක්කුව ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු ...
තොවිලය 02 ( හොර පොල් කැඩීම..... ) විලක්කුව ඔන්න ඉතිං මම ආපහු ආවා නිකම්ම නෙවෙයි, තොවිලයේ දෙවනි කොටසත් අරගෙන. කළිං කොටසෙ මම කිව්වනේ කොහොමද තොවිලෙ පටං ගත්තෙ කියල අද බලන්නකෝ කොහොමද තොවිලෙ ගියෙ කියල ,( මේකේ පලවෙනි කොටස කියවන්නෙ නැතිව නම් දෙවනි කොටස කියවන්න එපා කරකවලා අතඇරිය වගේ තියෙයි. තොවිලය 01 ( ආවඩන්නට පෙර.......)ඔන්න තියෙනව පලවෙනි කොටස කියවලාම එන්නකෝ .......)ඔං දෙවනි කොටස පටං ගන්නව ඈ,.................................................................................................සමාධි අක්කට ගහපු යකාට ...
තොවිලය 01 ( ආවඩන්නට පෙර............. ) විලක්කුව "අප්පේ ......... ඇති යන්තං දැං ඉතිං ටික කාළයක් නිදහසේ ඉන්න පුළුවං........." ඉස්කෝලෙ යන කාලේ වාර අවසාන විභාග එහෙම තියල නිවාඩු දෙන දවස ආවහම මට නම් හැමදාම හිතෙන්නෙ ඔහොමයි . 11 වසරට ආව කියල එහෙම හිතන එක වෙනස් වුනේ නෑ , ඔව් ඔව් මම කියන්න යන්නේ ඕ ලෙවෙල් කරන කාලේ අවුරුදු නිවාඩුවේදි වුන දෙයක් තමයි. මේ සිද්දිය වෙලා අවුරැදු 4ක් විතර ...
සුදු රෝස පොහොට්ටුව .................... විලක්කුව දෑස පින්බරයි මගෙ.........ඔබේ රුව දකින්නට සමරු පොත ඉඩ මදිය.......... ඔබෙ සුවද පවසන්න සොදුරු ඔය රුව සුවද මගෙම කරගන්න........ මම!!!! පින් කරල මදිවාද! කදුලක්ම ලබන්න. ඉරි තැළුනු කතර බිම..... සනසවයි වලාගැබ දුක පිරුන මගෙ නෙතට........සිහිලසයි සොදුරැ නුඹ නිල් මැණික් තරු යුගල........ මගෙම කර සිඹින්නට සුදු රෝස පොහොට්ටුව........... මගෙ පපුවෙ සතපන්න ලා රෝස පෙති යුගල........ මගෙ නලල මත දුවන මම දකින ඒ ...
බස් නැවතුම සහ මම විලක්කුව හා හාපුරා කියල බ්ලොග් එකක් පටන් ගන්නව කියල මගේ පළවෙනි පොස්ටුව කොටල අදට දවස් 5යි. ඉතිං ඒක බලපු ,නොබලපු හැමෝටමයි,, විශේෂයෙන්ම මගේ පලවෙනි පොස්ට් එකට ,මුලින්ම කමෙන්ට් කරපු අභීත අයියටයි නිෂ් , අඩවි රජ දෙන්නටත් ස්තූති කරන ගමන්ම දෙවැනි එක පටං ගන්නයි යන්නෙ ඔං ----------------------------------------------------------------------------------------------------------------------------------කස්ටියටම ටිකක් විතර හිනා වෙන්න පුලුවං කථාවකින් වැඩ විලක්කුව පත්තු කරන්න ඕනෙ කියල හිතාගෙන ඉන්නකොට අද ...
ජයසක් මැද විලක්කුව දල්වන්නට අවසර !!!!!!!!! විලක්කුව එකතු වෙලා ඉන්න, එකතු වෙන්න ඉන්න හැමෝටම ආයුබෝවන් !!!!ඔන්න ඉතිං බ්ලොග් අවකාසෙට අළුතින්ම එකතුවෙන අන්ත අසරන වෙච්ච ,අහිංසක ( ඒක නම් ශුවර් නෑ ) අමුතු පිස්සු කොල්ලෙක් ලියන, ජීවත් වුන අව්රැදු 20 පුරාවටම මුහුණ දෙන්න වෙච්ච අහන්න දකින්න හම්බවුන හැමදේම ((ටිකක් විතර තුනපහ දාලා .......හිකිස්.......)) ලියවෙන තැනක් වේවි විලක්කුව .හිතට පොඩි අමුත්තකුත් දැනෙනවා ,, මගෙ හිතේ මේක මං හා ...
------බඩගින්න------ විලක්කුව නුවර පාරේ ඉඳන් කිලෝමීටර දෙකක් ඇතුලට ගිහාම අන්ත දුශ්කරයි . ඉන්නේ එදා වේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු , බොහොම අව්‍යාජ ජීවිත මේ කරන රස්සාවට ආවේ නැත්තං මෙතනට අහිංසකයි කියන වචනෙත් දාන්න තිබුනා .වෙන කොහොවත් නෙවෙයි මේ කෑගල්ල.වැස්ස කාලෙට ගලන මහා වතුර පාරට සබරගමු කඳු පල්ලෙහාට හේදිලා යන නිසාවෙන්න ඇති ඒ ජීවිත වල තියන කර්කශක බව වත් පුරුද්දක් විදිහට විඳන ...