තාරකාවන්ට දේශපාලනය අකැපද? රස්තියාදු කාරයා අද 2013 මැයි 25 වනදා, ලක්බිමෙහි අනුර හොරේෂස් පසුගිය ඉරිදා ලක්බිමෙහි ජැක්සන් ඇන්තනී කලාකරුවා හා සමග කළ සම්මුඛ සාකච්ඡාවකට විවේචනයක් පළ කර තිබී එය කියවූයෙමි.http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=10328:2013-05-25-06-32-10&catid=49:2012-05-03-09-20-11&Itemid=96ඉහත ඉන්තර්ජාල සම්බන්ධය පාවිච්චි කිරීමෙන් එම ලිපිය කියවිය හැක.ජැක්සන් ඇන්තනීගෙන්, සාකච්ඡාව මෙහෙයවූ ලේඛකයා අහන්නෙ, ඔබ ආණ්ඩුවට කඩේ යනවාද වැනි අරුත් දෙන ප්රශ්නයකි. ජැකා කියපු දේවල් සහ ඔහු සාධාරණය කරන්ඩ හදපු හේතු මේ
ජී. බී. ට තිබුණේ දැනුමෙන් සන්නද්ධ වුණු බර අතක් රස්තියාදු කාරයා ජී. බී. ට තිබුණේ දැනුමෙන් සන්නද්ධ වුණු බර අතක්සෝමවීර සේනානායකහුදකලා ලේඛකයෙකු වූ ජී.බී. සේනානායකයන් සමීප ව ඇසුරු කිරීමේ වාසනාව ලත් සෝමවීර සේනානායක ලේක්හවුස් ආයතනයෙන් සිය වෘත්තිය ජීවිතය ඇරඹූ සාහිත්‍යධරයෙකි. “නවයුගය” ඇතුළු පුවත්පත් රාශියක ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ ඔහු දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකි. “මවකගේ ගීතය” “යශෝරාවය” “මැණික් නදිය ගලා බසී” “බලදේවගේ ලෝකය” ඇතුළු නවකතා විශාල ප්‍රමාණයක් රචනා ...
ශස්ත්‍ර හා ශාස්ත්‍ර රස්තියාදු කාරයා දැන් අසූ නවවන වියේ අගහරියේ සිටිමින් ලේඛන කාර්යයන්හි යෙදෙන විට මීට අදාළ ශ්ලෝකයක් මතක් වෙයි. එයින් කියැවෙන අර්ථය අශ්වානීය වුවත් එහි යම් තරමක වරදක් ද ඇතැයි යන අත්දැකුමක් මට ලැබෙමින් තිබේ. මෙයට යොමු වෙමු. “විද්‍යා ශස්ත්රං ච, ශාස්ත්‍රං චද්වේ විද්යේ ප්රතිපද්යතේවිද්යා හශ්යාය වෘද්ධත්වේද්වේ විද්යේ ප්රතිපද්යතේ” මෙහි ‘ශස්ත්‍ර’ යන්නෙන් ගැනෙන්නේ කර්මාන්තයනට යොදා ගැනෙන ආයුධ ය. අතීත කාලයේ හැටියට ‘කියත’ ‘නියන’ ‘මිටිය’ ...
ලංකාවේ අපරාධ සුනාමියක්?!?! රස්තියාදු කාරයා පසු ගිය දින කිහිපයේම අසන්නට ලැබුනේ, හිත කීරි ගැහෙන ප්රවෘත්තීන්ය. තංගල්ලේ පළාත් පාලන මංතිරියෙක් පොඩි ගෑණු ළමයෙක් රවටගෙන හෝටලේකට ගෙන ගොස් බලහත්කාරකමක් කරලාය. අකුරැස්සේ ප්‍රාදේශීය සභාපතියා අවුරුදු 14ක ළමයෙකුව දූෂණය කරලාය. ඊටත් කළින්, නාරාහෙන්පිට පැත්තේ කුඩා දැරියකට අතවර කොට මරා දමා තිබුණේ, තාම කටේ කිරි සුවඳවත් නොගිය ගැටව් තිදෙනෙකි. තව පුවතකින් කියවුනේ, මීට වසර කීපයකට කළින් කුඩා දැරියක් දූෂණය කළ ...
සිංහල සිනමාවේ ආරම්භය රස්තියාදු කාරයා සිරිලක පළමුවැනි චිත්රපටයපහුගිය ඉරිදා ලක්බිමෙහි සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි විජය කුවේණි චිත්‍රපටය පිළිබඳව විචාරයක් ලියා තිබුණා. එකී චිත්‍රපටය නැරඹීමට මට අවස්ථාවක් ලැබී නැති නිසාත්, චිත්‍රපට විචාර ලිවීමට තරම් දැනුමක් මට ඒ සම්බන්ධව නැති නිසාත්, මම එම චිත්‍රපටය ගැන කතා නොකරමි.තිස්ස නම් එය හොඳයි කියා කියා තිබුණි. චිත්‍රපට විචාරකයින් වන ගුණසිරි සිල්වා හෝ ගාමිණි වේරගම යමක් කිව්වොත්, යම් තරමකට හෝ ...
රස්තියාදු කාර සිතිවිලි රස්තියාදු කාරයා බ්ලොග් අඩවියක් නඩත්තු කරන්ඩ හිතුවෙ, රටේ ලෝකේ අහන දකින දේවල් පිළිබඳව මගේ හිතේ ඇතිවෙන ප්‍රතිචාර සටහන් කරල තියල, අනාගතේදි විවේකී සුවයෙන් ඉන්න කොට අතීතයේ සිදුවීම් මෙනෙහි කරන්ඩත් එක්ක. දිනපොත් ලියල පුරුද්දක් නෑ. ලියුවත් ඒවා අතිශය පෞද්ගලික සටහන් වෙනවනෙ. එක එක කාරණා ගැන මම හිතන විදිහ සයිබර් අවකාශයේ එළි දැක්වීමෙන්, අවශ්‍ය නම් පිටස්තරයෙකුට වුවත් කියවන්ඩ ඇහැකිනෙ. එහෙම කියවල තම තමන්ගෙ ප්‍රතිචාර ...