නිලූක - කාට නැතත් උඹ අපට ආඩම්බරයක් අයියේ..!!! සඳ නැති සඳ ලංකාවේ අපිට සතුටු වෙන්න කියල අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද..?? මොනවත් නෑ.අපිට මොනාද කියන්න පුළුවන් අපේ රට ගැන,අපේ රටේ අධ්‍යාපනය සුපිරි කියන්නද?අපේ රටේ නීතිය හැමෝටම සමව ක්‍රියාත්මක වෙනවා කියල කියන්නද? අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා කියලා කියන්නද? අපේ රටේ තරුණියන්ට විතරක් නෙවේ තරුණයෙක්ටවත් ආරක්ෂාවක් ඇතුව පාරක බැහැලා යන්න පුළුවන් කියලා කියන්න පුලුවන්ද? බෑ..එදා වගේ තවමත් අපි අර රජතුමා ...
තම්බිලා වෙත ආදරයෙනි...!! සඳ නැති සඳ උඹලාගෙන් බහුතරයක් කතා කරන්නේ දෙමළ.ඒත් උඹලා ප්රභාකරන් වගේ දෙමළ කතා කරන උන් ට වෙනම රටක් ඉල්ලුවේ නෑ.ඒ වෙනුවෙන් යුද්ධ කරන්න ගියෙත් නෑ.කොටින්ම උඹලා ප්රභාකරන් ට කිසිම සහයෝගයක් දුන්නේ නෑ.ඒ නිසා උඹලට උතුරු පලාතෙන් යන්න වුනා.උඹලගේ මිනිස්සු ගණනාවකගේ ජීවිත නැති වෙනවා බලාගෙන ඉන්න වුනා.ඒත් ත්රස්තවාදයට සහයෝගයක් උඹලා දුන්නේ නෑ.ඒ වෙනුවට තුවාන් නිසාම් මුතාලිෆ් වගේ "හම්බයෝ" ත්රස්තවාදීන්ට විරුද්ධව සටන් කරලා ජීවිත පූජා ...
තාත්තේ..මම හැමදාම ආදරෙයි....!!! සඳ නැති සඳ තාත්තා ගැන කීමට බොහෝ දේ ඇතත් ඒ සියල්ල අකුරු කිරීමට මට හැකියාවක් නොමැත.ඒ බොහෝ දේ ඇත්තේ හදවතේ තැන්පත් වූ හැඟීමක් ලෙසින් වන නිසා ය.මා සාමාන්‍ය පෙළ විභාගය ලියන තෙක්ම අප ජීවත් වූවේ ආණමඩුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ය.විදුලිය ජල පහසුකම් කිසිවක් එහි නොවී ය.හැමදාම හවසට කලගෙඩි දෙකක් පාපැදියේ තබා ගන්නා තාත්තා කිලෝමීටරයක් දෙකක් පමණ දුර ගෙවා ගමේ නල ලිඳ කරා ගොස් ...
එන්න..අපි ඇය දෙසත් බලමු..!! සඳ නැති සඳ ජිවිතේ අපි හැමෝටම ලස්සන හීන තියනවා.... තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් අය වෙනුවෙන් කරන දේවල් විතරමයි...ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි..අන්තර්ජාලය කියනකොට අපිට ඉස්සර වෙලාම මතක් වෙන තැනක් වෙන්නේ මුණු පොත.... සයිබරයේ යාළුවො ගොඩක් ...
ප්‍රේමය ම ආත්මය කොට ගත් ඇය හෙවත් මගේ අම්මා.. සඳ නැති සඳ එදවස,සීතලම සීතල දෙසැම්බරයේ දර සොයාගන්නත් අපහසු කාලයකවිදුලිය නොතිබූ කුස්සියේ ලිප මත වතුර මුට්ටියක් තබා උණු කොටමාරුවෙන් මාරුවට, අයියාත්,තාත්තාත්,මාත් උණු දියෙන් නහවා ඊට පසුහීත ජලයෙන් ගත දොවාගැහි ගැහි ගෙට ආමහාමායා ඇය..අලුත් අවුරුදු සමයේඇඳුම් ගන්නට සාප්පු ගානේ යන කලඅපට ගැලපෙන ඇඳුම් පමණක්තෝර තෝරා මිලදී ගන්නාකොයි තරම් ඇවිටිලි කලත්තමන්ට කියා එකදු ඇඳුමක් නොගන්නාසිරි කතම වෙයි ඇය..මා 10 වසරේ උගනිමින් ඉන්නා විටතාත්තා ද අසනීපව ...
උඹ නැතිව මම...... සඳ නැති සඳ ~වර්තමානය~" උඹ මගේ හොඳම යාලුවා වෙලත් ඇයි..ඇයි බං මට මෙහෙම කලේ..??මම හිතුවේ ඒකි මහා පාරේ දෙනෝ දාහක් සෙනඟ මැද මට කෑගහයි කියල.නෑ..ඒ කටහඬේ තිබුනේ තරහක් නෙවේ මහා දුකක්.අපි ගොඩක් විශ්වාස කරන කෙනෙක් අපිට ද්‍රෝහී වෙලා කියල දැන ගත්තම අපිට ඇති වෙන හැඟීම මොකක්ද..??අන්න ඒ දේ ඒකිගේ කටහඬේ විතරක් නෙවේ මූණෙත් අඩුවක් නැතිවම තැවරිලා."මං..මං.."මම මොනා කියන්නද..?? කොහොමත් මම වැරදිකාරයෙක්.නිදහසට කරුණු කියන්න ...
සුද්ද සිංහල - කුණුහරුපයක් හෙම නොවේ.. සඳ නැති සඳ මම මේක දැක්කේ මූණු පොතේ සැරිසරනකොට..ඒ වෙලාවේ මට හිතුනා මේක බ්ලොග් එකේ දාලා ඔයාලටත් කියවන්න දෙන්න ඕනි කියලා.බලාගෙන යනකොට සුද්ද සිංහල කියන දේ අපි තේරුම් අරන් තියෙන්නේ වැරදි විදිහටනේ නේද...??එහෙනම් ඔන්න කියවන්නකෝ.තේරුම තියනවා පහල..ඇත්තෝ කති බොති සුකතිනැත්තෝ සුත්ත පිට පෙරලා බලති.එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය |||||||||||||||||||||ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.එම නිසා නියම ...
උඹට පිස්සු ජෙයපාලන්. සඳ නැති සඳ අනේ මන්දා ජෙයපාලන්ඇත්තටම උඹට පිස්සු ද ගිය තැනක ගිය විදිහට ඉන්නේ නැතුවඅහවල් රෙද්දකට මෙහෙට ආවද..??මැරුණ උන් මැරුණාඅම්ම වුනත් තාත්ත වුනත් කවුරු වුනත්මැරුණ උන් මැරිලා ඉවරයි.උඹ සොහොන ලඟට ගියා කියලමොකද උන් ආපහු නැගිටිනවද..??අපිට මේ පිටරටකටපැනගන්න බැරුව ඉන්නවාඋඹ පිටරටක ඉඳලත්ආපහු එනවා.අනේ මන්දා බංඋඹට මොලේ අමාරුවක් එහෙම තියෙනවද?ගිලෙන්න ආවමනැවක ඉන්න මීයොත් පනිනවා මුහුදටඑහෙව් එකේගොඩබිමක ඉඳලාගිලෙන නැවක් ඇතුලට එන එකාටපිස්සෙක් නොකිය වෙන මොනවා කියන්නද ...
කෙල්ලෙක් ගේ වටිනාම දේ මොකක්ද...?? සඳ නැති සඳ ඒ මාර ප්‍රශ්නයක්..ගෑල් ළමයෙක් ඉපදුන දා ඉඳං ම පරිස්සම් කරන්නේ මොකෝ..??ඒකි පිරිමි ළමයෙක් ට වඩා දුර්වල නිසා ද..??නැත්නම් පිරිමි ළමයිට තරම් උන් ට මොලේ නැද්ද..??ඇත්තටම මොකෝ..??නෑ ඕයි..ඒ මොන බොරු කතා දඒ මොකක්වත් නිසා නෙවේ.උන් ට තියෙනවලු නේද අර කන්‍යා පටලේ ද මොකක්ද එකක්..??ඒකලු උන්ට තියෙන වටිනාම දේ.අර ආත්මීය නවකතා වලත් තියෙන්නේ"මම මගේ වටිනාම දේ එයාට දුන්න" කියල.බැරි වෙලා හරි ඕක ...
සරසවි කුරුටු ගී සඳ නැති සඳ මට මතකයි අදට හරියටම අවුරුද්දකුයි මාස පහකුයි දවස දෙකකට කලින්,ඒ කියන්නේ 2011 ජුනි 22 වෙනිදා මම මූණු පොතේ මේ විදිහට සටහනක් ටයිප් කළා."J'pura..my sweet dream..I got my letter today...:))"එදා තමයි අවුරුදු දෙකක මහන්සිය ඵල දරලා මම තේරෙන කාලේ ඉඳං දැක්ක හීනේ හැබෑ වුනා කියන සුබ පණිවිඩේ ගත්ත ලියුම ආවේ.සරසවි වරම් ලබා ගැනීම බහුතරයක් පාසල් සිසුන්ගේ හීනයක්............අපේ රටේ සරසවි අතරින් ජ'පුර ...
බණ්ඩේ මාමා ගේ ගොන්දු මාමාගේ අපා සවාරිය... 1 සඳ නැති සඳ ඉතින් අවසානයේ සුදු බණ්ඩේ මාමා මළේය.සමහරක් නොසන්ඩාල කැම්පස් කොල්ලන් කෙල්ලන්,උසස් පෙළ ලියූ කොල්ලන් කෙල්ලන් හා උන්ගේ දෙමාපියන් කියන විදිහට නම් සුදු බණ්ඩේ ට වැදුනේ උන්දලාගේ සාපයන් ය.එහෙත් එය පට්ටපල් බොරුවක් බව මහරාළ විසින් මරණය සිදුවූ විගස පත් කල පංච පුද්ගල කමිටු වාර්තාව මඟින් අනාවරණය විය.සිදු වී ඇත්තේ අන් කිසිවක් නොව සරසවි ආචාර්ය වරුන්ගේ අරගලය නිසා සමස්ථ සරසවි ශිෂ්‍ය ප්‍රජාවට සිදුවන ...
ටෙම්පල් ට්‍රී චැට් සඳ නැති සඳ "මේ ඔයා නිදි ද..??"ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපතිතුමාගෙන් ඇසුවා ය.එතුමාගෙන් පිළිතුරක් නොමැති තැන හැරී බැලූ ඇයට දකින්නට ලැබුනේ යහනේ අනිත් පසට හැරී කොට්ටයක් ද තුරුළු කරගෙන සුවසේ නිදන ජනාධිපතිතුමා ය. "මේ මනුස්සයෝ නැගිටිනවා.."ඔලුවට නැඟ ආ කේන්තිය වාවාගත නොහැකි වූ තැන ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපති තුමාගේ දෙවුරින් අල්ලා හොලවන්නට පටන් ගත්තා ය."ඇයි ඇයි..මොකද වුනේ..? හොරු ඇවිල්ලද..?"ජනාධිපතිතුමා නිදිගැට කඩන්නට පටන් ගත්තේ ය.රාජපක්ෂ මැතිණිය ...
ECP - හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්නේ කෙසේද...?? සඳ නැති සඳ සාමාන්‍ය දැනීම කියලා අපි හිතාගෙන ඉන්නේ මොන වගේ දේවල් ගැනද?ලෝකේ ලොකුම කන්ද,ලෝකේ ලොකුම රට,ලෝකේ ලොකුම දිය ඇල්ල...??ඔව්,මේවත් සාමාන්‍ය දැනීම තමයි.මේවත් දැනගෙන ඉන්න ඕනි.ඒත් අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් අපි දැනගතයුතුම දේවල් වලින් අපි දන්නේ කොච්චර ප්‍රමාණයක්ද...??මම අද කියන්නේ යන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන.කලින් දාපු තැලසීමියා පෝස්ට් එක වගේම මේ පෝස්ට් එක ලියන්නත් මම කරුණු හොයාගත්තේ හිමන්ෂි උත්පලා හේමචන්ද්‍ර අක්කාගෙන්.ඉතින් අක්කට ...
ප්රභාකරන් අයියා වෙතටයි.. සඳ නැති සඳ සෙත් වේවා..!!ඉතින් අයියේ,අයියාගේ සැප දුක් කෙසේද..?? අයියා කොහේ හිටියත් මෙහේ වෙන ඒවා පෙනෙනවා නම් මෙහේ හිටියාට වඩා සතුටින් ඉන්නවා ඇතැයි අපිට සිතෙන්නේ ය.අපිට මේ දවස්වල අයියාව නිතර දෙවේලේ මතක් වෙනවා ය.තකහනියේ ලිපියක් ලියන්නට හිතුනේ එබැවින් ය.අයියා අර කොහේවත් නැති මාවිල් ආරුවක් වසා දමා ඉල්ලන් කෑවේ බොරුවට ය.තව ටිකක් දවස් ඉවසන් හිටියානම් සිංහල අයගේ ද සහාය ඇතුවම අයියාට ඊලම ද මොකක්ද ...
විකුණුන කඳුළු කැට හෙවත් අහිංසකයන්ගේ ආරාමය සඳ නැති සඳ " සූරියකන්ද ගම,විමලාවතී නම,අවුරුදු හතළිහයි,ගොවිතැන රැකියාවයි,පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..කපලා කෙස් කොටට හිස පීරා වමටඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..දන්නා කියන හතුරෙක් නම් නෑ අපටසන්නාසියෙක් අල්ලාගෙන ගියාවදවැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේසොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..තොරතුරු අසන්නට ගිය මුත් පාසලටගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියාඅහලා බලන්නේ ...
අද කාලේ ඉගෙන ගත්තේ නැතුවට හොඳ job එකක් කරන්න බැරි කමක් නෑ.... සඳ නැති සඳ ලොකු දුව පාසල් ඇරී ගෙදර ආවා ය.වෙනදා මෙන් නොව අද නම් ඇගේ හැසිරීම නම් ටිකක් අමුතු බව මට නිකමට වගේ සිතුනි.ආ වෙලේ පටන් එහාට මෙහාට ඇවිදිනවා ය.එක එක තැන් වලට වී බරටම කල්පනා කරනවා ය.කන්නාඩිය ඉස්සරහට වී ශරීරය දෙස බලාගත් වනම බලා සිටිනවා ය.උදෑසන "අඹ සෙවණේ" යොවුන් දියණිවරුන් සිටින මව් වරුන්ට දුන් උපදෙස් සිහිපත් කරගත් මම ඇය අසලට ගොස් ආදරයෙන් ...
බණ්ඩේ මාමා ගේ හා ගොන්දු මාමා ගේ අපා සවාරිය - 2 සඳ නැති සඳ මෙතෙක් කතාව :සුදු බණ්ඩා මාමා එක පාරට අපාගස්ථ වෙයි.ඒ සෝකය දරා ගැනීමට නොහැකි වූ ගොන්දු මාමා ද එම චිතකයටම පැන දැවී අළුවී යයි.අනතුරුව අපායට සම්ප්‍රාප්ත වන මේ දෙපල අභියෝගතා පරීක්ෂණයකට ලිවීමෙන් අනතුරුව ඊළඟ දඬුවමට මුහුණ දීමට සූදානම් වෙයි.කෙටි කතාව එහෙම ය.සම්පූර්ණ කතාව මෙහෙම ය.එතැන් සිට..."කෝ මේ ජයා..මී ජයෝ මේකලා දෙන්නව අරන් ගිහින් අර වංකගිරියට අතහැර එනු..""යහපති යමරජ තුමනි""දැන් තොපි දෙන්නම ...
වැලිඔයට ආ නංගිලා. සඳ නැති සඳ ගෑනු ළමයි, පොඩි දේත් මහා ලොකුවට හිතට ගන්න.පොඩි දේටත් ඇස් වල කඳුළු පුරවගන්න (පිරිමි ළමයි කියන හැටියට නම් හැම එකටම ටැප් එක ඇර ගන්න) හැකරැල්ලෙක් වගේ පොඩි සතෙක් කකුල් දෙක ළඟ දැක්කොත් මහා හයියෙන් කෑ ගහන,පොඩි සද්දයකටත් ලොකුවට බය වෙන ජාතියක්.සමහරු නම් කෙල්ලොන්ගේ හරි ඇඩ් එක කියල කියන්නෙත් එක නේ.එහෙව් කෙල්ලෝ තුවක්කු අතේ තියාගෙන අනිත්ගෑනු ළමයි ලස්සනට හදාගන්න උත්සහ කරන ...
සැකයි මට ඔබෙ කුමරි බඹසර. සඳ නැති සඳ සින්දු අහන්න ඉතින් අපි කවුරු කවුරුත් කැමතියිනේ.එක එක්කෙනා කැමති එක එක ජාතියේ සින්දු වලට.හැබැයි ප්‍රමුදි නම් වැඩිපුර කැමති අහලා ඉවරවුනාට පස්සේ හිතන්න යමක් ඉතුරු කරන සින්දු වලට මේ කියන්න යන සින්දුවත් ඒ වගේ සින්දුවක්.දවසක් මහ පාන්දර දෙකට විතර පාඩම් කරලා කම්මැලි හිතුන වෙලාවක අමරසිරි පීරිස් සර් ගේ සින්දු හොය හොයා යූ ටියුබ් එක පීරනකොට අහම්බෙන් වගේ තමා මේ සින්දුව දැක්කේ.මේ ...
පෙම්බර අර්ජුන මාමියා වෙතටයි..!! සඳ නැති සඳ බලාගෙන යනකොට මාමියා තරම් සිරා පොරක් ලොවෙත් නැත්තේ ය.ලොවි ගහෙත් නැත්තේ ය.මේ රටේ සිටින මුදලට නොවිකුනුණ එකම ක්‍රීඩකයා වන්නේ මාමියා ය.ඒ කාලේ අද තරම් මාමිලාට පෙනී සිටින්නට ඇඩ් නොතිබුන එකත් දැන් මේ ඇඩ් නැගලා යන කාලයේ මාමියා ක්‍රීඩා නොකිරීමත් නම් වෙනම කතාවල් දෙකක් ය.එහෙම නොවුනානම් ඉතින් අනේ මන්දා ය.ඒ කෙසේ වෙතත් 96 මාමියා ඇතුළු කණ්ඩායම බොක්කෙන් ම සෙල්ලම් කළෝ ය.ඒ ...