රාවණා රජතුමාගේ යගදාව හෙට රාත්‍රියේ ආකාසයේ දිස්වෙන වගයි! උපසේන ලියනගේ ශ්‍රී රාවණා අධිරාජ්‍යයා තම නිද්‍රාවෙන් අවදි වි මුළු ලොවම සසල කර හෙළදිවේ මහ රජු බවට පත් වන 2012/12/12 දිනට ඇත්තේ තවත් සුළු කාලයකි. ඒ ගැන මිරැන්ඩෝ ඔබේසේකර මහතා පැහැදිළි කරමින් ලියූ ලිපිය මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ පළකළෙමු.මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් ...
බිළාල මන්ත්‍රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබාගන්න හැටි. උපසේන ලියනගේ මේ දිනවල විදුලිය විසන්ධි කිරීම නිසා සමහර අයට රාත්‍රියේ කළුවරේ ඉන්න වෙනව ඇති. විශේෂයෙන්ම උසස් පෙළට පාඩම් කරන ශිෂ්‍යාවන්ට සිදුවී ඇති අපහසුතාවය අළුතෙන් කියන්න ඕනැ නෑනෙ. එනිසා මා අද කල්පනා කළා රාත්‍රී කාලයේ ආළෝකය ලබා ගැනීම සඳහා රාවණා රජතුමා විසින් නිර්මාණය කරන ලද ඉපැරණි හෙළ ක්‍රමවේදයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා ඔබ හමුවේ තැබීමට. කෙටියෙන් කියනවනම් මන්තරයක් භාවිතා කරලා නිවසේ සිටින ...
නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි උපසේන ලියනගේ ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි ...
රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි. උපසේන ලියනගේ සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ ...
T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි උපසේන ලියනගේ පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වෙද්දී ශෝකයට පත් බොහෝ සිංහලයින්ගේ නෙතගින් සට සට ගා කඳුළු කැට රූරා වැටෙද්දී, සැබෑ හෙළයෙක් වන මාගේ නෙතගින් සතුටු කඳුළක් ගලා යාම අපේ ගෙදර ඇත්තන්ට නම් අරුමයක් වුණේ නෑ. එයට හේතුවනම්, බොහෝ අය නොදන්නවා වුණාට T20 තරගාවලියේ ජය හිමි වූයේ හෙළයින්ට බව මා දැනගෙන සිටපු නිසයි. මේ මොන අප්‍රබංශයක්ද කියල ...
රාවනා රජතුමාගේ "පිසිනතල" හමුවෙයි. පිස්තෝලය මුලින්ම සොයාගත්තේ හෙළයින්! උපසේන ලියනගේ මීට දින කිහිපයකට පෙර නිල්ගල වනාන්තරය මධ්‍යයේදී කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් රාවනා රජතුමාට අයත් යැයි විශ්වාස කරන පිස්තෝල 2 ක් හමුවී තිබේ. එම කැණීම භාර පුරාවිද්‍යා නිලධාරි තුමා මාගේ මිත්‍රයෙක් බැවින් එය නැරඹීමට මා හටත් ඉතාමත් රහසිගතව අවස්ථාව සලසා දුණි. නමුත් ඔවුන්ගේ ආරක්ෂක සීමාවන් නිසා මා හට කැමරාවක් තියා ජංගම තෙලබනුවවත් රැගෙන යාමට නොහැකි විය.අදාල කැණීම කර ඇත්තේ පොළොව යටට ...
පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකොටුවකි උපසේන ලියනගේ වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.ඒ 1998 හි මුල් භාගයයි. හිටි ගමන්ම පෙන්ටගනයේ පොළොව යටම තට්ටුවේ ...
9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය. උපසේන ලියනගේ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව විසින් අල් කයීඩාවටත්, වෙනත් පාර්ශවයන් විසින් ඇමරිකානු CIA සංවිධානයටත් චෝදනා එල්ල කරගන්නා බව පසුගිය දශකය පුරාම දක්නට ලැබුණි. නමුත් සත්‍යය එය නොවේ.ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තම අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති භාවනායෝගී තාපසවරයෙක් විසින් දුරකථන ඇමතුමක් හරහා වර්ගපූර්ණිකාව බ්ලොගය වෙත පසුගියදා දැනුම්දුන්නේ එය මහා රාවන අධිරාජ්‍යයා ...
රුවන්වැලිසෑ තාරකා දොරටුවෙන් හෙළි වන කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා උපසේන ලියනගේ "තාරකා දොරටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා" නමින් වර්ගපූර්ණිකාව බ්ල්ග් එකේ මීට පෙර පළවූ ලිපියෙන් තාරකා දොරටු යනු මොනාවාද යන්නත්, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනත්, ලෝකයේ මෙතෙක් හමු වූ තාරකා දොරටු පිළිබඳවත්, ඉසුරුමුණියේ ඇති තාරකා දොරටුව ක්‍රියාත්මක කරන ආකාරයත් ඔබ හමුවේ තැබුවෙමි. ඔබට එම ලිපිය කියවීමට නොහැකි වූවානම් මෙය කියවීමට පෙර එම කෙටි ලිපිය කියවා බැලීමෙන් මෙය කියවාගෙන යාමේදී ඇතිවන පැටලිලි ...
NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි. උපසේන ලියනගේ චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි.රාවණ රජතුමාගේ සමයේ, හෙළයේ යටත් විජිත වල ජීවත් වූ ජනපදිකයින්, උදෑසන නැගිට මුව දොවා ...
රාවණ තාක්ෂණයට අනුව ලේසර් කිරණ අවියක් නිවසේදීම තනාගන්න හැටි. උපසේන ලියනගේ හෙළ ඉතිහාසය වැනුම හැරුන විට වෙනත් යමක් නොකරන්නේ ඇයිදැයි බොහෝ සහෘදයින් විමසූ නිසා ඔන්න අද වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් අලුත් වැඩකට අත ගැහුව. ඒ තමයි රාවණ රජතුමගේ හෙළ තාක්ෂණය ඔබට නිවසේදීම අත්හදා බැලීමට අවස්ථාව ලබා දීම. එමගින් මීට අවුරුදු දස දහස් ගණනකට පෙර හෙළයින්ට තිබූ අතීත තාක්ෂණය සියැසින් දැක එමගින් ඇතිවන චිත්ත ප්‍රීතියෙන් සියොළඟ මවිල් කෙලින් කරවාගෙන ආඩම්බර වීමට ඔබට හැකි ...
බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!! උපසේන ලියනගේ මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.මෙම පොතේ 83 වැනි පිටුවෙන් ෆොටෝකොපි ගසා පහත දක්වා ඇති පින්තූරයේ දැක්වෙන ...
කාලෝ ෆොන්සේකාගේ අභියෝග මේ වන විටත් මහින්ද රාජපක්ෂයන් ඔප්පු කර හමාරයි. උපසේන ලියනගේ පුද්ගලික කැම්පස් (කැම්=කෑම්, පස්=පස් ; එනිසා "කැම්පස්" යනු හෙළ වචනයකි) ආරම්භ කරන්නට සහ මද්‍යසාර තහනම් කරන්නට හැදූ උග්‍ර රාවණා විරෝධී ද්‍රව්‍යවාදියෙක් වන කාලෝ ෆොන්සේකා මහතා, තම රාවණද්රෝහී පිළිවෙත නිසාම තමාගේ අභිප්රායන් සුන් වී නස්තාර වී පත බෑවී සිටියා ඔබට මතක ඇති. නමුත් ඒවා අමතක වී මෑතකදී නැවතත් ඝර්ජනා කරන්නට පටන් ගත්තත් ඉන් පිටවූයේ "හීහූ...හීහූ...හීහූ" නාදයක් පමණි.සුප්‍රකට රාවණපාක්ෂික වෙබ් අඩවියක් වන ...
රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි උපසේන ලියනගේ මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල හිතුණ හින්ද නොලිය ඉන්නයි මුලදිම තීරණය කළේ, නමුත් එහෙම කිරීම අපේ හෙළ ඉතිහාසයට කරන ලොකු මදිපුංචිකමක් කියල හිතුණ හින්ද, ඔබගේ මනාපය පරිදි විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ දී ඔබ හමුවේ තබන්නම්.මේ කතාව පටන් ගන්නේ මා සිදුකළ කැණීමක සිටයි. කැණීමක මූලික අරමුණක් තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ රාවනා රජතුමා ගැන තියෙන ...
දඬු මොණර තාක්ෂණයෙන් 2016 දී හෙළයෙක් උඩුගුවන ජයගනියි උපසේන ලියනගේ රාවණ රජු පිළිබඳ විමසූ සැණින් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නට ද හේතු වූයේ මේ රාවණ ගුවන් තාක්ෂණයයි. ඊශ්‍රායලය විසින් නිෂ්පාදිත කෆීර් හෙවත් වැලි කතරේ සිංහලයා නම් ප්‍රහාරක ජෙට් යානයේ සිට වර්තමානයේ දියුණුතම ප්‍රහාරක ...
එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විජිතයකි. උපසේන ලියනගේ හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේශණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග්රාහකයා ...
රාවන පාක්ෂිකයින්ගෙන් කාලෝ ෆොන්සේකාට අභියෝග 12 ක්. උපසේන ලියනගේ කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියෝග 12 ම මහින්ද රාජපක්ෂයන් විසින් ඉටු කර තිබියදීත් තාමත් සමහරුන් (ඔවුන්ගෙන් බොහෝ දෙනා කාලෝගෙන් වැටුප් ලබන අය බව අපි හොඳාකාරව දනිමු) එම අභියෝග ඉටු කරන ලෙස අපට පවසයි. වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කලින් පළ කළ ලිපියකින් ඒ ගැන සඳහන් කර තිබුණත් කාලෝගෙන් ජරාව කා කොමෙන්ට් කරන උදවියගේ දැනගැනුම උදෙසා තවදුරටත් කෙටියෙන් දක්වන්නම්.1. කාලෝ ...
ලෝකයේ මුල්ම Blog එක හැදුවේ හෙළයින් බව Google පවසයි. උපසේන ලියනගේ ලෝකයේ මුල්ම බ්ලොග් එක හැදුවේ හෙළයින් බව ඔබ දැන සිටියාද? ගූගල් ආයතනයේ ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධානී ඩැනියෙල් ඒල්ජර් (Daniel Alegre) මේ බව පවසමින් ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ලැරී පේජ් (Larry Page) වෙත කේබල් පණිවිඩයක් යවා ඇති බව අපට ඉතාමත් විශ්වාසවන්ත රහසිගත මාර්ගයකින් අනාවරනය විය. එහිදී ඒල්ජර් මහතා යවා ඇති පිටු 21 දිග තාක්ෂණ පත්‍රිකාව ඇසුරෙන් පහත විස්තර දිග හැරෙයි. ලිපිය ...
රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි මතුවෙයි උපසේන ලියනගේ රාවන රජතුමාගේ ක්‍රිසත පුෂ්පක දඬුමොණර යානයක් කලාවැව අසළදී මතුවුණ හැටිත් එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගයෙන් යද්දී වැරදීමකින් වාහනයක හැප්පී වාහනයට බරපතල අනතුරක් සිදුවුණ හැටිත් වර්ගපූර්ණිකාව බ්ලොගයේකලින් ලිපියක දැක්වුවා ඔබට මතක ඇති.එම දඬුමොණර යානයම අහසේ ගමන් කරන හැටි පින්නවලදී දර්ශණය වී තිබෙන බව ගොසිප්9 වාර්තා කරනව. රාවණ රජතුමාගේ තෙද බල දැන් ඔබට පහත වීඩියෝවෙන් ඇස් පනාපිටම දකින්නට පුළුවන්.නුදුරදීම රාවණ රජතුමා නින්දෙන් ...
"වර්ගපූර්ණිකාව" යනු ජන සේනා 1 ද ? උපසේන ලියනගේ මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්රශ්නය. ඉතා සූක්ෂම විදිහට ජනපති මහින්ද රාජපක්ෂ යොදාගනිමින්, ශ්‍රී ලංකාව කෙරෙහි කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, දේශපාලනය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, ජන සේනා වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ ...