'රාවණ වංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව) උපසේන ලියනගේ අපගේ හෙළ ඉතිහාසයේදී, හෙළ යකුන්ගේ හොඳම මිතුරා ගැන කදිම පැහැදිළි කිරීමක් අපගේ හිතවතෙක් වන "නූතන දේශමාමකයා" බ්ලොග් කරු විසින් කර තිබේ. එතුමාගේ අවසර පරිදි එම ලිපිය වර්ගපූර්ණිකාවේ මෙලෙස පළ වෙන වගයි.සූර්යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ...
ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි. උපසේන ලියනගේ පහත දැක්වෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සහෘදයෙක් "රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි" නමැති ලිපියට දක්වා තිබූ අදහසකි. එම අදහසේ ඇති සිද්ධිමය වටිනාකම නිසා ලිපියක් ලෙසම පළ කරමි.මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව. මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. ...
මම ජයරත්න පතිරආරච්චි නොවෙයි උපසේන ලියනගේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ කොමෙන්ටු හරහා මෙන්ම විද්‍යුත් ලිපිනය හරහාත් සමහර සහෘදයන් මා අමතා තිබුණේ "ජයරත්න පතිර ආරච්චි" නමිනි. එපමණකුදු නොව සමහර රාවණ විරෝධීන් විසින් මෙම බ්ලොග් අඩවියට මඩ ගසා තැන් තැන් වල අදහස් පළ කර තිබුණේ මා විසින් බුදු දහමට අපහාස කරන බවයි, ඒද පතිර ආරච්චි මහතාව සහ මාව පටලවා ගැනීමෙනි. එනිසා හුදී දනාගේ පහන් සංවේගය පිණිස මේ ලිපිය ලිවීමට සිත් ...
නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.! (රාවණ ගවේශකයෙක් සොයාගනී) උපසේන ලියනගේ 2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම රාවණ රජතුමා නින්දෙන් අවදි වීම වෙනුවෙන් අප කළ යුතු දෑ පිළිබඳව පසුගියදා වර්ගපූර්ණිකාවේ පාථකයන්ව දැනුවත් කළ මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වසන තාපස තුමාගේ ජංගම දුර්කථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අඩාල වීම පිළිබඳ සිද්ධිය ඔබට මතක ඇති.පසුව එම ගැටළුව පිළිබඳව එතුමා මඳ වේලාවක් කුණ්ඩලීනී යෝගයේ රාවණා ශක්තියට සම වැදී ගවේශණය කරද්දී කදිම හෙළ තාක්ෂණයක් පහළ වී තිබෙනවා. ...
ලොවෙ ප්‍රථම සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය නිපදවූයේ හෙළයින් විසිනි! උපසේන ලියනගේ ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.Nilanga: To clear the facts, as ...
රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද? උපසේන ලියනගේ රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි.නිල්ගල වනයට අද්භූතයන් ඇවිත්June 22, 2012 at 9:55 am | Lanka C News.බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප්රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට ...
රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි උපසේන ලියනගේ මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල හිතුණ හින්ද නොලිය ඉන්නයි මුලදිම තීරණය කළේ, නමුත් එහෙම කිරීම අපේ හෙළ ඉතිහාසයට කරන ලොකු මදිපුංචිකමක් කියල හිතුණ හින්ද, ඔබගේ මනාපය පරිදි විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ දී ඔබ හමුවේ තබන්නම්.මේ කතාව පටන් ගන්නේ මා සිදුකළ කැණීමක සිටයි. කැණීමක මූලික අරමුණක් තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ රාවනා රජතුමා ගැන තියෙන ...
සමනළ කන්ද යනු ලොව විශාලතම පිරමීඩයයි උපසේන ලියනගේ හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව ...
රවණ රජතුමා ගැන හෙළි කරන අපට මෙහෙම අපහාස නොකරනු,! උපසේන ලියනගේ මෙතෙක් කාලයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් ශ්‍රී රාවන රජතුමාට සම්බන්ධ ඉතිහාසයත් එතුමගේ ඉදිරි පියවරත් ගැන හෙළ විද්‍යාත්මකව කළ දුර්ලභ ශ්‍රාස්ත්‍රීය හෙළිදරව් කිරීම් තුට්ටු දෙකට මායිම් කරමින් අපගේ පාථකයින්ව මෙම බ්ලොග් අඩවියෙන් බිඳවන ආකාරයේ ඉතාමත් පහත් ප්‍රකාශයක් අපගේ ඊමේල ලිපිනයට ලැබුණා. මේ තියෙන්නෙ ඒක. මේ වගේ කැත කතා ගැන තීරනය ගැනීම ඔබටම බාරයි.කිසිම විදිහකින් සාක්ෂි සහිතව ඔප්පු කරන බැරුව, අරකට මේ ක ...
දඬු මොණර තාක්ෂණයෙන් 2016 දී හෙළයෙක් උඩුගුවන ජයගනියි උපසේන ලියනගේ රාවණ රජු පිළිබඳ විමසූ සැණින් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නට ද හේතු වූයේ මේ රාවණ ගුවන් තාක්ෂණයයි. ඊශ්‍රායලය විසින් නිෂ්පාදිත කෆීර් හෙවත් වැලි කතරේ සිංහලයා නම් ප්‍රහාරක ජෙට් යානයේ සිට වර්තමානයේ දියුණුතම ප්‍රහාරක ...
යුරේනියම් බලගන්වා පරමාණු බෝම්බය මුල් වරට හැදුවේ හෙළයින්ය. උපසේන ලියනගේ යුරේනියම් බලගැන්වූ ලෝකයේ මුල්ම පරමාණු බෝම්බය හැදුවේ අප හෙළයින් බව ඔබ දැන සිටියාද? පර සුද්දන් විසින් අපගේ හෙළ තාක්ෂණය සොරාගෙන ඇති බව ඔබ දන්නවාද? ඒ ගැන හෙළගවේශකයින් විසින් කරල ලද පර්යේෂණ වල ප්‍රතිඵල මා ඔබට හෙළි කරන්නටයි යන්නේ.ඔබ උසස් පෙළවත් විද්‍යා විශයන් හදාරා ඇත්නම් යුරේනියම් පිරිපහදුව ගැන ඔබ සාමානයයෙන් දන්නවා යැයි සිතමි. එසේ නොමැතිනම් න්‍යෂ්ඨික බොම්බයක් හදන ආකාරය ගැන සාමාන්‍ය ...
නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි උපසේන ලියනගේ ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි ...
9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය. උපසේන ලියනගේ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව විසින් අල් කයීඩාවටත්, වෙනත් පාර්ශවයන් විසින් ඇමරිකානු CIA සංවිධානයටත් චෝදනා එල්ල කරගන්නා බව පසුගිය දශකය පුරාම දක්නට ලැබුණි. නමුත් සත්‍යය එය නොවේ.ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තම අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති භාවනායෝගී තාපසවරයෙක් විසින් දුරකථන ඇමතුමක් හරහා වර්ගපූර්ණිකාව බ්ලොගය වෙත පසුගියදා දැනුම්දුන්නේ එය මහා රාවන අධිරාජ්‍යයා ...
හෙළයින්ගේ යුධ යාත්‍රා, ගම් වල නම් වලින් හෙළි වෙන හැටි උපසේන ලියනගේ රාවන යුගයේ හෙළයින්ට තිබූ සංග්රාම රථ වල තිබූ දියුණුව අදත් ගම් වල නම් වලින් විද්‍යාමාන වෙයි. පර සුද්දන් විසින් අපෙන් සොරාගනනා ලද පුස්කොළපොත් වලින් ඔවුන් මේ යුධ රට හදා තිබුණත් ඒවායේ නියම උරුමක්කාරයින් වන්නේ අප හෙළයයි. ප්‍රධානතම යුධ රථ වලට උදාහරණ මෙලෙසැයි. මේවා හෙළ අටුවා වල පද නිරුක්තීන් මගින් ඔප්පු කරන දේවල් නිසා සත්‍ය බව වටහාගන්න. බැලු බැල්මටම මේවාට සිනා ...
වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියා දන්නවද? උපසේන ලියනගේ රාවනා ඈ ඉතිහාසය දක්වද්දී නොවරදවාම මූලාශ්‍ර කරගත යුතු ග්රන්ථයක් තමයි වර්ගපූර්ණිකාව. නමුත් හැමෝම අහනව මොකක්ද මේ?, ඕක කොහෙද තියෙන්නෙ කියල.මගේ යාළුවෙක් නුගේගොඩ සරසවි පොත් හලෙත් මේක හොයල. ඔන්න ඉතින් මං කල්පනා කළා මේ බ්ලොග් එකේ නමත් වර්ගපූර්ණිකාවම නිසා, තවත් ලිපි ලියන්න කළින් වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියල හඳුන්වල දෙන්න.හෙළ යකුන්ගේ අතිශය දුර්ලභ තොරතුරු ඉතාමත් රහසිගත පුස්කොළපොතක් තමයි රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් ...
ආතර් රජුගේ මව උණු දිය ස්නානය කළ රාජ කන්‍යා (කින්නියා) උණු දිය උල්පත උපසේන ලියනගේ අපගේ හෙළ රකුසෙක් වන ආතර් රජතුමා ගැන මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්වූ ලිපිය ඔබ කියවන්නට ඇති බව සිතමි.ආතර් මහ රජතුමාණන්ගේ පියා කවශානමුණි රජතුමා රජකමට වඩා නිදහස් නිවහල් දිවියකට දැඩි කැමැත්තක් තිබුණ බුද්ධිමතෙකි. තිලස්ත මහ රිෂි තුමාණන්ගේ දෙටු පුත්‍රයාව කවශානමුණි රජතුමා තම පළමු බිරිඳගේ දික්කසාදයට පසු බිරිඳ වූ විලපාලා රැජිණගෙන් අවසර ලබාගෙන වනගත භාවනාවට ගියේ සිය රාජ්‍යයම වැඩිමල් පුත් චේගුරට භාරදීමෙනි.එවකට ...
ආතර් රජතුමා (King Arthur) සිටියේ ශ්‍රී ලංකාවේ යක්ෂ හෙළයේය. උපසේන ලියනගේ ආතර් (King Arthur) යන නම ඇසුණ සැනින් අප හට මතක් වන්නේ එංගලන්තයේ ඇති පුරාවෘත්තයකි. නමුත් ආතර් යනු හෙළයේ සිටි රකුසෙක් බව ඔබ දන්නවාද? ආතර් යන්නෙහි නිරුක්තිය වනාහී, ආ=ආපු, තර්=තර=විශාල, එනම් "විශාලව ආ" යන්නයි. එදා රවිශෛලාස වංශයේ දීප්තිමත් යුගයේදී සොලෝකී බිසවගේ දෙටු පුත් වූ ආතර් රජතුමා හෙළයේ දීප්තිමත් වෙන බව හෙළ වේද වලින් දැනගත් බමුණන් ඔහුට "ආතර්" යන නම තැබූ බව ...
හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය. උපසේන ලියනගේ හෙළයින්ගේ ගුවන්යානා තාක්ෂණයහෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය. ඉසුරුමුනියේ ඇති තාරකා දොරටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල හෙලිකොප්ටර් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හෙලිකොප්ටර් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම හෙලිකොප්ටර් තිබුනේ හෙළයින් ටය.හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී ...
පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය. උපසේන ලියනගේ හෙළයින්ගේ තොරතුරු තාක්ෂණයපණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.ඉසුරුමුනියේ ඇති තාරකා දොරටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල සැටලයිට් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හැටලයිට් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම අභ්‍යවකාශ චන්ද්‍රිකා තිබුනේ හෙළයින් ට බව ප්‍රත්‍යක්ෂයි."සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් ...