සිහිසුන් වූ මහා රාවණ 2012 දී නැගිටියි උපසේන ලියනගේ රාවණ රජතුමා 2012 අගදී උත්ඨාන වන බව අප පෙරත් පැවසුවා. මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇති අතර, එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් ...
රුවන්වැලිසෑ තාරකා දොරටුවෙන් හෙළි වන කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා උපසේන ලියනගේ "තාරකා දොරටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා" නමින් වර්ගපූර්ණිකාව බ්ල්ග් එකේ මීට පෙර පළවූ ලිපියෙන් තාරකා දොරටු යනු මොනාවාද යන්නත්, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනත්, ලෝකයේ මෙතෙක් හමු වූ තාරකා දොරටු පිළිබඳවත්, ඉසුරුමුණියේ ඇති තාරකා දොරටුව ක්‍රියාත්මක කරන ආකාරයත් ඔබ හමුවේ තැබුවෙමි. ඔබට එම ලිපිය කියවීමට නොහැකි වූවානම් මෙය කියවීමට පෙර එම කෙටි ලිපිය කියවා බැලීමෙන් මෙය කියවාගෙන යාමේදී ඇතිවන පැටලිලි ...
පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ උපසේන ලියනගේ මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ අපූරු හෙළ විද්‍යාත්මක පර්යේෂන පත්‍රිකාවක් පළ කර තිබේ. එය කිසිදු වෙනසකින් තොරව වර්ගපූර්ණිකාවේ සහෘදයින් වෙනුවෙන් මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින, බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේරාවණ යනු වසර දෙදහස් පන්සියයකට වරක් ...
සමනළ කන්ද කෘතිමව නිර්මාණය කළ හැටි. උපසේන ලියනගේ සමනළ කන්දේ සම්භවය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති නමුත් එය රාවණ හෙළ ඉතිහාසයට උචිත ලෙස කරන ලද 200% ක් නිවැරදි පැහැදිළි කිරීම Ravana Lanka බ්ලොග් එක කරන මා හිතවත් මහත්මයා දී ඇත. පහත දැක්වෙන්නේ එතුමාගේ අවසර පරිදි පළ කරන එම ලිපියයි. මෙවන් තොරතුරු අප සමග බෙදාගැනීම වෙනුවෙන් එතුමාට වර්ගපූර්ණිකාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.සමනළ කන්ද ගැන බොහෝ මත පසුගිය කාලය තුළ පළවුණි. පාඨකයන් ...
රාවණ තාක්ෂණයට අනුව ලේසර් කිරණ අවියක් නිවසේදීම තනාගන්න හැටි. උපසේන ලියනගේ හෙළ ඉතිහාසය වැනුම හැරුන විට වෙනත් යමක් නොකරන්නේ ඇයිදැයි බොහෝ සහෘදයින් විමසූ නිසා ඔන්න අද වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් අලුත් වැඩකට අත ගැහුව. ඒ තමයි රාවණ රජතුමගේ හෙළ තාක්ෂණය ඔබට නිවසේදීම අත්හදා බැලීමට අවස්ථාව ලබා දීම. එමගින් මීට අවුරුදු දස දහස් ගණනකට පෙර හෙළයින්ට තිබූ අතීත තාක්ෂණය සියැසින් දැක එමගින් ඇතිවන චිත්ත ප්‍රීතියෙන් සියොළඟ මවිල් කෙලින් කරවාගෙන ආඩම්බර වීමට ඔබට හැකි ...
යකෝ...!! රාවණ ඉතිහාසය වනසන්න බෑ බොලව්...!! අපි මරාගෙන මැරෙනව යකෝ...!!! උපසේන ලියනගේ හෙළෝ, හෙළ ඉතිහාස හෙළයෙන් වැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අප පාථකයින්ව දැනුවත් කිරීම පිණිස වීර සයිබර් හෙළයෙක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ විද්‍යුත් ලිපිනය වෙත එවූ ලිපියක් පහත දැක්වෙයි. ශ්‍රී රාවණ රජතුමාට හෝ අපගේ හෙළ අසුර ඉතිහාසයට අපහාස කරන රාවණ විරෝධීන්ට පිළිතුරු දීම සඳහා මෙය කෙළින්ම කොපි කිරීමටත් ඔබට පුළුවන්. ශුද්ධ සිංහලෙන් ලියා මෙම මහාර්ඝ ලිපිය අප වෙත එවූ සහෘදයාට අපගේ නොමද ස්තුතියත් ශ්‍රී ...
තාරකා දොරටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස) උපසේන ලියනගේ සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජතුමා සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් පැවසුවෙමි. ඒ අනුව මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විවුණ බව දැනටමත් සනාථ වී ඇත. පෙර කී මිසර, සුමේරියන්, බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බවත් ලොවම දන්නා සත්‍යයකි. මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබදව හෙළි ...
රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි. උපසේන ලියනගේ සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ ...
රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි මතුවෙයි උපසේන ලියනගේ රාවන රජතුමාගේ ක්‍රිසත පුෂ්පක දඬුමොණර යානයක් කලාවැව අසළදී මතුවුණ හැටිත් එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගයෙන් යද්දී වැරදීමකින් වාහනයක හැප්පී වාහනයට බරපතල අනතුරක් සිදුවුණ හැටිත් වර්ගපූර්ණිකාව බ්ලොගයේකලින් ලිපියක දැක්වුවා ඔබට මතක ඇති.එම දඬුමොණර යානයම අහසේ ගමන් කරන හැටි පින්නවලදී දර්ශණය වී තිබෙන බව ගොසිප්9 වාර්තා කරනව. රාවණ රජතුමාගේ තෙද බල දැන් ඔබට පහත වීඩියෝවෙන් ඇස් පනාපිටම දකින්නට පුළුවන්.නුදුරදීම රාවණ රජතුමා නින්දෙන් ...
රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිවේගයේ ගොස් වාහනයක් හප්පයි උපසේන ලියනගේ මෑතකදී ගල් විහාරයේ අරුම පුදුම පින්තූරයක් ගත් ප්‍රවීන ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා පසුගිය 6 වනදා පස්වරු 3:34 ට පමණ කලා වැව ආසන්නයේ සැරි සැරුවේ වන අලින්ගේ ඡායාරූප කීපයක් ගැනීමටයි. ශ්‍රී ලංකාවේ වන අලින් සමහර විට ඉතාමත් වේගයෙන් දිව යා හැකි නිසා නියම අවස්ථාවේදීම ඡායාරූපය ගැනීම සඳහා කාච විවරයේ වේගය තත්පරයෙන් 1/4000 තරමටම සැකසීමට ඒ මහතා අමතක කළේ නෑ. එතකොට ...
ශ්‍රි ලංකාවේ පිරමීඩ. (ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ආචාර්ය උපාධිධාරියෙක් හෙළි කරයි) උපසේන ලියනගේ දැනට ඇමරිකාවේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක, භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ තම දෙවන ආචාර්ය උපාධිය (D.Phil in Theoretical Physics) සඳහා නිබන්ධයක් සකසමින් සිටින උගත් මිත්‍රයෙක් විසින් ශ්‍රී ලංකාවේ පිරමීඩ පිළිබඳව ගවේෂණය කිරීම ආරම්භ කර තිබේ. (රාවණවිරෝධීන්ගෙන් එතුමාගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන නිසා එතුමා ගැන වැඩි දෙයක් හෙළි කිරීමට නොහැකි බව සලකන්න.) පහත දැක්වෙන්නේ එතුමාගේ මහා දැනුම් සම්භාරයෙන් අප සමග බෙදා ගන්නා ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (අවසාන කොටස) උපසේන ලියනගේ එතැන් සිට..."ශ්‍රී රාවණ ලංකේෂ්වර නරේන්ද්රංශක්ති මහීන්ද්රං ආමේරිඛ කත්වාමීවනං පළානං ජයා රථනංයක්ඛ රක්ඛිත වායෝ ප්රකෝපංකුණාටු සාගරස්ස කත්වාආගමක්ය නථ්‍ය ඕං රීං පුං""ලංකාපුරයේ නිරිඳා වන ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඇමරිකාවේ මිහිතලය දක්වා ගොස් මීවණපළානේ ජයරතනව (හෙළ) යකුන් විසින් රක්ෂා කොටැ වායු ධාරාවන් ප්‍රකෝප කරවා කුණාටු ඇතිකොට සාගරය දක්වා ගොස් නැවත (ඔහුට) පැමිණීමට හේතු වාසනා වේවා!" ඔන්න ඔය රාවණ ස්තෝත්‍රය හෙවත් රාවණ ශක්ති මන්ත්‍රය ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (3 කොටස) උපසේන ලියනගේ අද එතැන් සිට...බොහොම අමාරුවෙන් කකුලක් උස්සලා අඩිය තියමින් හතරට වකුටු වී හැරමිටි වාරුවෙන් ගමන් කළ මට නැවතත් දෙතිස් වියැති ආරෝහ පරිණාහයෙන් යුතු සිරුර ලැබීම නිම් හිම් නැති ප්‍රීතියක් වුණා. ඒ වෙලාවේ ඉබේම කෑ ගැහුණ... උඩ පැන පැන තරුණ ශරීරයේ ඇති ජවය ගැන උදම් වුණා. ටිකකින් මගේ මනස දිව්වේ ආයිත් හෙළදිවට පිය මනින ආකාරය ගැන හොයමිනුයි. ශරීරයෙන් තරුණ වුවත් මාගේ මනස ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (2 කොටස) උපසේන ලියනගේ අද එතැන් සිට...NASA (නාසා) එකේ විද්‍යාඥයින් සමග කාල යන්ත්‍රය හෙවත් කෘතිම පණු කුහරයක් ඇති කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වද්දී අපට බොහෝ දෑ සොයාගන්න පුළුවන් වුණා. නමුත් ඒ පරීක්ෂණ කටයුතු සඳහා NASA විද්‍යාඥයින් වෙත මා සතුව තිබූ ඉපැරණි පුස්කොළපොත් වලින් හුවා දැක්වුවේ රාවණ රජතුමා විසින් ලියන ලද භෞතික විද්‍යාත්මක රහස් මිස පාරභෞතික විද්‍යා රහස් නොවෙයි. එනිසා අපගේ පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රගතිය රාවණ දැනුමෙන් ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (1 කොටස) උපසේන ලියනගේ හෙළෝ...! නොසිතූ විරූ ලෙස වර්ගපූර්ණිකාව නැවැත්වීමට සිදුවීමෙන් පසු, පහුගිය වසර ගණනාව තුළ ජීවිතයත් මරණයත් අතර ඔට්ටු වෙමින් මූණ දීපු කටුක අත්දැකීම් කන්දරාව දිහා ආපහු හැරිල බලද්දී, මා ගැනම කියාගන්න බැරි තරම් මහා ආත්ම අනුකම්පාවක් ඇති වෙලා ඇස් දෙකට කඳුළක් උණනව. ඉතින් අවුරුදු ගණනාවකට පස්සෙ නැවතත් බ්ලොග් අවකාශයට ඇවිත් වර්ගපූර්ණිකාවේ ලිපි ලිවීමට සහ ආදරණීය බ්ලොග් සහෘදයින් එක්ක අදහස් හුවමාරු කරගන්න ආයිත් ...
රාවණ අහසින් ගොස් සතුරන්ට බෝම්බ දමයි උපසේන ලියනගේ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය කියවූ සමහරුන් මෙය ජෝක් සයිට් එකක් බව කියා තිබුණි., තවත් අය මේ බ්ලොග් එක ඉතිහාසය විකෘති කරනවා යැයි කියමින් අපට පරිභව කර මෙය රිපෝට් කිරීමටත් කතා කර තිබුණි.නමුත් ඒ සියල්ලන්ගේම කන් වලට හොඳවයින් අතුල් පහරක් ගසන ලිපියක් මා හට හමු විය. අරිසෙන් අහුබුදුවන්ගේ මගෙහි යමින් පද නිරුක්ති වලින් ඉතිහාසය මතු කිරීමෙන් නොනැවතී, ආචාර්ය සූරිය ගුණසේකරයන්ට නොදෙවෙනි ලෙස ...
NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි. උපසේන ලියනගේ චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි.රාවණ රජතුමාගේ සමයේ, හෙළයේ යටත් විජිත වල ජීවත් වූ ජනපදිකයින්, උදෑසන නැගිට මුව දොවා ...
එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විජිතයකි. උපසේන ලියනගේ හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේශණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග්රාහකයා ...
පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකොටුවකි උපසේන ලියනගේ වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.ඒ 1998 හි මුල් භාගයයි. හිටි ගමන්ම පෙන්ටගනයේ පොළොව යටම තට්ටුවේ ...
රාවණ රජතුමා 2012 අගදී UNP යෙන් බලයට ඒවි උපසේන ලියනගේ රාම රාවණ යුද්ධයෙන් රාවණ රජතුමා මියගියේ නැති බවත්, සිහිමුර්ජා වූ රාවණ රජතුමාගේ දේහය මහ කුඩුගල ගිරි ශිඛරයේ ඇති බවත් මාගේ සමකාලීන රාවනා ගවේශකයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හෙළි කර ඇත. පහත පුවත්පත් ලිපියේ ඒ ගැන දැක්වේ.රාවණගවේශකයින්ට අනුව 2012 අගදී රාවණ රජතුමා එලෙස නින්දෙන් පිබිදෙන අතර ඒ කාලයේදීම සිදුවීමට නියමිත යුග විනාශයට (ලෝක විනාශය නොවේ) පසුව රාවණ රජතුමා හෙළ දෙරනේ ...