Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
WTF-1190F උල්කාපාතය ලංකාවට කඩා වැටෙයිද? Exploring Science And Technology මොකක්ද මේ උල්කාපාතය? - මේ උල්කාපාතය කොහොම ඇතිවුනාද කියලා විද්‍යාඥයින් හරියටම කියන්න දන්නේ නෑ කියලයි වාර්තාවන්නේ. මේක මීට කලින් සඳවටා කක්ශගතවෙලා තිබිලා තියෙනවා. මේ ඔක්තෝම්බර් මාසයේ, ඇමරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන Catalina Sky Survey නම්වූ උල්කාපාත හා අභ්‍යවකාශ අපද්‍රව්‍ය (meteors and space junk) හඳුනාගන්න යොදවාගෙන තිබෙන දුරේක්ශයකින් තමයි මේක පෘථිවිය දෙසට එනවා කියලා හඳුනාගෙන තියෙන්නේ.විද්‍යාඥයින් අනුමාණ කරනවා මේ වස්තුව ඇපලෝ ...
කොටියාද? දිවියාද? ලෙපර්ඩ් කියන්නේ කොයි එකාටද? Exploring Science And Technology ලංකාවේ සිටින කැළෑ බිළාලයින් වර්ග සතර (C) Sunday Timesඉස්සර දෙමළ ත්‍රස්තවාදය තියෙන කාලේ අපි ටැමිල් ටයිගර්ලාට දෙමළ කොටි කිව්වා. ඒ වැරැද්ද අවුරුදු 30ක යුද්ධ කාලේ නිවැරදි නොකරම භාවිතා වුනා. මිනීමරණ ත්රස්තවාදියාට කොටියා කියනවද ව්යාග්රයා කියනවද කියන එක වැදගත් වුනේ නෑ. ඒත් දැන් මේ අවුල ලිහා ගන්න කාලේ ඇවිල්ලා. දැන් ලංකාවේ ඉන්නේ කකුල් හතරේ කොටි විතරයි (අපි දන්න තරමට). මෙයාලාගේ විද්‍යාත්මක ...
Amazon.com සමාගම සිය ඇනවුම් ඩ්‍රෝන යානා මාර්ගයෙන් ගැනුම්කරුවන් වෙන්ත යැවීමට සැරසෙයි. Exploring Science And Technology 2016 අගභාගය වනවිට සිය ගණුදෙනුකරුවන් විසින් සිදුකරන ඇණවුම් විනාඩි 30 ඇතුලත කුඩා ඩ්‍රෝනයානා මගින් ගෙදරටම ගෙනැවිත් දීමට ඇමසන්.කොම් සමාගම සැළසුම් කරමින් සිටී. මේ සඳහා කිලෝ ග්‍රෑම් 2.5ක් පමණ බරක් උසුලාගෙන පියාසර කල හැකි ඔක්ටෝකොප්ටර් (octocopter) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගැනීමට ඇමසන් සමාගම අදහස් කරගෙන සිටී. දැනට ඇමසන් සමාගම සිය ඇණවුම් ගණුදෙනු කරුවන් හට ලැබෙන්නට සලස්වන්නේ ෆෙඩ්-එක්ස් කුරියර් සමාගම හරහාය. මේ සඳහා ...
සිය පාසැල තුල වෙඩිතබා සමූළඝාතනයක් කරන්නට සැළසුම්කල අමෙරිකානු පාසැල් සිසුවියන් දෙදෙනා හා පාසැල ඝාතකාගාරයක් කල සිසුන් දෙදෙනා... Exploring Science And Technology ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ මවුන්ටන් විස්ටා උසස් පාසැල, සිසුසිසුවියන් 2000ක් පමණ ඉගෙනුම ලබන මධ්‍යම ප්‍රමාණයේ පාසැලකි. ලංකාවේ ක්‍රමය අනුව 10-11-12-13 ශ්‍රේණි, එනම් සාමාන්‍යපෙල හා උසස්පෙල ලෙස හැඳින්වෙන ශ්‍රේණි ඒකාබද්ධ කොට පවත්වන පාසැල් අමෙරිකාවේ හයි ස්කූල් හෙවත් උසස්/ජෙශ්ඨ පාසැල් ලෙස හඳුන්වයි. මවුන්ටන් විස්ටා උසස් පාසැලද මෙවැනි පාසැල් දහස් ගණනකින් එකකි. එම පාසැල්වල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ගේ පැතුම උසස් පාසැල් ඩිප්ලෝමා විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාලයකට ...
ELECTRIC CAR TECHNOLOGY : ටෙල්සා මොඩ්ල් 3 ගැණුම්කරුවන්ට නිකුත්කිරීම ඇරඹේ Exploring Science And Technology ඊයේ සවස (28වැනි සිකුරාදා) කැලිෆෝනියාවේ ෆ්‍රෙමොන්ට් නුවර, ටෙස්ලා කර්මාණ්තශාලාවේ පැවැති උත්සවයකදී ටෙස්ලා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක ඊලෝන් මස්ක්, මුල්ම ගැණුම්කරුවන් 30 දෙනාට ටෙස්ලා මොඩල් 3 මාදිලියේ වාහන වල යතුරු ලබා දුන්නා. ටෙස්ලා සමාගම මීට පෙර වෙළඳපොලට ඉදිරිපත්කල මොඩල් S හා මොඩල් X මාදිලිවලට වඩා බෙහෙවින් මිලෙන් අඩු මොඩල් 3 මාදිලියේ මිල ඇමරිකානු ඩොලර් 35,000 සිට 44,000 දක්වා වනවා.ඩොලර් 35,000කට ...
නුදුරු අනාගතයේදී සැබෑවිය හැකි "Real Steel" විද්‍යා ප්‍රබන්ධය Exploring Science And Technology චාලි කෙන්ටන් (හියු ජැක්මන්), මැක්ස් කෙන්ටන්(ඩැකෝටා ගොයෝ) හා ඇටම් - (c) වෝල්ට් ඩිස්නි/ඩ්‍රීම්වර්ක්ස්/ටච් ස්ටෝන් පික්චර්ස් 2011දී තිරගතවූ රියල් ස්ටීල් විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටය ඔබට මතකද? විශ්‍රාමික බොක්සිං ක්‍රීඩකයෙකුවූ චාලි කෙන්ටන් ලෙස හියු ජැක්මන් හා ඔහුගේ කුඩා පුත්‍රයා වන මැක්ස් කෙන්ටන් ලෙස ළමා නළු ඩැකෝටා ගොයෝ රඟන රියල් ස්ටීල් වසර 2020දී සිදුවෙතැයි අපේක්ශිත සිදුවීම් මාලාවක් වටා ගෙතී ඇති අගනා ප්රබන්ධයකි.2020 වන විට බොක්සිං ...
ලබන ජනවාරි 11 වැනිදා ජලය පිරීම ඇරඹෙන මොරගහකන්ද Exploring Science And Technology මොරගහකන්ද ඉතිහාසයඅඹන් ගඟ සහ කළු ගඟ මිටියාවත් කේන්ද්‍ර කරගත් මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘති ප්‍රදේශය වර්තමානයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වෙයි. මේ ප්‍රදේශය ඈත අතීතයේ දී හඳුන්වා ඇත්තේ, 'මාතල දනව්ව' යනුවෙනි. මාතල දනව්වේ විසූ ජනයා ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ දී පැමිණි පිරිස් බැව් මාතලේ කඩඉම් පොතේ සඳහන් වෙයි. රාජාවලියට අනුව ක්‍රි.ව. 175- 190 අතර කාලසීමාවේ දී විසූ ගජබාහු රජු ...
HACKING : C Cleaner සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවද? බලාගෙන! Exploring Science And Technology සී ක්ලීනර් ලෝකය පුරාම භාවිතා කරන, නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක්. පිරිෆෝර්ම් නැමති බ්‍රිතාන්‍ය සමාගමක් නිර්මාණය කල මේ මෘදුකාංගය හා පිරිෆෝම් සමාගමේ දැන් අයිතිය ඇවර්ස්ට් ඇන්ටි-වෛරස් මෘදුකාංගය නිර්මාණය කරන චෙකොස්ලෝවැකියාවේ ඇවර්ස්ට් සමාගමටයි. පරිගණක හාර්ඩ් ඩිස්කයේ නිරන්තරයෙන් එකතුවන අප-දත්ත (junk data) මකාදමා හාර්ඩ් ඩිස්කය පිරිසිදුකොට එහි ක්‍රියාත්මක වේගය හා නිදහස් ඉඩ (free space) වැඩිකරීම Cක්ලීනර් මෘදුකාංගයේ රාජකාරිය වන අතර එම කටයුත්ත ඉතාම හොඳට ...
රුසියානුවන් අයිස් තට්ටුමත සැඟව තිබූ පිටසක්වල යානාවක් සොයා ගත්තාද? | Did Russians find a UFO under Antarctic Ice? Exploring Science And Technology FACT OR FICTION? YOU DECIDE....මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යන වාර්තා කිහිපියකට අනුව, රුසියානු ඇන්ටාර්ටික් ගවේෂණ කණ්ඩායමක්, ඇන්ටාර්ටිකාවට කඩාවැටුනු පිටසක්වල යානාවක් සොයාගෙන තිබෙනවා. ඉන් එක් වෙබ් අඩවියක පල කොට තිබූ ඡායාරූප දෙකක් මෙහි ඉදිරිපත් කොට තිබෙනවා.ඇන්ටාර්ක්ටිකාව, පිටසක්වලයින්ගේ තිප්පොලක් බවට වාර්තා පලවන්නේ 1940 ගණන්වල සිටයි. 1945දී දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග ජර්මානු නට්සින්ගේ නායකත්වය ඇන්ටාර්ටිකාවේ ඔවුන් විසින් තනා තිබූ රහසිගත කඳවුරු ...
MILITARY AIRCRAFT : රුසියාවේ MiG 41 ඉන්ටර්සෙප්ටර් යානය Exploring Science And Technology රුසියානු ගුවන් හමුදාවේ ප්‍රධාන ඉන්ටර්සෙප්ටර් යානය ලෙස භාවිතා වන්නේ මිකොයාන් නිර්මාණ බියුරෝව නිෂ්පාදනය කරන මිග් 31 යානයයි. 1970 ගණන්වලදී එලි දැක්වුනු මිග් 31 යානයේ ප්‍රධාන කාර්යය වන්නේ රුසියානු ගුවන්සීමා ඉක්මවන සතුරු යානා වලට රටතුලට පැමිණීම වැලැක්වීමයි. ටොන් 40ක් බර විශාල යානයක් වන මෙය පැරණි වුවත් තවමත් ලෝකයේ බලවත්ම මෙන්ම වේගවත්ම යානාවක් ලෙස සැලකෙනවා. පැයට කිලෝමීටර් 2500ක සාමාන්‍ය වේගයකුත්, පැයට කිලෝමීටර් ...
අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස “සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් ” ගැන වෛරයකින් නොවේ [නෙළුම් යාය] Exploring Science And Technology මෙම ලිපිය නෙළුම් යාය වෙබ් අඩවියෙන් උපුටාගෙන, එහි වැදගත් යයි සැළකෙන කොටස් පමණක් මෙහි පළකොට ඇත. සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න......... දැන් අපි ඩිප්ලෝමා ගැන කතා කරමු. ප්‍රංශයේ අවුරුදු හතරක පාඨමාලා වලට ඩිප්ලෝම දෙන අතර ඒවා ඩිග්රි (උපාධි) වශයෙන් නම් කිරීමට නම් එහි අධ්‍යපාන අමාත්‍යංශයේ සහතිකය ගත යුතුය. රැකියා සඳහා එසේ සහතික කිරීම අනවශ්‍යය. ජර්මනියේද ඩිප්ලෝමා දෙන අතර අවුරුදු 4-5 දක්වා ...
වසර බිලියනයකට පෙර අඟහරුවා මත දැවැන්ත සාගරයක් තිබූ බව හෙලිවේ! Exploring Science And Technology අඟහරු ගවේෂණ යානා මගින් එවන ලද දත්ත ආධාරයෙන් අඟහරුවා මත, එහි පෘශ්ඨයෙන් 1/5 ආවරණයවන ආකාරයේ අතිවිශාල සාගරයක් තිබූ බව දැන් සනාථවී තිබේ. මීට අමතරව එහි ගංගා ඇළදොල මෙන්ම මිරිදිය විල රාශියක්ද තිබී ඇත. දැන් වියලි, අධික ශීතලින් යුතු කාන්තාරයක් වූවත් එකල පැවති ජලයෙන් කොටසක් තවමත් අඟහරුවාගේ පෘෂ්ඨයට යටින් භූගත ජලය හෝ භූගත අයිස් ලෙස ඇතැයි සැකකෙරේ. දැනට සකස් කෙරෙන සිතියම් ...
Instagram හැක් කරලා ඩොලර් 10,000ක තෑග්ගක් දිනාගත් අවුරුදු 10යේ කොළු පැංචා. Exploring Science And Technology ජෑන් ෆින්ලන්තයේ ජීවත්වන අවුරුදු 10ක් වයස කොළු පැංචෙක්. බාලවයස්කාරයෙකු නිසාම ෆින්ලන්තයේ නීතියේ හැටියට මෙයාගෙ වාසගමවත්, ඡායාරූපයක්වත් ප්‍රසිද්ධ කරන හැකියාවක් නෑ. ඒත් වයස 10ක් වුනත් මෙයා රජ වැඩකාරයෙක්. ජෑන් පරිගණක ජාල හැක් කරන්න ඉගෙනගෙන තියෙන්නේ තනිවම, යූ-ටියුබ් වීඩියෝ බලලා ඒවා තනිවම අත්හදා බලමින්.මෙයාට ඉන්ස්ටග්‍රෑම් ඡායාරූප සේවය හැක් කරන්න හිතිලා තියෙන්නේ නරක චේතනාවකින් නෙමෙයි. ඉන්ස්ටග්‍රෑම් සේවාවේ අයිතිකාර සමාගම වන ෆේස්බුක් සමාගම තමන්ට ...
ගුවන්යානා කළු පෙට්ටිය වළාකුළට යයි! Exploring Science And Technology ගුවන්යානයක Cockpit Vice Recorder කළු පෙට්ටියක ඇතුලත පෙනුමමැලේසියානු ගුවන්සේවයේ MH370 යානය අතුරුදහන් වෙලා දැන් වසර 2කුත් ඉකුත්වෙලා. යානයේ යැයි තහවුරු වූ කුඩා කොටස් කිහිපයක් හමුවුනා හැරෙන්නට අදටත් යානයට සිදුවූ දෙය අභිරහසක්. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වුනාට පස්සේ තවත් පැය 6ක් පමණ ඉන්දියන් සාගරය ඉහලින් පියාසර කල බවට යානයේ එන්ජින් හා ARCAS පද්ධතිය චන්ද්‍රිකා හරහා තාක්ශණික යානයේ එන්ජින් ක්‍රියාකාරිත්වය හා වෙනත් ...
වසර මිලියන 1.4කට පෙර ජීවත්වුනු හෝමෝ-ඉරෙක්ටස් මානවයාට නූතන මානවයාට මෙන් ආයුධ තැනිය හැකි දෑත් තිබුණාද? Exploring Science And Technology හෝමෝ ඉරෙක්ටස් : ඡායාරූප අයිතිය - යේල් විශ්වවිද්යාලයහෝමෝ ඉරෙක්ටස් යනු මීට වසර මිලියන 1.8කට පමණ පෙර ලොව පහලවී වසර 150,000 පමණ පෙර අභාවයට ගිය දෙපයින් ඇවිද ගිය ආදි මානවයෙකි. මොවුහු අප්‍රිකාවේ බිහිවී ඉන්දියාව හා ශ්‍රී ලංකාව දක්වා පැතිර ගියහ.වසර මිලියන 1.5කට පෙර ශිලා ආයුධ නිපදවූ හෝමෝ ඉරෙක්ටස් එම කාලයේ සිටම ගින්දර භාවිතාකල බවටද සාක්ශි හමුවී තිබේ. එපමණක් නොව. හෝමෝ ඉරෙක්ටස් ...
SOCIAL : නිතර සෙල්ෆි ගන්නෙ බලාගෙන - "සෙෆ්යිටිස්" මානසික රෝගය හැදෙන්න පුලුවන්! Exploring Science And Technology උන්මාදයක් ලෙස සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙස නවතම පර්යේෂණ පත්‍රිකාවක් මගින් හඳුනාගෙන තිබෙනවා. මනෝවිද්‍යාඥයින් දෙදෙනෙකු විසින් International Journal of Mental Health and Addiction මනෝවිද්‍යාත්මක පර්යේෂණ සඟරාවට ඉදිරිපත් කරන ලද මේ පර්යේෂණ පත්‍රිකාව, උන්මාදයක් ලෙස සෙල්ෆි ගැනීමට පුද්ගලයින් පොළඹවන සාධක හඳුනාගෙන තිබෙනවා. An Exploratory Study of ‘Selfitis’ and the Development of the Selfitis Behavior Scale ලෙස නම්කොට ඇති මෙම පර්යේෂණ පත්‍රිකාවට ...
2015 මාර්තුවේ දිස්වුනු දශයකයේ දර්ශණීයම පූර්ණ සූර්යග්‍රහණය Exploring Science And Technology 2015 මාර්තු 20වැනිදා දිස්වුනු මෙම සූර්යග්‍රහණය, උත්තර ද්රැවාශිත ප්‍රදේශවලට ඉතා හොඳින් දර්ශණය වුනා. මෙය වඩාත්ම හොඳින් දිස්වුනු නෝර්වේ රටට උතුරින් ආක්ටික් සාගරයේ පිහිටි ස්වල්බාඩ් දූපතට අතිවිශාල ජනකායක් එක් රොක්වී සිටි අතර ඔවුන් අතරින් සමහරක් අමෙරිකාව, කැනඩාව වැනි රටවල් වලින් මෙම සූර්යග්‍රහණය දැක බලාගැනීම සඳහාම පැමිණ සිටියා.මාර්තු 20වැනිදා පෙරවරු 8.39ට ඇරඹි සූර්යග්‍රහණය 10.48 දක්වා පැවති අතර පෙරවරු 10.11ට ස්ව්ල්බාඩ් දූපත ඝණ ...
දේශීය මුළුතැන්ගේ උපකරණ ගැන නැෂනල් ජියෝග්රැෆික් වැඩසටහනකින් Exploring Science And Technology නැෂනල් ජියෝග්රැෆික් චැනලයේ සූපශාස්ත්‍ර වැඩසටහන් මාලාවේ එක් ජනප්‍රිය අංගයක් වන "The Plate" වැඩටසටනෙන් ශ්‍රී ලාංකිකයින්ගේ දේශීය මුළුතැන්ගෙයි උපකරණ පිලිබඳව ලෝකය පුරා සිටින නැෂනල් ජියෝග්රැෆික් නරඹන්නන්ට අවබෝධයක් ලබාදුන්නා. මෙම උපකරණ පිලිබඳ ලිපියක්, "ද ප්ලේට්" වැඩසටහනට අනුබද්ධ නැෂනල් ජියෝග්රැෆික් වෙබ් පිටුවේද සටහනක් තබා තිබුණා. කැලිෆෝනියාවේ පදිංචි නැෂනල් ජියෝග්රැෆිල් සූපසාස්ත්ර විචාරකයෙකු වන මාගරීටේ රිචර්ඩ්ස් ශ්‍රී ලංකාවේ කල සංචාරයකදී ඇය ශ්‍රී ලාංකික ගෘහණියක් සමග ...
පොල්තෙල් අගුණ යයි ප්‍රචාරය කොට ෆාම් තෙල් විකුණාගත් බහුජාතික උගුල Exploring Science And Technology පොල්තෙල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්‍රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට පොල් හෝ පොල් යහමින් භාවිතා කරයි. එමෙන්ම කිරි බතටද යොදන්නේ පොල්කිරිමය. ඒ හැරුණුකොට අපගේ ආහාර සංස්කෘතියේ සියලු අතුරුපස පාහේ ...
මිනිස් මළ අපද්‍රවලින් පෙට්රෝල් හා ඩීසල් හදන ක්‍රමයක්! Exploring Science And Technology Bio Crude බවට පත්කිරීමට පෙර මළ ද්රව්යඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දිනකට ලීටර් බිලියන 128ක පමණ මළ අපද්‍රව්‍ය ඉවත් කෙරෙනවා. එනම් වසරකට ලීටර් බිලියන 46,720 වල මේ අපද්‍රව්‍ය වලින් ජීව බොරතෙල් (bio crude oil) ලීටර් බිලියන 4800ක් පමණ නිපදවිය හැකි සරල ක්‍රමයක් සොයාගෙන ඇති අතර මෙම ජීව බොරතෙල් වලින් පෙට්රෝල්, ඩීසල් හා භූමිතෙල් නිපදවීමට හැකි බව තහවුරුවී ඇත.අමෙරිකානු බළශක්ති දෙපාර්තමේන්තුවට අයත් ...