බ්ලොගේ ලියන්න ඕනේ මොනවද??? නොනිමි අහස අවතාර් මේ දවස් වල සෑහෙන අවුලකය.ඒ උඩින් ඇති ප්‍රශ්නයට පිලිතුරු සේවීමේ හි ලාය.ලියන්නට නම් බොහොමයක් දේ හිතට එයි.ඒත් අවතාර් ලියන කෙනෙක් පමණක් නොවන නිසාත් බොහොමයක් සිංහල බ්ලොග් කියවන නිසාත් ඒ ඒ දේවල් ලිවිය හැකිද යන්න ගැටළුවකි.දැනට ලියූ දේත් බොහෝය.ලියා ඇති පබ්ලිෂ් කර නොමැති ඒවාද තිබේ.ඒවා අතරින් කොපමණක් ඉවත් කල යුතුද යන්න සැකයකි.මේ පෝස්ටුව ලිවීමට පෙරද සෑහෙන්න සිතා බැලීමි.ඒ දික් ...
ආදරය මේ තරම් විරහද? | මා දුටු ලව් බූට් නොනිමි අහස මේ ලියන්න යන එකේ ප්‍රධාන චරිතේ අවතාර්ගේ හයේ පන්තියේ ඉඳලම යාළුවා.ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස්වෙලා ටවුන් එකේ ඉස්කෝලේට ගිය මගේ පලවෙනි යාළුවා උනේ ඌ.හය වසර හත වසර ගෙවිලා යද්දි ඔන්න කාටත් වදින ඊතලේ අපේ උන්ටත් වදින්න ගත්තා.පන්තියේ හිටිය කොල්ලෝ ගාණයි කෙල්ලෝ ගාණයි වෙනස් උනේ පොඩි ගාණකින් .මතක විදිහට කෙල්ලෝ දෙන්නෙක් වැඩියෙන් හිටියද කොහෙද.අට වසරේ දී පන්තියේ කොල්ලෝ බොහොමයකට හිටපු කෙල්ලන්ගේ ...
බ්ලොග් එකේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත් නොනිමි අහස සමා වෙලා පහල ලින්ක් එකෙන් යන්න.මගේ පබ්ලිෂින් වල මොකක් හරි අවුලක් වගේ.ඒ ගැන දන්න අය හේතුව මොකද්ද කියලා යනවනම් ලොකු දෙයක්. http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html
බ්ලොගේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත් නොනිමි අහස අවතාර් අද ටිකක් වෙනස් දෙයක් ලියන්න කල්පනා කරා.බ්ලොග පටන් ගත්තට පස්සේ මුල් කාලේ මේ වගේ ලිපි කීපයක් ලිව්වා මතකයි .සෑහෙන කාලෙකට පස්සේ අද තමා මෙහෙම එකක් ලියන්නේ.මේ පෝස්ට් එකට හේතුව අවතාර්ට බ්ලොග් ලිවිල්ලෙදි ඇතිවුන ප්‍රස්න දෙකකට විසඳුම් අවතාර්ම හොයා ගැනීම 1. සමහරු බ්ලොගේ කමෙන්ට් වල පින්තූර දානවා ඇයි අපිට බැරිද? 2.තව අය කමෙන්ට් කරද්දි ඩිරෙක්ට් ලින්ක් කමෙන්ට් කරනවා ඇයි ...
මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (3 කොටස ) නොනිමි අහස පළමු කොටස දෙවන කොටස සෙනුරි දෑස් හැර බැලූ විට සම්පතුත්,කමලාත් ,පියලුත් තමා දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. ඇය සම්පත්ගේ උදව්වෙන් අපහසුවෙන් කෙලින් වී ඇඳ වියලට හේත්තු වී ඉඳ ගත්තාය.තවමත් හිස තරමක් ඇදුම් කන බව ඇයට දැනිණ. “ මට මොකද උනේ සම්පත්““ ඇතුලට එද්දි බේබි කලන්තේ දාලා වැටුනා.පුංචි මහත්තයා උස්සගෙන ඇඳට අරන් ආවේ ““ මගේ ඔලුව තාමත් රිදෙනවා කමලා ...
අදින්නයි දාන්නයි ඇතිවුන ආසාව නොනිමි අහස අවතාරුත් කතාවක් ලියන්න පටන් ගත්තනේ ඒකේ කෑලි දෙක තුනක් එක දිගටම ගලපලා හිතුනා වෙනස් දෙයක් ලියන්න.කතාවක් ලියන එකත් සෙල්ලං නෑ නෙහ් .වැඩ්ඩා වගේ ලියන්න ගත්තට ලියාගෙන යද්දි තමා අමාරුව දැනෙන්නේ .නවකතාව සම්පූර්ණයෙන් හිතේ මවා ගෙන අවතාර් හෙන ගේමක් දෙනවා මේ දවස් වල ඕකට.කොහොමහරි වැඩේ අතාරින්නෙත් නෑ.පටන් ගත්තු විදිහටම ලස්සනට ලියන් යන්නයි අවතාර්ගේ බලාපොරොත්තුව.ඒක පැත්තකින් තියලා අද එකට බහිමු. අවතාර් ...
ලියපු ලියුම් දැන් පනහයි ආයුබොවන් නොනිමි අහස පහුගිය දෙසැම්බරයේ සීතල රෑක මෝඩම් කටුව දරමින් ඔහුගේ අතක බ්ලොගයක් පටන් ගන්නට ඕනේ නවක හිතමින් නැවතුනා ජංජාලේ තැනක කියවලා නේක අයුරින් ඇති බ්ලොග් අඩවී ගන්නට පටන් බ්ලොගයක් ඔහු හට සිත් වී සනෝජ්ගේ උපදේසෙන් වෙමින් සවී ඇරඹුවා ගමන බ්ලොගයක් සැදුමට යාවී ගූගල් දෙයියගෙන් වැඳ අවසර ගත්තා උන්නැහැ දුන්න වෙබ් ලිපිනය අරගත්තා දන්නා තරමේ වැඩ කෑලිද එයට ඔතා බ්ලොගේ නමට නොනිමි ...
ඔබ මගේ සිහිනයයි මා සිතින් ප්‍රේම කල නොනිමි අහස පස් වස සිසු ඉම ජයගෙනසිප් කිරෙන් වැඩෙනු වස්ප්රාථමිකයට සමු දී නගරයේ සිප් මවගෙ තුරුල්ලට පැමිණියෙමු නව විදු මව පිළිගන්නට කුහුලින් බලා සිටි පිරිස අතර ඔබත් එක් මිතුරියක් විය මිතුරු ඇසුරෙන් දින සති මාස ගතවී තුරුණු වියට පා තබා විදු මව සෙවනේ එකට අකුරු කලෙමු ආදරය කිමදැයි නොතේරෙන වියක මිතුරන් අතරින් ඔබේ රුව දකින්නට සිත වෑයම් කලේ මන්දැයි තවම මම ...
සී ලන්කන් හයර් එඩියුකේසන් | විහිළුවක් පමණක්ම නෙවේ නොනිමි අහස උදේ ඉඳලම කොම්පීතරේ ඉස්සරහ ඉඳලා ඇස් දෙකත් රිදෙනවා.මේක උණු වෙලා වැක්කෙරෙන්න කලින් ඕෆ් කරන්න ඕනේ .නැත්තම් මේ සල්ලි නැති වෙලාවේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරාද මොකාද කඩන් වැටෙන සීන් එකක් වෙන්නේ .ඉස්තෝප්පුවට ගිහිල්ලා සීයගේ හාන්සි පුටුවෙන් වාඩිවෙලා පත්තරයක් අතට ගත්තේ කියවන්න කියලා.ෂහ් මේකේ ඉඳගත්තාම මාර ගැම්මක්නේ එන්නේ.ඒක තමා සීයා කාරයා පත්තර බලන වෙලාවට අපි කතා කරත් නෑහුනා වගේ ඉන්නේ.බලන්න කියලා ගත්තට ...
ගූගල් එක්ක මැජික් කරමු නොනිමි අහස අන්තර්ජංජාලේ ජරමරේ ඉන්නකොට අවතාර්ට හම්බවුනා ගූගල් එක්ක කරන මැජික් ටිකක්.මොලේ කොලොප්පම් වෙන බ්ලොග් කියවන අතරේ මේ වගේ දෙයකින් මොලේට පොඩි ඉස්පාසුවක් ලැබෙයි.වැඩි විස්තර මොනාටද පහල තියෙන එව්වා ඒ විදිහටම කොරලා බලන්න. ගූගල් පිටුව වටයක් කරකවමු do a barrel roll කියන එක කොපි කරගෙන සර්ච් බාර් එකේ පේස්ට් කරන්න.ගූගල් පිටුව බබා වගේ වටයක් කැරකෙයි. ගූගල් පිටුව බිමට සමතලා කරමු Google ...
රු.28 න් දවසට 2GB+ ඩවුන්ලෝඩ් කිරීම.(අවතාර්ගේ අන්තර්ජාල විත්ති 2 ) නොනිමි අහස අවතාර් අන්තර්ජාල කෙරුවාව පටන් ගත්තු හැටි ඩයොලොග් උන්දල අවතාර්ට සලකපු හැටි ගැන කලින් පෝස්ට් එකක කිව්වානේ.අද කොටන්න බලාපොරොත්තු ව ඒකෙ දෙවනි කොටස.කලින් එක බලලම මේක බලන්න ඕනේ කියලා හිතෙනව නම් මෙතනින් ගිහිල්ලා ඒක බලලම එන්න. අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1 පස්සේ අවතාර් සියල්ල අතෑරලා දාලා අන්තර්ජාල ගත වෙන්න අලුත් ක්‍රමයක් සොයමින් හිටියා.අවතාර්ගේ නෑදෑ වෙන අයිය කෙනෙක් ඉන්නවා රුහුණු කැම්පසියේ.මිනිහට තියෙන්නෙත් ...
පින්බර වෙසක් නොනිමි අහස වෙසක් කාලේ කියන්නේ ඇත්තටම හිත් වලට සහනයක් ලැබෙන කාලයක්.මේ කාලෙදි මිනිහා වගේම පරිසරයත් සන්සුන් වෙන කාලේ.එක දිගට මාස ගනන් පායලා ඊට පස්සේ තද වැහි වැහැලා පරිසරය සන්සුන් වෙනව එක්කම තමා වෙසක්,ඇසළ, පොසොන් ලබන්නේ.තථාගතයන් වහන්සේගේ තෙමඟුල සිදු වුන පින්බර දවසක් තමා හෙට උදා වෙන්නේ.ගමයි නගරයයි දෙකම එක විදිහට වෙසක් මංගල්‍ය සමරනවා. බුදු දහම කියන්නේ නියත වශයෙන්ම සත්‍ය ධර්මයක්.ඒ හින්දා තමයි ...
කොම්පියුටරේ ලෙඩට පිළියම් කලෙමි නොනිමි අහස සති අන්තේ ගෙදර ආපු වෙලාවේ නිවාඩුපාඩුවේ බ්ලොග් පැත්තේ රවුමක් දාන්න පටන් ගත්තා.සෑහෙන දවසක ඉඳන් කොම්පීතරේ ඇතුලේ ෆෑන් එකක් එහෙන් මෙහෙන් කෑ ගගහා තිබුනා.ඒක ඉතින් කොම්පීතරේට වැඩි ඉෆෙක්ට් එකක් නැති හින්දා සති තුන හතරක්ම ඉවසගෙන හිටියා.ඔය අන්තර්ජාංජාලේ එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා 12 ජාමෙත් පහු කොර ගත්තා.මෙන්න යකෝ එක පාරටම එලාම් එකක් ඇහෙනවා.හරියට නිකන් අවතාර් ඒ කාලේ ප්ලේ කොරපු IGI ...
මට අයිති දිනයක් ලු අද නොනිමි අහස හිරු සමඟ අවදි වී වැඩ මුරය පිලිගන්න වැඩබිමට පියනඟන අතරතුර.......... දහස් ගණනක පිරිසක් එක් වී හඩ තලයි යකඩ කට කුමන මීටිමක්ද හිතේ කුහුලින් වැදුනෙමි ජනයා අතරට....... ජාතික ඇඳුමින් සැරසුන මැතිතුමෙක් කතා කරයි කන් දෙදරා යන තරමට “කම්කරුවා අපේ කෙනෙක්........ “ “කම්කරුවා රැකගනිමු........... “ “කම්කරු අයිතීන් වෙනුවෙන් නැඟී හිටිමු ............“ මොනතරම් පුදුමයක්ද මේ තරම් පිරිසක් මේ තරම් ආවේගයක් මා වෙනුවෙන්....... ...
මාසයකට සීමා වුන අන්තර්ජාල සම්බන්ධතාවය (අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1 ) නොනිමි අහස අවතාර් මූණු පොතේ ගිණුමක් එහෙම හදා ගෙන අන්තර්ජාලයට පළමු පියවර තියන කාලෙදි අවතාර්ගේ දුක සේවාදායකයා වුනේ මොබිටෙල්.ඒ කාලෙදි අන්තර්ජාලෙට පියමැන්නේ ඕකෙ තියෙන මෙගාබයිට් 50/100 පැකේජ වලින්.ඊට පස්සේ අවතාර්ගේ දුක සේවාදායකයා ඩයලොග් වලට මාරු වෙනවා.ඊට පස්සේ ඩයලොග් වල තියෙන පැය ගානට අය කරන පැකේජ පාවිච්චි කලා.ඔය විදිහට යද්දි අවතාර්ට වැටහෙනවා ඒ වැඩේ ගැලපෙන්නේ නෑ කියලා.පැය 2කට අන්තර්ජාලෙ ඉඳලා මොනවා කරන්නද?ඒ ...
මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (2 කොටස ) නොනිමි අහස මිලින වූ සඳ පළමු කොටස “අපි කොහෙද ඉන්නේ සම්පත් ? ““අපි දැන් ළඟයි සෙනූ තව පැය භාගයකින් විතර අපිට වලව්වට යන්න පුළුවන් ““පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරලා ඔයාට මහන්සි නැද්ද ? ““ කමක් නෑ තව ටික දුරයිනේ ““ අපි පොඩ්ඩක් මේ හරියෙන් ඉඳලා යමු සම්පත්.ඔයාගේ මහන්සි පාට මූණෙන් පේනවා “ ඇය කීවේ සත්‍යයකි.සම්පත්ගේ විඩාබර බව මැනවින් මූණෙන් පෙනිණි.පැය ...
widget නැතිව blogger වලින්ම බ්ලොග් එකේ වැඩ දාමු නොනිමි අහස අවතාර් නොනිමි අහස පිලියෙල කරන කොට වැදගත් වුන දේවල් ටිකක් කොටන්න හිතුනා.වරතමානයේ බ්ලොගි වල මේ ස්වරූපය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙනවා.කැමති අය ඉන්නවනම් තම තමන්ගේ බ්ලොගි වලටත් මේ දේවල් ඇඩ් කොරගන්න පුළුවන්. පෝස්ටුව සම්පූර්ණයෙන් නොපෙන්වා read more ආකාරයට කුඩා කොටසක් පෙන්වීම සාමාන්‍ය විදිහට බ්ලොග් එකට පොස්ට් එකක් දැම්මහම මුළු පොස්ට් එකම පෙන්නනවා.ඒ වෙලාවෙදි මුල් පිටුවේ තියෙන සේරම පොස්ට් මේ ...
අන්ධ නොවූ සෙනෙහස........(එක් සත්‍ය කතාවක්) නොනිමි අහස අවතාර් අද කොටන්න ලක ලෑස්ති වෙන්නේ වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන.ඇත්තටම මේක අවතාර් ගේ නිර්මල හද පතුලටම කිඳා බැහැපු නිසා තමා කොටන්න හිතුවේ.තමන්ගේ බඩින් වදපු දරුවා පළවෙනි හුස්ම ගන්නත් කලින් ඒ දරුවගේ බෙල්ල මිරිකල දාන එහෙමත් නැත්තම් ළඟ තියෙන ඇලට කාණුවට විසික්කරල දාලා යන හය හතරක් නොතේරෙන කිරි සප්පයින්ව මහ මඟ දාලා යන උදවිය ඉන්න අපේ රටේ මෙහෙම අයත් ඉන්න ...
බසයක් තුල නිදි වර්ජිතව නොනිමි අහස හා හා පුරා කියල අලුත් අවුරුද්දට පස්සේ ඕං අවතාර් නොනිමි අහසත් වෙනස් කොලා.දැං කස්ටිය බලයි යකෝ මූ අහස වෙනස් කරන්න දෙයියොද කියලා.අවතාර්ට හිතුන අඳුරෙන් එළියට යන්න.අඳුරෙන් එළියට විතරක් නෙවි ඔය “අවතාර්“ කල එළි බහින්නෙත් මේ පෝස්ටුවත් එක්කම තමා.නොනිමි අහස කලින් අඳුරු තේමාවක තිබුන බව මේ පැත්තට ගොඩ වුන අය දන්නව.ටික දවසකට කලින් අවතාරුත් පුරුද්දට වගේ අන්තර්ජංජාලේ කරනම් ගහන අතරෙ ...
සුභ අලුත් අවුරුද්දක් වේවා! නොනිමි අහස රතිඤ්ඤා වල පට පට සද්දෙත් එක්කම තවත් අලුත් අවුරුද්දක් උදා වුනා.සෑහෙන කාලෙකට පස්සේ අලුත් අවුරුදු නැකැත් රෑ කාලේ යෙදිල තියෙන නිසා මේ අවුරුද්දේ පොඩි වෙනසකුත් තියෙනවා වගේ දැනෙනවා.හැබැයි ඉතින් මට දැනෙන විදිහට අපි පොඩි කාලේදි අලුත් අවුරුද්දේ අපිට දැනුන සතුට දැන් නෑ.අපි පොඩි කාලේ ගැන මතක් කරද්දි කාලය කොයි තරම් ඉක්මනට ගෙවිලා ගිහිල්ලද කියල හිතෙනවා.ආයේ එන්නේ නැති ඒ කාලේ ...