සූටි කාලේ කතරගම මතකය නොනිමි අහස කරන්න දෙයක් නැතුව මනෝ පාරක් දාගෙන ඉන්න වෙලාවක හිත ඉබේටම පොඩි කාලෙට ගියා.පෙර පිනකටද කොහෙද මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලමා කාලයක් අපිටත් තිබුනා.දැන් ඉන්න ළමයි වගේ කීබෝඩ් එක හපා ගෙන කම්පියුටර් ගේම් ගහන කාලයක් අපිට තිබුනේ නෑ.ඒ දවස් වල ඒවා හීන තමයි.දැන් ඉන්න පොඩි උන්ගෙයි අපේ පොඩි කාලේයි ගැන ලියන්න ගියොත් ඒකට පෝස්ට් එකකුත් මදි.ඒ හින්දා ඒක පැත්තකට ...
බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල් නොනිමි අහස කලු කර ගෙන එන වැස්සට කලින් ගෙදර පිටවෙන්නට හවස ලෙකට තිත තියලා පැන්නා මම මහ පාරට කොටන එකේ හොඳම එකෙන් බස් එක කොට කොට යනකොට හැමදා එන නිදි දෙව්දුව ආවා මගේ දෑස ළඟට බස් එක හෙමිහිට යනවා ඇස් දෙක මගේ පිය වෙනවා ඉබි ගමනින් යන බස් එක තවත් තැනක නවතිනවා ඇරුණු පාසලක් කියලයි මගේ හිත මට කොඳුරන්නේ එකයි තිහේ ...
සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද? 16++ නොනිමි අහස දවස් ෙදක තුනක ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ ...
මහපාරේ ඇඳුම් ගැලවුන හැටි නොනිමි අහස අවතාර් කලින් රැකියාව කල ආයතනයේ අලුත් සයිට් එකක ඕපනින් එහෙකට යන දවස උදාවිය.යන්න තීරණය කලේ කිමී 50 විතර ඈතින් ඉන්න සින්නෙකුගේ ඩිස්කවරියක නැඟීය.ඒ කාලේ දුකට සැපට දෙකටම ළඟ හිටියේ ඩිස්කවරියය.අපිටනම් යාපනේ යන්නට කිව්වත් යන්නේ ඩිස්කවරියෙන්ය.ඒ වෙනත් වාහන නොතිබි නිසාය.අවතාර් පෙර දින ජංගමයාට එලාම් තබා නිදාගත්තද පසු දින එලාම් වදින විට ජංගමයා කොට්ටේ අස්සේ ගහගත්තේය.අතපසු වීමකින් සිදු වූ දේ නිසා ...
අඩු ගානට එළිය දෙන බල්බ් මාරයා ( CFL දාන්න කලින් දෙපාරක් හිතමු) නොනිමි අහස කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පලමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර ,බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ,ඉනුත් මාස කිහිපයක් යන තුරුම ...
කපිලවස්තුපුර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ගොස් ජීවිත වලින් වන්දි ගෙවීම | ආශ්චර්යමත් රටක සංවිධාන ශක්තිය නොනිමි අහස කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේ මේ වන විටත් බැතුමතුන් දස දහස් ගණනකගේ වන්දනාමානයට ලක්වෙමින් සිටී.තවත් දස දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍රවීමටද නියමිතය.මුල සිටම මේ පිළිබඳ ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටි නමුත් මේ ලියවෙන්නේ බලාපොරොත්තු වූ ලිපියට හාත්පසින්ම වෙනස් වූවකි.ඒ ලියන්නේ ද මහත් වූ කලකිරීමෙන් යුතුවය.මේ ලියන්නේ මාධ්‍ය වල පත්තර වල නොකියවෙන සත්‍ය ගැන ය. පසුගිය දිනක කැළණිය මානෙල්වත්ත විහාරයේ පැවති ධාතූන් වහන්සේ ...
ලංකාවේ දැනට භාවිතා වන සිම් හා උපකාරක සේවාවන් නොනිමි අහස ඔන්න එදිනෙදා ප්‍රයෝජනයට වැදගත් දෙයක් වෙච්ච සිම් (sim) ගැන පෝස්ටුවක් ලිවුවා.සිම් (sim) පාවිච්චි කරන අය ඒකෙන් ගන්න පුලුවන් සේවාවන් ගැන වැඩිය දන්නෙ නෑනෙ, ඔන්න ඉතින් අවතාර් කරපු වැඩේ කරුණු ගළපල පෝස්ට් එකක් දැම්මා.කියවල බලන්න වටින කියන දෙයක් තියෙනවද කියල ඔයාලටත්,•) Dialog* සිම් එක කාගෙද - #132#* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#*ගිණුමේ ශේෂය ...
නත්තල් සීයේ අත්තටගේ සර්ට පින්සිද්ද වෙන්ට විද්‍යාව ගොඩ ( කාටූන් ටොක්ක) නොනිමි අහස ආගම් බේදයක් නැතුව අද අනිත් හැමෝටම වඩා සතුටෙන් ඉන්න පිරිසක් ඇත.ඒ ඕලෙවල් ලියපු ලමයිනුත් ඒ අයගේ අම්මලාත්ය.තම තමන්ගේ පේපර් වල මුල් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහනවයකට ලකුණු දැනටමත් ලැබී ඇත.ප්‍රශ්න වලට අත තියාවත් නැති උනත් මේ ප්‍රශ්න 19යේ ලකුණු විබාගේ ලියපු සේරටම ලැබෙන්නේ අද එක උත්තමයෙක් නිසාය.ඒ අත් වැරදීමකින් ප්‍රශ්න ඉස්සරහින් එතුමාගේ මූණ දක්වමින් හෙම්බිරිස්සාව වදින්නම නාගත් සම්පත් අත්තටගේ සර් ...
සරම.. මගේ සරම.. අයියෝ සරම.... නොනිමි අහස අද එකපාරටම සරම ගැන ලියන්න හිතුනේ මොකද කියා අවතාර්ටම හිතාගන්න බැරිය.අවතාර්ගේ ඇඳුම් අතර නම් සරමට හිමි වන්නේ ප්‍රධාන තැනකි.ඒ අනිත් ඇඳුම් සේරටම වඩා සරම අවතාර්ට සුවර් හින්දාය.සරමේ කතාව කොතනින් පටන් ගන්නද කියා කල්පනා කරන විට අවතාර්ගේ සූටි කාලය මතකයට නැගෙයි.මුලින්ම අවතාර් සරම් ඇන්දේ දහම් පාසල් යන්නටය.ඉස්කෝලේ අඳින නිල් කොට කලිසම ඇඳ එයට උඩින් සරම ඇන්දේ එහෙ මෙහෙ දුවන දිවිල්ලට ...
අවතාර්ගේ කුජීත කාටූන් ඇහෙන් දකින මීළඟ බ්ලොග් හතර නොනිමි අහස තහනම් අඩවියේ රජා ඇතුලු පිරිස අමුතු සයිට් විසිට් එක ගිය වෙලේ අඩවි රජා රාජ තේජසින් කක්කා කරද්දී කොලොප්පම් කල එවුන්ට රාජකීය පොල්ල දිගු කිරීම.(රජාගේ සහජ ඉන්ජිනේරු මොලය පාවිච්චි කර හබරල කොලයකින් රාජකීය අහවල් තැන වසාගෙන සිටී) තරියාගේ කෙරුවාවේ තරියා නිව්ටන්ගේ රහස් නියමය තුන ගැන පරීක්ෂා කරන්නට ගොස් ඇපල් ගහක් යටට වී ඇපල් ගෙඩියකට හිස යොමාගෙන සිටී.අවාසනාවකට ඇපල් ගසේ සිටි ...
පොන්* ඇනෝලගේ ලැජ්ජ නැති වැඩ | හිනා වීමට කැමති අයට නොනිමි අහස කාලෙකට පස්සේ ලියන දෙවෙනි පෝස්ට් එක.කස්ටියට අවතාර් කොලුවව අමතක වෙලා කියලා හිතුවට බැලින්නම් සෑහෙන දෙනෙක්ට එහෙම එකෙක් හිටියා කියලා මතකයිනේ.ඒ ගැන අවංකෙන්ම සතුටුයි.හැමදාම අවතාර් එක්ක හිටපු සැමා,DDT,තරුවා,නාඩියා,බංඩා ,කෝරලේ ,රූ අක්කා,රාජ් ...................තව කට්ටිය හිටියා ඈ.සේරටම තෑන්ක්ස් කොල්ලට හොඳ පිළිගැනීමක් දුන්නට.දැං ඉතින් ආයෙත් පෝස්ට් නොලියා ඉන්න පුළුවන් ද?වෙලාව ඇති විදිහට අනිවා ලියනවා.ඒ කොහොම වෙතත් අවතාර් කලින් පෝස්ට් එකේ කිව්වනේ කට්ටිය ගොඩ ...
අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද??? නොනිමි අහස අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය. කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර් එවෙලේ පටන්ම ජංගම දුරකථනයට ...
කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ. පළමු කොටස දෙවන ...
නොනිමි අහසේ ආයෙත් ලියන්න.......... නොනිමි අහස අවතාර් නමින් නොනිමි අහස කියලා තැනක ලියපු එකෙක්ව මතකද දන්නේ නෑ කස්ටියට නේ?ගොඩක් අයට අමතක ඇති අවසාන පෝස්ට් එක දැම්මෙත් දැනට මාස 6කට කලින්ද කොහෙද.ඒකත් සුනාමි ආවා ගියා වගේ තමා.නිකමට අද ෆ්‍රී එකේ ඉන්න නිසා පරණ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා බ්ලොගර් ලොග් උනා.(නොනිමි අහසේ මොන වගේද කියලවත් මට මතක නෑ කියහල්ලකෝ ) එහෙම ඇවිත් බලපුවහම බ්ලොගර් අද ...
අජන්තා වල ලොකු වට්ටක්කා සීගිරියේ මිනි වට්ටක්කා නොනිමි අහස කලින් ලියවුනු ඒ ලෙවල් සෙමිනා මතක සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද ? මේ කතාව චිත්‍ර සෙමිනා එක ගැන.දැන් අහන්න එපා චිත්‍ර නොකරපු උදවිය චිත්‍ර වලට අහවල් සෙමිනද කියලා.ප්හු ඒවාටත් පාඩම් කරන්න දේවල් එමටයි ඈ.අපේ පන්තියේ චිත්‍ර කරපු කස්ටිය ගැන කිව්වොත් මුල්ම දවස්වල හිටියේ තුන් හතර දෙනයි.පන්තියේ සේරම වගේ හිටියේ සංගීත කාමරේ.ඇයි මුන්දලා හිතන් ඉන්නේ සංගීත තමා ලේසිම ...
අධ්‍යාපනය,ක්‍රිකට් මැදි උන මගෝඩිස්තුමාගේ නාඩගම නොනිමි අහස වේදිකාවේ තිරය ඇරේ.සුදු පැහැති ජාතික ඇඳුමක් ඇඳගත් පුදගලයෙක් යමක් කල්පනා කරන අයුරින් වේදිකාව මත ඔබ මොබ ගමන් කරයි.ශරීර හැඩයෙන් ඔහු දේශපාලඥයෙකු බව අනුමාන කල හැකි ය.එනම් ඉදිරියට නෙරා ආ මහත් වූ උදරයෙනි.මද වෙලාවකින් පසුව එවැනිම ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙක් කලබලයෙන් වේදිකාවට පැමිණේ.එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ දෙබස් වලින් ඉදිරිපත් කිරීම මැනවි යයි සිතේ. මොකද බන් මේ උදේ පාන්දර හති දාගෙන කුකුලත් ...
සරම.. මගේ සරම.. අයියෝ සරම.... නොනිමි අහස අද එකපාරටම සරම ගැන ලියන්න හිතුනේ මොකද කියා අවතාර්ටම හිතාගන්න බැරිය.අවතාර්ගේ ඇඳුම් අතර නම් සරමට හිමි වන්නේ ප්‍රධාන තැනකි.ඒ අනිත් ඇඳුම් සේරටම වඩා සරම අවතාර්ට සුවර් හින්දාය.සරමේ කතාව කොතනින් පටන් ගන්නද කියා කල්පනා කරන විට අවතාර්ගේ සූටි කාලය මතකයට නැගෙයි.මුලින්ම අවතාර් සරම් ඇන්දේ දහම් පාසල් යන්නටය.ඉස්කෝලේ අඳින නිල් කොට කලිසම ඇඳ එයට උඩින් සරම ඇන්දේ එහෙ මෙහෙ දුවන දිවිල්ලට ...
කුඹුර,ගොවිතැන සමඟ බැඳුනු මිහිරි අතීතය..... නොනිමි අහස මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුය යන කියමන එදාට වඩා අදට මැනවින් ගැලපෙන්නේය.මන්ද අද තරුන පරපුරට වෙලකට බහින්නට කිව්වොත් ප්‍රතික්ෂේප නොකරන්නේ සීමිත පිරිසක් බැවිනි. ගම්බද පරිසරයක හැදීවැඩුනු අයෙකු ලෙසින් මා හට නම් ඇත්තේ කුඹුර,ගොයම,ගොවිතැන සමඟ බද්ධ වූ ළමා කාලයකි.කුඹුර සහ ගොවිතැන කුඩා කලදී අරුමයක් නොවන්නේ පියා ගොවිතැනේ නිරත වීමත් විශාල වෙල් යායකින් සමන්විත වුනු ගමක හැදී වැඩීමත් ...
මරු විකල්ලෙන් නටන හුක්කඩි නැටිල්ල (ගමේ කතා ) නොනිමි අහස ඉස්සර අවතාර්ලා සූටි කාලේ ගමේ හිටපු වැඩිහිටි අය ඉන්න තැන් වලට ඒ කියන්නේ අවතාර්ලගේ වෙලක වැඩකට ඒ අය ආපුහම ගමේ පොදු වැඩක් කරන්න කස්ටිය සෙට් උනහම උන්දලා කතා කරන මාතෘකා ටිකක් තිබුනා.අවතාර් මේවයෙන් වැඩියෙන්ම ආස කලේ ඒ කාලේ ගමේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ කරපු කුපාඩි වැඩ ගැන අහන්න.ඒ කාලේ ගමේ හිටපු නසනාරි දෙන්න අයිය මලෝ දෙන්නෙක්.මුන් දෙන්න එකට හිටියොත් හිරේ ...
එක් කක්කා කතාවක් | සිත්තර ඇතුලත්ය නොනිමි අහස අවතාරයට පොඩි අවුලක් තියනවා කෑම පැත්තෙන්.කරන ගොන් වැඩ වලටද මන්දා ගොන් කිරි නිෂ්පාදන මොනවත් කටේ තියන්න බෑ.වැරදිලා වත් කෑවොත් දිවට දැනුණ රහ යන්නත් කලින් පස්ස දොරෙන් සේරම එලියට දාන්ඩ ඕනේ.ඒ කියන්නේ අවතාර්ගේ බඩ කිරි වර්ජනය කොරනවා. ලියන්න යන සීන් එක අවතාර්ගේ සුන්දර ඕ ලෙවල් කාලේ එකක්.හවුස් මීට් එහෙම තිබුන කාලේ තරඟ තිබුන දවසක්.හවුස් මීට් දවසට මාර්ච් එකට එහෙම කස්ටිය ...