නිහඬ සම්භාවනාව පුදන්නට | සොළොස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! විශ්ව මංගල්‍යයට ලැබී තිබුණා ඇරැයුම් ඉන්ම මා දිවියට ආසිරිවාද ලද්දෙම්. මා දෑස දකින'තර මා සවන සවන් දුනි.මේ මංගල්‍යයේ මගේ පැවරුම වීය තුරු නද වැයුම ඉටු කළෙම් එය මා සතු සියලු සවියෙන් කිව මැනවදැන් කාලය පැමිණ නොමැතිද පැමිණ ගෙතුළට ඔබේ මුව දෙස බලමින් පුදන්නට මාගේ නිහඬ සම්භාවනාව __________________________________________________________________I have had my invitation to this world's festival, and thus my life has ...
මුළු ගැන්වුණ අසුන මගේ | පසළොස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! පැමිණියෙමි මම ගයන්නට ඔබේ ගීතය. මේ විසල් මණ්ඩපය තුළ මුළු ගැනුණු අසුනක් හිමිව ඇතඉටු කරන්නට මා අත ඔබේ ලොව තුළ කිසිත් නැත නිෂ්ඵල වූ මා දිවිය හසරක් නොදුටු ස්වර සංහිතාවක් සේ බිඳෙනු මිසමැදියමේ අඳුරු දෙවොලත නිහඬ පිණිපා හෝරාව එළැඹි කල විදන් දෙනු මැනවි ඔබ අබියස ගයන්නට මා ස්වාමිනීහිමිදිරි නලින රන් වෙණ තත් සුසර වන සඳ සම්භාවනාවකි මට ඇණවුම ඔබ අබියස ...
සදා පිළිකෙවුමේ සපිරි පිලිගැනුම | තුදුස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ආශාවන් බෝ ය දුක්මුසුය මා වැළපුම නමුදු ඔබැ රළු පිළිකෙවුම මුදවා ගනී මා නිරතුරුව. ඒ මහා කරුණාව සපැමිණ හැඩ තලයි ජීවිතය පිරිසැර ගෙවෙන දිනයක් පාසා ඉසුරුමත් කලෝ ඔබ මා නොයැදම ඔබෙන් මා ලද මේ අහස, මේ එළිය දිවිය, ගත හා මනස නම් සරල, මහර්ඝ තිළිණයෙන්. මුදවමින් මා ආතුර අපරිමිත ආශා පිරිපතින් ලැසිව ලතැවෙත විටෙක අලසව දිනුම ලුහුබැඳ දිවෙත අවදිව සැහැසිවී ...
ඔබ නිහඬ නම් | තුදුස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ඔබ නිහඬ නම්මම හිඳින්නම්ඒ නිහඬ නිසල බවදරාගෙන හද තුළරැඳෙන්නම් නිසලවරාත්රී නිදි වරිත තාරකා මෙහෙවර සේඉවසුමෙන් හිස නමාඑනු ඇති - සත්තකින්පෙර මඟ, අරුණෝදයසැඟව යනු ඇති, අඳුරු තිමිරය.එවිට ඔබැ කට හඬරුවන් දිය දහරක් වීගලා හැලෙනු ඇති,අහසින් පොළොවටඔබේ සුමියුරු වදන් වැල්සැලෙනු ඇතිවිහඟ කැදැල්ලෙකරැව් දෙන ගීතයෙකපිය පතක් වීඔබේ සුමියුරු මියැසි රාවයවිකසිතව රැඳෙනු ඇතිමල් කැකුළු සේතුරු ලැහැබ් මත__________________________________________________________________If thou speakest not I will fill my ...
ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ප්‍රගීතය.!මා ගයන්නට රැගෙන ආ,ගොළුව නිහඬව ඇතඅද වන තුරු ද වෙණ තත් සිඳිමින් දයළි යළිත් සදමින් දගෙවා ඇත මා දින ගණන්සුදුසු කාලය මෙතුවක් සැබෑවක් නොම විය,වදන් වැල් නිසි ලෙසබැඳී ගැලපී නොමැත.අහිමි පැතුමක අමිහිර පමණක්වෙලී පැටැලී රැඳී ඇත හදරන් නෙළුම තවමත්විකසිතව විවරව නොමැතඇසෙනුයේ සුළඟේ සුසුම් හඬපමණෙකිනො දැකීමි මම ඔහුගෙ රුවනො ඇසීමි මම ඔහුගෙ හඬඑහෙත් ඇසීමිදෙපා ගැටෙනා මුදු හඬ පමණක් නිවහන අබියස මාවතෙන් ...
ඔබ වෙත ම ළං වනු පිණිස ගෙවන දුර | දොළොස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! කල් ගත වීය බෝමඟ ද දිගු වේමා චාරිකාවේපැමිණියෙමි, රිය මත නැඟීප්රථම රැස් පොකුරේයාත්රා කළෙමි,සුවහසක් ලෝකයන් ගෙන්වල් වැදුණු විශ්වය තුළබොහෝ තරු කැට-ග්‍රහ මඩුලු මතමං ලකුණු තබමින්.ඔබ වෙත ම ළං වනු පිණිසගෙවන දුර ඔබමඟ වේ ලොවැ දිගුම!සරලතම ස්වර රටාවක්තොල මැතුරුමට කරන පුහුණුවපුහුණුවයි ලොවැ දැඩිම!තමන්ගේ දොරකඩ වෙතටඑළැඹෙනු පෙරාතුව සිදුවේ සන් කරන්නට යාත්රිකයාටබැහැර වූ අන් සියලු දොර පියන් මත!එළැඹෙනු පෙරාතුව අයකුටතමන් තුළම වූ පුදසුන ...
කොතැන දෙවිඳුන් වැඩ වෙසෙන්නේ? | එකොළොස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නවතන්න යාතිකා!නවතන්න නව ගුණ ගීතිකා!වැදී මේ පාලු දෙවොල තුළ දොරගුළු වසා සිරකොටඅඳුරු කොනකට වී හුදෙකලා පුදනුයේ කවරකුද ඔබ?දෑස් හැර දකිනු මැනදෙවිඳු ඔබ අබියස නොමැති වග!සිටී ඔහු! ගොවියාතුමුල් පස් පිඬු පෙරළනා තැනසිටී ඔහු! මං තනන්නාවිසල් ගල් කුළු බිඳ හෙලන තැනවරෙක සැඬ හිරු කිරණ සේ වරෙක සිහිලැල් සිරි පොදක් සේදූලි ගත දවටාගෙනසිටී ඔහු, ඔවුන් කැටි ව මසුපිරිසිදු සළු ඉවත ලාඑනු මැනව ඔහු ...
ඔබ පා කමල රැඳෙන තැන | දස වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! මෙතැන වේ පා පුටුව ඔබගේ පා කමල නිරතුරුව රැඳෙනා එතැන වේ දිළිඳුන් දුබලයන් මං මුලා වූ දනන් සරනා සිරස නමනා කරනු පිනිපාපතුල නොදකිමි රැඳෙන සිරි පා එතැන වේ දිළිඳුන් දුබලයන් මං මුලා වූ දනන් සරනා මමංකාරය ලඟා නොවනා බිමෙක ඔබ දළ වතින් සරනා එතැන වේ දිළිඳුන් දුබලයන් මං මුලා වූ දනන් සරනා මගේ හදවත මග නොදන්නා බිම් කඩෙක ඔබ නිබඳ ...
සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන් පිදෙන දෑ | නව වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නුනුවණය මේ ඔබේ වෑයමඔබෙම කරපිට නැගී යන්නද ?යාචකය මේ ඔබේ වෑයම ඔබෙම දොර අබියස යදින්නද ?සියලු දෑ දැරි ඔහුගෙ සුරතේ ඔබේ බර පොදි තබා යනු මැන !කිසි දිනෙක සන්තාපයෙන්හැරී ආ මග නෙත් නොලනු මැන !ඔබේ අබිලස් හුස්ම තැවරුණවිගස පහනින් එලිය විහිදෙයි අපරිශුද්ධයි, කිලිටි දෑතින් තිළිණ ඔබගේ ගැන්ම අකැපයි !සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන් පිදෙන දෑ පමණක්ම කැප වෙයි !__________________________________________________________________O Fool, try to ...
කුමාර බන්ධනය - අට වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! කුමර සළුපිලි පෙරෙවිරන් මිණි දමින් ගෙල බැඳිසිගිත්තා නො විඳී කෙළි දෙළෙහි ප්‍රහර්ෂය ඔසවන පියවරක් පාසා ගැටෙයි සළුපිලි ඔහු සමග සළු ඉරී වැරහැලි වෙතැයිධූලියෙන් එය කෙළෙසෙතැයිබියෙන් වෙන් වී ලෝකයෙන්නිසල වේ ඔහු හිටි පියවරින්පලක් වෙද මෑණියනි ඔබගේ බන්ධනය මේ විසිතුරු වලකාලයි නම් ඔහුමහ පොළෝ මවුනගෙ සුවදායී දුහුවිල්ලෙන්උදුරා ගනී නම් ඔහු හිමිකමපිවිසෙනු පිණිස මහ පොළොවේසොඳුරු මිනිසත් බව වෙතThe child who is decked with ...
විසිතුර උනාලූ මගේ ගීතය - සත් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! මගේ ගීතය ඇගේ විසිතුරු පිළිද අබරණ උනා ලයිසළු පිළිද සැරසුමෙහි අබිමනඇගේ මනසින් මුදාලයිබරණ විසිතුර අප අතර හිඳසම්ප්රයෝගය නසාලයිසිලි සිලිය එහි මගේ සවනින්ඔබේ මිමිණුම වසා ලයිඔබේ දැකුමෙන් මගේ කිවියරඅහංකාරය දියව ගොස්හිඳගනිම් කිවිසුරානනි මමපා කමල් අබියස ඔබේ !ඉඩ දෙන්න මට තනා ගන්නට අකුටිලව වස් දඬුව සේ දිවිය, ඔබ හට ඉඩහසර දී පුරාලන්නට මියැසියෙන් !My song has put off her adornments. She has ...
මේ සිඟිති මල් කැකුළ - හවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නෙලා රැගෙන යනු මැනමේ සිඟිති මල් කැකුළනොපමාව........!මිලානව එයදූලි මත වැදකෙලෙසෙතැයි මම බියවෙමි.ඔබැ උර තලෙහි රැඳෙනාමල් අමෙකඑයට ඉඩ අහිමි වුව,නෙලාගත මැන එයඔබේ දෑතේවේදනාබර ස්පර්ශයෙන් පුදමින්!මා අවදිවනු පළමුඅද දවස නිමාවීපිදුම් කල නිමාවී--යතැයි මම බියවෙමි.පැහැයෙන් සිථිල වුවසුවඳින් නොගැඹුරු වුවයොදාගත මැන එමල ඔබ සැනහුමෙහි;නෙලාගත මැන එමල, මේ සුදුසු කාලයෙහි.__________________________________________________________________Pluck this little flower and take it, delay not! I fear lest it droop and drop ...
ඔබේ දසුනෙන් වියෝවූ හද - පස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! දුන මැනව අවසර නිමේෂයකටඔබ පසෙක හිඳ ගැනුමටනිමා කරලනු පිණිස වූ සියළු දෑ මමඉන් පසුව හඟින්නෙමි.ඔබේ දසුනෙන් වියෝවූ හදනොදන්නෙය,සහනයෙක සැනැසුමෙක සේයාපලායයි සියලු දෑහසරක් නොදැන කැලැඹෙයිවෙරළක් නුදුටුසමුදුරු රළ පෙළක් මෙන් කවුළු දොරකඩ වෙත පැමිණිගිම්හානයේ සුසුම් හඬරහස් කෙඳිරිලි හඬ මට ඇසේමල් මියුරු අංගනයේබැඳුණු පැසැසුම් ගායනාමිහිලොල් හඬින් අනුරාව නැංවේ.මේ................!නිසොල්මනේ වාඩිවීඔබැ මුව දෙස බලාගෙනපිරී ඉහිරෙනසැනැසුමින් හා නිසංසල බවින් උපන්ජීවිතය ගැන බැඳුණුඋදාන ගී ගැයිය යුතුවේලාවයි.......!_________________________
හදවතේ ගැඹුරුතම පූජාසනයේ සිටී ඔබ - සිව් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! මගේ දිවියේ සාරය!වෑයම් කරමි නිරතුරුපිවිතුරුව තබා ගන්නට මා ගතදන්නා හෙයින් ඔබැ දිවමන් පහසමා ගත පුරා රැඳෙන බවවෑයම් කරමි නිරතුරු සිතිවිල්ලෙන්අසත්යය පලවා හරින්නටදන්නා හෙයින් සත්යයයපමණක්මැ බවදල්වා ලන්නේ විචාර බුද්ධියේ ආලෝකයවෑයම් කරමි නිරතුරු මා හදවතින් සියලු පාපය පලවා හැරආදරය රඳවන්නට මල් කැකුළකදන්නා හෙයින් හදවතේගැඹුරුතම පූජාසනයේඔබ වැඩ වෙසෙන බවවෑයම් කරමි මා මගේ ක්‍රියාවන් තුළ ඔබව හෙළිදරව් කරන්නටදන්නාහෙයින් මගේ කටයුතු වලටදිරි ලැබෙන ඔබේ ශක්තිය ...
බැඳ දමා ඇත ඔබ මගේ හදවත - තෙවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නොදන්නෙමි හිමියෙනි මම, ඔබ කෙලෙස මේ ලෙස ගයන්නේදැයිසවන් දෙමි නිසසල ව හද රැඳුණු විස්මයෙන්දිදුලවයි මුළු ලොවමඔබැ මීයැසි ආලෝකයදුරට විහිදෙනරිද්මයක් වෙයිජීවන සුස්මේආකාසයෙන් ආකාසයට පැන දිවෙන ස්වර දැහැනපවුරු පදනම් කඩා හෙලමින් දිවයයි දුරින් දුරටමපරම පිවිතුරු ඒ සංගීත ප්රවාහයබලා හිඳී විඩාපත් හදවත එක්වනු පිණිස ඔබැ ගීයට අරගල කරයි උපදනු පිණිස එකම එක ස්වරයෙක් හෝ හඬ නැගෙයි - හඬ ඇසෙයිනමුදු මගේ කටහඬ සංගීතයක් නම් ...
සයුරු දිය මත පියා සලනා ප්‍රීතිමත් විහඟකු ලෙසින් - දෙවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ගයන්නට ඔබ නියම කළ සඳඅබිමනින් මා හද බිඳේඔබේ වුවනත දෙස බලන මානුවන් යුග කඳුලින් පිරේවිලින වී දිවි කටුක අමිහිරමියුරු සර ප්‍රසංවාදයකට සයුරු දිය මත පියා සලනාප්රීතිමත් විහඟකු ලෙසින්මගේ හද රැඳි බුහුමනේ පියාපත් යුග දිග හැරේදනිමි මම ඔබ මගේ ගැයුමෙන් ඔකඳ වන බව ප්රීතියෙන්දනිමි ඔබ දැකුමට පැමිණියේපමණි ගයුවකු විලසින්කිසි කලෙක මට ළඟා වන්නට නොහැකි ඔබගේ පා කමල්දිගහැරෙන මා ගීතයන්ගේපියා තුඬගින් පිසැ ...
ඔබගේ දිව්‍යමය ස්පර්ශය - පළමු ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! අපරිමිත කොට ඇත ඔබ මා සදා නිම නොවන සේඑයයි ඔබගේ හර්ෂය! මේ දුබල සසල දිවි විත යළි යළිදු සිස් කරමින්, නෑඹුල් ජීවයෙන් ඔබ යළි යළිදු පුරවන්නෙය. මේ සිඟිති බට ලී කඩ රැගෙන ගොස් ඔබ ගිරි ශිඛර මිටියාවත් මතින්, ජීවන සුසුමින් පිඹ හළ අමරණිය මියැසි රාව නංවන්නෙය ඔබගේ දිව්‍යමය ස්පර්ශය ලද මා සිඟිති හදවත උපන් සොම්නස, ඉවුරු සීමා සිඳ බිඳ අවසන ...