යුද්ද කෑගැහිල්ල. හෑ…..ඒ මොකක්ද? Jangun හෙහ් හෙහ් හෙහ්, යුද්දෙට ගියාම සද්දේ වැඩක් නෑ. යුද්දේ තමයි කරන්ඩ ඕනේ. නමුත් ඉතිං දැක්කනේ පහුගිය කාලේ, යුද්දෙයි සද්දෙයි දෙකම තිබුණා. සමහරු කටින් යුද්ද කළා. සමහරු කොළඹ සීතල කාමරවල ඉඳගෙන යුද්ද කළා. සමහර ‘මාජ්ජ’ කොළඹ ඉඳගෙන, අනුන්ගෙන් තොරතුරු අහගෙන ලිව්වා, මහා යුද වාර්තා හෝ ගාලා. අපේ රටේ සමහර අහිංසක ජනතාව, ඒ වාර්තා, ජාතක කතා […] ...
ළඟ ළඟ ගහගැනිලි මෙන්න මෙහෙමයි Jangun මේ දවස්වල වැඩිපුරම කතාවෙන්නේ ගහගැනිලි ගැන නේ. කොහොමටත් ඉතින් අපේ රටේ කවද්ද ගහගැනිලි අඩුවුණේ. ගෙදර දොර ගහගැනිලි වල ඉඳලා, උත්තරීතර (විපරීත?) පාර්ලිමේන්තු පොජ්ජ දක්වා, හැම තැනම ගහගැනිලි වලින් අඩුවක් නෑ. කටින් ගහගැනිල්ල නම් ඉතින්, අපේ ජාතික පුරුද්දක් නේද? කටින් ගහගන්න බැරි අයට අපේ රටේ ඉඩක් නෑ. රූපවාහිනී විවාදෙකදිත් ඔය කවුද දේසපාලුවෝ දෙන්නෙක් ගහගත්තා නේද […] ...
වදන් බලය 2 – Word Power 2 Jangun මා කලින් හිතාගෙන හිටියේ, අද ඔබ වෙත, හමුදා තොරතුරු සහිත ලිපියක් ගෙන එන්නටයි. අවසන් කළ ලිපි හතරක පළමුවැනි කොටස් සූදානම්ව තිබුනත්, මේ ඊයේ පෙරේදා, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියත් සමග, හමුදාවේ ක්රියාකළාපය විවේචනයට ලක්වෙමින් පවතින අතරේ, මම හමුදා ලිපියක් ඉදිරිපත් කලොත්, ඔබෙන් සෑහෙන්න පිරිසක් කියන්න පුළුවන් අර සිද්ධිය ගැන තමුසෙට කිසි හැඟීමක් නැද්ද මේ අස්සේ […] ...
තවත් කතන්දර තුනක් – Another Three Stories Jangun කාලෙකින් පුංචි කතන්දර කීපයක් ලියන්න බැරිවුනා. හමුදා තොරතුරු දිගටම ලියාගෙන යනකොට ඒ දීර්ඝ ලිපි ඔබට එපාවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් බ්ලොග් අඩවි වල පුංචි කතන්දර බහුලව තියනවා. හැම පැත්තක්ම සමබර කරගැනීමට කරන උත්සාහයක් මෙන්ම, රසයේ විවිධත්වයක් ඔබ වෙත ගෙන එන්නයි, මේ පුංචි කතන්දර කීපය ලියන්නේ. හැබැයි ඉතින් අපේ රට, දිනපතා, ජනතාවට සෑහෙන්න විහිළු සපයන […] ...
හයිබ්‍රිඩ් යුද්දේ – Hybrid warfare Jangun හයිබ්‍රිඩ් කාර් ගැනිල්ලත් එක අතකට යුද්ධයක් තමා. මේ සැරේ අයවැයෙන් හයිබ්‍රිඩ් කාර් මිළ වැඩිවුණා කියලා, ජනතාව මැසිවිලි නගනවා. අනේ අම්මේ…….. අපි ඔව්වා දන්නේ නෑ. මේ ලිපිය ලියන්නේ හයිබ්‍රිඩ් කාර් ගැන කතාකරන්න නෙවෙයි. හයිබ්‍රිඩ් යුද්දේ ගැන කියන්නයි. මොනවා……..? හයිබ්‍රිඩ් යුද්දේ කියලත් යුද්ධයක් තියනවද? මොනවද අනේ අද කාලේ හයිබ්‍රිඩ් ක්‍රමයට නැත්තේ. හයිබ්‍රිඩ් මිනිස්සුත් බිහිවෙන කාලේ, යුද්දෙත් […] ...
කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා, (දෙවැනි කොටස) – The Drone (Part Two) Jangun කේළමා, අවලමා, කතාවේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය යොමුවී තිබීම ගැන සතුටු වෙනවා. මේ එම ලිපියේ දෙවැනි කොටසයි. මේ කොටසේදී Drone යානා පිළිබඳව විශේෂ කරුණු රැසක් ඔබ සමග සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මේ කොටස මීට කලින් ඔබ වෙත ගෙන එන්නට සිතා සිටියත් පසුගිය දිනවල බලාපොරොත්තු රහිත ලෙස මා අධික කාර්ය බහුළ තත්වයක […] ...
රටක් වනසන්නේ මෙහෙමයි Jangun තරහ ගන්න එපා මේ මාතෘකාව කියවලා, අලුත් අවුරුද්දක් පටන්ගත්ත ගමන්, යන්තම් යහපාලනේට අවුරුද්දක් පිරිච්චි ගමන්, රටක් වනසන හැටි කියලා දෙනවා කියලා. මොකද, අද ලෝකය පුරාම එක එක රටවල්, තමන්ට සතුරු වෙනත් රටවල් වැනසීමට ක්‍රියාකරනවා. ඒ අතර සමහර රටවල පාලකයන්, දේශපාලනික වශයෙන් රටවල් වනසනවා. විරුද්ධ පක්ෂ, සමහර රටවල් වනසනවා. මේ කරුණු නොලියාම බැහැ කියලා හිතුන […] ...
‘ටැෆායි’ සහ ලංකාව – ඉන්දියාව යා කිරීම Jangun ‘රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ‘ කියලා, ප්‍රියා සූර්යසේන කියනවා. අපේ කාලයේ සුන්දර මතකයන් අවදිකරවන ගීතයක් එය. ඒ වුණාට අද කාලේ, රටකින් රටකට ඉගිලෙන එක සුළුදෙයක්. තමන්ගේ මව් රට සදහටම හැරදමා, වෙනත් රටකට ඉගිලෙන ලෝ වැසියන්, එක අවුරුද්දකට ලක්ෂ කීයක් ඇද්ද? මේ අඩවිය කියවන කී දෙනෙක් ඇද්ද, එහෙම සදහටම මව්රට හැරදා ගිය අය. නන්දා මාලනී […] ...
අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two) Jangun අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට ඔබෙන් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබී තිබුනා. මා මේ ලිපියේ පළමුවැනි කොටස ලියද්දී සිතුවේ නැහැ මෙපමණ ප්‍රතිචාර ලැබෙයි කියා. නමුත් ඔබ අතරින් බොහෝ දෙනෙක් මේ විෂයයට ඇළුම් කරන බව දැනගන්නට ලැබීම සතුටක්. ඒ දිරිමත් කිරීම නිසා ඒ ලිපියේ දෙවැනි කොටස මෙසේ ඔබ අතට පත්කරනවා. පසුගිය ලිපියේදී ඔබෙන් බොහෝ දෙනෙකුගේ අවධානය [...] ...
හින්දි ටොප් 10 Jangun මේ ලිපිය ලියන්න පාදක වුණේ, අපේ දිනේෂ් මහතා විසින් පවත්වාගෙන යන වර්ණ බ්ලොග් අඩවියේ පළවූ හින්දි ටොප් 10 ලිපියයි. පහුගිය දිනවල, ඉයන් උන්නැහේ බෝකරපු සිංහල ගීත 16 ලෙඩේ තව පැත්තකට හැරිලා, වර්ණ අඩවියට හින්දි ටොප් 10 ඇවිල්ලා තිබුණා. වර්ණ අඩවියේදී මා සඳහනක් කළා, මමත් හින්දි ටොප් 10 ලිපියක් ලියන්නම් කියා. ඔන්න ඒ අදහස, අදයි මුදුන් […] ...
ඓතිහාසික නාවික සටහන් (පළමුවැනි කොටස) Jangun අම්මපා, මේ අපේ නැවියෙක් ඉන්නවා, කිසි කමකට නෑ. අඩු ගානේ නැවක රෝද හතර තියෙන්නේ කොහෙද, නැවකට කොච්චර ඉහලට පියාඹන්න පුලුවන්ද, වගේ ලිපියක්වත් ලියපන්කො ඉඳලා හිටලාවත්. කොහෙද මේ යකා ලියන්නෙම, සුබසාධන කතා විතරයි. දැන් අර ලොකු නැව් මහත්තුරු දෙන්නෙක් ලියනවා, ඒත් ලියන්නේ නැහැනේ, ඔය පරණ යුද්ද කතා ටිකක්. මේ දවස්වල, මම ජාලේ කරක් ගහනකොට, අහම්බෙන් […] ...
කොපි පුස්සාට අභියෝගයක් Jangun පසුගිය ජූලි හත් වැනිදා (ජූලි හතයි ) මා ලියා පළකළ ‘තවත් කතන්දර තුනක්’ නමැති කතා එකතුවේ එක් කතාවක්, දගයා (අපිනම් දන්නේ දඟයා කියන වචනයයි. නමුත් මොහු දගයා) නමැති අන්වර්ථ නාමයෙන් පෙනීසිටින්නකු විසින්, අමු අමුවේ කොපි කර The Last Row නමැති අඩවියේ පළකර තිබෙනවා. මේ තියෙන්නේ. මෙය, මගේ කතාවෙන් කොපිකළ බව, හොඳටම ඔප්පුවෙන්නේ, එය මගේ […] ...
අනේ මන්දා මේ නීති ඕනෙද එපාද? – The Law and Order Jangun අපේ රටේ නීතිය වල් වැදිලා, අධිකරණය පක්ෂපාතියි, පොලීසිය සාධාරණ නැහැ කියන චෝදනා, නිතර අහන්න ලැබෙන බව අපි කවුරුත් දන්නවා. පසුගිය අවුරුදු 25 – 30 පමණ කාලය තුළ, ඉහත කී ආකාරයේ චෝදනා වැඩිවීමක් මිස අඩුවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. බලයට පත්වන සෑම රජයකින්ම, මහජනතාව බලාපොරොත්තුවන සාධාරණත්වය ඉටු නොවුන බවයි මහජනතාවගේ මතය වන්නේ. ඒ නිසයි කාලීනව පවත්වන (සාධාරණ) […] ...
නෙලුම් පිපීලා විල ලෙළ දෙනවා Jangun නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල අවසන් වන්නටත් කලින්, එදා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් එලියට එද්දී, හිතේ ඇඳුනු රැඳුණු බොහොමයක් දේ දැන් මැකී ගොස් ය. වසර 40 කට වැඩි කාලයක්, ඇත්තටම මට මචං කෙනෙකු වී සිටි මගේ ලොකු අක්කාගේ මහත්තයා, රණවීර අයියා සමුගැනීම මට මහත් දුකකි. එදා සම්මාන උළෙලට ඇවිත් ඔක්කොම අයට විරිත්තුවේ ඒ දුකද දරාගෙනය. ඔහුගේත් […] ...
පයින් යනෙන සෙබළුන් හට……………යුද රථයක් සොයා දෙන්න! Jangun බ්ලොග් ලිපියකට මාතෘකාවක් තෝරා ගැනීමත් ටිකක් අමාරු වැඩක්. අද ලියන දේවල් ගැන කල්පනා කරමින් ඉඳිද්දී, මට මතක්වුනේ, අකාලයේ වියෝවූ, ජනප්‍රිය නිලි රෙබෙකා නිර්මලී රඟපෑ, ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයේ, ගායිකා ප්‍රදීපා ධර්මදාස ගැයූ, ‘දූවිල්ලෙන් සැදුන ලියේ’ ගීතයයි. ඒ ඇසුරෙන් තමා, මම මාතෘකාව යෙදුවේ, ‘පයින් යනෙන සෙබළුන් හට යුද රථයක් සොයා දෙන්න’ කියලා. මොකද අර ගීතයේ […] ...
සති අන්තයේ කියවන්න යමක්…… Something to read at this weekend Jangun රිවස් සෙන්සර් එක අලුතෙන් එන කාර්වල තියන රිවස් සෙන්සර් ගැන කාර් නිෂ්පාදකයෝ කයිය ගහනවා ඕසේට. නමුත් ඔය එකෙක්වත් නෙවෙයි, චීනයේ ගම්බද ගොවියෙක් තමා රිවස් සෙන්සර් එකේ සංකල්පය මුලින්ම ලෝකෙට ගෙනාවේ. රිවස් සෙන්සර් එකෙන් කරන්නේ, වාහනයක් රිවස් කරද්දී, පිටිපස්සේ බම්පර් එක මොකක හරි වැදුනොත්, මහා හඬක් නගන එක නේද? ඔය කාර් හදන ඉංජිනේරුවෝ හිතන්නේ, උන් තමයි […] ...
වදන් බලය (උපුටා ගැනීමකි) – Word Power (from Siwdesa Magazine) Jangun ඊයේ පෙරේදා මගේ පැරණි සඟරා එකතුවක් අවුස්සමින් සිටියදී නෙත ගැටුණු, සිව්දෙස සඟරා ගොන්නකින් එකක තිබුණු මේ ලිපිය, ඔබෙත් අවධානයට යොමු කරන්නට සිතුනා. මෙය, ලිපි මාලාවක් ලෙස එම සඟරාවේ වරින්වර පළවූ අතර ඉතා අගනා නිර්මාණයක් ලෙසයි මම දකින්නේ. අපේ භාෂාව වදන් වලින් කොපමණ පොහොසත් භාෂාවක්ද යන්න මෙවැනි ලිපි වලින් පැහැදිලි වෙනවා. මේ පිටු කීපය උපුටාගත්තේ, […] ...
ඔය කවුරු මොනවා පැතුවත්………! Jangun අප්පේ………………..අලුත් අවුරුදු සුබපැතුම් දෝරේ ගලනවා නේද මේ දවස්වල? කියලා වැඩක් නැහැ. විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම්, සුබපැතුම් පත්, එකී මෙකී නොකී දේවල්, හැටහුටහමාරක් සිද්ද වෙනවා. මට එකවරම මතක් වෙන්නේ, දැනට දශක හතරකට පහකට විතර ඉස්සර, ජනවාරි පළමුවැනිදා ගෙවුණු හැටි පිළිබඳවයි. කොහොමද ගෙවුණේ? ගෙවුණේ ඉතින් වෙනදා වගේම එච්චර ලොකු විශේෂත්වයක් නැතුවයි. ජනේරුව […] ...
මගේ පුස්තකාලයෙන් – A Glimps from My Library Jangun මගේ පුස්තකාලයෙන් වරින් වර ඔබට විවිධ ආකාරයේ පොත් හඳුන්වාදෙන බව දැන් ඔබ දන්නවා. මෙවර මා ඔබට හඳුන්වා දෙන්නේ අමුතු අදහස් ඇති, අමුතු ශෛලියකින් ලියවුන පොතක්. ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතිහාසය පිළිබඳව නැවත සිතන්නට පොළඹවන මෙම කෘතියෙහි අවසානයට, වර්තමානය සහ අනාගතය ගැනත් කතුවරයාගේ අපූරු අදහස් සමුදායක් දැක ගන්නට ලැබෙනවා. මේ අපූර්වත්වය නිසාමයි මේ පොත ඔබට […] ...
අපි නොදන්න පෙළපාලි (තුන්වැනි කොටස) Jangun යුද හමුදාවේ පැවැත්වෙන විවිධ පෙළපාලි ගැන ලියවෙන මේ ලිපි මාලාවේ, පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබේ දැනුමට සෑහෙන කරුණු ප්‍රමාණයක් එක්වූ බව, ඔබෙන් ලද ප්‍රතිචාර වලින් පැහැදිලි වුන අතර, ඒ ගැන මා සතුටු වෙනවා. හමුදාවක්, පෙළපාලිවල යෙදෙනවා දකින්න, එදත් අදත් මහජනතාව කැමතියි. ඔබ දන්නවා ඇති, වර්තමානයේදී, අපේ රටේ නිදහස් දින පෙළපාලිය, සජීවීව රූපවාහිනියෙන් ප්‍රචාරය […] ...