මමත් මාරු වුනා සිම්පල් ප්ලෑන් එකකට (අතිශයින්ම පුරුෂ පාර්ශවයට) ...... I too found a simple plan (Extremely for Gents) ඇවිද්ද පය මට මගේ පියා ජීවිතය ගැන බොහෝ උපදෙස් දී තිබෙනවා. නමුත් තරුණ වයසේදී අපි දෙමව්පියන් කියන දේවල් කණකට ගන්නේ නෑ. ටිකක් කල් යත්දී තේරෙනවා "අනේ තාත්තා කිව්වා කතාව ඇත්ත නේද ? අම්ම කිව්වා එක මම එදා ඇහුවේ නා නේද ? " කියලා. මම මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මම ඒ ලෙවල් කරනකොට වගේ, යන්තමට දැලි රැවුල වැවීගෙන එත්දී, මටත් හිතුනා ...
මමත් මාරු වුනා සිම්පල් ප්ලෑන් එකකට (අතිශයින්ම පුරුෂ පාර්ශවයට) ...... I too found a simple plan (Extremely for Gents) ඇවිද්ද පය මට මගේ පියා ජීවිතය ගැන බොහෝ උපදෙස් දී තිබෙනවා. නමුත් තරුණ වයසේදී අපි දෙමව්පියන් කියන දේවල් කණකට ගන්නේ නෑ. ටිකක් කල් යත්දී තේරෙනවා "අනේ තාත්තා කිව්වා කතාව ඇත්ත නේද ? අම්ම කිව්වා එක මම එදා ඇහුවේ නෑ නේද ? " කියලා. මම මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මම ඒ ලෙවල් කරනකොට වගේ, යන්තමට දැලි රැවුල වැවීගෙන එත්දී, මටත් හිතුනා ...
බණ්ඩාරවෙල නගරයේ තිබෙන හොඳම පවුලේ අවන්හල(Family Restaurant) ඇවිද්ද පය මම ක්‍රීඩා කරන්නේ ඒ වගේම කළමනාකරු හැටියට යන්නේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් එක්ක කියලා ඔබ දන්නවා. ඔබ නොදන්නා තව කරුණක් තමයි මම කුඩා කාලයේ ක්‍රිකට් වලට වගේම පාපන්දු වලටත් දක්ෂයි. ඒ වගේම නරඹන්නත් කැමතිම ක්‍රීඩාවක්. සමහරවිට ක්‍රිකට් තරග තියෙන වෙලාවටත් මම පාපන්දු තරග නරඹනවා. අන්න ඒ වගේ අවස්ථාවක තමයි මහේල ජයවර්ධනත් සමග එකම බැංකුවේවාඩිවෙලා වර්ල්ඩ් කප් බැලුවේ. මම තවත් ආස ...
දුම්බොන අයගේ අවධානයට Attention for those who smokes ඇවිද්ද පය ඔබ තවමත් දුම් බොනවාද ? නැතිනම් කලින් දුම් බිවු කෙනෙක්ද ? : ඔබේ සිරුරෙන් නිකොටින් පලවා හැරිය හැකි ආහාරපාන වර්ග හයක් මෙන්න දුම්බීම්ම සෞක්‍යයට අහිතකරයි. එය අපි සියළුම දෙනා දන්නා සත්‍යයක් නමුත් ටිකදෙනෙකුට මේ පුරුද්ද අත හැරීම අසීරු කාර්යයක්. නිකොටින් සීඝ්රයෙන් අධික රුධිර පීඩනය ඇති කිරීමට හේතු වන අතර පෙනහළු වලට බරපතල හානි සිදු කරයි. කොහොමනමුත් ඔබ දුම් පානය අත්හලද, ...
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න ...... ඇවිද්ද පය ලංකාවේ ජීවත් වෙන අපිට තියෙන ලොකුම කරදර වලින් එකක් තමයි මදුරු කරදරේ. පුංචි කාලේ විවිධ කෙම් මගින මදුරුවන් පලවා හරින්න උත්සාහ කරපු විදිය මේ මොහොතේ මගේ මතකයට එනවා. අපි ලාඩප්පා(ඇල්බීසියා) අතු කඩාගෙන ගේ වටේ වට තුනක් ඇවිදලා ගෙදර ඇතුල්වෙන දොරටුවට උඩින් එල්ලලා තියනවා. පොඩි කාලේ මේ වගේ කෙම් වලට පුරුදු වෙලා හිටියා. ඒ වෙනත් විකල්පයක් නොදන්නා නිසා. කෙම් වල තියෙන ...
පින්සල් මිටිය. ඇවිද්ද පය පින්තුරය ගත්තේ : laurakhorton.wordpress.com මෙය කුමන අවුරුද්දක දකින්නට ලැබුන දර්ශනයක්දැයි හරියට නිනව්වක් නොමැත. එහෙත් 2005/2006/2007 යන අවුරුදු තුනෙන් එකක විය යුතුය. මා 176 බස් රථයක ඉදිරිපස අසුනකට බාරදී කල්පනාවකට වැටී සිටි මොහොතකි. තවත් බස් හෝල්ට් කීපයකින් පසු නිවසට ලඟා විය හැකි මුත් බස් රථ ගමන් කරන්නේ අපට උවමනා වේගයෙන් නොවේ. වායුසමනය නොකළ බස් රථයක තිබෙන දැඩි උෂ්ණත්වය ගැන ලංකාවේ ...
අඩුම ප්‍රතිචාර ලැබුණු ඔබේ පොස්ට් එක මොකක්ද ? ඇවිද්ද පය අපි බ්ලොග් පොස්ට් එකක් දාන්නේ විවිධ අරමුණු ඇතිව. ඒත් ප්‍රධානම දේ තමයි බොහෝ දෙනෙක් කියවයි කියන බලාපොරොත්තුව. ඒත් කලාතුරකින් හිතේ තියෙන පීඩනය නැති කර ගන්න, තමන් දුටු විශ්මයජනක අවස්තාවක් විස්තර කරන්න පොස්ට් එකක් දාන අවස්ථාත් නැත්තේම නෑ. බ්ලොග් ලියන අපි කවුරුත් පොස්ට් එකක් දාලා එකට හිට්ස් එනකොට කමෙන්ට් වැටෙනකොට නිහතමානී සතුටක් විඳිනවා. ඒක කව්රු හරි නෑ කියල කියනවනම් මම ...
A Common Man නැරඹුවෙමි. ඇවිද්ද පය පසුගිය සෙනසුරාදා(මෙය ලියා දින කිහිපයක් වනවා. මෙයින් අදහස් කරන්නේ පසුගිය 27 වන සෙනසුරාදා දිනයයි) සවස් වරුවේ කලාතුරකින් ලැබෙන "කරන්න කිසිත් නැති" විවේකයක් ලැබුණා. එවැනි අවස්ථා උදා වන්නේ කලාතුරකින්. දියණිය පාසල් නිවාඩුවට ගමේ ගොස් සිටි නිසා මේ පාළුව තවත් වැඩි වුණා. මා රුපවාහිනිය ඉදිරියේ වාඩි වී බලන්නට හැකි චිත්‍රපටයක් ඇත්දැයි සෙවූ මුත් කිසිවක් ඇස ගැටුනේ නෑ.. මේ අතර වාරයේ මගේ ...
ලොල්ද මන්දා අංක 13 : හතියට ප්රත්යක්ෂ ඖශධයක් ...... ඇවිද්ද පය ඇවිද්ද පය ආරම්භ කරපු දවසේ ඉඳන් මේ වෙනකම් සතියක් එක දිගට පොස්ට් එකක් නොදා ඉඳලා නෑ. එහෙම ඉන්න වුණේ පහුගිය ටිකේ ගත වෙච්ච අවිවේකී කාලසටහන නිසා. අනෙක මේ දවස් වල තියෙන රස්නය නිසාත්, ගෙදර එනවිට තෙහෙට්ටු ගතිය නිසා ඉක්මනින් නින්දට යනවා. බොහෝ ලෙඩ රෝග වලට හොඳම ප්‍රතිකාර ආහාර කියලා කියන උදවියත් ඉන්නවා. කොහොමත් පෙන්තකොස්ත වගේ ආගමික නිකායන් අදහන අය ලෙඩට ...
මේ හැකියාවන් කොහේ ගියාද ? Where all these talents Gone ? ඇවිද්ද පය බොහෝ රාජකාරි දිනවල මා උදෑසන ආහාරය ගන්නේ කඩෙයෙනි. දිවා අහාරය ලෙස බත් පාර්සලයක් නිවසින් ලැබුණත්, උදෑසනට යමක් ඔතා ගන්නට තරම් කාල වෙලාවක් අපට නැත. එනිසා බොහෝ දිනවල මා උදේ කාර්යාලයට පැමිණි පසු අසල කඩයකට ගොඩ වන්නේ බත් ටිකක් බඩට දා ගැනීමටය. මේ යන අතර වාරයේදී මා බොහෝ දේ නිරීක්ෂණය කරන්නට පුරුදු වුයේ නිරායාසයෙනි. කිසිදා බිම බලාගෙන ගමන් කිරීම මගේ ...
ගෙදර ප්‍රශ්න අමතක කර ලෝකයට මුහුණ දීම ඇවිද්ද පය ටිකක් බැරෑරුම් මාතෘකාවක්. දැන් ඔබට හිතෙන්න පුළුවන් සුදීක මේ මොකක් ගැනද ලියන්න යන්නේ කියලා. හොඳයි මම මෙහෙම කියන්නම්. ගෙදර අඹු සැමියන් අතර කුමක් හෝ ප්‍රශ්නයක් නිසා මත ගැටුමක් ඇති වෙනවා. කතාවට කිව්වත් මේවා බත් හැලිය ඉදෙනකන් විතරයි කියල. සමහර ප්‍රශ්න බොහෝ කාලයක් ඇදී යනවා. සමහර විට ඔය කතාව කියන්න ඇත්තේ අතීතයේ පවුල් සමාජය ගැන හිතලා වෙන්න පුළුවන්. මේ කොහොම ...
අවුරුදු උත්සව රස කතා ... 2 ඇවිද්ද පය එක සටහනකින් හමාර කරන්න බලාපොරොත්තුවෙන් ලියාගෙන ආ පලවෙනි කොටස එක් තැනකදී නවත්වන්න වුණේ, හේතු දෙකක් නිසා. එකක් කොතරම් රසවත් සටහනක් වුනත් ඉතා දිග වුණාම කියවන ඔබ අපහසුතාවට පත් වෙන නිසා. අනිත් කාරනාව තමයි මෙහි ප්‍රධාන චරිත කිහිපයකින් කෙනෙක් වන රිච්මන්ඩ් විජේසේකර මහතාගේ තොරතුරු තරමක් දිග වීම. හොඳයි අපි ඊළඟට කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමරබන්ධු අල්විස් මහතා ගැන. අමරබන්දු අයියා ...
බ්ලොගර් තීම් සොයන්නට ගොස් අතරමං වූයෙමි. ඇවිද්ද පය මගේ බ්ලොග් එකට ගැලපෙන තීම් එකක් නැත්නම් ටෙම්ප්ලේට් එකක් සොය පහුගිය දින දෙකම මුලු අන්තර් ජාලයම කූරුගෑවත්, නිසි තීම් එකක් සොයාගනු බැරිව අතරමං වූයෙමි(හරියට මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය සැරිසරන්න ගොස් අතරමං වුවා සේය). පහුගිය දින දෙක තුල විනාඩි කිහිපයක් තුල කිහිප විටක් මෙහි පැමිණියානම් ඔබට එය කදිමට වැටහෙනවා ඇත. එය හරියට වලං කඩේට ගොනා පැන්නා වැනි තත්වයකට පත් විය. ...
රතු ගුරු පාරේ -හැන්දෑවේ අක්ක නගෝ වාගේ ..... ඇවිද්ද පය උදේ පාන්දර හතරහාමාර හෝ පහට අන්තර්ජාලයට පිවිසෙමින් දවස ආරම්භ කිරීම මා අද ඊයෙක සිට කරන දෙයක් නොවෙයි. අඩුම වශයෙන් අවුරුදු 10-12 ක සිට වත්, අධික ලෙස වෙහෙස මහනසි වී හෝ, ඉතා රෑ බෝ වී නිදා ගත් දිනකට පසු දිනක හැරෙන්නට මා මෙය පුරුද්දක් ලෙස කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මෙය සෞඛ්‍ය පැත්තෙන් ඉතාම අනවශ්‍ය දෙයක්. ඒත්"ආරෝග්‍ය පරමා ලාභා " කියන ගමන්ම ...
පාපන්දුව ඇත්තටම රවුම්ද ? Is football really round ? ඇවිද්ද පය මේ බෝලෙත් රවුම්.......පහුගිය සයිබර් මෙගා බීච් පාටියේදී මඩ ප්‍රහාර වැදුන අයගෙන්, සුදීක ඉදිරියෙන්ම ඉන්නවා. එහෙම ඉතිං මඩ ගහන්නෙත් ලේසි පහසු අයට නෙවෙයිනේ. ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒ ඡායාරුප අතරින් රන්දුනු යසරංග දාපු මෙන්න මේ ඉහලින් තියෙන ඡායාරූපයට මම හරිම කැමතියි. මේකට යොදලා තියෙන මාතෘකාවටත් ඒ වගේම කැමතියි. හේතුව තමයි මගේ ක්‍රිකට් වලට වගේම පාපන්දුවටත් තියෙන ඇල්ම. බොහොම ...
වාප්පු ලිපිකරු ( Wharf Clerk ) ගේ කතාවෙන් ගත හැකි පාඩම .... ඇවිද්ද පය සුළු මොහොතකට කලින් මගේ ඉහල නිලධාරියා (Immediate Boss) ගෙන් මට ඇමතුමක් දී තිබුණා. ඒ වනවිට මා මගේ අසුනේ හිඳ නෑ. මම ආ විගස ඔහු අමතන ලෙස පණිවුඩයක් තබා තිබුණා. එය සාමාන්‍ය දෙයක් වුවත්, සර්වර් කාමරය (Server Room) තුල ඇති දුරකථනයෙන් එය ලබා ගන්නා ලෙසසද දන්වා තිබුණා. ඉතිං මම කියපු ආකාරයට ඔහු ඇමතුවා. ඔහුට දැන ගැනීමට අවශ්‍ය වී තිබුණේ අපගේ ...
මෙහෙම කරන්නේ නොදැනුවත්කමටද ? රැල්ලටද ? එහෙමත් නැත්නම් ගොංකමටද ? ඇවිද්ද පය අද උදේ ගාලු පාරේ විලියම්ස් හන්දියෙන් දුර ගමන් සේවා බස් රථයකට ගොඩ වුණේ කරදරයක් නැතිව ඉක්මනට ඔෆිස් එකට එන්න. දන්නවනේ මොරටුව/පානදුර බස් කොටන හැටි. බස් එකට නගිද්දීත් බස් එකේ ඇති තරම් ඉඩ කඩ තිබුණා. මම පිටිපස්සේ පේලියෙන්ම වාඩි වුණේ බස් එකේ වෙගේත් එක්ක වෙන තැනකට යන්න ගියා නම් ගුවන් කරනම් සංදර්ශනයක් වෙන්න ඉඩ තිබුණ නිසා. බස් එක කොල්ලුපිටිය හන්දියට ...
ඔබත් පුංචි පහේ හපනෙක්ද ? එහෙනම් මෙන්න වැහිබර ඉරිදා සන්ධ්‍යාවේ කරන්නට යමක් .... ඇවිද්ද පය මේ දවස්වල වැස්ස. ඒ වගේමයි සුළඟ. ගෙදරට වෙලා කොහෙවත් යන්නේ නැතිව කම්මැලි කමේ ඉන්න යට මෙන්න කරන්න නියම වැඩක්. Cryptography(මම ඒ අගන ඉගෙන ගත්තේ චුලන්ත කුලසේකර කියන අති දක්ෂ ඒ වගේම නිහතමානී අචාර්ය වරයාගෙන්. මම ඉගෙන ගත්ත විෂයයන්ගෙන් ආසම විෂයයක්) කියන්නේ අද පරිඝණක ආරක්ෂාවට යොදා ගන්නා එහෙත් පැරණි සංකල්පයක් මත ගොඩනැගිච්ච මුලධර්මයක්. ඒකෙන් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු වෙනුවට වෙනත් ...
සීතල දිවිල්ල ඇවිද්ද පය සීතල යුද්දය..... සීතල ගණන්කාරයෝ.... මේ වගේ හිතුවොත් මේ ලිපියේ මාතෘකාව මොන වගේ තේරුමක් ගනීද ? සීතල යුද්දය කියන්නේ අර බෙදෙන්න කලින් තිබ්බ රුසියාවයි ඇමරිකාවයි අතර අවි වලින් නොකෙරුනත් වචන වලින්, තමන්ගේ හැකියාව ගැන පාරම් බාමින් කරපු යුද්ධය. මෙන්න මේ වගේ ඒවාට අපි කියන්නේ සීතල යුද්ධය කියලා. එතකොට සීතල ගණන් කාරයා ... වැඩිය චන්දිපාට නොදා තමන්ට අවශ්‍ය දේ කරගන්නා අයට ...
බොරු නැත්තෙමය මහතුන් පැවසූ තෙපුල - I ඇවිද්ද පය ඒ 1991 වර්ෂයයි. මාසය සහ දිනය පිලිබඳ මට නිශ්චිත මතකයක් නැත. මර්කන්ටයිල් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක වුයේ සය සාමාජික ක්‍රිකට් තරගාවලියකි. එය එම සංගමය වාර්ෂිකව පවත්වන්නක්. කණ්ඩායම් 50ක් වත් එතැන ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වුනා. ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැඩි පිරිසක් ක්‍රීඩා කලේ නවලෝක කණ්ඩායමටයි. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අරවින්ද එම කණ්ඩායමට ක්‍රීඩා කළා. නවලෝක සහ ස්ටෑන්ඩර්ඩ් ...