...........................................කා.කා.ස..................................... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ම්.... තවත් එක නුපුරුදු නුහුරු අත්දැකීමක්.. මේ තරම් ජනාකීර්ණ නගරයක මේ වගේ නිස්කලංක පරිසරයක් තියෙනව කියල දැක්කමත් පුදුම හිතෙනව.. මම මේ කොහේ ගැන කතා කරනව කියලද පවනි හිතන්නෙ? ඔව්, ඔයා හරියටම හරි. ඔයා කොහොමත් ඒක දැනගෙන සිටිය යුතුයි නෙ! ;) ඔව්, මේ වත්තල නගරය.. පෙළින් පෙළට වාහන ඇදෙන ඝෝෂාකාරී පරිසරයකින් යුක්ත වත්තල නගරය කෙළවරට වෙන්න තියෙන මඟුල්පොකුණ ආවේ මරියා ...
කෙටවලදී... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව එක්දහස් නවසිය බර ගණන් වල නොවුනත් එදා නොවැම්බර් නව වෙනිද.මම උදේ නැගිටිනකොටත් මොකක්දෝ හින්ද හරිම කාන්සියක් දැනුන. කොණ්ඩෙ කපාගන්නවත් රැවුල කපාගන්නවත් මයෙ ඒ තරම් හිතක් තිබුනෙ නෑ... උදෙන්ම ඇඳගෙන ලෑස්ති වෙලා හිටියත් (ඉස්කෝලෙ යන්න) බත් ටික කාල ඉවර වෙනකොට බස් එකට වෙලාවත් හරි. ටක් ගාල එක බස් එකක නැගල හන්දියට ඇවිත් සුපුරුදු "පාසල් සේවය" බස් එක එනතුරු තුෂාරත් මමත් ...
කඳුළු බිඳුව... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කඳුළු බිඳුවට කුමට උපමා කුමට ආලය මේ තරම්? වේදනාවේ දුකෙහි විරහවෙ කටුක පිළිතුර එයම බව තව දැන දැනත්..
හඳ මාම..... ---> :) ..:|මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම..... මතක වස්තුව මතකද? චූටි කාලෙ අපිට කිරියි පැණියි ගෙනත් දෙන; "හඳ මාම"? අම්ම චූටි කාලෙ කියනව පුතාගෙ මූණ හඳක් වගෙයි කියල (ඔව්, හැබැයි මට නම් නෙමෙයි..!!). ඒ හඳ එළියෙන් දිව්යාංගනාවොමල් පෙති වල ලස්සන සිංදු ලිව්ව කියල කියනව....? මතකද හඳේ සුදු හාවෙක් ඉන්නව කියල....ඒත්... ඒත් කවදාවත් ඉර ගැන එහෙම කියල තියෙනවද?? මතකද චූටි කාලෙ චිත්ර කතා වල ඉර මාම තරහෙන් රවාගෙන ඉද්දි ...
වළාකුළු.... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පාවෙලා යන වළාකුළු.. නිහඬයි..... නිහතමානියි... ඒ නිහඬ බව, චාම් බව... හරි පුදුමයි නේද? නුවර වැව හිඳිච්ච සීතල හවසක වැව් පිට්ටනියට වෙලා එයා දිහා බලන් ඉන්නකොට එයා එයාගෙ මූණ, එයාගෙ සිනිදු පුළුන් වලින් ගෙත්තම් කරල පෙන්නනවාදෝ යි කියලත් හිතෙනව...... ඒ නිහඬ නිහතමානී බව දැක්කම එයා බොහොම දරුණු දේවල් කරල හිතන්නවත් පුලුවන්ද? වෙලාවකට අපිත් එක්ක තරහ වෙලා යාලුවොත් එක්ක ඈතට යනව.... වෙලාවකට ...