සිතුවිලි ගොඩ ගැහුණු පැටලුන හිතක්... ඔයාටත් තියෙනව ද? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව හරිම සංකීර්ණයි හිත. කෙළවරක් නැති එක එක විකාර සිතුවිලි. කිසි පිළිවෙලක් සැලසුමක් නැති වැඩ. ලියෝ එකේ වැඩ. සභාපති වෙලත් කිසි දෙයක් සැළසුම් කරල කරන්න හිත එකලාසයක් නෑ. අම්බානක බැනුම්. ඉන්ස්ටිටියුට් එකේ වැඩ. කළමණාකාරවරයා වෙලත් තවම ඊළඟ බඳවා ගැනීම් ගැන අදහසක් නෑ... ආයතන කළමණාකරු උනත් ගොඩක් වැඩ මගේ අනුදැනුමට පිටින්. ආයතන සේවකයින්... සමහර වෙලාවට පවරන වැඩ නිසි වගකීමකින් තොරව ක්‍රියාත්මක කරනව. ...
වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින්... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව " වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින් වගේ... ආයෙත් අපි හිනා වෙනවා.... හැම වෙලේම වැස්ස අපිට ගේන්නෙ සතුටක්.. ඒත්, ඇයි හැමතැනම මඩ වලවල් විතරක් ඉතුරු වෙලා?? ඒක නම් ප්‍රශ්නයක්??? චූටි කාලෙ වගේ, ඒවට පනින්න තිබ්බා නම්... අපෝ...... එහෙම කරන්න එපාලු, අපි දැන් ලොකු ළමයිලු... හැමෝම එහෙම කියනවා.... "---උපුටා ගැනීමකි---copyrights©(- Edited by Hasz Salvatore & Hashan Salinda -) මම ආසයි මේකෙ ...
        .....මා.....   ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මේ සා අති මහත් වූ සයිබර් අවකාශයේ මට මහා සෙට් නැත... කුඩා සෙට් ද නැත.. කුඩා සෙට් හෝ මහත් සෙට් තියා... මට මා වත් නැත... සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි.. සිත්තම් කල රූ තුළින් "මා" මවාගන්නෙක් ...
සඟවා ගනු මැන... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව "සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..මා හද බිය වී..සැළී සැළී යයි..." අම්මියෝ... නිකම් පපුවට ඉඳිකටු වලින් අනිනව වගෙ...හැම වෙලේම හැම දෙයක්ම ගැන හිතින් මවා ගන්න මට ඒකත් මැවිල පේනව.. උඩ ගිහින් පොළවට වැටෙන අළු බිඳිති දිහා බලාගෙන තනිකම - යතාර්ථය වගෙ දේවල් ගැන පැය ගාණක රසවත් දීර්ඝ මනෝභාවයන් මවන මට.. ඒකත් මැවිල පේනව...පුරුදු වෙන ...
18ට අඩු ආදරවන්තියන්ට සහ 18ට අඩු ආදරවන්තියන් ඉන්න 18ට වැඩි ආදරවන්තයන්ට ==> 1 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ --> මෙතනින්කෙල්ලො නරක නෑ හැමෝම... නරක අයත් ඉන්නව....මම මේ කියන්නෙ එහෙම නරක අය ගැන නෙමෙයි.. ඒත් පසුකාලීනව නරක වෙන්නෙ මෙහෙම කෙල්ලො තමයි කියන්නත් මගෙ අත්දැකීම් තියෙනව.....හොඳ අයත් ඉන්නව... මේ එයාල ගැන...එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති.. එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර ...
අහගෙන ඉන්න... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ගත්තෙ >>--> මෙතනින්;;;;....................;;;අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න මොනවද මුමුනනව...අපි දෙන්න දිහා බලාගෙන මොන මොනවද මුමුනනව....අපි දෙන්නගෙ ආදරේ ගැන මුමුනනව.....;;;;....................;;;අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව... අපි මෙතනට වෙලා ඉඳන් අපේ හීන ලෝක මැව්ව හැටි....මතක් කර කර උන් මොනවද මුමුනනව....;;;;....................;;; අහගෙන ඉන්න අපි දෙන්නම අද මෙතන නැතත්....අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...ගෙවපු කාලෙ මතක් වෙවී ...
අහසයි පොළවයි එකතු වෙන්නෙ ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අහසයි පොළවයි එකට එකතු වෙන්නෙ ක්ෂිතිජයෙදි ලු...ඒත්... ඒක, හැබෑවටම වෙන්නෙ නැතිලු...ඒකටත් මිනිස්සු මිරිඟුවක් කියල කියනව; ඒත් ඒ මිරිඟුවට මම ආදරෙයි.. ගොඩාක් ආදරෙයි. ඒත්;ඒ දෙන්නටමලස්සන ජීවිත කතාවක් තියෙනව,--මට-- එහෙම කතාවක් නැති වුණත්.... ...
"(2012 සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගය සදහා)" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ >>>--> මෙතනින් රසවත් නිර්මාණ ගොඩකිලයික් ගොඩකිකමෙන්ට් ගොඩකිලයික් පරයාලයික් වැටෙයිඉල්ලීම් වර්ෂාවකි..."..අනේ අපිටත් ලයික්අපිටත් දෙන්න ලයික්..මෙන්න ලින්ක්.."ආධාරකරුවන් පැමිණෙයිභීෂණය පැතිරෙයි;කෙළවර,ගත යුත්තක්ඉතිරි වේ...2012 සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගය සදහා නොවේ....!!ළමා....යි අපි දකිනවට වඩා අපේ සාහිත්‍යය ගොඩාක් ඉදිරියෙන් ඉන්නව සයිබර් අවකාසෙ තුළ... එන්න බලන්න එහි අසිරිය චුට්ටක් >>------> මෙන්න මෙතනින්...සිංහල සාහිත්‍යයේ පැරණිම කාව්‍ය ආකෘතිය වෙච්ච ගී කාව්‍ය ආකෘතිය යොදාගෙ
වසත් සමය උදුරාගෙන... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව තවමත්මදෙස බලා සිටිනඅකීකරු පුංචි තාරකාවවසත් සමයමගෙන් උදුරාගෙනකිමද?එනමුත්;තවත් වසන්ත කාලයක්පැමිණේවිමේ ඉර හඳමෙලෙසමමටරවාගෙන ඉදිත්දී...
මංසන්ධිය ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ^^^^^^^->->->->->->->-^-^-^-^-^->->->->->->->->හිතෙනවදඔයාට;ඔයාගෙ ජීවිතේලැබුණු දේවල් වලටවඩානොලැබුණ දේවල්වැඩියි කියල??? දුක් වෙන්න එපා....අපි හිතන්නෙත්ඔයා හිතන විදියටමතමයිඒත්.....වෙනසඔයා තාමත්ඒ ගැන හිතන එකයිඅපිතව දුරටත්ඒ ගැන, නොහිතන එකයි...වෙනස් වෙන්න.. වහාම...!!! ^^^^^^^->->->->->->->-^-^-^-^-^->->->->->->->->දිනය - 2011.03.16ස්ථානය - බුත්පිටිය මධ්‍ය මහා විද්‍යාලය,මහර අවස්ථාව - මැතිවරණ රාජකාරි (මැතිවරණ දිනයට පෙර දින ) .
හිතට දැනෙන හැඟීම් ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව .......................කෙනෙක්ගෙ හිතට දැනෙන හැඟීම්... ඒ ආවේගයන්... ඒ දුක දැනෙන තවත් හිතක් තියෙනව නම්... ඒක කොයි තරම් උත්තරීතර මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් පිරුණ හිතක් වෙන්න ඕනද...?......................එහෙම හිතක් තියෙන පුද්ගලයෙක් ඉන්නව නම්.. ඒ පුද්ගලයගෙ යාලුවෙක් වෙන්න පුලුවන් වීම පවුම් පහමාරක සුදු රත්තරන් මාලයක් කරේ දාගෙන ධවල මන්දිරයෙ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ලැබීමටත් වඩා වාසනාවක් කියලයි මට නම් හිතෙන්නෙ... ඒක එහෙම වුනත් එහෙම පුද්ගලයෙක්ව ...
වයස 14+ කෙල්ලන් & 18+ කොල්ලන්ට පමණයි --> 2 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පළවෙනි කොටස කියවපු නැති අය ඒ කොටසත් කියවල මේක කියෙවුව නම් තමයි හොඳ... මෙන්න ---> 1 කොටස....................................ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත, ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි ...
අපේ බීච් පාටිය - ගෙට්ටුව 2013 --මුහුද අපේ...... ලොල්--" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අම්මියෝ... මගේ මතක වස්තුව සෑහෙන්න පරණ වෙලා මකුළුදැල් බැඳලත් එක්ක.. :ඩී හරි හරි... ඒක නෙමෙයි අද කතාව... අද කතාව අපේ බ්ලොග් ලියන උන්දැල එකතු වෙන ගෙට්ටුව ගැන... තුන් වෙනි හෝ හතරවෙනි ගෙට්ටුව මයෙ හිතේ... ගාල්ලෙ ගෙට්ටුවෙදිත් හරි හරි වැඩ උනා ලු... හයි වේ එකේ යන්ඩ කලින් බස් තල්ලු කරපු උන්දැල, නුවර ඉඳන් කැන්ඩි යන්න හදදු උන්දැල, විටමින් ගන්ඩ කඩවල් ...
පාපොච්චාරණය. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින් පවනි කියන විදියට ඒ මැසේජ් එක දැකල තප්පර ගානක් ඇතුලත මාව ඇඳ උඩට ඇදගෙන වැටිල තියෙනව. ඒ කෙසේ වෙතත් පණ වගෙ රකින මගෙ ජංගම දුරකතනය, මට කල්පනාව එනකොට තිබුනෙ බිම වැටිලයි. ඒක කොහොම උනාද කියල මටවත් හිතාගන්න බෑ. මමත් කාලයක ඒ වගේ අදහස් හිතේ පුරෝගෙන හිටිය. අඩුම තරමින්.. මගෙම වචන වලින් කියතොත් තියෙන ඇහැට කනට පේන ...
අවුස්සල බලන්න ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කුණුගොඩකි මාගේ ජීවිතය...එන්න කපුටනි...අවුස්සා බලන්න මගෙ ජීවිතය..ආයෙත්; ඉඩ ලැබෙන එකක් නෑති වෙයි...
බැඳුනු පෙම් බිඳුණු කල... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව නෙළන්න බැරි මල බුදුන්ට පූජා වේවා කියා කියම් මිස වෙන කුමක් කියම් ද මම;ප්‍රේමයට ලොබ බැඳ පෙම් සුව නොලද කල "ආදරයත් හරියට මිරිඟුවක්" වගේ කියනු මිසකුමක් කියමි ද මම;බැඳුනු පෙම් බිඳුණු කලවිරහවත් වින්දනීයැයිකියනු මිස වෙන කුමක් කියමි ද මම..?මේකත් හරියට මිදි තිත්තයි කිවුව වගේ කතාවක්...අපි අපේම හිත් රවටගන්න මොහොතවල් කීපයක්...ඒත්...අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ...
විදවීමයි වින්දනයයි එකතු වෙන තිත..... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මගෙ ජීවිතේට ආදරේ කරන,මගෙන් ලැබෙන ආදරේට ආදරේ කරන,මගෙ අදහස් වලට ආදරේ කරන කෙනෙක් ඇවිත්"රූ... ඔය දේවල් නවත්තන්න"කියනකම් මම මේ දේවල් නවත්තන්නෙ නැහැ.........වෙන කාටවත් නවත්තන්නත් බැහැ!!!!ඒම නවත්තන්න වුවමනාවකුත් නෑ...මීටත් වඩා මාව විනාස වෙයි.......ඒත් ඒ වෙනකම් මම මගෙන්ම පලි ගනීවි...මටම රිදව ගන්නකොට,මට හුස්ම ගන්න අමාරු වෙන හැම වෙලාවකම ඒ දැනෙන වේදනාවට මම ගොඩක් ආදරෙයි....ඒ ඇයි කියන්න මට තේරෙන්නෙ නැහැ!!![*විදවීමයි වින්දනයයි එකතු වෙන ...
---"කලා" කරපු හිත්--- ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ටිකක් නුපුරුදු තැනක්. පවනිත් ටිකක් පුදුමෙන් වගෙ හිටියෙ. නැහැ. ඒ හැටි පුදුමෙකුත් නැහැ. ඒ අනුරාධපුරේ බාප්පලගෙ ගෙදර (ඒකයි පොඩි වෙනස ).බාප්පගෙ පුංචි දුව සඳුනි, කලා විශයයන් වලින් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු තියාගෙන හිටියෙ ඒ දවස් වලත්.. සඳුනි නංගි දෙතුන් පාරක්ම මගෙ ළැඟට ඇවිත් ගියා. එහෙම ගිය වෙලාවක පවනි මට කියපු දේවල්......මාව පුදුම කලා...! එයාට නංගිගෙ ඇස් දෙක දැකපු ගමන්ම හිතුනලු, ...
මිතුරු සුළඟ ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඈතින් පේන බෝධියෙ බෝ පතක ඉඳන් ආපු සීතල සුළං රැල්ල ඈත ඉඳන් මාව හොයාගෙන ආව. ඒකට විරුද්ධ වෙච්ච පිහිඹියා ගහ, එයාගෙ මුළු ධෛර්යයම යොදවල මුළු ඇඟම හොළවල පිම්බත් බෝ පතක ඉඳන් ආපු මගේ මිතුරු සුළඟ එයාවත් පරාද කරගෙන ආඩම්බරෙන් මගෙ ළඟට එනව මම දැක්ක.එතකොට මම ඇස් පියාගෙන මගේ හිත ඇඟේ රෝම කූපයක කෙළවර තියාගෙන ඒ සනීපය විඳගන්න බලාගෙන හිටියත්....;..........ඒක ...
පුංචි බලාපොරොතුවක් ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කියන්න මට...දුක හිතෙන්නෙ නැතිදෙයක්..මම දන්නව..ඔයා..කියන්න හදන්නෙ...මට ගොඩාක්දුක හිතෙන දෙයක් බව....අනේ.......කියන්න මට...දුක හිතෙන්නෙ නැතිදෙයක්....මගෙ හදවතට....පුංචි සතුටක්...දෙන්න පුලුවන්..කතාවක්...කියන්න මට....දුක හිතෙන්නෙ නැතිදෙයක්...ජිව්තේ ගැන...ආදරේ ගැන.....කවදාවත්ම..අමතක කරන්න...බැරි දෙයක්...කියන්න මට....දුක හිතෙන්නෙ නැති දෙයක්....මට ජීවත් වෙන්න..බලාපොරොතුවක්...වෙන්න පුලුවන්..දෙයක්..ඔය මොකුත් නැතුව...දෙන්න මට..ජීවත් වෙන්න.."පුංචි බලාපොරොතුවක්"....Tuesday, April 5, 2011 ...