පෙර ජන්ම පුරුද්ද නිසා ප්‍රදර්ශනකාම චර්යාවක නියැළුණු තරුණයා කාල තරණයෙන් සුවයට කෙසේ වෙතත් මේ මුල් සියයට හතලිහට අයත් රෝගීන්ට සුවපත් වීම සඳහා පූර්ව ජන්ම කරා ප්‍රතිගමණය කිරීම අතිශයින් ම තීරණාත්මක සාධකයක් විය. මීට අවුරුදු සිය ගණනකට නොහොත් දහස් ගණනකට පෙර අත් දුටු ව්‍යසනකාරී චිත්තවේගීය කම්පනයන් නිසා ඇති වූ රෝග ලක්ෂණ සහිත රෝගීන් පූර්ණ වශයෙන් සුවපත් කිරීමට, මේ ජීවීත කාලයේ සීමාවන්ට කොටු වූ සාම්ප්‍රදායික ව පිළිගත් ප්‍රතිගමණ ක්‍රම අනුදත් විශිෂ්ටතම ප්රතිකාරකයෝ ද ...
මෝහනය හා ප්‍රතිගමණය යනු කුමක්ද? කාල තරණයෙන් සුවයට සිය පූර්ව ජන්ම ස්මරණයන් මතු කැර ගැනීම සඳහා සේවා ලාභීන් හට උපකාර කරන්නට මා භාවිතා කළ ප්‍රධාන ශිල්ප ක්‍රමය වූයේ මෝහනය යි. බොහෝ දෙනකුට මෝහනය යනු කුමක්ද යන්න පිළිබඳ හා මෝහන නිද්‍රාව තුළ දී කුමක් සිදු වේද යන්න පිළිබඳ ගැටළු ඇතත් එය මහා අභිරහසක් නො වේ. සැබැවින් ම සම්මෝහ නිද්‍රාව යනු අප එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථාවල අත් දකින පරිදි ඉලක්ක ...
මෝහනය අනතුරුදායකද? කාල තරණයෙන් සුවයට මේ නිද්‍රෝපායී අවස්ථාව සම්මෝහ නිද්‍රාවට අතිශයින් සමාන වන අතර සැබැවින් ම බොහෝ සම්මෝහ මට්ටම් වලට ද වඩා ගැඹුරු වේ. සිය මනසේ වඩාත් ගැඹුරු මට්ටම් වලට ප්‍රවේශ වීමට රෝගියාට සහාය වීය හැකි තරම් කුසලතාවයෙන් හෙබි සම්මෝහ ශිල්ප ක්‍රම උගත් ප්‍රතිකාරකයකුට සුවපත් කිරීමේ ක්‍රියාවලිය විස්මය ජනක ලෙස වේගවත් කළ හැකි ය. මෙහි දී පහල වන නිර්මාණශීලී අදහස් හා විසඳුම්, පෞද්ගලික ගැටළු විසඳීමේ ...
ඊජිප්තුවේ දෙවියන් අතර පූර්ව ජන්ම ස්මරණ කාල තරණයෙන් සුවයට හැතෝර් මිසර දෙවඟන මා විසින් හඳුනා ගත් පරිදි රෝගීන් සිය සැබෑ පූර්ව ජන්ම ස්මරණයන් වෙත ප්රවේශවන්නාවූ හා ඒවා විස්තර කරන්නා වූ ප්‍රධාන රටා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න මා නම්කරන්නේ “සම්භාව්‍ය” රටාව ලෙස යි. “සම්භාව්‍ය” රටාවේ දී කිසියම්ජන්මයක් වෙත ප්රවිශ්ට වන රෝගියාව ඒ ජීවිතය පිළිබඳ මෙන් ම එහි දී අත්විඳි සිදුවීම්පිළිබඳ පරිපූර්ණ විස්තරයක් සැපයිය හැකි ය. බොහෝ විට මෙය උපතින් හෝ ...
පෙර ආත්මන්හි මතක කළඹා නිදන්ගත රෝග සුව කරන හැටි කාල තරණයෙන් සුවයට මා කරා පැමිණි බොහෝ රෝගීන් එ සේ පැමිණීමට ප්‍රථම සම්ප්‍රදායික ප්‍රතිකාර ලබාගෙන තුබූ අතර බොහෝ විට ඉන් අසාර්ථක හෝ අර්ධ සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබිණි. මේ රෝගීන්ගේ හානිකර වූ දුස්සමාහිත චර්යාවන්ගේ පුනරාර්තිත චක්රයන් මුළුමනින් ම බිඳ දමා, ඔවුන්ගේ රෝග ලක්ෂණ මුලිනුපුටා දැමීමට පූර්ව ජන්ම ප්‍රතිගමණ ප්‍රතිකාර ලබා දීම අත්‍යාවශ්‍ය විය. පුනරාවර්තිත චිත්තවේගයන් පිළිබඳ සංකල්පය වලංගු එකක් බව පෙනෙයි. කෙසේ වෙතත් ...
පූර්ව ජන්ම ප්‍රතිකාර මඟින් සුවපත් වූ මගේ රෝගීන් කාල තරණයෙන් සුවයට කැතරින් පිළිබඳ අත්දැකීමෙන් පසු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් වූ මගේ දෘෂ්ටිය විප්ලවීය ලෙස වෙනස් වූයේ ය. මනෝව්‍යාධිමය තත්වයන් හා සුව කිරීමට මාස ගණන් අවුරුදු ගණන් ගත වූ මිල අධික ප්‍රතිකාරයන් අවශ්‍ය වූ රෝග ලක්ෂණ සඳහා පූර්ව ජන්ම ප්‍රතිගමණය වඩාත් වේගවත් වූ විසඳුමක් බැව් මට අවබෝධ විය. වේදනාවන් හා භීතිකාවන් සුව කිරීම සඳහා මෙය අතිශයින්ම සෘජු ක්‍රමයක් වූයේ ය. මේ ප්‍රතිකාර ක්‍රමය අන් ...
ගුරු ස්වාමිවරු කාල තරණයෙන් සුවයට 1979 මුල් භාගයේදී බරපතල හෘදයාබාධයකට ලක් වීමට පෙර මගේ පියා ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කෙළේ ය. එ කල ඔහු ගේ වයස අවුරුදු හැට එකකි. හෘදයාබාධයෙන් ඔහුගේ දිවි ගැලවුණත්, එය ඔහුගේ හෘද බිත්තියට පිලිසකර කළ නො හැකි හානියක් කෙළේ ය. ඔහු මිය ගියේ ඉනුත් අවුරුදු තුනකට පසුව යි. මෙය සිදු වූයේ කැතරින් හා මා අතර වූ ප්‍රථම හමුවට මාස නමයකට ...
නිද්‍රෝපායී කලාපය කාල තරණයෙන් සුවයට මෝහනයට පිවිසුණ ඔබ සිටින්නේ නින්දක නො වේ. එහි දී ඔබ අත් විඳින සියලු දෑ පිළිබඳ සවිඥානික මනසට දැනුවත් භාවයක් ඇත. අතිශයින් ම ගැඹුරු උපවිඥානික මට්ටමක් සමඟ සම්බන්ධ වී ඇතත් ඔබේ මනසට තවමත් විවේචනය කිරීම සංස්කරණය කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම කළ හැකි ය. මෝහනය යනු මිනිසුන් මත් කොට ඔවුන්ගේ හැඟීම් එළිදරව් කර ගනු පිණිස දෙන “සත්යාරිෂ්ටයක්” නො වේ. එහි දී ...
අධිමානසික සිහින පෙරනිමිති කාල තරණයෙන් සුවයට විචිත්‍ර සහජඥාන අත්දැකීම් පිළිබඳ මෙබඳු විස්තර හතර වටින් ගලා එමින් තිබිණ. පොත් සමාජයේ තවත් බොහෝ දෙනකුට සිහින පෙරනිමිති පිළිබඳ අත්දැකීම් තිබිණ. එක් සාමාජිකාවට නාද වන සිය දුරකථනය එසැවීමටත් ප්‍රථම අමතන්නේ කවරකු දැයි කිව හැකි විය. තවත් බොහෝ දෙනකුට ප්‍රබල පෙර දුටු හුරුව (Déjà Vu ) හැඟීම්, සහජඥානමය දැනීම් හා සිය සැමියන් හා සමකාලික ව පහළ වූ සිතිවිලි හා ප්‍රකාශ පිළිබඳ ...
අපි කවදාවත් මිය යන්නෙවත් යළි උපදින්නේවත් නැහැ කාල තරණයෙන් සුවයට “මට දැනෙනවා... කවුරු හරි මට කතා කරනවා”“මොනවද ඔවුන් කියන්නෙ? ” “ඉවසීම ගැන යි කථාකරන්නේ... කෙනෙකුට මේ ඉවසීමේ ගුණය අවශ්‍ය ම යි...” “ඔව්... තව කියන්න ඒ ගැන...” පිළිතුර ආවේ කවිකාර ගුරුස්වාමි වෙතිනි. “ඉවසීම හා කල් යල් බැලීම... හැම දෙයක් ම පැමිණෙන්නේ එසේ පැමිණීමට අවශ්‍ය ම වන අවස්ථාවේ යි. ජීවිතය කඩිනම් කරන්න බැහැ... බොහොම දෙනෙකුට ඕනෑ කරනවා වගේ එය හදාගත් කාල සටහනක්, ...
ගුවනින් යාමට බිය වූ ව්‍යාපාරිකයා කාල තරණයෙන් සුවයට මනා පුහුණුවක් ඇති ප්‍රතිකාරකයකු විසින් හෝ නිවසේ දී හුදකලා ව තමා විසින් ම හෝ මේ ස්මරණයන් සමඟ කටයුතු කිරීමටත් ඒවා සමෝධානය කරගැනීමටත් බොහෝ අයට කිසිදු අපහසුවකින් තොර ව පිළිවන. ඉන් අනතුරු ව ඔවුනට වඩාත් යහපත් හා සහනදායී හැඟීමක් දැනේ. අවශ්‍යයයි හැඟේ නම්, රෝගියාව සිය මරණ මංචකය මතින් පාවී යමින් එය චිත්තවේගයන්ගෙන් තොර ව නිරීක්ෂණය කිරීමට ප්‍රතිකාරකයා විසින් උපදෙස් දෙනු ලබයි. ...
සංසාර ස්මරණ වර්තමානයට කැඳවීම කාල තරණයෙන් සුවයට ප්‍රතිගමණ චිකිත්සාව වූ කලී පූර්ව කාල අවධියකට රෝගියා රැගෙන ගොස් ඔහුගේ වර්තමාන ජීවිතයට තවමත් නිෂේධනාත්මක ව බල පාන්නා වූ ද ඇතැම් විට ඔහුගේ රෝග ලක්ෂණ වල මූල සාධකය විය හැක්කා වූ ද ස්මරණයන් නැවත ආවර්ජනය කරන්නා වූ මානසික ක්‍රියා දාමයකි. මෝහනය මනසේ සවිඥානික බාධකයන් ලුහු පරිපථ කොට මේ තොරතුරු අනාවරණ කර ගැනීමට මඟ සලසයි. මේ බාධකයන් අතර සිය පූර්ව ජන්මයන් ...
පුනර්ජන්ම සංකල්පය පිලිගැනීමට පුලුවන්ද? කාල තරණයෙන් සුවයට අලුතින් මුණගැසෙන රෝගියෙක් හෝ මගේ වැඩ මුළුවකට සහභාගි වන්නෙක් නොයෙක් විට මගෙන් කරන විමසීමක් ඇත. “ආචාර්ය වේස්, ඔබේ මේ පූර්ව ජන්ම ප්‍රතිගමණ ක්‍රමය අත්දකින්න මම බොහොම ආසාවෙනුයි ඉන්නේ. ඒත් මේ පුනර්ජන්මය කියන සංකල්පය පිලිගැනීමේ විශාල ගැටළුවක් මට තියෙනවා.”ඔබටත් මෙ ලෙස සිතෙන්නේ නම් දැනගත යුතු වැදගත් කරුණ වන්නේ ඔබ හුදෙකලා වූවකු නොවන වග ය. ප්‍රතිගමණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙරාතුව මේ ගැටළුව ...
වෙනත් ආගම් වල සඳහන් වන පුනර්ජන්මය කාල තරණයෙන් සුවයට බටහිර ආගම් වල වසර දහස් ගණනක් වූ ඉතිහාසය පුරා කවරකු හෝ විසින් මා ලද අයුරේ අත්දැකීමක් පිළිබඳ ලේඛන ගතකොට නො තිබීම මට කෙසේවත් ඇදහිය හැක්කක් නො වී ය. මෙවන් දැනුමක් ලද පළමුවැන්නා මා විය හැකි ද? ම විසින් පසු ව සොයා ගනු ලැබූ පරිදි බොහෝ ගැඹුරට ප්‍රශාඛා විහිදී ගිය පුනර්ජන්මය පිළිබඳ විශ්වාසයේ මූලයන් යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් තුළ ද ඇත. ...
අධිමානසික සංසිද්ධීන් යනු “මනෝ විකාරයන්ද” කාල තරණයෙන් සුවයට පූර්ව ජන්මයන් සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇති වන අනෙක් තැවුල වන්නේ අධිමානසික සංසිද්ධීන් පිළිබඳ විශ්වාස කිරීම “මනෝ විකාරයක්ද” යන කාරණය යි. මේ තැවුල සංසිදුවීම පහසු ය. මන්ද එවන් අත්දැකීම් විශ්වීය ඒවා වන බැවිනි. සිදුවන්නට ඇති යමක් ගැන කලින් පෙන්නුම් කළ ප්රාග්–ප්රජානනාත්මක සිහින හෝ වෙනත් එ වැනි අධිමානසික අත්දැකීම් ලැබීම පිළිබඳ ඔබේ මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් අතර සමීක්ෂණයක් කර බලන්න. ප්‍රතිඵල ඔබ ...
මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන් ෂර්ලි කාල තරණයෙන් සුවයට ආචාර්ය රේමන්ඩ් මූඩි, ආචාර්ය එලිසබෙත් කුබ්ලර් රොස්, වෛද්‍ය කෙනත් රීං, වෛද්‍ය මෙල්වින් මෝස් හා වෙනත් එවැනි කීර්තිමත් විශේෂඥයන්ගේ පර්යේෂණ තුළින් තහවුරු කරනු ලැබූ මරණාසන්න හා අත්දැකීම්වලට (NDE) හිමිවන්නේ වැදගත් ස්ථානයකි. පූර්වජන්මයන් හා ඒවා සිහිපත් කිරීම වූකලී තාර්කික මෙන් ම මනසට හා සහජඥානයට ගෝචර වූ එකක් බවට අත්දැකීම් පදනම් කරගත් ලෝක දෘෂ්වියක් ඉන් සැපයෙයි. එමගින් අවධාරණය කරනු ලබන්නේ බොහෝ දෙනා විසින් ...
මරණාසන්න අත්දැකීම් ලැබූ කුඩා දරුවෝ කාල තරණයෙන් සුවයට ගැලප් සමීක්ෂණයන්ට අනුව මිලියන අටකට අධික ඇමරිකානුවන් පිරිසක් මරණාසන්න අත්දැකීම් ලබා ඇති අතර බොහෝ කුඩා දරුවෝ ද මේ පිරිසට අයත් වෙති. මේ අත්දැකීම් ලැබූවන් ඒ පිළිබඳ පැවසූ විස්තර විශ්මය ජනක අයුරින් සංගත හා ඒකමිතික වන අතර ඒවා විශිෂ්ට අයුරින් ලේඛන ගත කොට තිබේ. මෙවන් අවස්ථාවල සාමාන්‍යයෙන් සිදුවන්නේ මරණාසන්නයට එළැඹෙන පුද්ගලයා සිය සිරුරෙන් මිදී, ඊට ඉහළින් පිහිටි කිසියම් ස්ථානයක රැඳී සිටිමින් ...
ස්වර්ගය දුටු දරුවෝ කාල තරණයෙන් සුවයට මරණාසන්න අධ්‍යනයන් පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයේ ආදි කර්තෘ හා හිටපු සභාපතිවරයා වූ ද කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා වූ ද Life at Death (මරණය අබියස ජීවිතය) හා Heading Toward Omega (ඔමේගා බලා පිටත්වීම) යන විශිෂ්ට ග්රන්ථයන්හි කතුවරයා වූ ද ආචාර්ය කෙනත් රිං සමඟ ආචාර්ය මෝර්ස්, ආචාර්ය මූඩි හා මම මෑතක දී ලොස් ඇන්ජලීස් හි පැවති වෛද්‍ය සම්මන්ත්‍රණයක දේශන පැවැත්වීමු. ...
ඇඩම්ගේ මරණය කාල තරණයෙන් සුවයට “ඔබේ පියා මෙහි ඉන්නවා... ඒ වගේ ම ඔබේ කුඩා පුතාත් ඉන්නවා. ඔබේ පියා කියනවා ඔබ ඔහු ව හඳුනා ගනීවි කියා, මන්ද ඔහුගේ නම ඇව්රෝම් නිසාත් ඔබේ දුවට නම් තැබුවේ ඒ නමින් නිසාත්. ඔහුගේ මරණය සිද්ධ වුණේ හෘදය වස්තුව නිසා යි. ඔබේ පුතාගේ හෘදය වස්තුවත් වැදගත්... ඒ මන්ද එය කුකුළු පැටවකුගේ මෙන් දුර්වල නිසා. ඔහු ආදරය නිසා ම ඔබ වෙනුවෙන් විශාල ...
අසාමාන්‍ය සුවපත් වීම කාල තරණයෙන් සුවයට මෝහන සැසිය අතරතුර කැතරින්ට වෙනත් පූර්ව ජන්ම දෙකක් ගැන සිහිපත් කළ හැකි විය. ඉන් එකක දී ඕ 18 වන සියවසේ ස්පාඤ්ඤයේ ජීවත් වූ ගණිකාවක වූ අතර අනෙකේ දී පළමු කී පෙරදිග ජන්මයෙන් සියවස් කිහිපයකට පසු උපන් ග්‍රීක ගැහැණියක වූවා ය.මම සැකයෙන් වික්ෂිප්ත වූයෙමි. වසර ගණනාවක් පුරා රෝගීන් සිය ගණනක් සම්මෝහ නිද්‍රාවට පත් කෙළේ නමුදු කිසි දාක මෙ වැන්නක් සිදු වී ...