පැන් වැඩුම හදේ තත් නුගැසුම් හැපි හැපී කඳු කොපුල් මතහඬා බසිනා කඳුළු කඳුරු දසිඳෙයි - සීතල කඳුකරේ මේසුසුම් උණුසුම් රශ්මියේ !ඉකි ගසා ළයැ අත තබාඑබි එබී වෙවුළන ඉළුක් තුඬැරැඳෙන්නේ ඒ කඳුළුදැයි මටනො තේරෙයි අම්මේ !ආදරය උතුරා පිරූකිරි රස දැනී රෑ සීනයේහද තෙමා ගැලුවේ මෙ දා ඒ කඳුළු දෝ අම්මේ ?ඉණැ තබා නෙලනා පලාගෙන’වුත් කැවූ දුවනා මුවන්අහලක පවා නොම වූ දිනේහුරු පුරුදු සේ තනිව ම නැඟීගියෙ ...
දුවේ ඔබ අහගෙනද? හදේ තත් නුගැසුම් එන්න දුවගෙන එන්නසිඟිති පා සලා හනිකට එන්න දූට පෙන්නන්න කඳුලක් මෙතැන තියෙනවාකම්මුලේ තැවරෙනාහාදුවක කිරි සුවඳමගේ නැහැ පුඩු අතර දුව ඇවිද නටන කොටජීවිතේ මහා බර ලිහෙනවා නිල් කැටේ වගේ පෑදුණපුංචි ඇස් දෙකේ සීතලෙන්මගේ හිත හෙමි හෙමින් නිවෙනවා මල් කැකුළු ගිනි වැදී ළපලු පත් බිය වැදී දුකින් ඇස් පිරෙන විටහලාහල විස පිරුණමේ නපුරු ලොවම ගැනමහා තරහක් හිතට දැනෙනවා පෙන්වන්න දුකයි මට ඒ ...
අර ඈත පින් බිම හදේ තත් නුගැසුම් සොඳුර නොකිපෙන්න !දුෂ්කරයි රළු කරළු වූ මේ මාවතසොඳුර නොහඬන්න !කර්කෂයි රුදු කටුක වූ මේ මාවතඑන්න! අත මට දෙන්නපා නඟමු අපි එක්වන්වපොඩි කඳුළු බිඳුවකට බැහැජීවිතේ වසා ගත්කිළිටි රොන් මඬ කැටිති දොවන්නටබලන් අර!නබෝ ගැබ වසාගත්දාගප් බුබුළු අගදේවතා කොටු අලු කරන චුඩාමිණබලන් නළියනා අර බෝ ළපලුනුඹේ තොල් දෙපට අගවල ගැසෙන ප්‍රහර්ෂය සේමනිමල වූ බෝ රුකේපොතු කැපුණු කඳ තුළබැක්ටීරියා හා දිලීරද වෙසෙත්!අතු අග රැඳි ...
විකසිත වන්නට හදේ තත් නුගැසුම් දවස නිමා වී නම්විහඟ ගීයද ගොළු නම්සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්අන්ධකාරයෙ රුවල් පටමා සිසාරා හෙලනු මැනඅතුරවා ස්වප්නයේ ඇතිරිලිහොවා සුව නින්දෙක ලොව මවසා ලනු මැන සෙමෙන්සවස පර වූ රත් නෙළුම් පෙතිගමන නිමා වනු පෙරාතු වඔලොගුව සිස් වූසළු ඉරී කිළිටි වූදිරි සිඳුණු ඒ යාත්රිකයාමුදා සන්තාපයෙන්කුළුණුබර අඳුර තුළසැඟවගත් කුසුමක් සේපුරාලනු මැන ඔහු හෙටනැවුම් ප්‍රමුදිත ජීවයෙන්(රවින්ද්‍රනාත් තාගෝර් කිවිඳුන්ගේ නොබෙල් සම්මාන ලාභී 'ගීතාංජලී' කෘතියෙන්) ...
තීර්ථය - ඔබ! හදේ තත් නුගැසුම් සැඳෑ හිරු උණුසුම් දෙතොල වැද පණ පෙවී විලියෙන් රතුව ගිය දිගන්තය ඉම අහස් කොපුලත බිඳෙන රළ කඳුළින් තෙමේ සයුරු දිය මත පිපී නලියන එළි තිතක් මෙනි ජීවිතේ ! අවරගිරි නැටියෙන් මිදී හිරු ඉදී පරවී වැටේ යළිදු හෙට එන සහන් එළියක පොදක් ක්ෂිතිජය මත ඉසේ මිනිස් සන්තානයේ ඇවිලෙන පැතුම් තරුවැල එළි පොකුරු යට වෙරළ මත ඇඳි සියක් පියවර සයුරු රළ දිවගින් ...
ශිශිර නිද්‍රාවේ බිජුවට නොහොත් පමා වූ මෝසම් වැස්ස හදේ තත් නුගැසුම් දිගන්තය ඉම පාලු අහසතවිදුලි සර එක දෙක නටන විට නොහිතුනා නම් නොවෙයි මට ඒ පමා වූ මෝසම් වැස්ස වග තෙතැති ඉල් මහ හුදෙකලා වූවලාවක් සේ රැගෙන සිරිපොදලපලු දෙතොලින් මිදී හනිකට හෙමි හෙමින් ගිලිහෙණා පොලොවට ඉඩෝරය විත් ඉරි තලා ගිය මහපොලෝ හද මඩල පිරිසිඳ පතිත වී වස්සාන බිජුවට අසනි වර්ෂාවක් ම විලසටසරැලි මුදමින වැළඳ සෙනෙහස බුබුළු ලයි ප්‍රීතියෙන් ඔකඳව පියාගමි නෙත ...
මගෙ සිංහ සීවලී හදේ තත් නුගැසුම් මගෙ සිංහ සීවලීතුංග චණ්ඩ මිඟිදා මේ වන ගැබවීර්යවන්ත එකසර කෙසරා මමමා පි‍්‍රය දියණියනේ - මොළකැටි දියණියනේමේ රුදු වනගැබ මාර සෙනඟ හා සටන් වැදී හද පිපිරීහැන්දෑ කලුවර ගුලි කරගෙන හිත පියවර මැන එමි දුකසේමළපුඬු විසකුරු හලාහලින් පිරිමහ වනයම අමතක වීලෙන් දොරකඩ පිපි නුඹේ සිනා වත රිදී පහන් වැට දැල්වේසිත පිරිමැද දුක නිවන කතාවක සඳුන් සිහිල මැද දැවටීමහ වන මැද දුක් කරදර ...
ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා හදේ තත් නුගැසුම් පාලු පිල්සෙන් චතුරශ්රයේදෙව්මැදුරු කොත් කැරලි සිපගෙන අන්ධකාරය බිම වැටේ හිම පියලි එක දෙක රැගෙන තනියටසරමි අතැඟිලි වැළඳ එකිනෙක මෙතැන තිබෙනා එකම උණුසුම අඳුරු පොප්ලර් වියන විනිවිදිඉන්ද්රජාලික ඔලේශ්‍යා නුඹ හුදෙකලා නැවතුමක තණ පත් පවා මුනිවත පුරන මොහොතක මිහිරි දෙතොලක මෙලෙක දැනුණාප්රේමයේ තෙතමනය අරගෙන සැණෙලියක් මෙන් ඇසල අහසකඑලිය දුන් ජීවිතේ නිමෙසකරැඳුනි තණ අග පිණි පොදක් ලෙස ඉන්ද්‍රජාලික සොඳුරු ප්රේමයවසන්තය මග හැරී පලුපත් ...
හිතුවක්කාර කිරිල්ලී හදේ තත් නුගැසුම් හිතුවක්කාර කිරිල්ලීනුඹට යන්නම ඕනෑ නම්කැදැල්ලේ දොර විවර කරන්නම්ඉතින් යන්න ඉගිල්ලීමේ විසල් අහස - මනමාල සිනා පාතරු ඇසක් ඉඟිමරා බලා හිඳීනිදහසේ සිහිනයේ තුරුලු වෙමින්ඉතින් යන්න ඉගිල්ලීහී සරින් රුදුරු - හද බිඳී පෙර එදා මඟ සොයා පලා ආ කැදැල්ලේනුහුරු නම් පුරුදු ඒ උණුසුම දැන් ඉතින් යන්න ඉගිල්ලීසත්සර මුසුව - ස්ටැන්ලි පීරිස්කටහඬ - ආසිරි ප්‍රියන්ත මුම්මුල්ලගේ ...
අවසර නැති බිම හදේ තත් නුගැසුම් පි. අවසර නැති බිම වැට මායිම් පැන ඇයි හොරෙන් හොරෙන් ආයේමේ කඳුලු මටම තිබුනාදෙන්පිට වී යනු මැන පින්කාරීගැ. අවසර මොකටද මට මලක් සිඹින්නටවිකසිත මල් යායේනොකියාම ඉතින් මල් සුවඳට හිමිකම්සිඹිනෙමි මල මාගේපි. කඳු කොපුල සිඹී සඳ අසල නිදා හුන්තනි තරුවට රහසේගැ. නොපතාම ඉතින් සඳ එලියට හිමිකම්කිමිදෙමි සඳ පානේපි. කිරි සුවඳ ගලයි අර කැදැලි තුළින් එයිනැලවිලි ගී රාවේගැ. නොකියාම ඉතින් රන් ස්වරයට ...
සඳ සාවියේ හදේ තත් නුගැසුම් මේ තරම් කලින් බැස යන බව දැන සිටියා නම් මට අහස දිහාවත් නොබලා ඉන්නට තිබුනාඔබ ඇවිත් සඳ දියෙන් තෙමා මා අවදි කලේ ඇයි සඳ සාවීමේ රාත්‍රිය තවම තරුණයි - ඔබ නැත අහසේනිල් තාරකා තුරුළු වී ඉඟි කළත් සිනාසීඔබෙ සුවඳටම ඇදෙන්නේ හිත ඇයි සඳ සාවී මේ හිතට කුමක් සිදු වුනාද මමවත් නොදනිම්එය ඔබ කෙලෙස සිතා ගන්නද සාවීඔබ ඇවිත් සඳ දියෙන් තෙමා ...
ටික කාලෙකින් හදේ තත් නුගැසුම් උගෙනීවි ටික කාලෙකින් ඔබසියුම් වූ වෙනස ඒ අතින් අල්ලා ගැනීමේ හා ආත්මයකට බැඳීමේ.උගනීවී ඔබ ආදරය යනු උගැන්මක් නොවන වග ඇසුරක් යනු හැමවිටම සුරක්ෂාවක් නොවන වගඅරඹා වී ඔබ උගන්නට හාදුවක් යනු ගිවිසුමක් හෝ තිළිණයක් යනු ප්‍රතිඥාවක් නොවන වගඅරඹා වී ඔබ බාරගන්නට පරාජයන්නොබා හිස දරා ඍජු බැල්මක් නොදරුවකුගේ ශෝකයෙන් නොව ගැහැණියකගේ ලාලිත්යයෙන්උගෙනීවි ඔබතනන්නට ඔබේ මාවත් අදමමන්ද හෙට පොලොව අනියත බැවින් ඔබැ සැලසුම් ...
ළබැඳියෝ සමුගෙන සදහටම හදේ තත් නුගැසුම් ළබැඳියෝ සමුගෙන සදහටම – වන හංසයෝසැඟවී වලාවක (බෂෝ හයිකු කවි ඇසුරින් )
හුදෙකලා වූ වලාවක් සේ පාව යමි හදේ තත් නුගැසුම් හුදෙකලා වූවලාවක් සේපාව යමි නුබ ගැබ ගිරි ශිඛර මිටියාවත් මතින්.දුටිමි තුරු වියන අතරින් විල්තෙරක අසබඩ යායකි රන් පෑ ඩැෆඩිල්මඳ නලින නැළවෙන ලෙළෙනක්ෂීර පථයේ රැඳී දිදුළනඉඟිකරන තරු සේ අපරිමිතතෙරක් නොපෙනෙන අනන්තය සේ විහිදුණා එය ඉවුරු ඉම දිග එකම බැල්මෙක රැඳිණ සහසක් සැලෙන හිස් නව යොවුන් රැඟුමකසරැලි රඟ දෙන මොබින් හිඳ උන්පැරදුවා රල තුටින් බුබුලනඑවන් ආනන්දමය නිමෙසක කෙසේ ප්‍රමුදිත නොවෙද කිවියර බලා ...
ගිම්හාන සඳ හදේ තත් නුගැසුම් ගිම්හාන සඳනගත අත් පොළසන් අරුණෝදයේ පණිවුඩය ගෙන එමි(බෂෝ ගේ හයිකු කවියක් ඇසුරින්)
කෑලි කැපෙන හුදෙකලාව හදේ තත් නුගැසුම් ගියෝ උන් මා අතැර විගසින් කෑලි කැපෙනා හුදෙකලාවක කල් බලන තත්පර කටුව මහ හඬක් වී ඉකි බිඳී තනියමසිසිර සීතල හමාවිත් උස් හිස් ද පිරිමැද ඕක් වියනක සුදෝ සුදු වේලයක් දවටයි සුපිපි ලයිලැක් පඳුරු යායකසීතල ද මේ තරම් තනිකම?පැමිණි කල හැරදා උපන් බිම අන්ධකාරය කුර ගගා එයි තිමිර ලූ කඳු පාර බැහැගෙන නම නොදන්නා පුංචි කැකුලක් මලේසිත්සේ නුවර මිදුලක බලා සිටියා ...
වලාකුලු පවුර හදේ තත් නුගැසුම් වලාකුලු පවුර මත හිඳගෙනමම - මගේ කඳුලු දෝතට අරගෙනසුසුමක සඟවා පා කර යවමීමටම නොපෙනෙන අනන්තයකටනිම් වළල්ලේ ඈත හිනැහෙනනිවුණු තරු එලියක්සෙනෙහසේ සිහිල තවරාපිරිමදී මතකයේ නළලතනෙතු පියල්ලෙන් පරව ගිලිහුණවේදනා බිඳුවක්තනි රකී තනිව හිඳගෙනගිලන් වූ සිහිනයේ දොරකඩසත්සර මුසුව - වින්දක වීරසිංහකටහඬ - චාන්දනී සෙනෙවිරත්න ...
ඔබ හඬන දවසේ දී හදේ තත් නුගැසුම් සිසිරයේ හිම තලා අද්දරින්වසන්තයෙ මුහුණ අර! එබි එබීරිදී හසරැල් ඉරක් අඳිනවාකඳුළු බිඳුවක් තව මමෙ තැන තනි රකිනවාඔව්! ඔබේ නමට එය තිබෙනවාසීන් සිරිපොද නඟනගීතයෙක වෙලී ආඔබේ හඬ සීනයේ රැඳෙනවාරාත්රිය පුරා රැව් නැඟෙනවාරන් එළිය සසල වනතාරකා ඇසින් ඔබඉහළ ආකාසයේනපුරු බැල්මෙන් මදෙස බලනවාසැනෙන් මම බිම බලා ගන්නවාළයේ තෙත් සීරාවමතින් දළු ලා නැඟෙනරෝමියා පැල අතරමුදු ඇඟිලි තුඬක උණුසුමවිටෙක දැනෙනවාඑහෙත් ඔබ නොවන වග හැඟෙනවාසිහිනයෙන් වුව ...
වෙන්වීම හදේ තත් නුගැසුම් සැඟවුණා නුඹෙසුවඳ සුසුමක සැඟවුණාකඳුලු සීතල මැදින් දෙකොපුලපුරුදු උණුසුම තැවරුණාතනි වුණා ගං දෑල දෙවුරක තනි වුණාගිලිහුණා පියසලනු බැරි වී අත්තටු ද ගිලිහුණාගිලිහුණා නොපිපීමනටුවෙන් ගිලිහුණාගොලු වුණා ගී ගයනු බැරි වී තුඬ තුඬම ගොලු වුණා ...
පිය සමර හදේ තත් නුගැසුම් සේපාලිකා පඳුර මල් පුදන්නේ කාට?මලින් පාවඩ එලා තිබුණාපාන් පැල අඳුරු වී එළි නිවාගෙන දුකටසොවින් වාවනු බැරිව හඬනාසංසාර ගිරි දඹේ පියවරෙන් පියවරටවෙහෙස වී ඉතින් හති වැටුණාඒ වගක් නොකියාම මඳ මඳව හිනැහෙමින්පියාණෙනි නුඹ මෙතැන නිදනාකිරිබතක් කවන්නට දරුමුණුබුරන් හැමටගමට එන්නැයි ලියා තිබුණාඅවුරුද්දෙ ගෙට එන්ට, පා පියුම් වැඳ ගන්ටඑරබදු මලූත් බලා සිටියාතව්තිසාවෙන් ඇවිත් රහසේම සුර සෙනඟදැන් ඉතින් යමු කියූ සැනිනාබෑ කියන්නද කෝම ඉතින් යන්නට ...