GSG 9 - Operation fire magic | මොගඩිෂූ ගිනිකෙළිය කුරුන්ද 20133 බක් මස 26 වනදාබිනර මහේ එක් දවසක සිදුවූ ඒ ඛේදවාචකය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි සිතමි. එම මෙහෙයුමේදී හා ඉන් පසුව බටහිර ජර්මනිය විසින් පෙන්වූ අදක්ෂතාවය මුළු ලොවටම රහසක් නොවුණි. අඩු අත්දැකීම් මත සිදුකළ අනුවණකම් රැසක් හේතුවෙන් සියලුම ඊශ්‍රායෙල් ප්රාණඇපකරුවනට සිය ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ ආකාරයද ඔබට මතක ඇතැයි සිතමි.හොඳින් පුහුණුව ලත් ත්‍රස්ත මර්ධන ඒකකයක අවශ්‍යතාවය බටහිර ජර්මන් රජයට එයින් ...
බෝතලේ විත්ති | අලියා පිටේ කටුස්සා..... කුරුන්ද 2013 බක් මස 20 වනදාSource : http://www.lankajournal.com/"මල්ලීඊඊඊ අන්න එනෝ....." ඒ ලොකු අයියාගේ හඬයි..නැන්දාගේ පරණ ශ්‍රී සඟරා මිටිය අවුස්සාගෙන අමුතුම ලෝකය මනසින් සැරිසරමින් සිටි මා පියවි ලෝකයට ආවේ ඒ හඬිනි."මල්ලී අන්න අලියා එනවා"යි කියමින් ලොකු අයියා සහ සේන පඩි පෙළෙහි පහතට දිවීම ඒ වනවිටත් අරඹා තිබුණි. ශ්‍රී සඟරා ගොඩ පසෙකට හෙළු මමද දෙවරක් නොසිතාම ඔවුන් පස්සෙන් වැටුණෙමි.තනිකරම කළුගල් එකටෙක පුරුද්දා, බදාම ...
The Hindenburg | මගී ප්‍රවාහන ගුවන් නෞකා යුගයේ අවසානය සටහන් කෙරූ වගයි ! කුරුන්ද 2013 මැදින් මස 29 වනදාඉහත පින්තුරයේ දක්නට ඇති ආකාරයේ ගුවන් යානයක් වර්තමාන අහසේදී දුටුවහොත්, ඔබගේ දෑස් නළල මතට පැමිණීම ඔබට වැළැක්විය නොහැකි වනු ඇත. එතරම්ම විරල දසුනක් වන මෙම යානා, ඔබව විස්මයට පත් කරනු ඇත. සමහර විටෙක පිටසක්වල යානයක්යැයි වරදවා නිගමනය කිරීමට උවද හැකිය. එහෙත් අදින් වසර හැට හැත්තෑවකට පෙර මෙවැනි යානා එතරම්ම අරුමයක් නොවුණි. වර්තමානයේද මෙම යානා භාවිතා වුවත් ...
HMS Coventry | ජයග්‍රහණයේ නියමුවාගේ නික්මයෑම.... කුරුන්ද 2013 නවම් මස 22 වනදා=========================================================================යමුද ලෝකය වටේ රවුමක් ?ශ්‍රී ලංකාව / ඉතාලිය / තායිලන්තයචිලී දේශයඇමෙරිකා එක්සත් ජනපදය / ජපානයඇන්ඩීස් කඳු වැටියරුසියාවඑක්සත් රාජධානිය / අත්ලන්තික් සාගරය / ඇමෙරිකාවසෝවියට් දේශයජපානය / පිලීපීන දූපත්ඇමෙරිකා එක්සත් ජනපදයඉතාලිය / එක්සත් රාජධානියපැපුවා නිව් ගිනි / පේරු / අප්රිකාවජර්මනියඊලඟට ????=========================================================================අදින් වසර තිහකට පමණ පෙර, හරියටම කිවහොත් 1982 අප්‍රේල් 02වෙ
ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා... | සංශෝධිත නිකුතුව කුරුන්ද 2013 නවම් මස 07වනදාමතකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා" ?ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට ...
ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා... | සංශෝධිත නිකුතුව කුරුන්ද 2013 නවම් මස 07වනදාමතකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා" ?ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට ...
බිනර මහේ එක් දවසක් කුරුන්ද 2013 නවම් මස 01 වනදාබ්ලොගර් මහතාගේ කෙනෙහිලිකම් වලට එරෙහිවනු වස් මෙතන කොටන්න.
බිනර මහේ එක් දවසක් කුරුන්ද 2013 නවම් මස 01 වනදාඔබ නිමිති විශ්වාස කරන්නෙහිද ? අපේ වැඩිහිටියන් ගමනක් යන්න පිටත්වන විට හූනෙක් හැඬීම, බල්ලකු කන්පට ගැසීම, පය පැටලී වැටීමට යාම අදී හේතු නිසා ගමන ටිකකට කල්දමා හෝ අවලංගු කොට දමන්නේ හුදු මිථ්‍යා විශ්වාසයන් නිසාම පමණක් විය හැකිද ? නැතිනම් එහි ගත යුත්තක් තිබේද ? සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, නිමිති විශ්වාස කළේනම් ඔහුට ගැලවෙන්න වුණත් තිබුණා කියලා ...
ලෝකය සරලව ළමයකුගේ ඇසින් කුරුන්ද 2012 උඳුවප් 16 වනදාඅද වැඩිය කියවන්ඩ නෑ.. පින්තූර විතරයි. කම්මැලි පෝස්ට්...ළමයෙක් ලෝකය දකින්නෙ කොහොමද කියලා බලන්ඩකො.සමහර ඒවානම් වටහා ගන්න අමාරුයි. ළමා මනස කියවීමේ විශේෂඥයො ඉන්නවනම් දෙන්න පුළුවන් ඒවා ගැන විශ්ලේෂණ හෝ විචාර.වැඩි කතා මොකටද.. ඔහොම්ම යමු පල්ලෙහෑට...1. කඩල-පළතුරු...2. මල හා ළමයා...3. දෙන්න බලන්න විශ්ලේෂණයක්... 4. අල්ල භාවිතයෙන් ඇඳපු කුරුල්ලෙක්. පෙර පාසලෙන් උගත් දෙයක්.. 5. උදය6. සත්තු වත්ත7. අපට උදව් කරන්නෝ8. ...
මේ ස්තූතිය නුඹලාටයි ! කුරුන්ද 2012 උඳුවප් මස 03 වනදා-----------------------------------------------------------ආයුබෝවන් !!!උඳුවප් 03, 2011අද තුන.තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. ...
සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - අවසාන කොටස කුරුන්ද පළවෙනි කොටසට.......................දෙවෙනි කොටසට.......................2012 ඉල් මස 29 වනදාඅප්රිකාව !! මානවයාගේ තිඹිරි ගෙය යයි නම් ලද මහා දේශය ! අපගේ මුතුන් මිත්තන් සිය මුල්ම ඇරඹුම සනිටුහන් කළ භූමිය ! මෑතකදී කළ සොයා ගැනීම් වලින් හෙළි වූයේ, එය විශාල ඝර්ම කලාපීය ශිෂ්ටාචාරයකට නිවහන වී තිබූ බවයි. නගර සහ රාජධානි මහද්වීපය පුරා පැතිර ගොස් හදිසියේම අතුරුදහන් වී ඇත්තේ ඒ පිළිබඳ සීමිත සලකුණු කිහිපයක් පමණක් ...
සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - දෙවන කොටස කුරුන්ද පළවෙනි කොටසට.......................2012 ඉල් මස 15 වනදා2දහසයවන සියවසේ තෙවන දශකයේදී දකුණු ඇමෙරිකාවෙහි, රත්රන් හා වෙනත් ඉසුරු ගවේශණයේ යෙදෙනා ස්පාඤ්ඤ සේනාවකි. ඔවුන් වෘත්තීය හමුදා භටයන් නොවූ නමුදු විශ්‍රාමික ස්පාඤ්ඤ හමුදා කපිතාන් වරයෙකු වූ Francisco Pizarro විසින් මෙහෙයවනු ලැබූ නිර්භීත, ත්‍රාසජනක ක්‍රියා ප්‍රිය කළ සමූහයකි. Francisco Pizarro ඒ වනවිටත් මධ්‍යම ඇමෙරිකානු යටත් විජිතයන් වල සිය වාසනාව උරගා බැලූවකි. දැන්, ඔහු සිය පිරිවරත් සමඟ ...
සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? කුරුන්ද පෙර වදන :කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.2011 ...
BOAC Flight 781 | ගුවන් ගමනේ අනාගත හැඩ රුව වෙනස් කළ Comet යානා අනතුර. කුරුන්ද 2012 බිනර මස 20 වනදා.1954 ජනවාරි 10 වන දින දහවල් 01:30 යි ( ලංඩන් වේලාව ), ලංඩන් හීතෲ ගුවන් තොටුපළ. Jain Wilmot සිය මව සහ සහෝදර සහෝදරයින් සමඟ, ඕස්ට්‍රේලියාවේ සිට ගෙදර පැමිණෙන සිය පියාණන් වූ Chester Wilmot මහතාව පිළිගැනීමට නොයිවසිල්ලෙන් බලා සිටියාය. Chester Wilmot, BBC ආයතනය වෙනුවෙන් සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදියෙකි. බ්‍රිතාන්‍යය රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් ආවරණය කිරීමට ඕස්ට්‍රේලියාව බලා ...
සැවුලෙකුගේ විලාපය කුරුන්ද 2012 ඇසල මස 27 වනදායාන්තම් ඇහැ පියවීගන ආවා විතරයි, එතකොටම වගේ ඇහැරුණා වගේ තමා මතක. ඒ ඉතින් අපේ හැටිනෙ. තාම හොඳටම කළුවරයි. එළිය බැලුවට එච්චරම පැහැදිලිත් නෑ. මම වාඩි වෙලා හිටපු පටිය දිගේ බිත්තිය අයිනට ගියේ යාන්තම් හරි එළියක් පේනවද බලන්ඩ. මොන, පට්ට කළුවරයි. අල්ලපු ගෙදර කුකුල් රාජයනම් අඬලන සද්දෙ ඇහුණා. ඒ කියන්නෙ තව සෑහෙන වෙලාවක් මෙහෙම ලැගගන ඉන්ඩ ඕනා ...
9/11 අතුරු කතාවක් | The Miracle of Stairwell B කුරුන්ද 2012 ඇසල මස 20 වනදාමහල් එකසිය ගණනකින් යුත් ගොඩනැගිල්ලක් මහලින් මහල ගැටෙමින් කඩා වැටන විට, ඔබ එම ගොඩ නැගිල්ලේ සිව්වන මහලේ සිටියොත් දැනෙන හැඟීම කිනම් වේවිද ? එසේ සිටි අයකු දිවි ගලවා ගනීද ? එසේ සිටි එක් අයකු නොව පිරිසක්ම දිවිගලවා ගත් කතාවක් අසා තිබේද ?ටොන් මිලියන භාගයක් තරම් වූ යකඩ සහ කොන්ක්‍රීට් ප්රවාහයකට හසුව දිවි ගලවා ගැනීම ඇත්තෙන්ම හාස්කමකි. ...
යුද්ධය අවසන්... එළියට එන්න.... කුරුන්ද ලිපිය කියවීමට පහත සබැඳියෙහි ක්ලික් කරන්න.යුද්ධය අවසන්... එළියට එන්න....
යුද්ධය අවසන්... එළියට එන්න.... කුරුන්ද "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත." අසා තිබේද මේ ආප්තෝපදේශය ? පිළිගැනීමට අපහසුතාවයක් දැනෙනවානම්, කියවමු මේ කතාව.මෙන්න අණ ! ~~~ඔබට සිය දිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. අවුරුදු තුනක් හෝ පහක් විය හැකියි, මොනදේ සිදු වූවත් අපි ආපහු ඔබ වෙතට එන්නෙමු. ඒතාක්, එක් සොල්දාදුවෙක් ඉතුරු වෙනතාක්, ඔබ ඔහුට නායකත්වය දිය යුතුයි. සමහර විට ඔබට පොල් කෑමෙන් පමණක් දිවි රැකගැනීමට සිදු වේවි ...
Kedr - තරු ඇල්ලු මිනිසා - අවසාන කොටස කුරුන්ද 2012 පොසොන් මස 09 වනදාමුලින්ම අභ්‍යාවකාශගත වන මිනිසා වීම සඳහා, යූරි ගගාරින් හා හර්මන් ටිටෝෆ් අතර තියුණු තරගයක් විය. දෙදෙනාම කරට කර සිටියහ. ඇත්තෙන්ම මුලින්ම බලධාරින්ගේ වැඩි කැමැත්ත වූයේ හර්මන් ටිටෝෆ් වෙතය. අවසානයේදී පෙර සඳහන් විභාග ප්‍රතිඵලය සහ යූරිගේ පවුල් පසුබිම ලොව මුල්ම ගගනගාමියා වීමේ වාසනාව යූරි වෙත ගෙන ආහ. ඔබ සැම දන්නා පරිදි සෝවියට් සමූහාණ්ඩුව යනු එවකට ලොව පැවති ...
Kedr - තරු ඇල්ලු මිනිසා කුරුන්ද 2012 වෙසක් මස 24 වනදාපිදුමලා රෝස පැහෙයෙන් යුතුව වැඩෙන කුරුඳු දල්ලක් සේ සෙමෙන් වැඩෙන කුරුන්ද නම් වූ ලපටි බ්ලොග් අඩවියේ උන්නතිය වෙනුවෙන්, සිය කාලය ශ්‍රමය වැයකරමින් කළ ඉමහත් සේවය අගය කරනු වස්, කෙසෙල් කොටුවේ චූටි එකා නොහොත් බුද්ධිට මෙම ලිපිය මෙසේ පිළිගන්වා සිටිමි. ~~~~~~~ ඒ 1934 වසරේ මාර්තු මාසයයි. තොටිල්ල මත සිට බෙරිහන් දෙන සිය පවුලේ නවතම සාමාජිකයා දෙස ඔහුගේ ...