ආදරවන්තයින්ගෙ දිනයේ දෙමාපිය රැස්වීම isuru71s Note හෙට ආදරය කරන කොකරන අපේ පංතියේ එවුන්ට හොද දවසක්නම් වෙන්නෙ නෑ. හෙට අපේ ඉස්කෝලෙ විද්‍යා අංශයේ දෙමාපිය රැස්වීම්. දෙමාපිය කිව්වට තාත්තට තමයි එන්න කියල තියෙන්නෙ. මගෙ පැත්තෙන් ඒකනම් ලොකු දෙයක්. හෙට තියෙන ලොකුම අවුල තමයි ගණන් උගන්නන සෑර්. අපි ගනන් පීරියඩ් එකෙ ඉන්නෙ සතියට එක දවසයි. ඒ දවසෙත් ඉන්නෙ එක පීරියඩ් එකක් විතරක් තියෙන නිසා. සමහර එවුන් ඉන්නව තාම එක ...
වලියකට යද්දි ඇරන් යන්න ඕන සෙට් එක isuru71s Note කලින් පෝස්ට් එකක ලිව්ව වගේ මේ අවුරුද්දෙ මුල මාසයම සෙට් වුනෙ වලි විතරමයි. ඉතිං ඔය වලියකට දෙකකට සෙට් වෙලා දැන් වලියකට යද්දි මොන වගේ සෙට් එකක්ද එක්කගෙන යන්නෙ ඕනෙ කියල යන්තමට වගේ තේරෙනව. ඕනෙම වලියකට ඇරන් යන්න ඕනෙ මේ වගෙ සෙට් එකක් තමයි. හොදට කතා කරන්න පුලුවන් එකෙක්: ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ එකෙක් හරි කමක් නෑ හොදට කතා කරන්න පුලුවන් නම්. ...
පීඩනමානයකින් උස් සොයන දෙවනි ක්‍රමය isuru71s Note මේක ලංකාවෙ කෙනෙක්ට වෙච්ච කතාවක් නෙමෙයි. ඒත් ලංතාවෙ මෙහෙම දෙයක් වුනා කියල පුදුම වෙන්න ඕනෙත් නෑ. වටේ යන්නෙ නැතුව මේකයි කාතාව. ලංකාවෙ වගේම මේ රටෙත් විභාග කියල ඒව තියෙනව. අපිට විභාග කිව්වම අභාගෙ වගේ මේ රටෙත් එහෙම ඇති. මේ කියන කතාව භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සම්බන්ද දෙයක්. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තිබ්බලු පීඩනමානය, සිංහලෙන් කියනවනම් බැරෝමීටර් එක පාවිච්චි කරල යම් ...
පොලිස් කතා isuru71s Note ඔන්න එක දවසක් පොලිස් ලොක්කො ටිකක් අලුතෙන් පොලිසියට බදව ගන්න අයගෙ ඉනටවිව් එකක ඉන්නව. ඒ ඉන්ටවිව් එකට එනව පොඩි කොල්ලෙක්. පොඩි කීවට අවුරුදු 20ක් විතර ඇති. දැන් ලොක්කො ටික මේ කොල්ලගෙන් ප්‍රශ්න අහනව. පොරත් අහන ප්‍රශ්න වලට හොදට උත්තර දෙනව. එක ලොක්කෙක් මේ කොල්ලගෙන් මෙහෙම අහනව “දැන් තමුසෙ පොලිසියට බැදුන කියමුකො. තමුසෙ වැඩට එද්දි දකිනව කොම්පඤ්ඤ වීදියේ මිනිහෙක් මැරිල වැටිල ...
“මචං වලියක් තියෙනවා!” – “ඌට බයිසිකලයක් තියෙනවද?” isuru71s Note ගිය අවුරුද්ද ඉවර වුනෙත් මේ අවුරුද්ද පටන් ගත්තෙත් වලි වලින්මයි. මේ අද වෙනකම් මහා පරිමාණයෙන් කේස් තුනකට සෙට් වුනා. එකක් මගේ යාළුවො දෙන්නෙක් කරපු වැඩකට මාව මාට්ටු වුනා. දැන් ඒ කතාව ගැන ලියන්නම්. අනිත් එවා පස්සෙ දවසක පුලුවන්නෙ. මේ කතාව වුනේ ගිය මාසෙ කෙමිස්ට්‍රි පංතියකදි. ඔය පංතියට වැඩිය ළමයි එන්නෙ නෑ. 75ක් විතර තමයි එන්නෙ. ඕකට එනව අපේ ඉස්කෝලෙ සහෝදර ...
අන්තරජාලයෙන් තොර දවසක් isuru71s Note මං හිතනව මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ජීවිතය අන්තර්ජාලයත් එක්කම බැදී පවතිනව ඇති කියල. අඩුම තරමින් දවසකට පැයක්වත් අන්තර්ජාලයේ සැරිසරනව ඇති කියල. කාට හරි හිතන්න පුලුවන්ද එක දවසකට අන්තර්ජාලය නැති වුනොත් මොකක් වෙයිද කියල. මේ ගැන හිතන්න හොද කාරණයක් තියෙනව. අද විකිපීඩියා ඉංග්‍රීසි සංස්කරණය තමන්ගේ සේවාව දිනකව නැවැත්වල තියෙනව. ඒ ඇමරිකානු රජය මගින් ගෙන්වා ඇති SOPA (Stop Online Piracy Act) යන පනතට ...
සී.ටී.බී. කතා isuru71s Note සීසන් එකක් ඇරගෙන උදේ පාන්දර ඉස්කෝලෙට සී.ටී.බී. එකකින් යන අය දන්නව ඇතිනෙ එහෙම යන්න තියෙන අමාරුව. මමත් ඒ විදිහට සීසන් එකක් ඇරගෙන සී.ටී.බී වල යන එකෙක් හැටියට සී.ටී.බී. ගැන ගුණ වැයුමක් කරන්න කියල හදන්නෙ. ඹය කියන ජාතියෙ බස් අපේ පැත්තට වැඩිය නෑ. උදේට ඉස්කෝලෙ යන වෙලාවට යන්න පුලුවන් විදිහෙ බස් අහුවෙන්නෙ දෙකක් විතර. අනිත් ඒව දුර යන බස් (කොළඹ-අනුරාධපුරය, කොළඹ-කැකිරාව ...
පාරෙ ඉදල ගනන් isuru71s Note මේක අපේ ඉස්කෝලෙ හිටපු පරණ, හොද ගණිතය විෂය උගන්නපු සර් කෙනෙක් ගැන. උසස් පෙළ ගණිතය තමයි සර් උගන්නල තියෙන්නෙ. අවාසනාවකට මට ඒ සර්ගෙන් ඉගෙන ගන්න ලැබිල නෑ. දැන් සර් විශ්‍රාම ගිහින්. සර්ට හැමෝම ආදරෙට කියන්නෙ කල්ලා කියල. ඇයි එහෙම කියන්නෙ කියලනම් අහන්න එපා. සර්ට ඉදල තියෙනව ලස්සන දුවෙක්. අපේ ඉස්කෝලෙ එවුන්ටත් ඉතිං ලස්සන කෙල්ලෙක් කිව්වොත් වෙන මොකුත් ඕනෙ නෑනේ. සර් ඉස්කෝලෙට ...
මම වලහෙක් නෙමෙයි! isuru71s Note ඔන්න අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලාම කියල පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ. මේ කතාව ඔය මහා පරිමාණයෙන් බොරු කියන අයව බයිට් කරන්න යොදා ගන්න කතාවක්. අපේ පංතියෙත් ඉන්නව ඔය වගේ මහා පරිමානයෙන් කාටව්ත් තේරෙන්නෙ නැති වෙන්න බොරු කියන එකෙක්. පොඩි කාලෙ ඉදල බොරු කියල කියල දැන් ඇත්තක් කිව්වත් අපේ එවුන්ට ෂුවර් නෑ. මේකය කතාව. කකා නායකය බොරු කියන එකා. දවසක් කොල්ලො දෙන්නෙක් (බොරු කියන එකයි තව ...
පටන් ගන්න අලුතින්ම: 2012 isuru71s Note අමතක කරන්න, සියලුම නරක දේවල් මතක තියාගන්න හොද දේවල් 2011ට සමු දෙන්න පිළිගන්න 2012, අලුතින්ම Download High Resolution from here.
මොබිටෙල් එකටත් හොරෙන් මැසේජ් යැවීමේ අත්භූත පැතිකඩ isuru71s Note මේ ලිපිය කලින් ලියපු මොබිටෙල් එකටත් හොයාගන්න බැරි වෙන්න මැසේජ් යවපු කතාවෙ කියපු නැති දේ ගැන. පළවෙනි ලිපිය කියවල හිටියොත් මේ ලිපිය තේරුම් ගන්න පුලුවන් වෙයි (පළවෙනි ලිපිය). නැත්නම් නිකන් අහසින් වැටුන වගෙ වෙයි. කලින් කියපු විදිහට අපේ නැන්දගෙ ෆෝන් එකෙන් ගෙදර හැමෝටම මැසේජ් එද්දි ටිකක් අමුතු දේවල් ටිකකුත් සිද්ධ වුනා. ඒ තමයි අක්කගෙ ෆෝන් එකට මැසේජ් එද්දි මගෙයි, එහා ගෙදර මල්ලිගෙයි, ...
මොබිටෙල් එකටත් හොරෙන් මැසේජ් යැවීම isuru71s Note මේ කතාව ටිකක් අමුතු, වෙන්න බැරි දෙයක් ගැන. මොබිටෙල් එකේ තියෙන දුර්වලතාවයක් ගැන තමයි කතාව සිද්ධ වෙන්නෙ. අපේ නැන්ද (අම්මගෙ මල්ලිගෙ නෝනා, ගෙදර තියෙන්නෙ අපේ වත්තෙමයි) ගාව මොබිටෙල් සිම් එකක් තියෙනව. සිම් එක දාල තියෙන්න සැම්සුංග් පරණ ෆෝන් එකකට. කොච්චර පරණද කිව්වොත් message වල sent items වත් පෙන්නන්නෙ නෑ. මගෙ අක්කා ගාව තියෙන්නෙ Etisalat සිම් එකක් දාපු ෆෝන් එකක්. ගිය ...
තල්ලු කලා සෑර් isuru71s Note ඔන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා හිටපු කාලෙ දවසක් වරායක් බලන්න ගියාලු (මොන වරායද කියල මගෙන් අහන්න එපා, හම්බන්තොට එක නෙවෙයි කියලනම් ෂුවර්). ඉතිං වරායෙ ජැටියක් උඩින් ඇවිදගෙන යද්දි කකුල ලිස්සල ජනාධිපති වතුරට වැටුනලු. ජැටියක් කිව්වහම එසේ මෙසේ ගැඹුරකුත් නෙමෙයිනෙ. ඒ මදිවට සරමත් ගහගෙන වැටිල තියෙන්නෙ. පීනන්නත් බෑලු. වටේ හිටපු කවුරුත් පැනල ජනාධිපතිව බේර ගන්න ට්‍රයි එකක්වත් දෙන්නෙ නෑ. කට්ටියම වටවෙලා බලාගෙන ...
විකල්පයක් නැති තැන අරමුණටම යාම isuru71s Note කෙනෙක්ට ජීවිතයේ අරමුණක් තියෙන්න ඕන. එතකොට ඒ අරමුණට කොහොම හරි ලගා වෙන්න පුලුවන්. නමුත් එම අරමුණට යන ගමනෙදි විකල්ප මාර්ග තිබුනොත්, තමන්ගෙ අරමුණ ඉටු කරගන්නෙ නැතුව ඒ විකල්පයක් තොරා ගන්න බොහෝ ඉඩ කඩක් තියෙනව. උදාහරණයක් කියනවනම් උසස් පෙළ කරද්දි ජීව විද්‍යාව තොර ගන්න කෙනෙක්ගෙ අරමූණ වෙන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න. එහෙම වෛද්‍යවරයෙක් වෙන්න නම් උසස් පෙළ ඉහළින් සමත් වෙලා වෛද්‍ය විද්‍යාව සදහ විශ්ව ...
තීරණය, මුදල් සහ ගුරුවරුන් isuru71s Note ශ්‍රී ලංකාවෙ උසස් පෙළ විද්‍යා අංශයෙන් කරන අය ඒ කියන්නෙ ජීව විද්‍යාව හරි ගණිතය හරි ප්‍රධාන විෂයක් හැටියට කරන අයට යන්න පුලුවන් උපරිමය තමයි ඉන්ජිනේරුවෙක් හරි නැත්නම් වෛද්‍යවරයෙක් හරි වෙන එක. ගොඩක් දෙනෙකුගෙ මූලික අරමුන වෙන්නෙත් ඒ දේමයි. ඉංජිනේරුවරයෙක් හරි වෛද්‍යවරයෙක් හරි වුනොත් ඒ දෙගොල්ලොම තමන්ට පහත්ව සේවය කරන අයට වඩා අඩුවෙනුයි වැඩ කරන්නෙ. නමුත් පඩි දෙන්න ගියහම ඒ අඩුවෙන් වැඩ ...
කෙල්ලන්ගෙ ෂෝ! [updated] isuru71s Note ඊයේ (17) අපේ අක්කගෙ ඉස්කෝලෙ concert එකක් තිබුන. අකක් විභාගෙත් ලියල ඉවර නිසා එයාගෙ අන්තිම concert එක. මටත් එක්ක ටිකට් එකක් ඇරගෙන තිබුන නිසා තව යාළුවෙකුත් එක්ක සෙට් වෙලා මේක බලන්න කියල ගියා. හවස 6ට විතර ඉස්කෝලෙ ඇතුලට ගියා, කෙල්ලො වැහි වැහැල. ඉස්කෝලෙන අවුට් වෙච්ච අක්කල, තාම ඉගෙන ගන්න අක්කල. කියල වැඩක් නෑ. අපිට නිකන් හොල්මන් වගෙ. ප.ලි. ඒ අස්සෙ ...
න, ණ, ල, ළ භේදය isuru71s Note සිංහල භාෂාවට ඉංග්‍රීසි වචන එකතු කරල තියෙන විදිහ ගැන සමහර වෙලාවට කල කිරෙන අය ගොඩක් ඉන්නව. සිංහල පිළබඳව මහාචාර්ය ජේ.බී. දිසානායකත් ඒ වගෙ කෙනෙක් කියල මට ලගදි අහන්න ලැබුනා. සිංහල පිළබඳවම මහාචාර්ය වුනත් දිසානායක මහත්මයගෙ අදහස් අමුතුයි. එතුමා කියන්නෙ සිංහල භාෂාවය නයනු ලයනු දෙක ගානෙත් ඕනෙ නෑ කියල ලු. ඒත් සමහර වෙලාවට ලයනු, නයනු දෙක ගානෙ ඕනෙත් වෙනවලු. ඒ මේ වගේ තැන් ...
මහත්තය දානෙ බාරගත්ත නේද? isuru71s Note හාමුදුරු නමක් දානෙකට වැඩල දානෙ වලදල. හැබැයි ටිකක් වැඩිපුර දානෙ වළදල. බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ කෑම කද්දි බත් කටවල් 4ක් විතර කන්න ඉඩ ඉතුරු කරගෙන කන්න කියල. කොහොම හරි මේ හාමුදුරුවො ලිමිට් පැනල දානෙ වළදල. නැගිටගන්නත් බැරි තරම්. හාමුදුරුවන්ට දැන් කරගන්න දේකුත් නෑ. ගෙදරකට වැඩල දානෙ වළදපු නිසා පන්සලට යා ගන්නවත් බැරි තරමටම දානෙ වළදල. මේක දැනගත්ත උපාසක මහත්තයෙක් "හාමුදුරුවනෙ ...
ඉස්පිරිතාලෙ වරුවක් isuru71s Note පහුලිය දවසක පොඩි අසනීපෙකට ඉස්පිරිතාලෙට ගියා. කුරුණෑගල ඉස්පිරිතාලෙට. අසනීපෙ මොකක්ද කියල අහන්න එපා ඕං. ඉස්පිරිතාලෙකට මතක හිටින කාලෙකට ගියාමද කොහෙද. ඒ නිසා ඉස්පිරි තාලෙ ඇතුලෙ දැකපු දේවල් ටිකක් කියන්නම්. කොහොම හරි ඉස්පිරිතාලෙට ගියාම ඇඩ්මීට් වෙන්න කියල ඩොකා කීවා. ඉතිං වාට්ටුවකට මාව එක්කගෙන ගියා. ගිහින් බලද්දි ඇඳවල් නෑ. සමහර එවුන් පුටු උඩ. මගෙ තිබ්බ අමාරුවෙ හැටියට ඇඳක් නැතුව බෑ. බලල බලල අන්තිමේට ...
කට්ටිය සෙට් වෙලා isuru71s Note අද අපේ ඉස්කෝලෙ කටින පිංකම වෙනුවෙන් තියෙන ධර්ම දේශනාව තිබ්බා. එහෙම ධර්ම දේශනාවක් තියෙනව කියල කලින් ඉදලම කියල තිබ්බා. අපේ පංතියේ එවුන් පොදු වැඩක් තියෙන දවසකට ඉස්කෝලෙ එන්නෙම නෑ. අදත් ඒ වගේ දවසක්. උදේ පාන්දර (7.30 විතර) ඉස්කෝලෙට යද්දි හත් අට දෙනෙක් පංතියේ දොර ඉස්සරහ බෑග් ටිකත් එල්ලගෙන ඉන්නව. පංතියෙ දොරට දාල තියෙන ඉබ්බගෙ යතුර ගෙනියන එකා ඇවිල්ල නෑ. උදේ පාන්දරම ...