සූරිය කන්දට යන අතරමඟ හෙයිස්(Heis) හිඳි…………(Newly Edited Today) මගේ කොළය An Old Entrance True Devotees Filed under: Uncategorized
සුනිල් මටම පේන්නේ මොකදෑ? මගේ කොළය කාටවත් වැඩියෙන් මට සාරුවා සුනිල් ගැන ලියන්නට සිද්ධ වෙලා තියෙන්නේ ඇයි?කොහේ හරි ගියොත් මට ඒ හිටපු සභාපති තුමා ලියන්නට නිමිත්තක්ව ප්රාදුර්භූත වෙයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ පරාජය වීමෙහි ලා මොවුන්ගේ මෙම කැලැන්ඩර ද සාධකයක් වන්නට ඇත.ගැඹූරින් විමසා බැලුවහොත් කාන්තා දූෂණය සංඛ්‍යාත්මකව ඉහළට නංවා ගැනීම සමරමින් සාදයක් පවත්වනු ලැබුවෙකු කියන මේ උධෘත පාඨය මහා බරපතල කථාවක්. එසේම දැන් ගමේ ගොඩේ කඩපිල් ...
ගාළු මහජන ක්‍රීඩාංගනය උලා කෑමට පසු වදනක් මගේ කොළය ගාල්ලේ මහජන ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වෙන් කර එය පොදු මහජනතාවගේ භාවිතයෙන් ඈත් කිරීමේ අතිශය අසාධාරණ හා අගතිගාමී මෙන්ම අප වැන්නන්ගේ හිත් තුලින් කිසිදා පහව නොයන කම්පාව ඇති කළාවු කුප්‍රකට ක්රියාවේ නූතන මැතිවරණ කොමසාරිස්වරයා මූලිකයෙකු බව Lankaenews හි වාර්තාවක පළවී තිබී දකිනු ලැබීමෙන් පැරණි තුවාලයක් නැවත පෑරුණාසේ දැනෙන්නට විය.ඔහුගේ ඊට ඇති මෙම සම්බන්ධතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ...
තරකරමින් ගනාදුර – නිවුණි ඒ මිණි පහණ ! මගේ කොළය යමෙකු කෙරෙහි අන් අය කරන වෛරයෙන් පෙනීයන්නේ ඒ පුද්ගලයාගේ බලවත්භාවය හා එයින් ඔවුන් බියට පත්ව ඇති තරමයි.බඩ පුමිබාගෙන හෝ වෙනත් බාහිර ලක්ෂණ(ලොකු ගෙවල්,ලොකු කාර්,ආරක්ෂකයන්,හෙංචයියන්)මගින් බොරු වීරත්වයක් පෙන්නුවද දුර්වලයෝ වෙනස් වීම් වලට බිය ඇත්තෝය. නිවස,වටපිටාව,රැකියා ස්ථාන,මහ මග හෝ වෙනත් පද්ධති වලට අළුත් වෙනසක් ඇති කිරීමට තැත් කිරිම තම ජීවිතය නසා දැමීමට කරන වෑයමක් ලෙස හා ඒ වෙනස්වීමි ඇති කරන්නා භයානක පුද්ගලයෙකු ...
සොඳුරු අතීතයේ මතක සිතුවම් මගේ කොළය එවකට විදුලි සංදේශ දෙපාර්මේන්තුවේ පැරණි සේවකයකුගේ විශ්‍රාම වැටුප් කාඩ් පතක්(වර්ෂ 1959 දී) Ceylon Police/එදා පොලීසිය (මේ පින්තූරය අරන් තියෙන්නේ කොළඹ Newton Studio කියන ඡායාරූප ශාලාවකදීයි.ඒ ස්ථානය ගැන මතකයේ තියෙන කෙනෙක් ඉන්නවාද?) Filed under: Uncategorized ...
දරුවන්ට අවිද්‍යාව ඉගැන්වූ ලෝකයක් මගේ කොළය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දැක්ම ගාල්ල රිච්මන්ඩ්,මහින්ද හා ශාන්ත ඇලෝසියස් වැනි පාසල් වරප්රසාදිත පවුල් වල පිරිමි ළමුන්ට සීමා වන විට ගාල්ල හා ඒ තදාසන්න ප්‍රදේශ වල අවවරප්රසාදිත පවුල් වල නගරයේ ජනප්‍රිය පාසලකට තම දරුවා යැවීම නැමති fපැන්ටසිය තුළ වූ සැනසීම විද්‍යාලෝකය මහා විද්‍යාලය විය. පිටුපසින් ගාල්ලේ කුප්‍රකට චීන කොරටුවට මායිම්ව පිහිටි මෙම විද්‍යාතනයෙහි ඉදිරියේ මෑතක් වන තුරුම සරසවි සිනමා ශාලාව වොරැදෙමින් ...
ලියන්නට කම්මැලිය…… මගේ කොළය රට තුළ වෙන දේ ගැන බලන විට කිසිවක් ලියන්නට කාලය නාස්ති කරනවාට වඩා විටින් විට ඇද හැලෙන චුරු චුරු වැස්ස අස්සේ ඉදහිට වැටෙන හීන් අවුවෙන් වී ගෝනියක් වේලා ගැනීමට දැගලීම ගමේ බයියන් වන අපට ප්රතිථලදායකය. Filed under: Uncategorized ...
අපි යන්නේ කොයි පාරේ………ස්වාසිලන්තේ යන පාරේ…… මගේ කොළය මිනිසෙකු මැන ගැනීමට ඇති එක් මාර්ගයක් නම් ඔහුට ඇති මිතුරන්ය.රටක් ගැන වුවද මේ සාධකය සාධාරණීකරණය කර ගත හැකිය.ඉතින් අපි දැන් හැසිරෙන්නේ ඒ යාළුවන්ට ගැලපෙන පරිදි සමායෝජනය වෙමිනි. මෙයට හොදම උදාහරණ වන්නේ ශ්‍රී ලංකාවේ ,දෙහිඅත්ත කණ්ඩියේනොවැම්බර් 28 වන දා සිදුවී ඇති ඝාතනය හා මිනී මැරීමට තැත් කිරීමේ සිදුවීමයි. මෙය සිදුවී ඇත්තේ අප්‍රිකාවේ නොවෙනා බව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ පුවත්පත් වාර්තා ද මෙයට ...
මහින්ද, ගෲෂා ද ? මැක්බත් ද? මගේ කොළය හිටපු ජනාධිපති තුමා ශ්‍රීලනිප නායකත්වය පිළිබඳඅරගලයේදී හුණු වටයේ කතාවේ ගෲෂා මෙන් පක්ෂයට ඇති ආදරය නිසා දෙපැත්තට ඇදීම නතර කර නව ජනාධිපතිට දිනුම දී පැත්තකට වී තිබේ.අපේ හිටපු ජනාධිපති තුමා මෙතෙක් පැමිණි වේගයටත්වඩා වැඩි වේගයෙන් රිවස් යනු දකින විට එතුමා ගිහිගෙය කළකිරී ඇත්දෝයි ! සැකයක් පෘථග්ජන අැත්තවුන්ගේ හිත්වල ඇතිවිය හැකි නමුදු මට නම් ඒ අවස්ථාවට උචිත නාටකීය අවස්ථාව වනුයේ ශේක්ෂ්පියර්ගේ ...
අපේ වලා, අපට හොදා මගේ කොළය මෙරට ආණ්ඩුවේ කන්තෝරුවක, ගුරුවිවේකාගාරයක, කන්තෝරු කෝච්චියක,බස් නැවතුම් පොළක, මළ ගෙදරක, මගුල් ගෙදරක,බණ පොළක, පිරිත් පොළක හෝ ඕනෑම පෝළිමක යනාදි පිරිසක් එක් රැස්වන ඕනෑම ස්ථානයකදී නූතන දේශපාලඥයින් හා ඔවුන්ගේ දේශපාලනය ගැන කර්කශ විවේචනයක් ,බැණ අඩගැසීමක්,දෙස් දෙවොල් තිබීමක් නොඇසේ නම් එදායින් පසු ඉර අනිත් පැත්තෙන් පායනු ඇත. ඒකියනා ආකාරයට ඒ තරමට ඔවුන් දුෂ්ඨය; දුෂිතය;අමනය. නමුත් එම මහජනතාව හැසිරෙන ආකාරය දෙස බලනා විට ඔවුන්ගේ විවේචන ...
බයිට් ගැන කථා මගේ කොළය විමලෙගේ වාං පතුල් කථා, මම කියවීමට කැමති තවත් එක් බ්ලොග් සටහනකි. අපගේ මහා පඬි රුවනක් වූ යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන් වහන්සේගේ “වන කථා” සිහිපත් කරවන කතා මැද කතා ඇති ඔහුගේ දිගු රචනා ශෛලිය ලිවීමට උපන් ගෙයි කම්මැලියෙක් වන මට නම් පුදුමයකි.ඉතින් පසුගිය දිනක මා කියවූ වාං පතුල් කථාවක තිබු බයිට් ගැන රසවත් කථා කියවූ මටද මගේ අත්දැකීමේ ඇති බයිට් ...
අපි හා අපේ දරුවන් අතර පළතුරු කෑමේ යුගයක වෙනස මගේ කොළය අපේ දරුවන්ට උගුරැස්සා,ලොවි,ලාවුළු හෝ සැපතිල්ලා වැනි දැන් සොයාගැනීමට දුර්ලභ පළතුරක් ගෙනවිත් දුන් විට බරපතල වැඩ ඇතිව සිරගෙට නියම වූවෙකුගේ හැඟීම් සිහියට නැඟෙන වාස්තවික නිරූපණයක් කරමින් මීයෙකු මෙන් මදක් දත ගසා හිස වනමින් එය ආපසු දෙයි ;නැතහොත් පසෙකින් තබයි.මෙවිට මට අපේ ළමා කාලය සිහිවන්නේ නිරායාසයෙනි.මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඒ කුඩා පාසල සිහියට නැඟේ. එය කුඩා සෙල්ලම් පිටිය තුන් පැත්තකින් වටකරමින් ඉංග්‍රීසි ...
ආශ්චර්යයේ සොවයං චරිතාපදාන මගේ කොළය ඉංග්‍රීසියෙන් auto biography වශයෙන් හදුන්වන ස්වයං චරිතාපදාන වූ කලී සාහිත්‍යයේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නාවූ ලේඛන විශේෂයකි. විශ්ව සාහිත්‍යය විමසා බැලුවහොත් සාහිත්‍යය නම් මහා ධන නිධානයේ මිණි කැට වන් ස්වයං චරිතාපදානයන් බැබලෙමින් තිබෙනු දැකිය හැක.ලියෝ තෝල්ස්තෝයිගේ ” My Confession”,හෙලන් කෙලර් ලියු “The Story of My Life”,මහත්මා ගාන්ධිගේ “The Story of My Experiments with Truth” ,කමලා දාස්ගේ “My Story”මෙන්ම සිංහල පාඨකයන් ...
සාරිය,හැට්ටය ,දළදා මාළිගය හා ලිංගික තෘෂ්ණාව මගේ කොළය ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ අයිතිකරුවන් පසුගිය සති කිහිපය තුළ දී එළෙඔන්නට තිබූ මහා තර්ජන දෙකකින් බුද්ධාගම බේරා ගන්නට සමත් වී ඇත.එකක් නම් දෙමළ මුදලාලිලා (මොවුන් කොටි විය හැකිය) විකුණන කාන්තා පශ්චාත් භාගය ස්පර්ශ වන ප්‍රදේශයේ බුදු හිසකට සමාන රූපයක් මුද්‍රිත සාරි සොයාගැනීමයි.මෙය නියත වශයෙන් බුදු හිසක් යැයි දැකිය නොහැකි බව සමහර චිත්‍ර කලා පණ්ඩිතයින් කියනා බැවින් උන් ද කොටි ඒජන්තයෝය. අනෙක ...
ලැජ්ජා නැතිකම,රාජ්‍ය පරිපාලන ඇමතිකමටත්,මහ ලේකම් කමටත් වඩා ලොකු ය! මගේ කොළය අපරාධ හා දුෂණ චෝදනා ඇති තම පක්ෂයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැති ඇමතිවරුන්ගේ තොරතුරු තමා වෙත එවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා පොලිස්පති තුමාගෙන් ඉල්ලීමක් කර ඇත.කහවත්ත මිනීමැරුමත් සමග පැන නැගුණු මහජන විරෝධය පසුබිමේ ගත් මෙකී පියවර මගින් ඇගවීමට උත්සාහකරනුයේ එම මිනීමරු,අපරාධකාර,දූෂිත දේශපාලකයන් දේශපාලනයෙන් අතු ගා දැමීමට යනු බවයි. මොවුන් අපරාධකරුවන් වූයේ දේශපාලනයට පැමිණි පසුවද?මෙම තක්කඩියන් අපරාධකරුවන් ...
බාසාවෙන් සුද්දා ලැජ්ජාවට පත් කිරීම හෙවත් මැති ඇමතිවරු ඉංගිරිසි කොන්ඩම් කිරීම මගේ කොළය Filed under: Uncategorized
සොයා සොයා ආවා, ඒ සෙව්ව මැණික හමුවුණා …….// මගේ කොළය පසුගිය කාලයේ ශ්‍රී ලාංකික ජන සමාජයේ බලවත් අඩුපාඩුවක්,රික්තකයක්,හිඩැසක් ව තිබූ දෙයක් උපයා ගැනීමට අපට හැකිවී තිබේ.අගයක් නොකරම එක එල්ලේම ප්‍රකාශ කරන්නේ නම් අපට හතුරෙකු නැතිව තිබූ දුක නැති කිරීමට දඹුල්ලේ හාමුදුරුන් වහන්සේ ඇතුළු පිරිස දැන් සමත්වී ඇත. ලාංකික, විශේෂයෙන් සිංහල අපට හිගන්නාගේ තුවාලය මෙන් හිටි දෙමල හතුරා හිටි හැටියේම නැති වීමෙන් පසු හතුරෙකු නැති අඩුපාඩුව බොහෝ අවස්ථා වලදී දැනුනි.බැන ගන්නට,මඩ ගසාගන්නට,නින්දා කරන්නට,අපේ උජාරුව ...
අපේම අපේ පළා බබෙක් ! මගේ කොළය සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ සිටින්නේ අලියන් හා නිළියන් පමණක් බැව් කවරෙකු හෝ උපහාසාත්මකව පවසනු අසා ඇත්තෙමි.නමුත් පසුගිය දිනක දකුණු පළාත හරහා ගමන් කරමින් සිටියදී දුටු ජන්ද පෝස්ටරයක් නිසාවෙන් මසිත සිතිවිලි සම්මිශ්‍රණයකින් පිරී යන්නට විය.එබැවින් යන ගමන ප්‍රමාද වෙමින් සුදුසු තැනකදී මා සතුව තිබූ ජංගම දුරකතනයේ දුබල කැමරාවෙන් ජායාරූප කිහිපයක් ගෙන ඔබගේ පහන් සංවේගය පිණිස පළ කිරීමට සිතුවෙමි. ඔබට මොහු මතකදැයි මතක් කර බලන්න. ඔව් ...
රුහුණේ මී හරක් (2) මගේ කොළය මෙය ලිවිය යුතුව තිබුනේ මීට ඉස්සරය. ඇත්ත වශයෙන්ම එය ලිවීමි. නමුත් ඇති වූ තාක්ෂණික දෝෂ කිහිපයක් මත (එකක් නම් පරිගනකයේ දෝෂයකි;අනෙක ශ්‍රී ලංකා ටෙලිකොම් හි දෝෂයකි.)මෙය නිසියාකාරව ප්‍රකාශ කර ගත නොහැකි විය. කෙසේ වුවද මෙය ලිවිය යුතුමය සිතන්නේ මේ ලියන අපද රුහුණේ එවුන් යැයි දන්නා හඳුනන අය විසින් හංවඩු ගසා ඇති බැවිනි.කථාවට පාදක වන සිදුවීම තරමක් පරණ වූවද කිව යුත්තේ ඒ නිසාමය. ...
කපටි දේශපාලඥයන්ගේ හා අමන නිලධාරින්ගේ ක්‍රියා නිසා කෞතුක භාණ්ඩයක් විය හැකි වටිනා ලියවිල්ලක් ……….! මගේ කොළය Filed under: Uncategorized