පුංචි ළමයින්ගෙ පුංචි රට Cult නායකයෙකු විශිෂ්ටයෙකු වන්නේ ඔහු සිටින බවක් වත් ජනතාව නොදන්නේ නම්ය' ඔහු ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගත් විට ජනතාව ඔවුන් විසින් ඒ කළ බව කියනු ඇත'-ලා ඕසුඇමරිකාවෙ හමුදා සොල්දාදුවො ටිකක් මරා දැමූ තලෙයිබාන් සටන්කාමියෙකුගෙ ඇ`ගට චූ කරන වීඩියෝ එකක් ඉන්ටර්නෙට් එකේ රිලීස් වුණා. ඇමරිකාව ඒ ගැන ප්‍රකාශයක් කළා'‘‘zඅපි මේ සිද්ධිය තරයේ හෙළා දකිනවා' අදාල අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරනවා' ඇමරිකාව ...
හිනාවක් යට මරණයක් ඇත Cult රොබින් විලියම්ස් මැරුණ. එයා එල්ලිලා මැරුණ. ඒක ඩිප්රෙෂන් හින්ද වෙච්ච සිය දිවි නසා ගැනීමක්. මීට කාලෙකට කලින් මං ලිපියක ලිව්වා මෝඩයන්ට ඩිප්රෙෂන් හැදෙන්නෙ නෑ කියල. ඒකට කෙනෙක් කමෙන්ට් කරල තිබුණ ඒක මගේ ඉමෝෂනල් බොරුවක් කියල. ඒත් රොබින් විලියම්ස්ගෙ මරණය මට ඒ කතාව ආයිමත් ලියන්න බලකරනවා.ගොඩක් වෙලාවට ඩිප්රෙෂන් කියන්නෙ ක්‍රියේටිව් වීමත් එක්ක එන බයි වන් ගෙට් වන් ෆී්ර පැකේජ් එකක්.රොබින් විලියම්ස්ගෙ ...
අතිශයින්ම පිරිමින්ට පමණයි; Manic Pixie Dream Girl Cult ගිම්හානයේ දවස් පන්සීයක් (500 ඬේස් විත් සමර්) සහ උද්‍යාන ප්‍රාන්තය (ගාර්ඞ්න් ස්ටේට්) කියන්නෙ මං හු`ගක් ආස චිත්‍රපටි. ඒ චිත්‍රපටිවල මං වැඩියෙන් කැමති වෙන්නෙ මොකකටද කියලා හිතදාගෙන යද්දි අන්තිමට මං තේරුම් ගත්තෙ මං ආස වෙන්නෙ චිත්රපටියෙ සිනමා කාරණාවකට වඩා මේ කතාවල ඉන්න ගෑණු චරිතෙට කියල. ගිම්හානයේ දවස් පන්සීයක් චිත්රපටියෙ මේ චරිතෙ කරන්නෙ සුයී ඩිස්චැනල්. උද්‍යාන නගරයේ මේ චරිතය නතාලි පෝර්ට්මන්. මේක ...
මං කොයි ජාතියෙ මිනිහෙක්ද? Cult මං ජාතිය ගැන හිතන්න පටන් ගත්තා. පහුගිය දවස් කීපයෙ ඇති වෙච්ච ලෝක නවනිංගිරාවට පත් වෙන අපේ ශ්‍රී වික්‍රමයන් ඒකට එක හේතුවක්. ඇත්තටම මම මොන ජාතියෙ මිනිහෙක්ද? උප්පැන්නෙ ලැජ්ජාවෙන් ගැලවෙන්න මට හිතන්න සිද්ද වුණා.පහුගිය දවසක දලයි ලාමා ලංකාව ගැන මතක් කිරීමක් කරලා තිබුණ. ඒ ලෝක බෞද්ද උරුමයක් විදිහට සළකන සංගවරයෙක් (සංග කියන ගුණයන්ගෙන් පිරුණා වූ) බෞද්දකම ගැන කරපු මතක් කිරීමක්.‘මියන්මාරයේ සහ ...
වැදගත් වන්නේ ගමන මිස ගමනාන්තය නොවේ... Cult හඳගමගේ අලූත් චිත්රපටියෙ ප්‍රධාන චරිත විදිහට ධර්මසිරි සහ ස්වර්ණා ගන්න යනවා කියන කතාව ඉන්ටර්නෙට් එකේ පැතිරුණා. කවුරු හරි කෙනෙක් නිර්ණාමිකව ඒ ගැන ටිකක් හිතන්න ඕන අදහසක් පළ කරලා තිබුණ.‘ස්වර්ණාට හා ධර්මසිරිට ලාංකේය සිනමාව දැන් ගොඩදැමිය හැකිද?’ කියල ඒ ලියමනෙන් ප්‍රශ්න කරනවා. හංසවිලක් ගැන තියෙන සහ නැවත නැවත වමාරමින් කන, කළු සුදු නොස්තැල්ජියාවත් එක්ක ධර්මසිරි හා ස්වර්ණා යලිත් සිනමාවට කියන එක ...
ඇයි මාව කලින් දැකලා නැද්ද? Cult ලසිත් මාලිංග කොළඹ එන්නෙ බෝල ගහන්න. බෝල ගහන එක ලංකාවෙ ජනතාවට ජාතික ප්‍රශ්නයක් වුනාට ඒක ලසිත් මාලිංගට අදාල නෑ. එයා කරන්නෙ බෝල විසි කරන එක. ඒත් වැදගත්ම දේ එයාට ස්ටයිල් එකක් තිබුන. බෝල විසි කරන ස්ටයිල් එකක් වගේම එයා වෙන සංස්කෘතික අවුලක් කළා. එයා සිංහයට ඇන්දා. ලංකාවෙ ක්‍රිකට් බලන ජනතාව තනකොල පිට්ටනියක් උඩ ජාතික මට්ටමේ ඕර්ගි (සාමූහිකව කරන රති ක්‍රීඩා) ...
ජැක්සන්ට ආදරෙනි Cult දෙරණෙන් කරන හොඳටම නැට්ටුවා තේරීමේ රියැලිටි ෂෝ එකේ හොඳම නැට්ටුවා වුණේ ජැක්සන් ඇන්තනිගෙ පුතා. කොයි තරං අසධාරනයක් වෙන්න පුළුවන් වුණත් මට ජැක්සන්ගෙ පුතා කියනවා ඇරෙන්න එයාටම කියලා තියෙන නම කටට එන්නෙ නෑ. ඒක නම නොකියවෙනවට වඩා එහාට ගිහින් ජැක්සන්ගෙ අතක් කකුලක් විදිහට වඩා වෙන අනන්‍යතාවයක් මේ ළමයින්ට හිමි වෙලා නැති එක කියලයි මට දැනෙන්නෙ. ඉස්සෙල්ලා මහරජ පැරකුම්බා වෙච්ච ලොකු පුතාටත් ...
Keep it Fake Cult ඇත්ත කියල දෙයක් නෑ කියන එක බාරගැනීම කොහොම වුනත් ඇහුවම තාමත් ගොඩක් අය තිගැස්සෙන කාරණයක්. ඇත්ත කියන පත්තරේ, ඔබ ඔබම වෙන්න, අරකෙ ඇත්ත මේකෙ ඇත්ත, යතාර්ථයට පිවිසෙන්න, සැබෑ ඔබ දකින්න, සත්‍යවාදී වෙන්න, මේ ඔක්කොම අර ‘ඇත්ත’ වෙනුවෙන් තියෙන කතන්දර. එහෙම්පිටින්ම ෆික්ෂන් එකක් වුන සිනමාව රූපවාහිනිය වගේ මාධ්‍ය පවා මේ ‘ඇත්ත’ නඩත්තු කරන්න පුදුම මහන්සියක් ගන්නවා. මේ ඇත්තටම ‘ඇත්තෙ’ අර්බුදයෙ සරල ...
V for Vendetta හෙවත් ඩයිනසෝරයන්ගේ අවසානය Cult මේ ලිපිය කොහොම පටන් අරගෙන කොහොම ලියාගෙන යන්නද කියල තාම මං ඉන්නෙ පැටළිල්ලක. සමහර වෙලාවට විෂයක්ම ලිපියකින් කියන්න වුණාම මේ අවුල එනවා. සාරාංශගත කරනවා කියන එක හැමදාම මං පේල් වැඩක්. අනිත් පැත්තට ඒ ලියමනට මගේ ඇතුලෙ තියෙන නිමිත්ත නැත්තං මාව ඒකට පොළඹවපු කාරනේ හරියට නිශ්චිතව කොලයක් උඩට දාගන්න බැරි කම. ඒ නිමිත්ත නැතුව කතාව කියාගෙන ගියොත් ඒක මළ වාක්‍ය රචනාවක් ...
අංපිටියෙ සුමන එක්ක යමු. Cult යමු එකෙන් කරපු අංපිටියෙ සුමන ගැන රියැක්ෂන් වීඩියෝ එක ෆේස්බුක් එකේ ලොකු ගින්නක් අවුළලා තියෙනවා. කොහොමටත් සිංහල බෞද්ද මහාඑක පැත්තෙන් එහෙම පත්තුවීමක් එන්න ඕන සහ ඒක ආස්වාදනීය වෙන අතරෙ විකල්ප, බුද්දිමත්, මධ්‍යම පාංතික, සිංහල බෞද්ද මහා එකට එලියෙන් ඉන්න අයගෙන් මතුවෙන අදහස් ඊට වඩා තීරණාත්මකයි. ගොඩක් අය සුමනට එක`ග නැති වුනත් යමු එකේ මේ පෙනී ඉන්න පිරිසට ඊට වඩා විරුද්දයි. ...
ඩිජිටල් වැඩවලට ඇනලොග් ඇගයීම් Cult ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල තිබුන. ඒ කන්සෙප්ට් එක හරි ප්‍රෝග්‍රෙසිව් එකක්. සාහිත්‍ය සම්මාන, චිත්‍රපටි සම්මාන අතරෙ බ්ලොග් සම්මාන කියන්නෙ ලොකු පිම්මක්. අනික් අතට ඩිජිටල් මාධ්‍ය එක්ක බැඳුනු ක්‍රියේටිව් වැඩ අගය කිරීමක් හෝ හඳුනාගැනීමක් කියන්නෙ රටක් විදිහට ගත්තත් හොඳ උත්සාහයක්.බ්ලොග් සම්මාන කියන්නෙ ඇත්තටම අනිත් කොයි සම්මාන උළෙලකටත් වඩා පොප් විදිහට කරන්න පුළුවන් වැඩක්. මොකද ඒක බැඳිලා තියෙන්නෙ වඩාත් නූතනම ...
හා.... සඳ වැටෙන්නෙ පිණි අහුරුවල ගුලි වෙලා... Cult සංගාගේ හාද්ද ගැන මං කලින් ලියපු ලියමන සමාජ විචාර කියන ෆේස් බුක් කට්ටිය ටිකක් බරපතල සාකච්ඡුාවකට ගත්තා. ඒකට ස්තුති කරන ගමන් ඒ ගැන කිසි දෙයක් කියන්න ඉදිරිපත් නොවුනෙ ඇයි කියලත් කියන්න ඕන. මං ලියන අදහස් ඇකඩමික් රාමු ඇතුලෙ කතා බහකට එන එකෙන්ම ඒ අදහස් වලට හානියක් වෙනවා කියලයි මං හිතන්නෙ. ඊට වඩා ව්‍යවහාරික, ප්‍රායෝගික, අවිධිමත් රටාවක් ඇතුලෙයි මේ අදහස් පැතිරීමක්, ...
Story Of O Cult ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්න මාව ඉන්ස්පයර් කළේ මීට අවුරුදු ගානකට කලින් කියවපු ස්ටෝරි ඔෆ් ඕ පොත. පොත කියවන්නත් අවුරුදු ගානකට කලින් මං ඒ ෆිල්ම් එක බලලා තිබුන.ඒ කාලෙ වීඩියෝ ඩෙක්වලින් ෆිල්ම් බලන කාලෙ. ගොඩක් වෙලාවට ටීවී එක තියෙන ගෙදර ඩෙක් එක නෑ. ඉතිං එකෙක් ගෙදරට හොරෙන් ඩෙක් එක පන්නගෙන ටීවී එක තියෙන එකාගෙ ගෙදරට යනවා. තව දෙන්නෙක් කැසට් පීස් එකක් ...
අපි ආයෙත් හමු නූනා නම්... Cult මට කාර්ලෝස් මුණගැහීම..මට කාර්ලෝස් රේගඩාස්ව මුලින්ම හම්බුනේ බොලිවුඞ් එකේදි. ඉටිකොල වල දාලා පෝලිම් ගහලා තිබ්බ ෆිල්ම් තොගයක් මැද්දෙදි. ඒ ෆිල්ම් එක ජේපොන්. කවරෙ තිබුනෙ හරිම වෙස්ටර්න් ෆිල්ම් එකක පෙනුමක්. කාන්තාර පසුබිමක්. ඒ හිස් ගතියත් විශේෂයෙන්ම මෙක්සිකානු වීමත් හින්ද රේගඩාස් එදා මං තෝරපු චිත්‍රපටි කීපය අතරට වැටුණ.ජේපොන් වල තියෙන්නෙ මෙක්සිකෝවෙ නගරෙ ජීවත් වෙච්ච මනුස්සයෙක් සිය දිවි නහගන්න කියල ගම් පළාතකට යන ...
කළු බල්ලො බුරන හඳපානට ඔයත් එන්න. Cult මං ලියන්න ඉඳගත්තා. ඒත් ලියන්න ටිකක් මූඞ් එක පරක්කු වැඩියි වගේ. අනිත් පිටුවෙන් වැහිලා තිබ්බ ෆේස්බුක් පිටුව ඉස්සරහට ඇදගත්තෙ මූඞ් එකක් එනකල් නන්නත්තාර වෙන්න. ඉස්සර කොතන හරි තැනක මට මතක විදිහට ජගත් වීරසිංහ වෙන්න ඕන, කියනවා හිත ටිකක් නිවාගන්න ඕන වුණාම එම්සී එකේ නියෝන් ලයිට් එලි මැද්දෙ ටිකක් ඇවිදින්න යනවා කියල. සමහර විට ජගත් වීරසිංහ එහෙම දෙයක් කියල නැතුවත් ඇති. ...
ඒ රහස් කවුළුවෙන් එබෙද්දි.. Cult කව්වාගෙ පොත ගැන ලියන්න පටන් ගන්නෙ කොතනින්ද? මේ රහස් කවුළුවෙන් එබෙන්න කියන නමෙන්ද? නැත්තං කතාව කියාගෙන යන විදිහෙන්ද? කතාවෙ එළවගෙන යන චරිත වලින්ද?ඒ වෙනුවට මං කතාවට කොහෙත්ම අදාල නැති චිත්‍රපටියකින් පටන් ගන්නවා.ඒක මට මුණගැහුනෙ මේ පොත කියවගෙන යන දවසකම රෑක. රීකන්ස්ට්රක්ෂන් තමයි ෆිල්ම් එකේ නම. මේ පොත කියවන හැමෝටම මං කියන්නෙ ඊට පස්සෙ ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඞ් කරගෙන බලන්න. 2003 ...
මාලනී එන්න මල් පිපී දැයි බලන්න. Cult මාලනී ගැන ලියන්න... මාලනී ගැන හෝ නන්දා මාලනී ගැන තව මොනවා ලියන්නද? ඒවා ඉවර වෙච්ච චරිත. මේ වෙද්දි තමන් ගැන මිනිස්සුන්ගෙ හිත්වල ඇති වුණු සුන්දර හැ`ගීම් වෛශ්‍යා වෘත්තියේ යොදවමින් ජීවත් වෙන..ඒ කියන්නෙ මාලනීලා අතින් යමක් නොවුණා කියල නෙමෙයි. ඒත් වර්තමානයේ ඔවුන් ගත කරන ජීවිතය විසින් අතීතයේ ඔවුන්ට ආදරය කළ මං වගේ චරිත තුල ඇති කරන ජුගුප්සාව නොලියාම බෑ.මාලනීට ප්‍රංශයේ පැවැත්වෙන ...
මොටෝ නැති කවියක රස Cult මෑතක ෆේස්බුක් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට මං දැක්කා ලංකාවෙ වෛද්‍යවරයෙක් විසින් ලියපු ලිපියක්. පත්තරේක ගිහින් ඊට පස්සෙ වැඩි චූන් එකට ෆේස් බුක් එකෙත් ෂෙයාර් කරලා. ඒක තිබුනෙ අජිනොමොටෝ ගැන. අජිනොමොටෝ කියපු ගමන් මේ කාලෙ සෞඛ්‍යය ගැන උනන්දු හැමෝම උඩ පනින කාරණයක්. ඒක හින්දම රසකාරක වලින් තොරයි කියල වෙනම මාර්කට් එකක් පවා හැදිලා තියෙනවා. සමහර කඩ තමන් රසකාරක වලින් තොරයි කියන ...
මාර විචාර සහ මළ විචාර Cult මනෝ විශ්ලේෂණයෙන් සහ දේශපාලන මතවාදවලින් බැහැරව සිනමාවේ සෞන්දර්යය ගැන කතාබහක් කරනවා කියල ඇල්ෆා එකේ ප්‍රියන්ත ෆොන්සේකා එක්ක කරන වැඬේ පෝස්ට් එකක් එෆ්බී එකේ වැටුන. ඒකෙන් කුපිත වුණු විදර්ශන, වංගීස ඇතුලූ පිරිස ඒ දෙකෙන් තොරව ආර්ට් ගැන කතා කරන්න පුළුවන්ද කියල ඒක ජෝක් කරන්න ගත්තා.ඇත්තටම සිනමාව ගැන කතා කරන්න මනෝ විශ්ලේෂණය, නැත්තං දේශපාලන දර්ශනවාද වගේ ඒවා ඕනද? ආර්ට් නම් වමේ වෙන්න ...
ඔයා වාරියපොලද? Cult ‘මං පොල් කඩලා තමයි ජීවත් වෙන්නෙ. මට එක දුවෙක් ඉන්නෙ. මේ වෙච්ච දේ මට සෑහෙන අපහාසයක්. මං හිතුවෙ නෑ මෙච්චර දුරට යයි කියල මේක. මගේ ගෑනියි දරුවයි මට නැත්තටම නැතුව ගියා මේ සිද්දියෙන් පස්සෙ...තාත්තා දාලා යනකොට මට අවුරුදු හතයි. අම්මා දාලා යනකොට අවුරුදු දහ අටයි... ගෑනියෙක් හින්ද තමයි මං ඉවසන් හිටියෙ. නංගි මට සමාවෙන්න කියල මං සමාව ඉල්ලූවා. සමාව ඉල්ලද්දි ...