මොන්රො එක්ක එක යහනක Cult මයිවීක් විත් මැරලින් ෆිල්ම් එක ගෙනල්ලත් ඒක බලන එක මං අතපහු කර කර හිටියෙ මැරලින් ගැන තව මොනවා දැනගන්නද කියල හිත කියපු හින්ද වෙන්නැති. මේ සිතුවිල්ල මට විතරක් නෙමෙයි අවුරුදු 08ට කලින් මැරලින් ගැන ෆිල්ම් එකක් කරන අදහස සයිමන් කර්ටිස් ස්ටුඩියෝස් වලට යෝජනා කරද්දි ඒ හැමෝටමත් තිබුණ. හැම කෙනෙක්ම ඒක හොඳ අදහසක් විදිහට එක`ග වුණා. ඒත් මැරලින් ගැන කියන්න ඉතුරු ...
මට මගේ නොවෙන..මගේම ආදරයක් තිබුණා.. Cult ‘ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති’ යි කියලා ෂෙලී කියපු කතාවක් කලූ තිරේ උඩ වැටෙනවා.සමනළ සංධ්වනිය පටන් ගන්නෙ එතනින්.සමනළ සංධ්වනි.... පුදුම ලස්සන නමක්. ජයන්තගෙ හැම චිත්රපටියකම මේ විදිහෙ විචිත්‍ර නමක් සහ යෙදුමක් තිබුණ. මේ නිකං ඉන්න මිනිස්සු සමහර නම් වල තේරුම් හොයන්න පටන් ගත්තා. ද`ඩුබස්නාමානය, ගරිල්ලා මාර්කටිං, අග්නිදාහය කටට මතක් වෙන උදාහරණ කීපයක්. වේදිකාවෙන් පටන් අරං ටෙලිවිෂන් එකට ඇවිත් එතනින් චිත්‍රපටි ...
මිනී එම්බාම් කරනු ලැබේ -දෙරන ලක්ස් සිනමා සම්මාන උළෙල- Cult හු`ගක් කාලෙකින් චිත්‍රපටි ගැන ආයිමත් ලියන්නෙ. ලංකාවෙ ඉඳහිටලා පෙන්නන ඉංග්‍රීසි හරි හින්දි හරි චිත්‍රපටියක් ඇරුණම දැන් මෙහේ සිනමාව කියලා එකක් නැති ගානයි. ගන්න දෙයක් නැති හින්දම ලියන්න වෙන්නෙ හිස්කම ගැන විතරයි. ඒ හිස්කම මැද්දට එකපාරට අවුරුද්දකට සැරයක් එන දෙරන ෆිල්ම් අවෝර්ඞ්ස් කඩං පාත් වුණා. ඒත් සිනමාව නන්නත්තාර වෙච්ච රටක සම්මාන දෙන්නෙ මොනවටද? එතකොට සම්මානත් නන්නත්තාර වෙනවා.ඒත් සිනමාව කියලා එකකට ආස ...
මාලේ ගෙලේ චේ පපුවේ Cult අජියා බොබ්මාලේ ගැන පොතක් එලියට දැම්මා. ඒක පොතක් කිව්වට පොත් පිංචක්. කාලයක් තිස්සෙ ඕක ගැන කතා වෙවී හිටියත් කාටවත් වෙලාවක් තිබුණෙ නෑ ඒකට මැදිහත් වෙන්න. හැමෝටම ඊළ`ග දවස ප්‍රශ්නයක් වෙච්ච කාලයක්. සාමාන්‍යයක් විදිහට ලංකාවෙ කවදත් නෑ කියාගත්ත ගමන් තමයි මිනිස්සු. ඒත් සල්ලි විතරක් ලැබෙන වැඩ අතරෙ අපි හිර වෙලා ඉන්න තරමත් එක්ක ඒක ඇ`ගට දැනෙනවා. එළියෙ මොකුත් නෑ. මං හිතන්නෙ ...
ෆේස් බුක් වහා තහනම් කරනු. Cult ෆේස් බුක් තහනං කරන්න යන එක ගැන පත්තු වෙන කතා බහට එකතු නොවී ඉන්නයි මං හිතන් හිටියෙ. එක පැත්තකින් පොදු ජන විනෝදය පිණිස ආණ්ඩුව සපයන මාතෘකා වල ඔංචිලි පදින එක තේරුමක් නැති හින්ද. අනිත් පැත්තෙන් ෆේස් බුක් එහෙම තහනං කරනවට මං කැමති හින්ද.ෆේස් බුක් තහනං කරනවා කියන්නෙ මට හිතෙන විදිහට ලොකු කතා බහක් දැනුවත් වීමක් අවදි කරන සිද්දියක්. නිකං ඉබාගාතේ ...
2020 මොකද වෙන්නෙ? Cult 2020 කවුදඑන්නෙ කියල එක එක විදිහෙකතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම්පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ සුළුතරයක් ඡුන්ද ප්‍රතික්ෂේප කිරීමකින් සෑහෙන්න ඉඩතියෙනවා. මේ හැම කතාවක්මඒ තරම් බලාපොරොත්තු සහගත ඒවා නෙමෙයි. වෙන විකල්පයක් නැති තැනදි තියෙන ඒවයින් වඩා හොඳ වගේ පේන එකක් අකමැත්තෙන් හරි තෝරාගැනීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත්විකල්ප නෑ කියන්නෙ ...
බල්ලට ගිය හෘදය සාක්ෂිය Cult ආණ්ඩුව බල්ලො කොළඹ නගරෙ බල්ලො 3000ක් මරන්න යනවට විරුද්ධව ඔඩෙල් එක ඉස්සරහ විරෝධයක් තිබුණ. මිනිස්සු කීපදෙනයි. වැඩි දෙනෙක් ගෑණු. ත්‍රීවීල් වල, බස්වල, පාර අයිනෙ යන අය හිනා වෙවී යනවා. ඒක ජෝක් එකක් වගේ. ගෝඨාභයගෙ නම ලියපු පෝස්ටර් එකක් උස්සන් ඉන්න හින්ද පොලිසිය විතරක් ටිකක් උනන්දුයි.මේ බල්ලො මරන කතාව දැන් කීප වතාවක්ම උඩට ආවා. ආණ්ඩුව මරන්නෙ නෑ කිව්වා. ඊට කලින් හි`ගන ...
පොද වැස්සක්. සමුගැනීමක් සහ මුණගැහීමක්. Cult බූඩි ළ`ගදි ආයිමත් ලොකු වැඩක් කළා. පොඩි විදිහට. ඉතාලියානු ශ්‍රී ලංකා කෙටි චිත්‍රපටි උළෙලක්. සිනෙසිටියෙ. ලංකාවෙ මේ වෙලාවෙ හැටියට ඒක හු`ගක් ලොකු වැඩක්. ඒත් ගොඩක් කට්ටිය දැනගෙන හිටියෙ නෑ. කාටවත් හරිහමන් විදිහට දන්වන්නෙ නැතුව මේ විදිහෙ වැඩ කරන එක ගැන ප්රවීණයො අතර කුසු කුසු ඇති වුණා. ඒකට ප්‍රධාන හේතුව බූඩි ඩිජිටල් වීම මං හිතන්නෙ. එයා ෆේස් බුක් එකෙන් කියනවා. එස්එම්එස් ...
ඉබ්බා සහ හාවා (ඉබ්බාගේ ලෝකයට පසුවදනක්) Cult විමුක්තිගේ චිත්‍රපටි උළෙලෙදි ගත්තත් හොයාගන්න බැරි වෙලා කියවන්න කල් ගිය ඉබ්බාගෙ ලෝකෙ එක හුස්මට කියෙව්වා. ඒක හරිම හොඳ ට්‍රයි එකක් ලේසි විදිහට සංකීර්ණ තේමා මුණගස්සන්න. විශේෂයෙන්ම ඒ දාර්ශනික තර්කනයට එලියෙන් විමුක්තිගෙ අත්දැකීම තියාගෙන කතා කරන එකෙන් සංවාදය සජීවී වෙනවා. සන්නස්ගල ප්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩ වල ඇති. සන්නස්ගල ප්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩවල නැතුවත් ...
ගල් ගහන්න එන්න. Cult ගණිකාව කියන්නෙ හරිම සරාගී වචනයක්. ඒ වචනෙ ඇහුණ ගමන්ම ගොඩක් පිරිමින්ගෙ හැ`ගීම් අවදි වෙනවා. මේ වචනෙ තියෙන සුවිශේෂීත්වය වෙන්නෙ හැ`ගීම් අවදි වෙන අතරෙම තමන්ගෙ සදාචාරය ගැන පොඩි වහගැනිල්ලකුත් කරගන්න පුළුවන් එක. පත්තරවල ගණිකා නිවාස වටලන ප්රවෘත්ති මේ තරම් පළවෙන්නෙත්, හිරු වගේ නාලිකාවල සීඅයිඒ කිය කිය නිතර ගණිකා නිවාසවලටම පනින්නෙත් මේ ජාතිය අවදි කිරීම වෙනුවෙන්.ගණිකාව, බඩුව, ගොනා මේ විදිහට සමාජ ශෝදක ...
වරදක් කළත් සිතකින් නොවේ Cult ෆුටා එක ගැන ලියන්න අරං දැන් පටන් ගත්ත වාක්‍යය මැකුවා තුන්හතර වතාවක්. කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව. විශ්ව විද්‍යාල ආචාර්යවරු රටේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා කරන මේ සටන ගැන මට ඇත්තට තියෙන්නෙ ගෞරවයක්. ඒ සටන් කරන අරමුණ හින්ද නෙවෙයි. ඒ තියෙන ස්ථාවරය සහ විනය හින්ද. ඒ අතරෙ සුභාරතී වගේ ආණ්ඩුවෙ වැඩසටහන් වලට ඇවිත් දීප්ති වගේ අය නිකං දෙකයි පණහෙ කතා ...
අලූත් ආගමක් උවමනා කර තිබේ. Cult මං කලින් අවුරුද්දකත් ලියපු හි`ගමන් ඉල්ලන දාර්ශනිකයා තාමත් අපේ ගේට්ටුව ළ`ගට එනවා. එක දවසක් සල්ලි දීපු ගෙදරකට මිනිහා ආයිත් එන්නෙ ටිකක් කාලෙකින්. ලොකු වටයක් ගිහින්. ‘මට සල්ලි දෙන අය කෝටිපතියො වෙන්න ඕනි. මොකද එතකොටනෙ මට වැඩියෙන් සල්ලි ලැබෙන්නෙ’සරමක්, ඊට උඩින් අත් දිග ඩෙනිම් කමිසයක්, ඊට උඩින් කිසි හේතුවක් නැතුව රෝස පාට ජැකට් එකක්, පරණ ටොප් හැට් එකක් ඇඳගෙන ඒ මනුස්සයා ...
නව ලිබරල්වාදය ඉවර නෑ Cult ලංකාවෙ ගොඩක් අය මේ වෙද්දි නව ලිබරල්වාදය කුනුහරුපයක් විදිහට සලකමින් ඉන්නවා. මේ අදහස ඇත්තටම ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයේ වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ආපු මතයකට වඩා වමේ කන්ඩායම් ඔහේ කියන කාරනා මත පදනම් වෙලා එල්ලූන මතවාදයන්. පෞද්ගලීකරනය, රාජ්‍ය මැදිහත්වීම අවම කිරීම, වෙළඳපොල මූලික තීරණ ආදිය ගැන තමයි ප්‍රධානවම විරෝධය එල්ලවෙන්නෙ. ඒත් මගේ අදහස ලංකාවට නව ලිබරල් ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි කියන එකයි. මේ ...
රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා? Cult සිරි පැරකුම් බලන්න මං තල්ලූ වුණේ ඒක ගැන ආපු ලොකු සද්දෙ හින්දමයි. හෝල් 55ක නඩු කියලා දාපු චණ්ඩි ෆිල්ම් එකක් වීම වගේම සෝමරත්නගේ දෙරන අවෝර්ඞ්ස් වලදි වගේ දාපු චණ්ජි ටෝක්ස් වුණත් මට බලපාන්න ඇති. අනිත් පැත්තට සූරිය අරණ, සරෝජා වගේ සෝමරත්නගේ කලින් චිත්‍රපටි කීපෙකට මං කැමතියි. ළමයි පාවිච්චි කරලා කරන වැඩිහිටි චිත්‍රපටි වට්ටෝරුවක් ගැන එයාගෙම දැනුමක් සෝමරත්නට තිබුණ. ඒක හොඳයිද ...
ස්නේහයේ නගරයයි (ගම නෙමෙයි) ඔබ මගේ Cult අපේ ජීවිතේ තේරුම් ගන්න හරි අපේ ඉස්සරහ ජීවිතේ තේරුම් ගන්න හරි අතීතෙට හැරෙන්න ඕනද? අතීතෙ හරි ඉතිහාසෙ හරි කියල අපි ලංකාවෙ කතිකාව ඇතුලට අරගෙන ඉන්න සීමාව එක්ක හිතුවොත් මට හිතෙන්නෙ ඉතිහාසයක් නැතුව ජීවත් වෙන එක වඩා හොඳයි කියල. හේතුව අපි සංවාද කරමින් ඉන්නෙ මළ ඉතිහාසයක් ගැන. ඒක හුස්ම වැටෙන ඉතිහාසයක් නෙමෙයි. වෙන විදිහකින් කිව්වොත් කරුණුමය ඉතිහාසයක් මිස හැ`ගීම්මය ඉතිහාසයක්, ඉංග්‍රීසියෙන් ...
ඕම් නමං ශිවාය! Cult මේ ලියවිල්ල අදාල වෙන්නෙ මේ කතා කරන රියැලිටියෙ අත්දැකීම් තියෙන අයට විතරයි. ඒ මැජිකල් මිතිකල් රියැලිටි එකත් ජීවිතේ කොටසක් හැටියෙන් පවත්වාගෙන යන අයට විතරයි. අනිත් අයට මේක විකාරයක් හැටියට ගංජා හීනයක් විදිහට නැත්තං තව නොයෙක් නොයෙක් තමන් දන්න ආතල් ප්රමානයන්ගෙන් කියවගන්න පුළුවන්. එක කාලෙක අවුරුදු ගානක පරිච්ෙඡ්දයක් මං සායිබාබා අනුගාමිකයෙක් වෙලා හිටියා. උගත් බුද්දිමත් විචාරශීලී කවවල ගොඩක් වෙලාවට සායිබාබා ආධ්‍යාත්මික ...
හෝ ගාන පොකුනෙ හෝ ගාලා සද්දෙ Cult ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ හෝ ගානා පොකුණ ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මුහුද නොදැකපු රට මැද්දෙ මිනිස්සුන්ට පොකුණකින්, වැවකින් එහා මුහුදක් ගැන හිතාගන්න බැරුව වහරපු ‘හෝ ගාන පොකුණ’ කියන වචනෙ ඉන්සයිට් එකකට අරන් ෆර්ඩි කතාව ගොතාගෙන යනවා. ගමට කොටුවෙච්ච, වැවට සීමා වෙච්ච පරපුරක අනාගත බට්ටො ටිකක් මුහුදක් දකින්න පෙරුම්පුරන කතාවක් ඒක.කන්සෙප්ට් එකක් විදිහටමත් මේ එළඹුම ලංකාවට ටිකක් අලූත්. හැමතිස්සෙම පරණ දේම බදා ගන්න, ...
වඳුරා නිදහස් කරන්න. Cult බොන එක කොහෙත්ම මට අල්ලලා ගිය වැඩක් නෙමෙයි. ඒ වෙනුවට ගොඩක් අප්පිරියාවක් එකතු කරපු වැඩක්. විශේෂයෙන්ම ලංකාවෙ ඇල්කොහොලික් මේන් ස්ටී්රම් සිතීමම (මේක බොන නොබොන සමස්තයටම අදාලයි) මට ගෙනාවෙ අවුලක්. ඒත් මේ ලියමනේ කතා කරන්න යන්නෙ ඊට වඩා ක්ෂුද්‍ර තලයෙ කතාවක්. බොන්න සෙට් වෙන එක බීමට වඩා එපා වුණේ සෙට් වෙන කට්ටිය හින්ද කියල මං හිතන්නෙ. කතා කරන්න දෙයක් නැතුව බැරි ...
සම්මානයක් කියන්නෙ ඔක්සිජන් ටිකක් Cult මේ පාර දෙරණ සම්මාන උළෙලට ගියෙ යම්දෝ නොයම්දෝ කියල දෙපැත්තට ඇද ඇද. ඒකට හේතු වුණෙම ඉවර වෙලා ආපහු එනකොට දැනෙන කාලකණ්ණි හිස්කම. ඒක සම්මාන හින්දම ඇතිවෙන එකක් නෙමෙයි. ප්රසාංගිකත්වය පැත්තෙන් අපේ තියෙන දුප්පත්කම, තේරුමක් නැති ආටක නාටක හින්ද, පදනමක් නැති ඇගයීම් හින්ද දැනෙන තෙහෙට්ටුවක්. මේක දෙරණ සම්මාන උළෙලට විශේෂ වුණු තත්වයක් නෙමෙයි. ඒත් මේ පාර ඒක වෙනස්. සුපුරුදු විකාරසහගත බව ...
ආනන්ද, සර්පයා දුටුවාද? (තණ්හා රතී රගා ගැන කලින් වැඩි විචාරයක්) Cult අදහසක් වෙනස් වීමට ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට නියමිතය කියන මගේ අදහස ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ඒ විදිහෙ අදහස් වෙනසක් කියන්නෙ ගොඩක් දුරට හිතා බැලීමක් නොකර අදහස් පළකිරීමේ අත්වැරැුද්දක්ද කියල දිමිත්‍රිට හිතිලා තිබුණ (ඒ රුසියානු සද්දෙ එන නම් වලට මං ආසයි. හීන් නොස්තැල්ජියාවක් හින්ද)ඒත් මට හිතෙන්නෙ වෙනස් විදිහකට. බුද්ධ වගේ ප්රත්යක්ෂ නිශ්චිත ඇත්තක් කියනවා වෙනුවට මං ...