ගෑණු පිරිමි- මල් පළතුරු - චිත්‍රපටි Cult මායා කියන්නෙ කොපියක්. කාංචනා කියන ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක්. කාංචනා කියන්නෙ මුනි කියල ජනප්‍රිය වුණු රාඝව ලෝරන්ස්ගෙ ෆිල්ම් එකේ සීක්වල් එක. ලෝරන්ස්ගෙ මේ ෆිල්ම් සීරීස් එක ඉන්දියාවෙ දිව්වෙ බොක්ස් ඔෆිස් පෙරළගෙන.මේ වැඬේ සිද්ද වෙන්නෙ හොරර්- කොමඩි කියන ජොන්රා එක ඇතුලෙ. කවුරු හරි මැරිච්ච කෙනෙකුගේ අවතාරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ආවේස වෙලා මොකක් හරි පලිගැනීමක් කරන විදිහෙ කතාවක් තමයි පාදක ...
මීතොටමුල්ලේ ජේතවනය Cult ජේතවනය කියන්නෙ නිකම්ම විහාරයක් නෙමෙයි. ඒක හැදෙන්නෙ තේරවාදී භික්ෂූන්ගේ ලොකුම තැන වුණ මහා විහාරය විනාශ කරලා. එක විදිහකට ඒක අපේ සංග සාසනේ කියන එකේ සදාතනික බල අරගලය ගැන හොඳ ආර්ට් පීස් එකක්.අනිත් පැත්තට කටවහරෙ අපි ජේතවනය කියන්නෙ විශාල වණයකට, තුවාලෙකට. මාර ජේතවනයක්නෙ කියල යෙදෙන්නෙ මාර වාතයක් කියන අදහසින්. දැන් හෙළ උරුමයෙ හාදයො ටික ජේතවනය වෙනුවෙන් පෙනී ඉන්න කියල පොලිස්පතිට ලියුම් ...
දස්සා!! Cult දස්සා ගැන මං මේ ටික ලියන්නම ඕනි. ඒ දස්සා නළුවෙක් වෙන හැටි මං බලන් හිටපු හින්ද. ඌ අද හොඳම නළුවා විදිහට සම්මාන ගනිද්දි මට දැනෙන ආදරය ඇත්තටම ඒ ට්‍රයි එක, කට්ට, ජීවිතේ බාර ගැනීම ගැන දැනෙන මනුස්සකමේ ආදරයක්. එහෙම නැතුව හොඳම නළුවා කියන සම්මානෙ ඇති බුබ්බක් නෙමෙයි. ඒත් ඒක දස්සා වගේ එකෙකුට ලැබුනම ඒ සම්මානයට වෙනම තේරුමක් එනවා.දස්සව මට මුනගැහෙන්නෙ ...
මගේ උපන්දින පණිවුඩය Cult (ජනාදිපතිට පුළුවන් නම් මට බැරි මොකද?)අවුරුදුු හතලිස් දෙකක්. එච්චර කාලයක් නොමැරි ජීවත් වුනෙ කිසිම විශේෂ බුද්ධියක්, තේරුමක් දැනුමක්, හරි තීරණයක් හින්ද නෙමෙයි. තනිකරම අහම්බයක් විදිහට. හැම මොහොතකදිම ජීවිතය විසින් මං හිතාමතා ගත්තා නං ගන්න තීරණයට වඩා ලොකු අවකාශයකට මාව තල්ලූ කළා. මට හිතෙන්නෙ කාට වුනත් එහෙමයි. වරදින්න කියල කිසි දෙයක් ජීවිතේ නෑ.ඉස්සර අම්මා ඉන්න කාලෙ එයා නිතරම කියන දෙයක් ...
මත්ද්‍රව්‍ය යනු රකුසෙක් නොව හිස් පඹයෙකි Cult මං ඩ්‍රග්ස් ප්‍රමෝට් කරනවා කියල සහ ඒ හරහා තරුණ පරපුර නොමග යවනවා කියල සමහරු චෝදනා කරනවා. තරුණ පරපුර මේ මත් උවදුරෙන් මුදවා ගන්න ඕන කියල සහ ජීවිතේ මේ මත්වීමට වැඩි සෞන්දර්යයක් ඇතිබව ඔවුන්ට කියාදෙන කැම්පේන් එකක් ඇරඹිය යුතුයි කියලත් එක්කෙනෙක් එෆ්බී එකේ ලියල තිබුන. පළවෙනි එක ඩ්‍රග්ස් කියන්නෙ ප්‍රමෝෂන් අවශ්‍ය දෙයක් නෙමෙයි. දෙවෙනි එක තරුණ පරපුරක් නොමග යවන්න මං කවුද? ...
දැකලා පුරුදු නැති සිනමාව Cult දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින එක කියලයි මං හිතන්නෙ. බැනුමක් හොඳකට වඩා කොහොමත් ඉන්ටරෙස්ටින් සහ ඔනස්ට්. හොඳ ගොඩක් වෙලාවට බෝරිං.දැකලා පුරුදු කෙනෙක් පලවෙනි පාරට දැක්කම මට ඇතිවුනෙ තිගැස්මක්. ඒකට මූලින්ම හේතුවුනේ බූපතිගෙන් මේ විදිහෙ ස්ක්‍රිප්ට් එකක් මං බලාපොරොත්තු නොවීම. කෝ ...
අලින්ගෙයි කූඹින්ගෙයි වැඩ Cult කූඹියෝ දැන් ඉවර හින්ද ඒ ගැන මගේ තියෙන අවංකම අදහස් එලියට දැම්මට කවුරුවත් තරහ වෙන එකක් නෑ. ඒ නාට්ටිය හදපු උන් වෙනුවෙන් වුනත් මට කරන්න පුළුවන් හොඳම දේ ඒක කියලයි මං හිතන්නෙ.කූඹියෝ මාත් පැල් බැඳගෙන බලපු ඩ්‍රාමා එකක්. සෙනසුරාදා ඉරිදා කොටස් දෙකම එකතු කරලා එකට බලන ආතල් එකකට මං ලොල් වෙලා හිටියෙ. ලංකාවෙ ටෙලිකියන කිසිම දෙයක් බලන එක අත්ඇරලා හිටපු ...
රාත්තල් තුන්සීයක බර පහරක් Cult පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන් වැස්සකුත් වැටෙමින් තිබුනා. මූඩ් එක වෙරි නයිස්, පහෙන් පහයි. මං අසන්දිමිත්තා නවකතාව කියවලා නෑ. ඒක හින්ද ෆිල්ම් එක ගැන මගේ තියෙන අදහස තනිකර ෆිල්ම් එකම පදනම් කරගත්ත එකක්. මේක බලපු හැමෝම මට පොදුවෙ එක කතාවක් ...
සයිකඩෙලික් සෙන්ෂුවලිටි Cult මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. එකක් මොකක් හරි කතාබහක් දුරදිග ගිහින් ඒකෙන් උන්මාද වෙමින් ඊට පස්සෙ ශරීරයෙන් වෙලෙමින් පටන් ගන්න සම්බන්දකම්. අනිත් එක ඉතාම සරලව ස්පර්ශය මූලික කරගෙන පටන් ගන්න සම්බන්දකම්. දෙවෙනි එක තමයි මේන්ස්ට්‍රීම් විදිහ. ඒකට පීකොකින්ග් වගේ කාරනාත් සම්බන්දයි. ඒ කියන්නෙ ...
ජාතික කොඩියෙන් පටන් ගමු Cult ජාතිවාදය කියන්නෙ ඉහල සිට පහලට තල්ලූ කරන දෙයක්. පහලම පංතිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඞ් කරන්න තරම් ඒ පංතිවල මිනිස්සුන්ට පුළුවන්කමක් නෑ. ඉහලම පංතියෙ මිනිස්සුන්ටත් ජාතිවාදයෙන් ඇති වැඩක් නෑ. ඒ අය මේ ජාතික සීමාවලට එහායින් තමයි ජීවත්වෙමින් ඉන්නෙ. ජාතිවාදය කියන්නෙ ලංකාවෙ අලූත් මිඞ්ල් ක්ලාස් උන්ගෙ ගේම් එකක්. මේක ග්‍රාමීය එකක් නෙමෙයි. මේක හොඳටම නාගරික ...
භාෂාව හරහා දේශපාලනය ප්රතිහෙජමොනික කිරීම (හරිද මංදා) Cult කන්නංගරගේ භාෂා භාවිතාව මට ගොඩක් දේවල් ගැන හිතන්න ඉන්සයිට් එකක් වුනා. කෙනෙකුගේ භාෂාව කියන්නෙ ඒ කෙනා වහරන දේශපාලනය හෝ වෙන ඕනම විෂයකට වඩා විශාල පදාසයක් එක්ස්ප්‍රෙස් කරන කලාපයක්. පාවිච්චි කරන වචන, ව්‍යවහාරය, ටෝන් එක, සද්දය මේ සියල්ලෙන් කෙනෙක් ගැන සමස්තයක් එලිකරනවා. සරලව කිව්වොත් මිනිහෙකුට මෙතෙක් ළ`ගා වෙන්න පුළුවන් වුණු තමන්ගේ චරිතය, අභ්‍යන්තරය, සිතීම, ප්රතිවිරෝදය ආදී සියල්ල මනාව හෙලි කරන ...
මයිලපත් සමනල්ලූ Cult කළුවර වැටෙන්න කලින් ඔෆිස් එකෙන් පැනලා ගෙදර ආවා. අන්තිම ඉර රැුල්ල ජනෙල් පඩියට වැටෙනවා බලන්න ඕන. උණු උණු ප්ලේන්ටියක් ළ`ගට ඕන. ඔතාගත් ජොයින්ට් එක හීන් සැරේ පත්තු වෙන්න ඕන. පුටුවෙ සුවපහසුවට දිගාවෙලා සුජීවගේ මයිලපත් සමනල්ලූ කියවන්න ඕන.මං එහෙම කළා. ඒ කවි ලස්සන හැන්දෑවක් මැව්වා. ඒ කවි වලින් මාව අරන් යන නොස්තැල්ජියාව ගැන මට ආසාවක් තිබුනා. ඒ හැපෙන විසිරෙන ඉනස්න්ස් ...
සීතල විතරයි කෝ ගින්න? Cult රෝහන විජේවීර ගැන මං මුලින් දැනගත්තෙ පොඩිකාලෙ අපේ අම්මගෙන්. විජේවීර කතා කරනවා අහන් හිටපු ගෑනු කනේකරේ තිබුනු දේවල් ගලවලා ජවිපෙට දුන්නා කියල අම්මා විජේවීරගෙ කතා ශෛලිය වර්ණනා කරනවා. ඉතින් ලොකුවෙනකල් මේ මිනිස්සු වශීකරන කතාව අහන්න කුතුහලයක් මට තිබුනා. ඒත් මුලින්ම අහපු දවසෙම ආපෝ කියල හිතුනා. ඒ තරම් ටකරන් හ`ඩක්. විමල් වීරවංසගෙ වගේමයි. කොහොමත් ලංකාවෙ දේශපාලනයේ මේ ටකරං හ`ඩවල් නැගලා ...
රොමාන්තික පේ‍්‍රමය ලෙඩක්. Cult ඉලියුමිනාටි කියන සීක්රට් සොසයටි එක ගැන විස්තර හොයන්න මට උනන්දුවක් තිබුනා. ඩෑන් බ්රවුන්ගෙ පොත්වල ඒ ගැන තියෙන රෙෆරන්ස් හින්ද ඒ උනන්දුව තවත් වැඩිවුනා. මේක එක කණ්ඩායමක් විදිහට සැලකුනත් කණ්ඩායම් ගානක් මේ නම යටතේ පැවතිලා තියෙනවා. ඉලියුමිනාටි කියන්නෙ එන්ලයිට්න්ඞ්, නැත්තං අවබෝධයට පත්වූ කියන අදහස. මේ නමින් ඇත්ත කණ්ඩායම් වගේම ප්‍රබන්ධ කණ්ඩායම් පවා තියෙනවා. ඒත් ඉලියුමිනාටි කියල පොදුවෙ රිෆර් කරන්නෙ දාර්ශනික ...
වම දකුණ පැටලෙන සයිටම් විරෝදය Cult සයිටම් ප්‍රශ්නෙ දැන් පත්තු වෙලා යනවා. අධිකරණයේ ස්වාධීනත්වය, රෝගීන්ගේ සෞඛ්‍ය අවදානම, අධ්‍යාපනයේ පිරිහීම වගේ මාර මාතෘකා වලින් ලංකාවෙ ඕනම දේකට විරුද්ද වෙන රෝගී වම සහ දකුණ සයිටම් විරෝධය මත එල්ලී යැපෙනවා. මෙතනදි තේරුම් ගන්න තියෙන වැදගත්ම කාරණය මේ මතුකරන කවර කාරණයකටත් වඩා ඒ පිටිපස්සෙ තියෙන වැඩවසම් උවමනාව කියන එක. ඇත්තටම එතනදි මේ විරෝධීන් පව්. ඒ අයට කොයිතරම් ඕන වුණත්, කොයිතරම් ...
වෙනසට බය ඇයි? Cult අපේ මිනිස්සු වෙනසකට බය තරම දැක්කම මට බය හිතෙනවා. ඒ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි අනාගතයක් නැති බව දැනෙන හින්ද. වෙනස පිළිගන්න හෝ බාරගන්න ලෑස්ති නෑ කියන්නෙ ඉන් එහාට සිතීමක් වර්ධනයක් සිද්ද වෙන්නෙ නෑ කියන එක. මේකෙ ආයිමත් හොඳ වෙනස හෝ නරක වෙනස කියල නෑ. මොන විදිහක වුණත් වෙනසක් හැමතිස්සෙම හොඳයි. ඒ වෙනස අපිව අභියෝගයට ලක්කරනවා. සක්‍රීය කරනවා. ශක්තිමත් කරනවා. ...
බකමූණාගේ ආසම සිංදුව Cult දැන් ලංකාවෙ සිංදු හැදෙන්නෙ නෑ. ඒ වෙනුවට හැදෙන්නෙ රිංගින් ටෝන්. රිංගින් ටෝන් වලින් එළියෙ මියුසික් වලට පැවැත්මක් නෑ. මේක ගැන එහෙම සිංදු කරන අයම වුණත් කතා කරන්නෙ කණස්සල්ලෙන්. ඒක නිකං මූනිච්චාවක් කියලා මුලින් හිතුණත් දිගටම එහෙම අය මුණගැහෙන කොට හිතනවා සල්ලි ගෙව්වත් මෙතන තියෙන බලහත්කාරයේ වේදනාව ඇත්ත වෙන්න පුළුවන් කියල.රිංගින් ටෝන් වලින් බාල සිංදු හැදෙනවා වගේ ප්රබුද්ද මනස්ගාතයක හිර වෙන්නෙ ...
කම්මැලිකමේ මුනිවර පැවැත්ම Cult කම්මැලිකම. කම්මැලිකම කියන්නෙ හරිම ලස්සන පුරුද්දක්. එක විදිහකට හැකියාවක්. නිර්මාණශීලී ප්රවනතාවයක්. ඒත් කම්මැලිකම ගැන අපිට පොඩි කාලෙ ඉඳන්ම උගන්නන්නෙ වෙනස් කතාවක්. ඒකෙ වැරැුද්දක් නෑ. සමාජයක් විදිහට කම්මැලිකම සාරධර්මයක් කරගන්න කොහෙත්ම හැකියාවක් නෑ.ඒත් ලෝකෙ හැම දියුණුවක්ම සිද්ද වෙන්නෙ කම්මැලිකම වෙනුවෙන්. උදා විදිහට තාක්ෂණය දියුණු වෙන්නෙ අපිව වඩාත් කම්මැලි කරන්න. වැඩ පහසු කරන්න. ඒත් අපි ඒ ඉතුරුවෙන කාලෙත් අරන් තවත් කැම්මලි වෙන්න ...
හරකා ලකුණද? මිනිස් ලකුණද? Cult ඉස්තෙපාන් අපේ ඔෆිස් එකෙන් අයින් වෙලා ගියා. ‘ඉස්තෙපාන් ගැන ලියන්න ඕන’ මං හිතුවා. ඒත් කවුද කියවන්න කැමති කවුරුවත් නොවුණු කෙනෙක් ගැන විස්තර? කවුරුවත් නොකියෙව්වට කමක් නෑ. හු`ගක් කලාතුරකින් මුණගැහෙන හිතන්න පුළුවන් එකෙක් ගැන ලියන එකමත් ස්වයං වින්දනයක් වගේ ඉන්ස්පයරින්. ඌ මට ගොඩක් අලූත් දේවල් මුණගස්සපු යාලූවෙක්. ජේසන් සිල්වා, ගොස්වාමි, ජෝ රෝගන් වගේ හාදයන් වගේම ඇනිමි කාටූන්, මික්ස් මාර්ෂල් ආර්ට්ස් වගේ ...
බොර දිය පොකුනේ මාළු බාන්න එන්න.. Cult බොරදිය පොකුණ හෝල් එකේ බලන්න යන්න මට තාම බැරි වුණා. ඒත් මං ඒක කලින් කීප වතාවක් පොඩි පොඩි ස්ක්රීනින් වලදි බලලා තියෙනවා. අවුරුදු දහයක් තිස්සෙ එකම චිත්‍රපටියක් එක්ක ඉන්නවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක ද`ඩුවමක්. සත්‍යා ඉන්ටවිව් එකක ඒක හරි ලස්සනට කියලා තිබුණ. ‘අනිත් අයගෙ දරුවො ලොකු මහත් වෙනවා, ඉස්කෝලෙ යනවා මං බලාගෙන හිටියා...’ දරුවෙක් බිහිකිරීමේ දසමස දසවසක් දක්වා දික්වුනොත් කොහොම ...