තමුසේ නෙවෙයි බඩා මාමාගේ ළමා කතන්දර උසස් පෙළ කරන කොට ටියුෂන් යන්න සිද්ධ වීම අද විතරක් නෙවෙයි, බඩා ගේ කාලයේත් සිදු වුණු දෙයක්. "පතිරූප දේස වාසෝච" කියල බුදුන් වහන්සේ මංගල කරුණක් විදියට වදාරල තියෙන යහපත් පදිංචිය නිසාද කොහෙද බඩාට ඒ කාලේ රටේ හිටපු ප්‍රසිද්ධතම ගුරුවරුන් ගාවට ටියුෂන් වලට යන්න හැකි වුණා. මේ ගුරුවරුන් අතරින් අවිවාදයෙන්ම දක්ෂතමයා තමයි මොහාන් ලාල් ග්‍රේරෝ මහතා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ ...
පෙරහැර බඩා මාමාගේ ළමා කතන්දර අද කාලේ වගේ නෙවෙයි අපි පොඩි කාලේ ගමේ පන්සලේ පෙරහැර කියන්නේ ගමට ලොකු අංගයක්. ලොකු ස්වාමීන් වහන්සේලා එක් එක්කෙනා එක්ක තරහා උණාම අළුතින් පන්සල් හදාගන්න නිසාම, හතු පිපෙන්නා වාගේ පන්සල් බිහි වෙලා නොතිබිච්චි යුගයක් තමයි ඒක. මේ අනූව දශකයේ මැද භාගය. බඩා සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලේ. දහම් පාසලේ අවසාන වසර විභාගයටත් ඒ එක්කම බඩා ඉගෙන ගත්තා.පන්සලේ පෙරහැර කියන්නේ ලොකු ...
කිරියා බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය විද්‍යාලෙන් පිට වෙලා හා හා පුරා කියලා සීමාවාසික පුහුණුවට බඩා ගියේ කොළඹ කිට්ටුව තිබුණු රෝහලකට. අපේ කණ්ඩායමේ ම හිටපු තවත් වෛද්‍යවරයෙක් ඇවිත් හිටියා. මුගේ නම කිරියා. කිරියා හොඳ කලා රසාස්වාදයක් තියෙන, උයන්න උපන් හපන් කම් දක්වපු චරිතයක්. ඒ වගෙම ආතල් දෙන්නත් කියාපු පොර. මඳ පමණට දාගත්තම, රමණීය විදියට ආතල් දීම කිරියාගේ පුරුද්දක්. කිරියාගේ විශ්ව විද්‍යාල කාලේ මිත්‍රයා "ගෙම්බා". මුන් ...
සුචරිතවාදී මහැදුරු බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය විද්‍යාලය කියන්නේ අනික් පීඨ වලට වඩා තරමක් අමුතු තැනක්. මෙතන දී අතිශය බුද්ධිමතුන් (nerds) දකින්නට පුළුවන් වෙන තැනක්. නමුත් මේ නර්ඩ්ස්ලා අතර හොඳට බොන, කන, ජීවිතේ විඳින කොටසකුත් හිටියා. විධ්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරය හඳුන්වන්නේ බ්ලොම්ෆොන්ටේන් කියල. එහෙම නගරයක් දකුණු අප්‍රිකාවේ තියෙන බවත්, ඒකේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තියෙන බවත් බඩා දන්නවා. ඒ වුණාට මොන එහෙකට ඒ නේවාසිකාගාරෙට ඒ නම දැම්මද කියල ...
පටයා බඩා මාමාගේ ළමා කතන්දර බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද මේ ටියුෂන් ගුරුතුමී හරිම වසයි. පන්තියේ කට්ටිය ඔක්කොම හිටියේ මීයට පිම්බා වගේ සීරුවෙන්. හැබැයි පැය දෙකහමාරක් හිර කරන් හිටපු පීඩනය පන්තිය ඉවර වෙච්ච ගමන් එළියට දැම්මේ මොකක් හරි පිස්සුවක් කෙළලා. මේ පන්තියට බඩා එක්ක තවත් චරිත කීපයක් සහභාගි වුණා. අපේ සුපුරුදු ඇනා ඉන් කෙනෙක්. ...
ඉටිපන්දම බඩා මාමාගේ ළමා කතන්දර මෙකත් ටියුෂන් කතාවක්ම යි. හැබැයි මෙදා සැරේ චරිතය බඩා ගේ එකම සහෝදරයා. බඩා ගේ මල්ලී බඩාට වඩා උස, කැරළි කොණ්ඩේ තියෙන බඩා වගේ කළු නැති එකෙක්. ඒ වුණාට මූණේ මොකක් හෝ අවුලක් තියෙන නිසාදෝ, මලයගේ යාළුවෝ ඌට කිව්වේ "ලොරියා" කියල. තව සමහර එවුන් "බාප්පා" කියලත් කිව්වා. ඒ නිසාම බඩා සමහර විට "මහ ලොරියා" කියලත් "මහප්පා" කියලත් හැඳින්වුණා. බඩා ජීව විද්‍යාව ...
මව් ගුණ බඩා මාමාගේ ළමා කතන්දර පාසල් යන කාලේ බඩා ගේ කට හොඳ නැති බව ඔය කට්ටිය දන්නවනෙ. බඩා වගේම කට හොඳ නති තවත් කීප දෙනෙක් හියියා. ඉන් එක්කෙනෙක් තමා "තකී". තකී ජොලියට බර, ජීවිතේ ආතල් එකෙන්ම ගෙවන සොමිබර කොල්ලෙක්. තකී ගේ පියා ධ්නවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච නිසාත්, ජීවිතේ බරක් නොදැනුණා වෙන්න පුළුවන්. එක පැත්තකින් තකී එහෙම ඉන්දැද්දී සාමාන්‍ය පෙල පන්ති වල හිටපු විනය පාලක තමයි රත්නේ ...
මැඩම් බය ද? බඩා මාමාගේ ළමා කතන්දර බඩා ගේ උසස් පෙළ පන්තිය ගැන දැනටමත් කීප දෙනක් දන්නව ඇති. මේ පන්තියට "සූ" එක කියල කියපු බවත්, පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයන් කියල කියන අයත් "කීකරු සිසුන්" නොවෙන බවත් පාඨකයන්ට මතක ඇති. රාජකීය විද්‍යාලයේ උසස් පෙළ එක විෂයයක් ගුරුවරුන් දෙන්නෙක් උගන්නනවා. සත්ත්ව විද්‍යාව උගන්නපු එක ගුරුතුමියක් "සෛලිකා" බව මම කලින් කිවුවා. අනික් ගුරුතුමිය බොබ් කට් කපපු, උස, කෙට්ටු, තෙළෙලු කාන්තාවක්. ඉස්සරහ ...
කවුද පිස්සා? බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය පීඨය කියන්නේ බොහොම දරුණු විදියට අධ්‍යාපනය ගැන වෙහෙසෙන තැනක්. ඒ නිසාම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සමහර දෙනෙක් මේ මානසික ආතතය දරා ගන්න බැරි වෙලා මානසික රෝගීන් බවට පත් වෙනවා. මෙයින් බහුතර දෙනෙක් සුවය ලැබුවත්, හොඳ කරන්න බැරි ගානටම ලෙඩ වෙන කිහිප දෙනෙකුත් ඉන්නවා. මාරේ අයියත් අන්න ඒ විදිය කෙනෙක්. අවුරුදු ගාණක් භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙලෙන මාරේ අයියා දර්ශීය මානසික රෝගියෙක්.වෛද්‍යවරු විදියට කිසිම රෝගියෙක් ...
33 කාමරය බඩා මාමාගේ ළමා කතන්දර බොහොම දවසකට පස්සේ බඩාට කතාවක් ලියන්න අවස්ථාවක් හම්බ වුණා. කථාවක් කිව්වට මේක කථා සමුදායක්. ලිංගාශ්‍රිත රෝග (Venereal Diseases) කියන්නේ වෛද්‍ය විද්‍යාවේ වැදගත් කොටසක්. දැන් ලිංගාශ්‍රිත රෝග ඒකකය විදියට වෙනම ගොඩනැගිල්ලක, සාමාන්‍ය වාට්ටු වලින් දුරස්ව පිහිටුවලා තියෙන්නේ රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න. නමුත් මීට දශකයකට කලින් මේ ගොඩනැගිල්ල එතන තිබුණේ නෑ. ඒ වෙනුවට, බාහිර රෝගී අංශයේ, 33 කාමරයේ තමයි මේ සායනය තිබුණේ. ...
කිං කොං බඩා මාමාගේ ළමා කතන්දර බඩාගේ කට අන්තිම සවුත්තු බව දන් මේ "ළමා" කතන්දර පිටුව කියවන ඔක්කොම අය දන්නවානෙ. මේ සවුත්තු කට හින්දා නිතරම පීඩාවට පත්වෙච්ච කෙනෙක් තමයි අපේ භෞතික විද්‍යා ටියුෂන් ගුරුතුමා වෙච්ච ග්‍රේරෝ මහත්මයා. බඩා පන්තියේ ඉඳන් කියන පොඩි පොඩි කතා කෑලි, අනික් අය අහුලන් ලොකු රණ්ඩු ඇති කර ගන්න නිසා ග්‍රේරෝ ගුරුතුමා බඩා ගැන හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයේ. මේ කතාව සිද්ධ වුණේ ...
වද නොදී බලනවකො බඩා මාමාගේ ළමා කතන්දර රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල පාසලක්. රීඩ් මාවතේ ඉඳලා විශ්ව විද්‍යාල මාවත වෙනකම් මේ පාසල විශාලයි. කොටින්ම කොළඹ නගර සීමාව ඇතුලේ තියෙන විශාලම ඉඩම් වලින් එකක්. බඩා ගේ උසස් පෙළ පන්ති තිබුණේ රීඩ් මාවතට මූණලා තියෙන පුරාණ ගොඩනැගිල්ලේ. පන්තියේ කවුළුවෙන් එළිය බැලුවාම කෙලින්ම පේන්නේ රීඩ් මාවත සහ තුරඟ තරඟ පිටිය (දැන් නම් රේස් කෝස් එක අයින් කරලා). උසස් පෙළ ගොඩනැගිල්ලට ...
නම් තැබීම බඩා මාමාගේ ළමා කතන්දර ලංකාවේ විශ්වවිද්‍යාල කියන්නේ උප සංස්කෘතියක්. මේ උප සංස්කෘතිය ඇතුලේ සමාජයීය, පුද්ගලික සහ භාෂාමය වෙනස්කම් පවා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට, සහ එකම විශ්වවිද්‍යාලයේ පීඨ අතර පවා මේ වෙනස්කම් තියෙනවා. පළමු වසරට සිසුන් ඇතුලත් උණාම ලබා දෙන "කාඩ්" එක එහෙම නැත්නම් අන්වර්ථ නාමය ඒ වගේ එකක්. පේරාදෙණියේදී නම් පළමුවෙනි වසරේදීම මේ නම් ලබා දෙනවා. පෙනුම, කතා විලාසය, නම, ගම වගේ ...
අන්න බබෝ ඇතින්නියා බඩා මාමාගේ ළමා කතන්දර බඩා ඇතුළු කණ්ඩායම මගින් කළ අති සාර්ථක නම් තැබීමක් වුණු කොණ්ඩයා ගැන කියවන පිරිසට මතකයි කියල හිතනවා. කොණ්ඩයා යකඩ උස්සලා ඇඟ පුම්බ ගත්තට මොකද කලාවට බර, සින්දු කියන්න පුළුවන් බොහොම මෘදු මනුස්සයෙක්. ඒ කාලේ ඉඳලාම ළමයින්ට දැක්කුවේ පුදුම ලෙන්ගතු කමක්. මේ අපි ළමා වාට්ටුවේ වැඩ කරද්දී වුණු රස කතා කීපයක්.සාමාන්‍යයෙන් සැත්කමකට කලින් රෝගියෙක්ව පැය හයක් විතර නිරාහාරව තබනවා. වතුර බොන්න ...
ඡන්දේ බඩා මාමාගේ ළමා කතන්දර 1990 ගණන් වල මැද හරියේ උසස් පෙළ පන්ති වල තිබුන තවත් ලස්සන වැඩක් තමයි පෝස්ටර් ගැහිල්ල. තමන්ගේ ප්‍රතිවාදියෙකුට මඩ සහිත අපහාසාත්මක පෝස්ටරයක් ගහලා විනෝද වීම ඒ දවස් වල බහුලව වෙච්ච වැඩක්. දැන් වගේ මූණු පොතෙන්, අරහෙන් මෙහෙන් කෙනෙක්ගේ ඡායාරූප හොයා ගන්න බැරි කාලෙක මේ පෝස්ටර් වැදුනේ කාගේ හරි ඇල්බම් එකකින් පින්තූරයක් හොරකම් කර ගත්තාම. එහෙම නැත්නම් කියනෙන කවුද කියලා ඇඟවෙන ...
මූදු හත්ත බඩා මාමාගේ ළමා කතන්දර බඩා ගේ උසස් පෙළ කාලයේ ඉඳලා මිත්‍රයෙක් තමයි ජොරා කියන්නේ. ජොරා ඉගෙන ගත්තේ බඩා ඉගෙන ගත්තු පාසලේ නොවුනට, අමතර පංති වලට ගියේ එකටමයි. කොහොම කොහොම හරි දෙන්නම වෛද්‍ය විද්‍යාලයටත් තේරුණා. ජොරා වැඩිය උස නැති, පැහැපත් හැඩ කොල්ලෙක්. ඒ වගේම තමයි පෙනුම ගැනත් බොහොම උනන්දුයි. ජොරාගේ කාමර සගයා වුණේ කොටියා. කොටියත් හැඩ කොල්ලෙක්, ඒත් කොටියගෙ තිබුණේ වෙනම ආතල්. ගාණට මූණ හෝදලා ...
වැලා බඩා මාමාගේ ළමා කතන්දර දරු සම්පත් එහෙම ලබලා පියෙක් වුණ නිසා බඩා මාමා පහු ගිය මාස 10ක් විතර කාලයකට බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න හම්බ වුණේ නෑ. හදිස්සියෙම මෙහෙම බ්ලොගක් ලිව්වාය කියලා මතක් වෙච්ච නිසා ආයෙත් ආවා. වැඩිය කතා නැතුව කතාවකටම බහිමු. බඩා වෛද්‍ය පීඨයට ආපු අළුතම (ඒ කියන්නේ 1998 දී - යකෝ මම නාකියි!) වෙච්ච සිද්ධියක් තමයි මේක. අපේ කතා නායකයා මොරටුව පැත්තෙන් ආපු, ...
හරක් දැක්කිල්ල බඩා මාමාගේ ළමා කතන්දර බොහෝ වැඩ, රෝගීන් ගේ කටයුතු සහ අධ්යනන කටයුතු කරන්න තිබුණු නිසාවෙන් බඩාට අළුත් කතා ලිවිල්ල ටිකකට මග හරුණා. ඒ ගැන බඩා මුලින්ම සහෘද පිරිසෙන් සමාව භජනය කර සිටිනවා. බඩා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ නාරි සහ ප්‍රසව විද්‍යාව උගන්නන්න් මහාචාර්යතුමෙක් හිටියා. උස, මහත, කළු, වලහෙක් වගේ මයිල් තියෙන දරදඬු පෙනුමක් තමයි මේ මහැදුරුතුමාට තිබුණේ. ඒ වුණත් ඉතාම කාරුණික, රෝගී සේවයට ...
මරාගෙන කාපන්! බඩා මාමාගේ ළමා කතන්දර අපේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ හිටි සසා තුන්වෙනි වසරේ ඉදල ම පුද්ගලික "වෛද්‍ය" සේවයේ (locum) නියුතු වෙච්ච කෙනෙක්. මේ විදියට පුද්ගලික වෛද්‍ය සේවයේ වැඩ කරන වෙලාවට සසා අපි කොතරම් කතා කලත්. දුරකථනය ගන්නේ නෑ. ගන්නේ අදාල පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය අයිති වෛද්‍යතුමා කතා කළොත් විතරයි. මේ දුරකථනය නිසා සසා ගේ හොඳ හොඳ වැඩ එළි වෙලා තියෙනවා. සසා කොහොමත් රස සාගරයක්. ඔන්න ඔය විදියට ...
ඔට්ටුව බඩා මාමාගේ ළමා කතන්දර බඩා හිතන්නේ සසා ගැන කට්ටියට මතක ඇති කියල. මේකත් සසාගේ තවත් වික්‍රමයක්. සසා එක්ක නිතරම කියුම් කියාගන්න කෙනෙක් තමයි කොටියා. සසාගේ කොටු සිද්ධිය අතේ මාට්ටු වුණාට පස්සේ සසා නිතරම බලන්නේ කොටියට ගුලියක් අඹරන්න. මොකද කොටු සිද්ධියේදී කට හඬ වෙනස් කරලා ඇමතුම දුන්නේ කොටියනෙ. දවසක් සසායි, කොටියයි කොටු පැනිල්ල ගැන වාදයක්. සසා නොදැන හිටියට කොටියත් කොටු ශිල්පයේ කෙළ පැමිනියෙක්. සසා ...