ගීතයක් ගැන : සුභාරතී මැණිකේ අරුණැල්ල අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා. මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ. දුෂ්කර, ...
නුඹ එන්න සීරුවට - ඒ වරම මට දෙන්න අරුණැල්ල කප්පරක් දුක් පිරුණු - ඇස් අඬන හදවතට තත්පරත් හිත බිඳින - හීනයක් දිග වැඩිද තුරුළු වී උන්නාට - සීතලට තනි රැයක උණු කඳුළු ඇස් තවන - මේ තරම් මට කුමට හීනියට ඇස් අරින - හීනයක දැවටෙන්න මල් පිරුණු සිහිනයක -... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
වෙන් වීම අරුණැල්ල දෑත බිම ඔබා, පස්සට වාරු වී ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම.. වක්කඩ ළඟ, දිය බොර කර නටාපු තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි තටු අකුලාගෙන,කඳුළු දරාගෙන, මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම.. රතු රෝස මල් වෙනුවට දෑතේ, සුදු ...
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 2 කොටස අරුණැල්ල මේ වෙද්දී මම පේරාදෙණියට ඇවිත් පැය විසි හතරකට එහා කාලයක් ගත වෙලා.. රත්ගමයා සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, එක ම කාමරයේ සතියක් ගත කිරීමේ මහා මෙහෙයුම පිළිබඳව 'ලක් වැසි' සහ 'පිට රට වැසි' පාඨකයන් දැනුවත් කිරීමේ මෙහෙයුම් වාර්තාකරණයේ දෙවන දිග හැරුමයි මේ.. කලින් කොටස කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා එන්න... මේ ඊට පස්සේ සිදු වුණු ටික! කාමරයේ ජනේලයෙන් ...
අනිත්‍යය, මල සහ සමීකරණය අරුණැල්ල "කුසුමක් නම් පිපී, සුවඳ විහිදා, පර ව යා යුතුමැයි.." නැත නැත.. අද තාක්ෂනය බොහෝ දියුණු ය... තොපේ ඔය අනිත්‍යය අපේ අලුත් නිර්දේශයේ නැත.. දරුවෙනි බලව.. අපේ දැනුම ඉහල ය විද්‍යාව අතැඹුලකි මට වර.. සුත්‍ර ගත කරමු අපි මල.. පුදුමයකි, කැපී ගියේය සුළු වී, දෙපස වූ සුවඳ.. Posted by : Nj_A najathakram1@gmail.com ...
පුළුන් සහ කළු ගල් අරුණැල්ල සැහැල්ලු ය සුදු ය, මුදු ය සුමුදු ය පුළුන්.. අසා උන් තෙපුල ගියෙමි සොයා මම පුළුන්.. රූස්ස ගසක හිස රැඳී ගෙඩියක් පුපුරා පාවී ආවේ ය මහා ගොඩක් පුළුන්.. අල්ලා ගන්නට නොහැකිව සියුමැලි ද බලන්නට පසුපසින් ගියෙමි පා වී යන පුළුන්.. කපු කටින තැන නූල් වී එතෙන ඒ නූල් වලින් කම්බා වියෙන තැනට වී අතගා බැලුවෙමි පුළුන්.. මතුපිට නම් රළු ය ...
බටහිරට එහා ගිය අපේ දැනුම - ලිපි පෙළක ආරම්භය අරුණැල්ල කවුරුන් පිළි ගත්තත් නොගත්තත්, අද ලෝකය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතී. බටහිර දැනුම මත පදනම් ව කෙරෙන ඊනියා සංවර්ධනය ක්‍රියාවලිය නිසා දිනෙන් දින සම්පත් විනාශ වෙමින් පෘථිවියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල වෙයි. එසේ වීමට නම් අප භාවිත කරන දැනුම නිවැරදි සහ භාවිත කළ යුතු දැනුම නොවිය යුතු ය. මිනිසා යනු පරිසරයේ එක් කොටසක් විනා එහි හිමිකරු නොවේ. ඒ බව ...
අරුත නුඹ නම් අරුණැල්ල කවි සිතක නැගී දුක් හැඬුම් සිඳිමි බිඳ ලමි නිය පිටින් රිදෙන නෙත් යුග සනසමින් කඳුළු පිසලමි වී සඳ කැළුම්.. නුඹ ලියන කවි කියවමින් දෙතත් විවරණ මදහසින් අරුත මා මිස අනෙක් නොව බව දතත් නො විමසමි... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
අවසානයේ සමනලයා මිය ගියේ ය. අරුණැල්ල සමනල තටු වල නෙක නෙක පාට සොරා ගත් වෛවර්ණ මකුළුවා දැල වියන්නට පටන් ගත්තේ ය. හිමිදිරියේ මීදුම් අතරින් දේදුනු පාට පෙති අතර... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සහ ඇනෝගේ සිත් රිදුම අරුණැල්ල මෑතක දී මා, රත්තා හෙවත් රත්ගමයා සමග සතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් ශාලාවේ ගත කළ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත. එසේ නම් ඒ අවධියේ දින පතා සිදු වූ දෑ අරුණැල්ල බ්ලොගයේ සංක්ෂිප්තව පළ කළ බව ද නිසැකව ම මතක තිබිය යුතු ය. ඒ ලිපි පෙළෙහි දෙවන සහ තෙවන ලිපි වල යම් තැනක සඳහන් කළ මයිනන් යන වචනය නිසා ...
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - අවසන් කොටස අරුණැල්ල 2012 වර්ෂයේ මා විසින් ගත කරන්නට යෙදුනු වැඩි ම ජීවිතයට අවදානමක් තිබූ සතියේ පස් වන හා හය වන දින පිළිබඳව කෙරෙන සටහනයි මේ.. පෙර කොටස් නොකියවූ අයගෙන්, පහත ලින්ක් වලින් ගොස් ඒවා කියවා එන මෙන් ඉල්ලමි! 1 කොටස 2 කොටස 3 කොටස 4 කොටස පේරාදෙණිය උද්භිදඋද්‍යානයේ දී ඊයේ දවසේ දවල් කාලය ගෙවුණේ බොහොම සාමාන්‍ය විදිහට. කම්මැලි කම නිසා වැඩිය ...
ධරණීය නොවූ සංවර්ධනය අරුණැල්ල මහා ගස් පෙරළලා කැලෑ බිම් එළි කළා සොබා දම වනසලා "සංවර්ධනය(??)" නම් කළා.. වැහි පොදක් නො වැටිලා කාලයක් ගත වෙලා වන සතුන් මියැදිලා මහ පොළොව වියැළිලා.. බොහෝ කල් ගත වෙලා වර්ෂාව නැති වෙලා සංයෝග කළඹලා ඔවුන් වැසි ඇති කළා.. වැහි ලිහිණි හඬ සලා අහස් කුස ඉගිලිලා වැසි වැටෙන සන් වෙලා ගම්මාන හිනැහිලා.. සතන් සිත් තුටු වෙලා වර්ෂාව ඇති වෙලා ...
වෙහෙස නිවීම අරුණැල්ල වෘදංග ගැටබෙර තාල අභිබවා සසැලෙන දණහිස් පුපුරු ගස්සවා නිදිබර බොර නෙත් බලෙන් ඇහැරවා නලියන නළලත රේඛා මකවා තිරයේ නුඹේ වත යළිත් හිනැහුණා.. Posted by : Nj_A najathakram1@gmail.com
ඇගෙයි වරද (සත්‍ය සිද්ධියක් ඇසුරෙනි) අරුණැල්ල අඩවන් වූ නෙත් සඟලේ නුරා ගින්න ඇවිලිලා, ඊට යටින් කඳුලැල්ලක් යාන්තමට වියළිලා, තව ටිකකින් අන්ධකාරේ සැඟවෙයි ඇය නික්මිලා, ඒ එක්ක ම කඳුලැල්ලත් මැකී යාවි වියළිලා.. අපේ අතේ නෑ වරදක් ඇයයි වරදේ බැඳෙන්නේ, මැකී ගියත් කඳුළු බිඳුව යළි නෙතගට උනන්නේ, මහ ගඟකින් දිය දෝතක් බිව්වට නැහැ දැනෙන්නේ, ගඟෙන් වතුර බී යන උන් මුහුදට ආවඩන්නේ!! Posted by : Nj_A najathakram1@gmail.com ...
අක්බාර් පාලම මත ආදරය (කෙටි කතාව) අරුණැල්ල අවුරුදු ගණනාවක් පුරාවට,එහෙමත් නැත්නම් ජීවිත කාලය පුරාවට ගොඩ නැගුණු මතකයන්, හැම දේ ම මාසයක් දෙකක් ඇතුලත අමතක කරලා, ජීවිතේ අලුතින් ම පටන් ගන්න එක ලේසි නැහැ. නැති වී ගිය සම්බන්ධතා නිසා බිඳ වැටුණු මානසික තත්වය ගොඩ ගන්න තවත් ඒ වගේ ම සම්බන්ධතා බොහොමයක් අවශ්‍ය වෙනවා. ඒත් එහෙම වෙලා තියෙන වෙලාවක හුදෙකලා වෙන්න සිදු වුනොත්? එහෙම වුණොත් ඒ මතකයන් නිසා ...