පුළුන් සහ කළු ගල් අරුණැල්ල සැහැල්ලු ය සුදු ය, මුදු ය සුමුදු ය පුළුන්.. අසා උන් තෙපුල ගියෙමි සොයා මම පුළුන්.. රූස්ස ගසක හිස රැඳී ගෙඩියක් පුපුරා පාවී ආවේ ය මහා ගොඩක් පුළුන්.. අල්ලා ගන්නට නොහැකිව සියුමැලි ද බලන්නට පසුපසින් ගියෙමි පා වී යන පුළුන්.. කපු කටින තැන නූල් වී එතෙන ඒ නූල් වලින් කම්බා වියෙන තැනට වී අතගා බැලුවෙමි පුළුන්.. මතුපිට නම් රළු ය ...
වෙහෙස නිවීම අරුණැල්ල වෘදංග ගැටබෙර තාල අභිබවා සසැලෙන දණහිස් පුපුරු ගස්සවා නිදිබර බොර නෙත් බලෙන් ඇහැරවා නලියන නළලත රේඛා මකවා තිරයේ නුඹේ වත යළිත් හිනැහුණා.. Posted by : Nj_A najathakram1@gmail.com
බටහිරට එහා ගිය අපේ දැනුම - ලිපි පෙළක ආරම්භය අරුණැල්ල කවුරුන් පිළි ගත්තත් නොගත්තත්, අද ලෝකය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතී. බටහිර දැනුම මත පදනම් ව කෙරෙන ඊනියා සංවර්ධනය ක්‍රියාවලිය නිසා දිනෙන් දින සම්පත් විනාශ වෙමින් පෘථිවියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල වෙයි. එසේ වීමට නම් අප භාවිත කරන දැනුම නිවැරදි සහ භාවිත කළ යුතු දැනුම නොවිය යුතු ය. මිනිසා යනු පරිසරයේ එක් කොටසක් විනා එහි හිමිකරු නොවේ. ඒ බව ...
විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සහ ඇනෝගේ සිත් රිදුම අරුණැල්ල මෑතක දී මා, රත්තා හෙවත් රත්ගමයා සමග සතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් ශාලාවේ ගත කළ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත. එසේ නම් ඒ අවධියේ දින පතා සිදු වූ දෑ අරුණැල්ල බ්ලොගයේ සංක්ෂිප්තව පළ කළ බව ද නිසැකව ම මතක තිබිය යුතු ය. ඒ ලිපි පෙළෙහි දෙවන සහ තෙවන ලිපි වල යම් තැනක සඳහන් කළ මයිනන් යන වචනය නිසා ...
අනිත්‍යය, මල සහ සමීකරණය අරුණැල්ල "කුසුමක් නම් පිපී, සුවඳ විහිදා, පර ව යා යුතුමැයි.." නැත නැත.. අද තාක්ෂනය බොහෝ දියුණු ය... තොපේ ඔය අනිත්‍යය අපේ අලුත් නිර්දේශයේ නැත.. දරුවෙනි බලව.. අපේ දැනුම ඉහල ය විද්‍යාව අතැඹුලකි මට වර.. සුත්‍ර ගත කරමු අපි මල.. පුදුමයකි, කැපී ගියේය සුළු වී, දෙපස වූ සුවඳ.. Posted by : Nj_A najathakram1@gmail.com ...
අක්බාර් පාලම මත ආදරය (කෙටි කතාව) අරුණැල්ල අවුරුදු ගණනාවක් පුරාවට,එහෙමත් නැත්නම් ජීවිත කාලය පුරාවට ගොඩ නැගුණු මතකයන්, හැම දේ ම මාසයක් දෙකක් ඇතුලත අමතක කරලා, ජීවිතේ අලුතින් ම පටන් ගන්න එක ලේසි නැහැ. නැති වී ගිය සම්බන්ධතා නිසා බිඳ වැටුණු මානසික තත්වය ගොඩ ගන්න තවත් ඒ වගේ ම සම්බන්ධතා බොහොමයක් අවශ්‍ය වෙනවා. ඒත් එහෙම වෙලා තියෙන වෙලාවක හුදෙකලා වෙන්න සිදු වුනොත්? එහෙම වුණොත් ඒ මතකයන් නිසා ...
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - අවසන් කොටස අරුණැල්ල 2012 වර්ෂයේ මා විසින් ගත කරන්නට යෙදුනු වැඩි ම ජීවිතයට අවදානමක් තිබූ සතියේ පස් වන හා හය වන දින පිළිබඳව කෙරෙන සටහනයි මේ.. පෙර කොටස් නොකියවූ අයගෙන්, පහත ලින්ක් වලින් ගොස් ඒවා කියවා එන මෙන් ඉල්ලමි! 1 කොටස 2 කොටස 3 කොටස 4 කොටස පේරාදෙණිය උද්භිදඋද්‍යානයේ දී ඊයේ දවසේ දවල් කාලය ගෙවුණේ බොහොම සාමාන්‍ය විදිහට. කම්මැලි කම නිසා වැඩිය ...
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 2 කොටස අරුණැල්ල මේ වෙද්දී මම පේරාදෙණියට ඇවිත් පැය විසි හතරකට එහා කාලයක් ගත වෙලා.. රත්ගමයා සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, එක ම කාමරයේ සතියක් ගත කිරීමේ මහා මෙහෙයුම පිළිබඳව 'ලක් වැසි' සහ 'පිට රට වැසි' පාඨකයන් දැනුවත් කිරීමේ මෙහෙයුම් වාර්තාකරණයේ දෙවන දිග හැරුමයි මේ.. කලින් කොටස කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා එන්න... මේ ඊට පස්සේ සිදු වුණු ටික! කාමරයේ ජනේලයෙන් ...
ඇගෙයි වරද (සත්‍ය සිද්ධියක් ඇසුරෙනි) අරුණැල්ල අඩවන් වූ නෙත් සඟලේ නුරා ගින්න ඇවිලිලා, ඊට යටින් කඳුලැල්ලක් යාන්තමට වියළිලා, තව ටිකකින් අන්ධකාරේ සැඟවෙයි ඇය නික්මිලා, ඒ එක්ක ම කඳුලැල්ලත් මැකී යාවි වියළිලා.. අපේ අතේ නෑ වරදක් ඇයයි වරදේ බැඳෙන්නේ, මැකී ගියත් කඳුළු බිඳුව යළි නෙතගට උනන්නේ, මහ ගඟකින් දිය දෝතක් බිව්වට නැහැ දැනෙන්නේ, ගඟෙන් වතුර බී යන උන් මුහුදට ආවඩන්නේ!! Posted by : Nj_A najathakram1@gmail.com ...
ධරණීය නොවූ සංවර්ධනය අරුණැල්ල මහා ගස් පෙරළලා කැලෑ බිම් එළි කළා සොබා දම වනසලා "සංවර්ධනය(??)" නම් කළා.. වැහි පොදක් නො වැටිලා කාලයක් ගත වෙලා වන සතුන් මියැදිලා මහ පොළොව වියැළිලා.. බොහෝ කල් ගත වෙලා වර්ෂාව නැති වෙලා සංයෝග කළඹලා ඔවුන් වැසි ඇති කළා.. වැහි ලිහිණි හඬ සලා අහස් කුස ඉගිලිලා වැසි වැටෙන සන් වෙලා ගම්මාන හිනැහිලා.. සතන් සිත් තුටු වෙලා වර්ෂාව ඇති වෙලා ...
ගෙවී යන දවස! අරුණැල්ල නුඹ හා හුන් තවත් දවසක් ගෙවී යන යුරු බලා හිඳිනෙමි අන්තිම පැන්සයත් පරාද වූ සූදු අන්තුවෙකුගේ බැල්මෙන්... ප/ලි: මේ ටිකේ මම ගොඩක් අයගේ බ්ලොග් වලට ආවේ නෑ කියලා ඇති වෙන්න නෝක්කාඩු ඇහුව නේ.. ඔන්න තව පැය කිහිපයකින් ඔලුව පිරිලා තිබුණු මගේ වැඩ ටික ඉවර වෙනවා.. ඊට පස්සේ ආපු නැති බ්ලොග් වලට එනවා.. කාගේ හරි බ්ලොග් එකක් මග හැරිලා නම් ...
සොලොස් කලා සපිරි සඳ.. අරුණැල්ල රන්වන් ව දිදුලයි.. ලං ව බැලූ විට, අඳුරු පැහැති, ආවාට පෙනෙයි!!Posted by : Nj_A najathakram1@gmail.com
දානය දන් දීම අරුණැල්ල දොරින් දොර ඇවිද නොලැබෙන ලදුව එකමෙකෙක් ඈ දැක, දුන් දානය ගෙන පැලට විත් බුදින සඳ.. පිල්කඩට වී පතයි නකුටු බල්ලෙක් ඇගේ ඉඳුලෙන් කුස පුරවා ගන්නට.. පින්තුරය ගත්තේ මෙතනින් Posted by : Nj_A najathakram1@gmail.com ...
මිදීම අරුණැල්ල විරාගී පිලි දැවටි අනුරාගී කය, සිඳ ගනිත් වල කල දුටු කල..Posted by : Nj_A najathakram1@gmail.com
ජීවිතය පිලිබඳ Spring නිර්වචය! අරුණැල්ල මේ ළඟදී දවසක මට මගේ පරණ මිත්‍රයෙක් හමු වුණා . කාලෙකට පස්සේ හමු වුණු නිසා ම වැඩි වෙලාවක් කතා බහ කරමින් හිටියා..මේ දවස් වල සැහෙන්න වැස්ස නේ.. අපේ කතාව අතර මග දී එක් වර ම මහා වැස්සක් වැටෙන්න ගත්තා.ඉක්මනින් ආයෙත් එන්න විදිහක් නැති නිසා කතාව තවත් දිගට ඇදුනා. අපි කතා වුණු දේවල් ඇසුරෙන් පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනේ ...
ආදරණීය හදවතක් අරුණැල්ල මේ කතාවත් හොයා ගත්තේ මූණු පොතෙන් ම තමයි. අද civil වල assignment එකක් කරන ගමන් ඒකාකාරී බවෙන් මිදෙන්න හිතාගෙන මූණු පොතේ රවුමක් ගහද්දි අහම්බෙන් වගේ අස ගැටුණු, හිත ඇදිලා ගිය පෝස්ට් එකක් මගේ බ්ලොග් එකේ දැම්මට ඒක දාපු කෙනා තරහා වෙන එකක් නෑ මම හිතන්නේ.. මේක කියෙව්වම මට දාන්න කමෙන්ට් එකක් හිතා ගන්න බැරි වුණා. කියන්න මොනවා හරි හිතෙන කෙනෙක් ...
පිදිය යුත්තෝ : ලයනල් රන්වල ශුරීන් අරුණැල්ල මෑත යුගයේ දී ශ්‍රී ලාංකේය ජන සංගීතයේ ස්වර රටා යළි සකස් කර, නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කළ අයෙක් වේ නම් ඒ ලයනල් රන්වල ශුරීන් ම ය. අමරදේව ලා, කේමදාස ලා දකුණු ඉන්දීය සහ බටහිර සංගීතයේ අභාෂය ලබා ගනිමින් නිර්මාණ කරද්දී රන්වලයන් තෝරා ගත්තේ අපේ රටේ ම ජන සංගීතයයි. අවුරුදු කාලයේ අපට ඇසෙන අපේ සංගීත භාණ්ඩ වල අපේ රිද්මයත්, සොබාදහම සහ අපේ ...
ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක් අරුණැල්ල අලුත් අවුරුද්ද නිසා නිවාඩු පාඩුවේ බුකියේ සැරිසරද්දී පරණ කතාවක් දකින්න ලැබුණා. බොහෝ දෙනෙක් මේක මීට කලින් දැකලා ඇති. ඒත් නොදැකපු අයට වැදගත් වෙයි කියලා හිතුණු හින්දා බ්ලොග් එකේ දාන්න හිතුවා. බලන්න. මේ කියන දේ ඔබට කොයි තරම් සමීප ද?, කොයි තරම් දුරට වලංගු ද? කියලා. 12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය ...
සබඳ.. අරුණැල්ල දෙතොලේ මදහස් රැළි නැංවේමියුරු සිනහවකහඬ පැතිරේකලක් සෙවූපදරුත් ගැළපේඅපේ මිතුදමේකව ලියවෙයි.. ගලා හැලෙනනිල් දියරැළි මත රැඳීසුළඟට විසිරෙනපිනි බිඳු සේ දිළිමනුසත් උයනකසිරි අසිරිය රැඳීසොඳුරු ම මිතුදමඅපේ ම වෙයි සකි.. සවිය නුඹයි මාළඟ හිඳ දිරි දුන්හසරැල්ල නුඹයි මාකඳුළැලි පිස දුන්වෙන් වී නොයනෙමුඅපි මියැදෙන තෙක්එක කුස උපදිමුමතු භවයක යම්.. ~Nj_A~ Posted by : Nj_A najathakram1@gmail.com ...
සාගර වෙරළේ සොඳුරු සැදෑවක.. අරුණැල්ල සොඳුරිය.. බිඳී විසිරෙයි,රැළිති නංවයි,සයුර පෙර වාගේ..එදා එහි වූතාලය අද නැතඅපේ සිනා හඬනොඇසෙනා නිසාවෙන්.. අඳුරු ගල් කුළුපුපුරු නංවයි,චණ්ඩ හිරු රැස්වලින් තැවෙමින්,ම' ලයට තුරුළු වූනුඹ පහස යළිනොලැබෙනා නිසාවෙන්.. හඬක් නොනගාඅප පසු කර ගියදුම්රිය අද එයි.මා පසු කර යයි.නුඹ නැති බව දැක,හූ හඬ නංවාමට ඔච්චම් පාමින්.. මම,~Nj~ Posted by : Nj_A najathakram1@gmail.com ...