බංගලාදේශයේ ගව ලෙයින් සෑදුනු ගංගා! Anver Manatunga පසුගිය (12)දා ලොව මුස්ලිම් බැතිමතුන් සිය ප්‍රධාන ආගමික උත්සවයක් වන හජ් උත්සවය මහත් බැති සිතින් සැමරූ බව ලොව පුරා ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් එම මාධ්‍ය වාර්තා වල උණුහුම වියැකෙන්නටත් මත්තෙන් මෙම හජ් උත්සවය පිලිබඳ තවත් ආන්දෝලනාත්මක අනාවරණයක් සමාජ මාධ්‍ය සිදූ කර තිබුණා. මේක ලංකාවේ ජාතිවාදී සමාජ මාධ්‍ය තළුමරමින් ප්‍රචාරය කළා. ඒ පසුගිය හජ් උත්සවයට පසුදා වර්ෂාවත් සමඟ බංගලාදේශයේ ඩකා නුවර ආශ්රිත ...
සහජීවනය පෙරදැරිව ඊද් අල් අද්හා උත්සවය සමරමු! Anver Manatunga මෙවරත් ලෝ පුරා සිට සවුදි අරාබියාවට පැමිණ හජ් නැමදුමට සහභාගී වූ සහ එයට සහභාගී නොවූ ලෝක වාසි සියලුම මුස්ලිම් ජනයා ඊද් අල් අද්හා උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සමරති. යුදෙව්, කිතුනු හා ඉස්ලාමීය දහම් තුනේම පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්ම දූතයානන් කෙනෙකු වූ ඉබ්රාහිම් තුමාගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ජීවිතයේ සිදුවිම් බොහොමයක් අනුගමනය කරමින් හජ් ...
සියලු වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි! Anver Manatunga සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදුලි සංදේශ කොමිසම සමග පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවකදී සියලු වෙබ් අඩවි කොමිසමේ ලියාපදිංචි වීම පිළිබඳ සාකච්ඡා කර ඇත. දැනට පවත්වාගෙන යන වෙබ් අඩවි ප්‍රමාණය ගණන් කළ නොහැකි තරම්ය. ආයතන, අමාත්‍යාංශ, පෞද්ගලික ආයතන ඇතුළු පෞද්ගලික මට්ටමේ වෙබ් අඩවි දස දහස් ගණනක් දැනට ...
ෆේස්බුක් වාරණය කළ වියට්නාම් යුද්ධයේ නිරුවත් දරුවාගේ ඡායාරූපය විරෝධය හමුවේ අනුමත කරයි! Anver Manatunga වියට්නාම යුද්ධයේදී ඇමරිකාව හෙලූ නාපාම් බෝම්බ හේතුවෙන් නිරුවතින් මහමඟ දිව යන කුඩා දැරියක ඇතුළු ජනයා ඇතුළත් සුප්‍රකට ඡායාරූපය නැවතත් ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට එහි නිර්මාතෘ මාක් සකබර්ග් තීරණය කර තිබෙනවා. 1972 වසරේදී ගනු ලැබූ මෙම ඡායාරූපය වියට්නාම යුද්ධයේ කුරිරුබව විදහා පාන සංකේතයක් ලෙසයි සැලකෙන්නේ. එහි නිරුවත් දැරියක සිටින නිසා ඡායාරූපය ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කරන බව සකබර්ග් මීට පෙර ...
මහේල ඩිල්ෂාන්ගේ මැච් එක බලන්නම ලංකාවට ඇවිල්ලා! Anver Manatunga ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ටී.එම් ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලෙසටයි සටහන් වුණේ. එම තරඟය නැරඹීම සඳහා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු තරඟය නැරඹීමට ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පැමිණ සිටියා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඩිල්ෂාන්ගේ මෙම තරඟය නැරඹීම සඳහා බවයි වාර්තා වන්නේ. ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ...
ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ඉතිහාසය! (video) Anver Manatunga ලොව බිහිවු විශිෂ්ඨතම ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඊයේ සමුදුන්නා. ඩිල්ෂාන්ගේ වසර 17 ක ක්‍රිකට් දිවිය පිළිබඳ අප තබන සටහනයි මේ. 1999 වසරේදි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් හිමිකරගන්නා තිලකරත්න ඩිල්ෂාන් එක්දින දිවියට සමුදෙන විට තරග 330 කට ක්‍රීඩා කර ලකුණු 10,290 ක් රැස්කරගන්නට සමත් වුණේ ලකුණු 10,000 සීමාව පසුකළ ලොව 11 වැනි ක්‍රීඩකයා බවට ද ...
ජාතිවාදීන් විසින් අරිධම්ම හිමිගේ අවමගුල් උත්සවයත් විකුණන්න හදයි! Anver Manatunga අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක නා උයනේ අරිධම්ම නාහිමියන්ගේ අවමගුල් උත්සවය කොලඹ නිදහස් චතුරස්රයේ පැවැත්වීමට මුස්ලිම්වරුන්ගේ හජ්ජි උත්සවය නිසා වලක්වා ඇතැයි යන බොරු පුවතක් අන්තර්ජාල වෙබ්අඩවි සහ ෆේස්බුක් හි ප්‍රචාරය වෙනවා. මේ සම්බන්ධව අපි එම පුවත පලකර ඊට පිළිතුරු සපයන්නම්. උපුටා ගැනීම “හජ්“ උත්සවයට බාධාවක්ලු.. නාඋයනේ නාහිමි ආදාහනයට නිදහස් චතුරශ්‍රයේ අවසර නෑ ! අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක ...
වැඩිහිටි අප රැකදිය යුතු ළමුන්ගේ අයිතිවාසිකම්! Anver Manatunga “අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔවුන්ය.” මෙවන් සාහිත්‍යමය නිර්වචනයකට පාත්‍ර වූ ‘ළමයා’ නිර්වචනයකට හසුකළ නොහැකි තරම් අගනා වස්තුවකි. 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තියට අනුව ඉතාමත් සරලම අදහස නම් “නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය” යන්නයි. අනාදිමත් කාලයක සිට ශ්‍රී ...
මරණ දඬුවම නියමවූ දෙමටගොඩ චමින්ද පල්ලේකැලේට මාරු කරයි! (video) Anver Manatunga භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට වරදකරුවූ තුන්වන විත්තිකරු වන චමින්ද රවී ජයනාත හෙවත් දෙමටගොඩ චමින්ද පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා. ඊයේ දිනයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඬුවම නියම කළා. අනෙක් පිරිස මේ වනවිට වැලිකඩ බන්ධන්ගාරයේ රඳවා තිබෙන අතර දෙමටගොඩ චමින්ද නැමැත්තායි මෙලෙස පල්ලෙකැලේ බන්ධාගාරය වෙත මාරු කර යවා ඇත්තේ. The post ...
දුමින්ද සිල්වා සී – 3 වාට්ටුවෙ වෙනම කුටියක! Anver Manatunga හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබාදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයේ සී – 3 වාට්ටුවේ වෙනම කුටියක් වෙත යොමුකර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මරණ දඬුවම ලබාදෙන පුද්ගලයින් සී වාට්ටුවේ රඳවන අතර මේවන විට එහි චූදිතයන් 40 දෙනකු පමණ සිටින බව වාර්තා වේ. මීටර් 20කින් පමණ ...
මටත් වෙඩි වැදුණා චෝදනා සියල්ලෙන්ම මම නිවැරැදිකරු! දුමින්ද Anver Manatunga සිද්ධියෙන් මටත් වෙඩි වැදුණා. ඊට පස්සෙ සිදුවූ දේවල් මට මතක නැහැ. මේ චෝදනා සියල්ලට මම නිවැරැදිකරු යැයි මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර විත්ති කූඩුවේ සිට දුමින්ද සිල්වා මහතා ඊයේ (08) ප්‍රකාශ කැර සිටියේය. ඒ අවස්ථාවේ තුන්වැනි විත්තිකරු වන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද පවසා සිටියේ තමා අධිකරණය හමුවේ පැවසූ සියලු කරුණු සත්‍ය බව හා තමා ද මේ සියලු චෝදනාවලට ...
පෝරකේට නියම වූ දුමින්ද වැලිකඩට! Anver Manatunga මරණිය දණ්ඩයණයට නියම වූ හිටපු පාර්පලිමේන්තු මන්ත්‍රී සහ කොළොන්නාව ශ්‍රිලනිප සංවිධායක වූ දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙක් අළුත්කඩේ උසාවියේ සිට බන්ධනාගාර රියෙන් වැලිකඩ බන්ධනාගාරයට දැඩි ආරක්ෂාව මැද්දේ ගෙන යනු ලැබූහ. පස් දෙනෙකුට මරණ දඩුවම නියම වුවත් එක් විත්තිකරුවෙක් අධිකරණය මඟ හැර සිටියේය. ප්‍රියන්ත ජානක බණ්ඩාර අධිකරණයට පැමිණ සිටියේ නැත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ...
මරණ දඬුවම නියමවූ දුමින්දගෙන් අභියාචනයක්! Anver Manatunga භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය විසින් අද උදෑසන දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සිදු විය. කෙසේ වෙතත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පවසා ඇති බව වාර්තා වේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙන තුරු මෙම චුදිතයන්ට තීන්දුව ප්‍රකාරව සිරගත කෙරෙනු ඇති ...
දුම්න්ද සිල්වා ඇතුළු පහකට මරණ දඬුවම! Anver Manatunga හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පහකට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර මරණ දඩුවම නියම කළේය. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු ...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව අද! Anver Manatunga හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 11 දෙනෙක් මෙම නඩුවේ වගඋත්තරකරුවෝ වෙති. The post භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව අද! appeared first ...
ලසන්ත වික්රමතුංගගේ දේහය යලි ගොඩගැනීමට නියෝග! Anver Manatunga ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර එළැඹෙන 27 දා ගොඩ ගැනීම සඳහා අධිකරණයේ අවසරය ලබාදී ඇති බව වාර්තා වෙනවා. එම සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අවසර දුන්නේය. ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ අතර ඔහුව 2009 වසරේ ජනවාරි මාසයේදී වෙඩි තබා ඝාතනය කළේය. ඔහුගේ ඝාතනයෙන් පසු දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් ...
iPhone 7 එක අද එළිදකී (video) Anver Manatunga ඇපල් සමාගම අලුත්ම ෆෝන් එක iPhone 7 එක අද එළිදක්වන්න සූදානම් වෙන බව වාර්තා වෙනවා. ඒ ලංකාවේ වේලාවෙන් අද රෑ 11 ට පමණ සජීවීව එළිදැක් වේ. ඇපල් සමාගමේ website එකේ තියෙන wallpaper මගින් මේ වෙනකොට iPhone 7 එක ගැන නිගමන කිහිපයක් පවසලා තිබෙනවා. iPhone 7 එකේ plus version එකේ කැමරා 2 ක් තිබෙන බවට වාර්තා වෙන අතර මෙම දුරකථනය වතුරට ...
අතුරුදහන් වූ බණ්ඩාරගම අටුළුගම මොහොමඩ් නස්රින් ව්‍යාපාරිකයා රිමාන්ඩ්! Anver Manatunga ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එස් සරවණරාජා විසින් බණ්ඩාරගම අටුලුගම මොහොමඩ් නස්රීන් ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මෙම ව්‍යාපාරිකයා සමඟ රන් බඩු ගැනීමට පැමිණි බව කියන ව්‍යාපාරිකයෝ තිදෙනෙක් මහේස්ත්‍රාත් විසින් මුදා හරිනු ලැබූහ. The post අතුරුදහන් වූ බණ්ඩාරගම අටුළුගම මොහොමඩ් නස්රින් ව්‍යාපාරිකයා රිමාන්ඩ්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
කුණුහර්ප කියූ සිංහල රැප් ගායකයා අත්අඩංගුවට! Anver Manatunga සිංහල රැප් ගායකයෙකු යැයි පැවසෙන කයිසර් කයිස් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් හා ලේකම් ජානක වික්‍රමසිංහ යන කලා ශිල්පීන් කොහුවල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව යි.මේ සම්බන්ධයෙන් ඔහුගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව කොහුවල පොලීසිය පවසනවා. ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර දී කයිසර් නමැත්තා විසින් අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් අශෝබන ...
විදෙස් රැකියා සඳහා අවම වැටුප් සීමාවක්! Anver Manatunga රැකියා සඳහා විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන්ට ලබන වසරේ සිට ඇමෙරිකානු ඩොලර් 300ක අවම වැටුප් සීමාවක් පැනවීමට කටයුතු කරන බව විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනි තලතා අතුකෝරල පවසයි. කොළඹ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරිය ඒ බව සදහන් කලේය. පළමුව එවැනි වැටුප් සීමාවක් පැනවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කොට යුතුව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. පළමු කාරණය ...