ලෝකයේ වේගවත් ම විදුලි කාරය දැන් ඇවිල්ලා! වේගය පැයට කි.මී. 249යි! මල්කැකුළු ලෝකයේ වේගවත්ම කාරය නම් කර තියෙන්නෙ, ඩෙට්රොයිට් ඉලෙක්ටි්රක් එස්.පී:01 කියලයි. එය නවීන යුගයට හඳුන්වා දුන් මුල් ම විදුලි කාරය වූ ටෙල්සා රෝඞ්ස්ටර් ස්පෝට්ස් කාරයට අභියෝගයක් වෙතැයි විශ්වාස කරනවා. ටෙල්සා කාරය හඳුන්වා දුන්නේ ස්පීඞ් එක්ස්, පේපැල් යන ආයතන ආරම්භ කළ බිලියනපති ව්‍යාපාරික එලන් මස්ක් විසින්. දැනට වෙළඳ පොළේ ඇති ආකර්ෂණීය විදුලි කාරය එයයි.ඩෙට්රොයිට් ඉලෙක්ටි්රක් එස්.පී:01 විදුලි කාර් මාදිලියෙන් කාර් 999ක් විතරයි, ...
චිත්‍රපට අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගෙන් ලෝක වාර්තාවක්! මරියානා අගාධයට තනිවම ගිය ප්‍රථම මිනිසා! මල්කැකුළු මිනිස්සු 500කට වැඩි ගණනක් උඩු ගුවනට මේ වන විට ගිහින් තියෙනවා. ඒ අතරින් 12 දෙනකු සඳ මත ඇවිදලත් තියෙනවා. ඒත් මුහුදු යට ගැඹුරු ම තැනට ගිහිල්ලා තියෙන්නේ තුන් දෙනෙක් විතරයි. 1960 ජනවාරි 23 වැනිදා දෙදෙනෙක් මුල්වරට ගැඹුරු ම තැන වූ මරියානා අගාධයට ගියා. මුලින් ම ඒ අඳුරු තැන පියවි ඇසින් දැක ගත්තේ ප්‍රංශ ජාතික ගවේෂකයකු වූ යාකුස් පිකාඞ් හා නාවික ...
අනාගතය පියාසර කරයි! හයිපර්සොනික් එක්ස්-51 වේව්රයිඩර් ජෙට් යානයේ මංගල ගමන! මල්කැකුළු අගෝස්තු 14 වැනිදා උදේ 11ට ඇමරිකාවේ තවත් අලූත් දෙයක් සිදු වුණා. බෝම්බහාරක බී-52 යෝධ ගුවන් යානය අහසට නැංගා. ඒත් යුද්ධයකට අවතීර්ණ වෙන්න නොවෙයි. එක්ස්-51ඒ නම් නව ගුවන් යානයක් අත්හදා බලන්නයි. සැලැස්මට අනුව මෙම යෝධ බී-52 යානයට පැවරුණේ මේ නව ගුවන් යානය ඉහළ අහසට ගෙන ගොස් පැසිපික් සාගරය උඩ දී මුදා හරින්නයි. එවිට නව ගුවන් යානය තත්පර කීපයක් ඇතුළත පැයට සැතැපුම් ...
අපේ ජීවිතය තුළ ලොකු පෙරළියක් කරන ති‍්‍රමාන (3D) ගෘහස්ත පි්රන්ටරය වෙළඳ පොළේ! මල්කැකුළු ඒක අඟල් 10කට වඩා උස නැහැ. බැලූබැල්මටම ළමයින්ගෙ සෙල්ලම් බඩුවක් වගෙයි. ඒත් මේ ති‍්‍රමාන (3D) ගෘහස්ත පි්රන්ටරය අපේ ජීවිතය තුළ ලොකු පෙරළියක් කරාවි.ඔක්තෝබර් පළමුවැනිදා බි්රතාන්යයේ වෙළඳ පොළට ආ ‘ද කියුබ්’ (The Cube) නම් වූ මේ අපූරු උපකරණයට පුළුවන් ඔබට අවශ්‍ය හුඟක් දේ ගෙදරදී ම තනා දෙන්න. ඒවා සොයසොයා වෙළඳ පොළ පීරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වර්ග අඟල් 5.5ක් දක්වා ඕනෑම ප්‍රමාණයක ...
හොරු දෙන්නා : එස්. ජී. පුංචිහේවා ලියූ අලූත්ම කතාව මල්කැකුළු කවදත් අපේ බුද්ධිමය ඉම පුළුල් කරන්නට පුංචි කතාවලින් උත්සාහ කරන අපේ එස්. ජී. පුංචිහේවා ලේඛකයා ‘මෙහෙවු රටේ’ කියලා අලූත් තීරුවක් ‘රාවය’ පත්තරෙන් පටන් අරන් තියෙනවා. ඔහුගේ කතා අසා රස වින්දායින් පසු එතැනින් නතර වෙන්නේ නෑ. ඒ ගැන තවදුරටත් හිතන්න පොලඹවනවා. මේ අලූත් තීරුවෙනුත් ඔහු එවැනි කතාවක් ඉදිරිපත් කරනවා. ඔහු එහි ලියූ කතා පුංච අද අප ‘මල්කැකුළු’තුළින් මෙසේ පළ කරන්නට තීරණය ...
අභ්‍යවකාශයෙන් ආ බැක්ටීරියාවක් බි්රතාන්යයේ ගංගාවකින් හමු වෙයි! අනාගතයේ බලශක්ති ප්‍රභවයක් ලෙස යොදා ගත හැකියි! මල්කැකුළු සාමාන්‍යයෙන් පෘථිවියේ ඉහළ කක්ෂයක හමුවන්නේ යැයි සැලකෙන බැසිලස් ස්ට්රැටොස්ෆෙරිකස් නම් අලූත් බැක්ටීරියාවක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. විද්‍යාඥයන් කියන්නේ මෙමගින් වෙනත් ඒවාට වඩා දෙගුණයක් විදුලි බලය නිපදවිය හැකි බවයි.ඊසානදිග එංගලන්තයේ පිහිටි සුන්ඩර්ලන්තයේ වෙයා ගංගාවේ මෝය කටේ තිබී හමු වී ඇති මෙම අබිරහස් ජීවියාට අණුජීවී ඉන්ධන ෙසෙල නම් විශේෂ බැටරියක් යොදා ගෙන විදුලි බලය නිපදවිය හැකියි.බැසිලස් ස්ට‍්‍රැටොස්ෆරිකස් නම් මේ ක්ෂුද්‍රජීවියා හමුවන්නේ ...
‘ඒලියන්’ චිත්‍රපටයේ සක්වළ ජීවියාට පණ දුන් විස්මිත පොසිලය කටුගෙයින් සොරකම් කරලා! මල්කැකුළු අප වැඩි දෙනෙකු පිටසක්වළ ජීවීන් ගැන කතා අහන්නට කැමති වුනත් ඇත්තටම එවැනි අය ඉන්නවාය කියා විශ්වාස කරන්නේ නෑ. ඒත් මේ අමුතු පොසිලය දකින ඕනෑම කෙනෙකු ටිකක් ගැස්සිලා නැවතිලා කල්පනා කරන්න පුළුවන් මේකෙ ඇත්තක් තියෙනවද කියලා.මේ පුරා වස්තුව ඇත්තෙන්ම ඉතා පැරණි පොසිලයක්. මේක තමයි, චිත්‍රපට අධ්යක්ෂ රිඞ්ලි ස්කොට්ගෙ සුප්‍රකට ‘ඒලියන්’ (Alien) නම් ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධයේ ආ පරසතුරු සක්වළ ජීවීයා නිර්මාණය කිරීමට ...
වසරේ මහා සාහිත්‍ය මංගල්‍යය වූ කොළඹ මහා පොත් දැක්ම ඇරඹේ! ‘බුක් සීකර්’ මගින් ගෙදර සිටම ඔබට පුළුවන්! මල්කැකුළු වසරක් පාසා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර මහා පොත් ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලබන්නේ 15 වැනි වරටයි. මෙය දකුණු ආසියාවේ පැවත්වෙන විශාලතම පොත් දැක්ම ලෙසයි, එහි සංවිධායකයන් වූ ශී‍්‍ර ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හඳුන්වන්නේ. මේ පොත් දැක්ම 2013 සැප්තැම්බර් 14 වැනිදා සිට 22 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වෙනවා. උදේ 9 සිට රාති‍්‍ර 9 දක්වා දිනපතා පැවැත්වෙන මෙම උළෙලේ දී දෙස් විදෙස් ...
රාති‍්‍රයට හොඳින් පෙනෙන දීප්තිමත් ඇස් දෙකක් - පිච් බ්ලැක් චිත්‍රපටයට ආ අදහස සැබෑවක් වෙයි මල්කැකුළු ඔහුගේ ඇස් නිල්පාටයි. දීප්තිමත්. ඔහුට රාති‍්‍රයට ඇස් පේනවා. කොයි තරම් අඳුරක වුනත් ඔහුගේ ඇස්වලින් ආලෝකයක් නිකුත් වෙනවා. මේක විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ දී මේ අයුරින් ම කලකට ඉහත චිත්‍රපටවලත් දකින්නට ලැබුණු දෙයක්. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වූ පිච් බ්ලැක් (Pitch Black) හා ද ක්‍රොනිකල්ස් ඔෆ් රිඞ්ඩික් (The Chronicles of Riddick) යන ඒවායේ ආ රිචඞ් බී. රිඞ්ඩික් චරිතයේ ඇස් ඒ විදියට දිළිසුණා. ඔහුගේ ...
අන්තර්ජාලය නිසා ළමයින්ගේ නිර්මාණශීලිත්වය මොට වෙනවා! ලෝක ප්‍රකට නව නිපැයුම්කරුවෙන් කියනවා! මල්කැකුළු බි්රතාන්යයේ ප්රමුඛ පෙළේ නව නිපැයුම්කරුවෙක් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා, අන්තර්ජාලය ළමයින්ගේ මොළය අකි‍්‍රය කරනවාය, ඒ නිසා අනාගත පරපුර, ඒ කියන්නේ ගූගල් පරම්පරාව, නිර්මාණශීලීත්වයෙන් ඈත්ව යනවාය කියා.මෙහෙම කියන්නේ ටේරවර් බේලිස් (Trevor Baylis) කියන ලෝක ප්‍රකට නිර්මාණකරුවායි. (ඔහු තමයි, වයින් කරන ගුවන් විදුලිය ලොවට දායාද කළේ. විදුලිය හෝ බැටරි හෝ නැති ප්‍රදේශවල දී පාවිච්චි කළ හැකි ඒ ගුවන් විදුලි යන්ත්‍රය පමණක් නොව ...
ලෝකයේ වටිනා පුරාවස්තු ඩිජිටල් ක්‍රමයට...! මල්කැකුළු ලෝකයේ වටිනා පුරාවස්තු හා පුරාවිද්‍යා ඉදිකිරීම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කර තැබීමේ නව වැඩ පිළිවෙළක් අරඹා තියෙනවා. ති‍්‍රමාන ලේසර් 3D laser තාක්ෂණය යොදා ගෙන ලෝකයේ වටිනා පුරාවස්තු හා පුරාවිද්‍යා ඉදිකිරීම් ඩිජිටල් ක්‍රමයට රූපයට නැඟීමෙන් තමයි, මේවා රක්ෂණය කරන්නට යන්නේ. දැනටමත් ආරම්භයක් හැටියට පුරාවිදු බිම් 500ක් විතර මේ ආකාරයට ති‍්‍රමාන ක්‍රමයට රූගත කරන්නට පටන් අරගෙනයි තියෙන්නෙ. ...
මිහිතලයේ ජෛව විවිධත්වය විසිරී ඇති අයුරු දැක්වෙන සිතියම වසර 137කට පසු අලූත් වෙයි! මල්කැකුළු ලෝකයේ ජෛව විවිධත්වය ව්‍යාප්ත වී ඇති අන්දම දැක්වෙන සිතියම යවත්කාලීන නොවී සිය වසකට අධික කාලයක් ගත වී තිබේ. මුලින්ම පොළොවේ ජෛව විවිධත්වය විසිරී ඇති අයුරු දැක්වෙන සිතියමක් පිළියෙල කළේ 1876දීයි. ඒ බි්රතාන්ය ජාතික ඇල්ෆ්රඞ් රසල් වොලස් නම් ස්වභාව විද්‍යාඥයා අතිනි.ලෝකයේ විවිධ ජීවින් හා ශාක ගණනය කළ නොහැකි ප්‍රමාණයක් පරිණාමය වී හා ලොව පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියමක් පිළියෙල ...
පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස : නොවිසඳුණු අබිරහස් මල්කැකුළු 1722 වසරේ පාස්කු ඉරිදා දිනයක ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් Jacob Roggeveen සහ ඔහුගේ දේශගවේෂණ කණ්ඩායම ගිනිකොනදිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩබැස්සා. වෙරළාසන්නයේ පුංචි පුංචි වේදිකා මත ඉදිකර තිබූ සුවිසල් පිළිම දැකීමෙන් රොගෙවීන් සහ ඔහුගේ පිරිස පුදුමයට පත් වුණා. ඔවුන් පුදුම වුණේ මේ පිළිමවල අපූර්වත්වය නිසාම නොවෙයි. ගස්කොළන්වලින් තොර මේ කුඩා දූපතේ මෙවැනි යෝධ ගල් පිළිම ඉදිකළේ කොහොමදැයි සිතීමෙනුයි. ...
කුරුල්ලන් කන ඩයිනොසෝර කුරුල්ලෙක් : විස්මිත සොයා ගැනීම් මල්කැකුළු ඩයිනොසෝරයන් ජීවත් වූ ආකාරය ගැන සෙවීමේ දී අමුතු අමුතු දේ මතු වෙනව. දැන් තවත් අලූත් ඩයිනොසෝර ජීවන රටාවක් සොයා ගන්නට චීන විද්‍යාඥ පිරිසක් සමත් වී තියෙනව. මෙවර මේ නව සොයා ගැනීම කර ඇත්තේ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසිනුයි.ඔවුන්ගේ මේ අපූරු සොයා ගැනීමට අනුව ඩයිනොසෝරයන් කුරුල්ලන් ආහාර ගෙන ජීවත් වී තියෙනවා. චීනයේ දී හමු වූ විලෝපික ඩයිනොසෝර පොසිලයකට අනුව ...
කමිසයකට රුපියල් ලක්ෂ 29ක් වැය කළ ආදරය සොයන ඉන්දියානු තරුණයෙක්! මල්කැකුළු ආදරය සල්ලිවලට ගන්න බැහැ කියල කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව විශ්වාස කරන්න කැමති නැති පෝසත් ඉන්දියානුවෙක් ඉන්නවා. ඔහු මේ ළඟදි කාන්තාවන්ගේ ආකර්ෂණය ගන්න ඇඳුමක් මැස්සෙව්වා. ඒක තනි රත්තරනෙන් කළ එකක්. එකට ගිය වියදම ශී‍්‍ර ලංකාවේ රුපියල්වලින් ලක්ෂ 29ක්! දැන් 32 හැවිරිදි වියේ පසුව ඔහුගේ නම දත්තා පූගේ. ඉන්නෙ මධ්‍යම ඉන්දියාවේ පිම්පි්ර-චින්ච්වාද්වලයි. වෘත්තියෙන් ඔහු මුදල් ණයට දෙන ව්‍යාපාරිකයෙක්.ඔහු වෙනුවෙන් ම විශේෂයෙන් ...
සිය ප්‍රබන්ධ තුළින් විස්මිත ලෙස අනාගතය දුටු දිවැසිවරයා - අද අප අත්දකින දේ එදා ඔහු දුටු හැටි! මල්කැකුළු ලෝකයට විද්‍යා ප්‍රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික මෙවලම් අද අපට හුරුපුරුදු ඒවායි. ඔහුගේ 184 වැනි උපන් දිනය පසුගිය පෙබරවාරි 8 දාට යෙදී තිබුණා. ඔහු තමා ප්‍රංශ ජාතික විද්‍යා ප්‍රබන්ධ කථාකරු ජූල්ස් (යූල්ස්) වර්න්.ඔහු යූල්ස් ගේබ්‍රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ ...
විෂ විදීමෙන් හා විදුලි සැර පිටකිරීමෙන් පණ බේරාගන්න සත්තු : සත්ත්ව ලෝකයේ උපක්‍රම මල්කැකුළු ජීවත්වන වටපිටාව නැතිනම් ස්වාභාවික පරිසරයට අනුව හැඩ ගැසෙමින් සතුරන්ගෙන් බේරී සැඟවීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් විශේෂ හැකියාවන් ඇති කර ගැනීම සත්ව ලෝකයේ ඇති අරුමයකි. විෂ සහිත සතුන්ට නම් මේ විධියට සැඟවී සිටීමට සිදුවන්නේ නැත. ගොදුරක් වශයෙන් අල්ලා ගෙන ආහාරයට ගැනීමට නොහැකි විෂ සහිත සතුන් ස්වභාවයෙන්ම දීප්තිමත් කහ හෝ රතු වර්ණයන්ගෙන් යුක්තයි. මාර්ග සංඥා අලෝක පද්ධතිවල රතු, කහ සහ කොළ පැහැයන් යොදා ...
තම මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා : දැන මුතු මල්කැකුළු ඔබ සිහින ගැන දන්නේ මොනවාද? සිහින තුළින් අනාගතය දැකිය හැකිද? සිහිනෙන් දකින දෑ පසුව සැබෑ වූ අවස්ථා ඔබ අත්විඳ තියෙනවාද? රාති‍්‍රයේ දකින සිහින බොහොමයක් පසුවදා වන විට අපට අමතක වී යයි. එහෙත් ඉඳහිට දකින සිහිනයක් සැබෑ වෙයි. මේ මීට හරියට ම අවුරුදු දෙසීයකට පෙර සිදු වූ එවැනි අවස්ථාවක්.1812 වසරේ එක් උදෑසනක එංගලන්තයේ අගමැති ස්පෙන්සර් පර්සිවල් කලින් දා රෑ තමන් දුටු ...
උතුරු අහසේ විස්මය දනවන දසුන්! දීප්තිමත් ආලෝකධාරා වලට හේතුව කුමක්ද? මල්කැකුළු පසුගිය පෙබරවාරි 14 වැනිදා නෝර්වේජියානු කඳුවළල්ලට ඉහළින් අහසේ දීප්තිමත් ආලෝකධාරා විහිදීමක් දර්ශනය වුණා. එය අහස්කුස නරඹන්නන් විමතියට පත් විස්මයටත් පත් කළ රමණීය දසුනක් වුණත් ඒවා සූර්යයා ඇති කරන සුපුරුදු උත්තරාලෝක දසුන් නොවේ.විද්‍යාඥයන් සිතන්නේ මේ ආලෝක විහිදීම් සූර්යයා මතුපිට ඇති වන ගිනි ජාලා විදාරණය වීම් නිසා ඇති වන්නක් නොව පෘථිවියේ චුම්බක ක්ෂේත්රයේ ඇති වූ ‘බිඳීම්’ නිසා ඇති වූවක් බවයි. මේ පෘථිවි ...
රජු හා රට වෙනුවෙන් වීරෝදාරව නොබියව සටන් කළ නයිට්වරු මල්කැකුළු සාම්ප්‍රදායිකව නයිට්වරුන් ලෙස හැඳින්වූයේ වංශවත් පෙළපතකින් පැවත එන වීර රණ ශූරයින්ය. මේ නයිට්වරු අතීතයේ මධ්‍යතන යුගයේ වීරයෝ වූහ. රජු ඉදිරියේ දිවුරුම් දෙමින් නයිට් පදවියට පත්වන්නෝ දේශපේ‍්‍රමීත්වයෙන් රජු හා ආගම සුරැකීමට ඉදිරිපත් වෙති. වර්තමානයේත් නයිට් පදවියෙන් පිදුම් ලැබීමක් සිදු කෙරේ. එය පුද්ගලයකුට පිරි නමනු ලබන විශේෂ ගෞරවයකි. වර්තමානයේ නයිට් පදවියෙන් පිදුම් ලබන්නේ සමාජයට මහා මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ය. ඔවුන්ට නයිට් පදවිය ...