ලෝකයේ උසම ගැහැනු ළමයා බ්‍රසීලයෙන්! 17 හැවිරිදි බ්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි! මල්කැකුළු බ්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි. 17 හැවිරිදි ඇගේ උස අඩි 6යි අඟල් 8යි!තවමත් 17 වැනි වියේ පසු වන ඇය නමින් එලිසැනි ද කෲස් සිල්වා. උස මිටර් 2.235, එනම් අඩි 6යි අඟල් 8යි. ජීවන් වෙන්නේ බ්‍රසීලයේ සැලිනොපෝලිස්වලයි. ඇය මෙසේ උස යන්නට පටන් ගත්තේ මොළයේ වර්ධනය පාලනය කරන පිටියුටරි ග්‍රන්ථියේ හටගත් අර්බුදයක් (Tumour) නිසයි. වෛද්‍යවරුන් විසින් ඒ අර්බුදය ඉවත් කළ අතර දැන් ඇගේ උස ...
මෝටර් රථවල සිරස් ලාම්පුවල විශාල පෙරළියක් ළඟදීම! වැහි වෙලාවට පාර හොඳට පෙනෙන නව ක්‍රමයක්! මල්කැකුළු මේ ක්‍රමය සැකසූ අය කියන්නේ ඒ අනුව වැහි දිනවල පාර නො පෙනීම නිසා සිදු වන අනතුරු හා ඒවායින් සිදු වන මරණ වළක්වා ගන්න පුළුවන් කියලයි. ඕනෑම තද වැස්සක් අතරින් මග හොඳට පෙන්වන විස්මිත සිරස් ලාම්පු විශේෂයක් තමයි. මේ සඳහා යොදා ගන්නේ. ඒ ලාම්පු දැල් වුවා ම රියැදුරාට වැස්ස විනිවිද පෙනෙන්න පටන් ගන්නවා.උසස් තාක්ෂණය යොදා ගෙන කර ඇති මේ නව නිර්මාණයට ...
රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක්! මල්කැකුළු විදුලියෙන් ආලෝකමත් වුණු, කාලගුණ වාර්තාව ගෙනෙන ස්මාර්ට් පාරක්! ඔබේ කාරය විදුලියෙන් දුවන එකක් නම් චාර්ජ් කර ගන්නත් පුළුවන්. රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක් ලබන වසරේදී එරට මාර්ග පද්ධතියට හඳුන්වා දෙන්න නෙදර්ලන්තය සූදානම්. මෙයට දැනටමත් ‘හොඳම අනාගත සංකල්පය’ට හිමි නෙදර්ලන්ත සැලසුම් සම්මානයත් දිනා තියෙනවා. ඉදිරි වසරවලදී එරටට මේ ප්‍රකාශ සන්දීප්ත (photo-luminescent) මාර්ග සලකුණු හඳුන්වා දීමට ...
වසර 10,000ක් පැරණි දින දර්ශනයක් හමුවෙයි! ලොව පැරණිම කැලැන්ඩරය මෙයද? මල්කැකුළු පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා ලෝකයේ මෙතෙක් හමුවුණු පැරණිම කැලැන්ඩරය, එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයෙන්. එහි ඇබර්ඞීන්ෂයර් පාළු බිමකින් තමයි, මේ ඉපැරණි කැලැන්ඩරය හමු වී තියෙන්නෙ. එහි එකෙල්ලට පොළොවේ සැකසූ වළවල් 12කින් සඳේ කලාවන් දැක්වෙන බවත්, ඒ අනුව වසරක කාලයක් තුළ චන්ද්‍ර මාස ගණනය කළ හැකි බවත් ඒවා හඳුනා ගත් පුරාවිද්‍යාඥයන් අර්ථ දක්වනවා.මේ පුරාවිද්‍යා පර්යේෂක කණ්ඩායම බර්මින්හැම් විශ්ව විද්‍යාලයට අයත් පිරිසක්. මේ ...
පරිගණකයේ ආශ්චර්යය හැමතැන ම පැතිරෙයි! ගූගල් කන්නාඩි පරිගණකයේ නව මාදිලිය මෙන්න! මල්කැකුළු ඇස් කන්නාඩියක් සේ පැලඳිය හැකි ගූගල් උපැස් පරිගණකය ගැන විස්තර ‘මල්කැකුළු’ තුළින් ඔබට ගෙනාවා මතක ඇති. අද මේ කියන්නේ ලොව සැම තැනක දීම පාවිච්චි කළ හැකි එහි නව මාදිලිය එන්නට කලින් මාදිලි රැසක් නිපදවමින් ඔවුන් කළ අත්හදා බැලීම ගැනයි. එදිනෙදා ජීවීතයේ නොයෙක් තැන්වලට මේ නව උපැස් යුවළ ගළපන්නට ඔවුන් උත්සාහ කළා. අත්හදා බැලීම් කළා. බයිසිකල්කරුවන්ගේ හෙල්මටයේ සිට මොබයිල් ෆෝන් යුගලක් ...
ඔබේ ඇසේ හැටි බලන්න මෙතෙක් නොලද අවස්ථාවක්! මල්කැකුළු ඔබේ ඇහැ තුළට එබෙන්න ඔබට කන්නාඩියක් ඉදිරියට ගියාම පුළුවන්. ඒත් මේ තරම් ඇහැට ළං වෙන්න ඒ ක්‍රමයෙන් වුනත් ඒ තරම් ලේසි නැහැ. ඇස් ගෝලය කොයි වගේ එකක් කියලද ඔබ මෙතෙක් කල් හිතුවෙ? ලස්සනට ඔප මට්ටම් කළ සිනිඳු මාබල් එකක් වගේ කියලද?ඇසේ මේ සමීප රූප හරියට වෙනත් ග්‍රහ ලොවක ආවාට වගෙයි පෙනෙන්නේ. හැම තිස්සෙම පින්තූරවලින් කියැවෙන කතාව වචනවලින් කියැවෙනවට වඩා ගොඩක් ...
ටෙලිෆෝනයේ කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම ලබා ගන්න ක්‍රමයක්! පණිවුඩ යැවීමේ ලොකු පෙරළිය ළඟ එයි! මල්කැකුළු කෙටි පණිවුඩ යවන්න පටන් අරන් දැන් හරියටම වසර විස්සක්. පසුගියදා ඒ පිළිබඳ සැමරුමක්ද සිදු වුණා. ඊට සමගාමීව කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම දෙන්න හැකි තාක්ෂණයක් දැන් ඇවිත්!මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක එන කතාවක් නෙවෙයි. ඔබට ඔබේ කෙටි පණිවුඩ ඇස තුළට ම ගෙනත් කියවන්න පුළුවන්. ‘එසැණ පණිවුඩ’ යන්නෙහි නියම අරුත උදා වී ඇත්තේ දැනුයි.විද්‍යාඥයන් සංවර්ධනය කර ඇති මේ නව තාක්ෂණයෙන් කෙටි පණිවුඩ ...
පස් හැවිරිදි දැරියකගේ විස්මිත සොයා ගැනීමක්! ඒ නව පියාඹන ඩයිනොසෝරයෙක්! මල්කැකුළු මින් පෙර හඳුනා ගෙන නො තිබූ ආදි යුගයේ විසූ ඩයිනොසෝරයෙක් සොයා ගැනීමට බි්රතාන්යයේ පාසල් දැරියක් සමත් වී තියෙනවා. ඇය නමින් ඬේසි මොරිස් (Daisy Morris). අලූතින් සොයා ගත් මේ සත්වයාට අයත් පොසිල ඇය විසින් සොයා ගන්න අවස්ථාව වෙන කොට ඇයට යම්තම් වයස අවුරුදු පහ පිරුණ විතරයි.පොසිල විද්‍යාඥයන් වසර පහක් තිස්සේ පර්යේෂණ කිරීමෙන් පසු, 2008 දී අයිල් ඔෆ් වයිට් (Isle of Whight) ...
මල් කැකුළු’ අද පළමු වසර සපුරයි. ඔබේ මනදොළ සපුරාලන්නට තවත් නව වසරකට පා තබයි! මල්කැකුළු අප ‘මල් කැකුළු’ ආරම්භ කරමින් එදා, 2011 ඔක්තෝබර් 31 වැනිදා, ඔබට මෙහෙම කීවා මතක ඇතුවා නිසැකය. ”පුවත්පත් කලාවේ පනස් වසරක අත්දැකීම් ඇතිව නව මාධ්‍යයක් ඔස්සේ ඔබ වෙත සමීප වන්නට අප අදහස් කළේ නවලොවට සරිලන සන්නිවේදන අත්දැකීමක් බෙදාහදා ගන්නටය. කවදත් ළමා පරපුර වෙනුවෙන් ඇප කැප වුණු අප ඉදිරියටත් ඒ මඟ ම යන අදහසින් ආරම්භ කළ මෙම අඩවිය ලොව කොතැනක සිටියත් ළමා ...
දවසක් අහිමි කර ගෙන එහි සතුට බුක්තිවිඳින රාජ්‍ය දෙකක් - පැය 24ක් අනාගතයට පැන්න පිම්මක් මල්කැකුළු අද දෙසැම්බර් 31 වැනිදා, සෙනසුරාදා. ඊයේ 2011 දෙසැම්බර් 30 වැනිදා, සිකුරාදා. ඊයේ සිකුරාදා දවස අත ඇරලා කෙළින් ම බ්‍රහස්පතින්දා දිනයෙන් සෙනසුරාදා දිනයට පා තැබූ රටවල් දෙකක් ගැන අපූරු කතාවක් කියන්නයි, මේ හදන්නෙ. ඒ තමයි, දකුණු පැසිෆික් සාගරයේ පිහිටි සැමෝහා සහ ටෙකැලෝ කියන කුඩා දූපත් රාජ්‍ය දෙක. (මේ නම්වල නිවැරදි උච්චාරණය කේම්බි්රජ් විශ්වකෝෂයේ දක්වා ඇත්තේ මෙහෙමයි)සැමෝහා දූපතේ වැසියන් 2011 දෙසැම්බර් 29 ...
මිනිසා තුළ විස්මය දැන වූ ‘අහසේ දෙව්දුව’ : ‘මවුන්ට් එවරස්ට්’ මල්කැකුළු 1953 දී මුල්වරට ‘හිමගිර’ තරණය කිරීමේ ගෞරවය හිමි වන්නේ දෙනෙකුටයි. ඒ ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හා ටෙන්සින් නෝගේ යන දෙදෙනාටයි. ලෝකයේ උස ම තැන හැටියට සලකනු ලබන එවරස්ට් ශිඛරය මුදුනට ප්‍රථම වරට මිනිසා පා තැබූ මොහොත, මිනිසා හඳ මත පා තැබූ මොහොත තරම් ම වැදගත්. එය සිදු වූයේ මීට වසර 59කට පෙර එනම් 1953 මැයි 29 වැනිදායි. නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඞ්මන්ඞ් ...
විස්මිත ති‍්‍රමාන (3D) නිර්මාණවලින් පසු ඊටත් වඩා විස්මිත චතුර්මාන (4D) ක්‍රමයක්! මල්කැකුළු මල් කැකුළු තුළින් ති‍්‍රමාණ ක්‍රමයෙන් කළ හැකි විස්මිත නිර්මාණ ගැන ඔබට කීවා මතක ඇති. දැන් විද්‍යාත්මක නිමැවුම් ඉන් ඔබ්බටත් විහිදෙන්න පටන් අරන්. දැන් අලූත් තාක්ෂණය චතුර්මාන (4D) ක්‍රමයට මැවීමේ කි‍්‍රයාවලියයි.නවීන ලෝකයේ ඉතා ජනපි‍්‍රය ගෘහභාණ්ඩ වර්ගයක් තියෙනවා, ඉකෙයා (Ikea) කියා. ස්වීඩනයෙන් තමයි, මෙය ලොවට හඳුන්වා දුන්නේ. ඉන්වාර් කැම්ප්රැඞ් (Ingvar Kamprad) නම් 17 හැවිරිදි තරුණයෙකුගේ නව නිපැයුමක්. එල්ම්ටාරිඞ් (Elmtaryd) කියන ඔහුගේ ගමේ ...
වයස කීය ද? : ගණිත විනෝදය 1 මල්කැකුළු අප කුඩා කාලේ රුසියාවේ මොස්කව් ප්‍රගති ප්‍රකාශන මන්දිරයෙන් ඉලක්කම් සෙල්ලම් ඇතුළත් අපූරු පොතක් පළ කරල තිබුණා. ඒ පොතෙන් තමයි අපට ගණිතය ගැන ආසාවක් ඇති කළේ. පොතේ නම ගණිත විනෝදය. කර්තෘ වයි. පෙරෙල්මාන්. ඒ පොතේ පිටපතක් මෙච්චර කල් පරිස්සම් කර ගෙන උන්නු මගේ චූටි නංගි, සුමිත්‍රා මට ඒක දුන්නා ඔබේ විනෝදයට එහි එන ඉලක්කම් සෙල්ලම් කීපයක් තෝරා පළ කරන්න කියලා. ඇය ...
රෝහල්වල ආසාදන ඇතිවීම් වළක්වා ලීමට හැකියාව ඇත්තේ මාළුන් ළඟයි! අලූත් ම අධ්‍යයනයකින් හෙළි වෙයි! මල්කැකුළු මාළුන්ගේ කරමල්වල ඇති රසායනයක් මේ සඳහා උපයෝගී කර ගත හැකි බව ඒ නව අධ්‍යයනය කළ පර්යේෂකයන් කියනවා. මෙය කළ හැකි වන්නේ රෝහල් බිමට එම රසායනය ආලේප කිරීමෙනුයි.රෝහල්වල ආසාදනවලට බොහෝ විට හේතුවන බැක්ටීරියා වර්ග විනාශ කිරීමට මාළුන්ගේ කරමල්වල ඇති රසායන තමයි, මෙසේ උපයෝගී කර ගත හැක්කේ.බැක්ටීරියා හා දිලීර වර්ගවලින් ගහණ වූ පරිසරවල ජීවත්වන මාළුන්, ජලයෙන් පැතිරෙන රෝගකාරක වලට එරෙහිව ප්‍රබල ප්‍රතිශක්තියක් ...
මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද? මහා අබිරහස විසඳෙයි මල්කැකුළු ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ කොහොමද? 20 වැනි සියවසේ විද්‍යාඥයන්ට විසඳා ගන්න නොහැකි වූ මහා අබිරහස මෙයයි. ඊට නොයෙක් නොයෙක් හේතු ඉදිරිපත් වුණා. ඩයිනසෝරයන් මියගියේ රෝගයක් වැළඳීමෙන්, නියඟයක් ඇති වී සාගින්නෙන්, කාලගුණ විපර්යාස නිසා ආදී තර්ක ප්‍රබල සාක්ෂි ඇතිව ඉදිරිපත් කෙරුණත් ඒවායින් නිවැරදි දේ කුමක්දැයි නිශ්චිතව හෙළි වුණේ නැහැ. ඩයිනසෝරයන් වඳ වී ගියේ මීට වසර මිලියක 65 කට පෙර පෘථිවියේ ...
අඟහරු ලොවේ පානීය ජලය තිබෙනවා! නාසා ආයතනයට ඔත්තුව ආවේ ‘කුතුහලයා’ගෙන්! මල්කැකුළු නාසා ආයතනයෙන් අඟහරු ග්‍රහයා වෙත යවනු ලැබූ කියුරියෝසිටි (‘කුතුහලයා’) යානය දැන් දිගට ම රතු ග්‍රහයාගේ මතුපිට පිරික්සමින් යනවා. ඇත්ත වශයෙන්ම කියුරියෝසිටි කියන්නේ යානයක් විතරක් නෙවෙයි, අංග සම්පූර්ණ අති නවින පර්යේෂණාගාරයක්. පසුගියදා කියුරියෝසිටි යානය සොයා ගත්තා, රතු ග්‍රහයා කලකට පෙර ප්‍රාථමික ජීවීන්ට වාස භූමියක්ව පවතින්නට ඇති බව. මේ බව හඳුනා ගෙන ඇත්තේ එය රතු ග්‍රහයා මතුපිටින් රැස්කර ගත් පාෂාණ කැබලි පරීක්ෂා ...
කෑම කන්න අලුත් සගයෙක්! අපූරු නව නිපැයුමක්! මල්කැකුළු අනාගතයේ කෑම මේසයට අපූරු වෙමලමක් දැන් හඳුන්වා දීලා තියෙනවා. පෙරදිග කෑම මේසයෙන් චොප්ස්ටික් කූරුත්, බටහිර කෑම මේසයේ ගෑරුප්පුවත් (ෆෝක් එකත්), එක් කර තැනූමේ අපූරු උපකරණය හඳුන්වා දී ඇත්තේ chopstick-fork වදනේ මුල අග එක් කිරීමෙන් සාදා ගත් chork (චෝක්) නම් අලූත් වදනෙනි. කෑම මේසයේ අලූත් ම යාළුවා - චෝක්කෑම මේසයට ආ මේ නව උපකරණය නිසා තුන් වන ලෝක යුද්ධයක් ඇති වීම ...
අදහන්නත් බැරි තරම් විස්මිත ඔත්තු බලන යානයක්! ඇමරිකානු හමුදාවේ අලූත් ‘රහස් අවිය’ මෙන්න! මල්කැකුළු ගූගල් වීදි දසුන් දැන් ඔබටත් හුරු ඇති. සමහර විට ඔබට පාර සොයා ගෙන යන්නත් ඒවා උදවු වෙනවා ඇති. දැන් ඇමරිකානු හමුදාව සතු මිනිසුන් රහිත ඔත්තුකාර ගුවන් යානාවලට ඉහළ අහසේ සිට, බිම ඇවිදින, ඔබේ සාක්කුවේ තියෙන දුරකතනය පවා හඳුනා ගන්න පුළුවන්.අපේ ඔත්තු බලන ගුවන් යානාවලට වඩා ඉතා සියුම් කැමරා පද්ධතියක් ඒ යානාවලට සවි කර තියෙනවා. ආගස්-ඉස් (ARGUS-IS) නමින් හැඳින්වෙන මේ කැමරා ...
සූර්යයාගේ මොකක්දෝ නමුත් අමුතු යමක් සිදු වෙනවා! නාසා ආයතනය කියනවා! මල්කැකුළු සූර්යයා හා සම්බන්ධයෙන් අනපේක්ෂිත දෙයක් සිදු වෙමින් තිබෙන බවට නාසා ආයතනය අනතුරු අඟවනවා.මේ වසර හිරුගේ බලපෑම් වැඩි ම වසර ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. වසර 11 සූර්ය ලප චක්‍රයේ උපරිමය හමු වන්නේ මේ වසරෙදියි. එත් මෙහි ඇති එක් පිළිබිඹුවක සූර්ය කි‍්‍රයාකාරිත්වය සාපේක්ෂව අඩුවයි දක්වෙන්නේ. මෙහි සූර්ය ලප සංඛ්‍යාව 2011 වසරේ අගයයන්ට වඩා අඩුයි. දැඩි සූර්ය ලෙළසිළු ඇති වූයේ කාලතුරකිනුයි. නාසා ආයතනය ප්‍රබල ...
වර්තමාන කැලැන්ඩරයට අලූත් කැලැන්ඩරයක් - අධික අවුරුද්දක් නෑ - අවුරුද්දකට දින 364යි - ගනින්න ලේසියි - ආර්ථිකයට පහසුයි මල්කැකුළු ඇමරිකාවේ බෝල්ටිමෝරයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ගණිතඥයන් හා ආර්ථික විශේෂඥයන් පිරිසක් එක්ව නව දින දර්ශනයක්, ඒ කියන්නෙ අලූත් කැලැන්ඩරයක් හදලා තියෙනවා, අධික අවුරුද්දක් නැතිව පාවිච්චි කළ හැකි. ඒ අනුව සෑම අවුරුද්දකම උපන්දින, නිවාඩු දින, නත්තල් දිනය ආදී හැම දිනයක් ම එකම දිනයකටයි වැටෙන්නෙ. හැන්කේ-හෙන්රි ස්ථාවර කැලැන්ඩරය යනුවෙන් නම් කර ඇති මේ නව කැලැන්ඩරය හඳුන්වා දෙන පිරිසේ නායකත්වය ගෙන තියෙන්නේ ආචාර්ය හෙන්රි ...