මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ.... හතර වටේ අවුරුද්දකට අධික විරාමයකින් පස්සෙ ඔන්න මම අදත් ආවා සුපිරි සංචාරක අත්දැකීමක් එක්ක. අද අපි යන්නෙ මන්නාරමට. මන්නාරම කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතේ ඇඳෙන්නෙ දැඩි අව්-රශ්මිය සහ වියලි කලාපයට උරුම කර්කශ පරිසරයක්. ඒත් අපි ගිය දවසේ ඉතා සෞම්‍ය කාලගුණයක් මන්නාරම් දූපතේ පැවතියා. එය සිතට මෙන්ම ගතටත් එක් කලේ ප්‍රබෝධමත් හැඟීමක්! මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේකොණ්ඩෙ කඩන් හඳට අඬන් සිංදු කියන්නේකුණ්ඩුමණී....එන්න මාත් ...
අයියණ්ඩි, බිය නොවන්න. මැරෙනහැටි මම පෙන්වන්නම්! හතර වටේ 1815 මාර්තු 2 වෙනි දින ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් ලංකාව පූර්ණ යටත්විජිතයක් වූ බව අප හොඳින් දන්නා කාරණයක්. මෙසේ ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් කරගැනීම පහසු කරවූ විවිධ කාරණා තිබුනා. උඩරට රදලයන්ගේ සහ සිංහලයන්ගේ සහයෝගය ලැබීම එහිදී ඉංග්‍රීසීන්ට මහත් වාසියක් වුනා. එය එසේ වූයේ ඇයි? ඊට බලපෑ බහුවිධ කාරණා අතුරින් එකක් වන්නේ ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන්ට ලබාදුන් කෲර දඬුවමයි. එය රජු කෙරෙහි ...
දිය කැපීමේ චාරිත්‍රය හතර වටේ අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ...
ගණිත විනෝදේ හතර වටේ අද ලිපිය මා ලියන්නේ පාසැල්යන කුඩා දරුවන් වෙනුවෙන්. මුලින්ම කිවයුත්තේ මෙය ගණිත පාඩමක් නොවන බවයි. ගණිතය යනු කුමක්ද යන්නත්, ගණිතය පිලිබඳ පාසැල් සිසුන්ගේ ආකල්පය ගැනත් මා දකින ආකාරය පහත ප්‍රකාශ කෙරේ. ඔයා පාසැලේ කැමතිම විශය මොකක්ද? අකමැතිම විශය මොකක්ද? කියා ඇසුවොත් බහුතරයක් දරුවන් ඔය දෙකෙන් එකකට දෙන පිලිතුර තමයි, "ගණිතය". ගණිතය සමහරුන්ට කැමතිම විශය වද්දී තවත් අයෙකුට අකමැතිම විශය වන්නේ ...
සුන්දර නුවරඑළිය හතර වටේ ඉකුත් සතිඅන්තයේ මට නුවරඑළියේ සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. මේ එම සංචාරය තුලින් මම සොයාගත් තොරතුරු කීපයක්. මුහුදු මට්ටමේ සිට අඩි6128ක් උස නුවරඑළිය නගරය 19වන සියවසේදී 'සැමුවෙල් බේකර්' විසින් සොයාගත්තායැයි සැලකෙනවා. රාම රාවණා කථාපුවතට අනුව හනුමා විසින් ගිනිතබා ඇත්තේ නුවරඑළියයි. ඒ ගින්නෙන් හටගත් ආලෝකය නිසා 'නුවර' + 'එළිය' යන පද සන්ධිවීමෙන් 'නුවරඑළිය' සෑදුනු බවයි ජනප්රවාදයේ පැවසෙන්නේ. නුවරඑළිය හා ඒ අවට වැදගත් ...
ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මහාමාර්ග හතර වටේ උපුටා ගැනීම - wikipedia.orgHighways Highway NumberRouteLength-km A0Colpity-Sri Jayawardenapura07 A1Colombo-Kandy115 A2Colombo-Wellawaya317 A3Peliyagoda-Puttalam126 A4Colombo-Batticaloa430 A5Peradeniya-Chenkalady276 A6Ambepussa-Trincomalee199 A7Avissawella-Nuwara Eliya119 A8Panadura-Ratnapura68 A9Kandy-Jaffna321 A10Katugastota-Puttalam125 A11Maradankadawala-Trikandimadu129 A12Puttalam-Trincomalee177 A13Galkulama-Anuradhapura17 A14Medawachchiya-Talaimannar114 A15Batticaloa-Trincomalee131 A16Beragala-Hali Ela
නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස හතර වටේ මම ටෙලිනාට්‍ය ලෝලියෙකු නොවෙමි. අහබු ලෙස දුටු ටෙලිනාට්‍ය කොටස් වලින් ගොඩනඟාගත්, ලාංකේය ටෙලිනාට්‍ය කලාව ගැන මාගේ අදහස මෙසේය. මා කුඩාකල ආශාවෙන් නැරඹූ අඹයාළුවෝ, පලිඟුමැණිකේ, චරිත තුනක්, යශෝරාවය, කඩුල්ල, ඇල්ල ලඟ වලව්ව, දඩුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය අද දක්නට නැත. ඒ වෙනුවට අද නිෂ්පාදනයවන බහුතරයක් ටෙලිනාට්‍ය වලට පාදක වන්නේ, බොලඳ ආදර කතාවක් වටා ගෙතුනු බාල නවකතාවකි. මෙහි තේමාව බොහෝවිට තුන්කොන් හෝ සිව්කොන් ආදරයකි. ...
දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 2 හතර වටේ --පළමු ලිපිය හා සම්බන්ධයි.-- ශිව දෙවි ගවයා වාහනය කරගත් ශිව දෙවියන්ට "ගංගා" සහ "පාර්වතී" නම් වූ බිරියන් දෙදෙනෙකු සිටි බව සඳහන්වේ. සරස්වතී දැක්මට අධිපති ලෙස සැලකෙන සරස්වතී දෙවඟනගේ වාහනය හංසයාය. කලා කටයුතු වලදී පෙරමුනට ගන්නා දෙවඟනකි. සරස්වතී දෙවඟනට මවක් නොමැති අතර බ්‍රහ්ම විසින් මවනා ලදැයි සැලකේ. තවත් මතයකින් කියවෙන්නේ, බ්‍රහ්ම විසින් මැවූ අගස්ති නම් ඍතිවරයෙකු විසින් සරස්වතිය මවන ලද ...
දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 1 හතර වටේ ලොව පවතින ආගම් ප්‍රධාන වර්ග 2කට බෙදා දැක්විය හැක. 1) මානව කේන්ද්‍රිය ආගම් [සත්වයාගේ විමුක්තිය තමා තුලම පවතින බව පැවසෙන ආගම්] 2) දේව කේන්ද්‍රිය ආගම් [සත්වයාට විමුක්තිය ලබිය හැක්කේ දෙවියෙකුගෙන් බව පැවසෙන ආගම්] බුද්ධාගම මානව කේන්ද්‍රිය ආගමකි. ලොව අනිකුත් ප්‍රධාන ආගම් වන ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදිය දේව කේන්ද්‍රිය ආගම් ලෙස දැක්විය හැක. හේතුඵල වාදය පදනම් කරගත් බුද්ධාගමේ විමුක්තිය ලබාගැනීම සදහා ...
ඇල්බට් අයින්ස්ටයින් හතර වටේ පාසල් යන අවදියේ මා ආසාවෙන් කියවූ පොතක් විය. ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබඳ ලියවුනු එහි කාලය නමැති සිවුවන මානයක් පිලිබඳ අදහසක් විය. ලොව පවතින උපරිම වේගය 3x108 ms-1 ක් වූ නියත අගයක් බවත්, සෛද්ධාන්තිකව ගත්කල එම වේගයෙන් යන පදාර්ථයේ ස්කන්ධය හා කාලය ශූන්‍ය විය යුතු බවත් මා කියවූ අයුරු මතකය. ආලෝකයේ ප්‍රවේගයෙන් යන වස්තුවක කාලය නොගෙවෙන බව මා එදා කියවූයේ සුරංගනා ...
සුන්දර අයිස්ලන්තය හතර වටේ යාලුවනේ... ඉතින් කොහොමද? ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවීම ගැන කනගාටුව ප්‍රකාශකරනවා. 2012 කියන්නෙ මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙච්ච සහ සිදුවෙමින් පවතින වසරක්. විශේෂයෙන්ම රැකියාව පැත්තෙන්. ඉතින් අලුත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා. කාලෙකට පස්සෙ ලැබුනු විවේකයේදී, මේ විදියේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා... අයිස්ලන්තය ගැන. මුලින්ම අයිස්ලන්තය ලෝක සිතියමේ කොයි ඉසව්වක පිහිටල තියෙනවද කියල බලමු. අයිස්ලන්තය කියන්නේ වර්ග කිලෝමීටර් 103,000 ...
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා හතර වටේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධාපේවී රකිති සොඳ සීලේ නිබන්දා//ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//රහතුන් නිවසනා පායා ප්‍රකාශේ// සිංහල ගීත සාහිත්‍යයේ බිහිවුනු විශිෂ්ටතම පුර වැයුම ආරම්භවන්නේ එහෙමයි. ඍද්ධියෙන් යන රහතුන් සිටි, ඕලු, නෙළුම්, මානෙල් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් සමන්විත වූ අනුරාධපුරය ජෝන් ද සිල්වා ශූරීන් විසින් මිහි පිට දෙව්ලොවකට උපමා කරනවා. යමු මාත් එක්ක ඒ දෙව් ලොවේ සංචාරය කරන්න.[සැ. යු: ...