You are your country ! අපිට තියෙන ප්‍රශ්ණ... අනිත් කොණ - The Other End බයිසිකල් පැදීම සම්බන්දයෙන් ලියූ ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඇත්තටම සිතට ඒක අස්වැසිල්ලක්. උඩුගං බලා පීනන අය දිහා වපර ඇසින් බලන අයද, තමන්ගේ ගොඩට දමාගනන්ට ඉහල නගින අය කපා කොටා බිම හෙලන අයද බහුල සමාජයේ හිතකර වෙනස දිහා හිතකර ලෙස බැලූ ලිපි කියවන ඔබ වන්නන් සිටීම භාග්‍යයක්.කිහිප ගමනක් A 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කළද දැන්නම් ඒ වෙනුවට අතුරු මාර්ග යොදා ගනිමින් ...
සුබ ගමන් විචාරකතුමා ! අනිත් කොණ - The Other End විචාරක ...අසමි හොයමි දකිමි... ඔන්න ඔහොම නමක් මම මුළින් දැක්කේ... මම ද අනවර්ථ නමකින් හෙමි හෙමින් ලියූ අනිත්කොන බ්ලොග් එකේ, හැම කතාවකටම වගේ ප්‍රතිචාරයක් දක්වන විචාරක මහතා ගේ ලියමන් තුලින් මා දැන ගත් දෑ බොහෝ ය. ඔහුගේ දියණියද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලද බව සඳහන් කළා මතකය.වෛද්‍ය රුවන් ජයතුංගයන් රචිත සංග්‍රාමයට පසු, පොත ගැන සඳහන් කරමින් මා මනෝවිද්‍යාත්මක පොත් පත් වෙත ...
මොකක්ද මේ GBV අනිත් කොණ - The Other End //හිස් බැල්මෙන් ඔහේ බලාගෙන ඉන්න ඇගේ මුහුණ දෙස යලිත් වතාවක් මම බැලුවෙමි. "අපි කිසි දෙයක් මේ අම්මාගේ කැමැත්තෙන් පිට කරන්නේ නෑ. මෙහෙම වහ බීලා ඇවිත් ඒ ගැන පොලිස්සියට පැමිණිල්ලක් කරොත් ඔයාගේ මහත්තයට වෙන දේ පොඩ්ඩක් හිතන්න." "මට අද දවල් ඉඳන් හොඳටම බැන්නා. බිම ඉඳගෙන වලං හෝද හෝද ඉන්නකොට තඩි ගලකින් ගැහුවා. දැන් කොන්ද රිදෙනවා. මේ ටිකේම රතිඤඥා පත්තු කරලා ඇඟට ...
හතුරු හිත් මිතුරු කළ බෙහෙත...අනිත්කොණ සිට අනිත් කොණ - The Other End මිත්‍රත්වයේ පාළම….පසුගිය කොටසෙන් මා ලියූ ලෙස මල්ලී කෙනෙක් (පුනුරුත්ථාපනය වූ හිටපු ත්‍රස්ත ළමා සොල්දාදුවෙක්) කතා කර ඔවුන්ගේ උත්සවයකට ආරාධනා කරා. ඒ අප විශේෂඥ වෛද්‍යතුමා විසින් ඔවුන් ගේ ජීවිතද, මනෝ සෞඛ්‍ය පිළිබඳවද ලියන ලද සතුට නැමැති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයටයි. මා මේ වන විට වෙනත් මහ රෝහලක ජේෂ්ඨයෙක් ලෙස වැඩ කළද ඔවුන්ගේ ඉල්ලීම අහක දමන්නට බැරි නිසා එහි ගියෙමි.කොළඹ පැවති එම ...
ගිනිගත් වන්නි අහසට අනිත් කොණ - The Other End වන්නි මෙහෙයුමෙන් පසු හැර ගිය පෙම්වතා අවුරුදු 7 කින් නැවත පැමිණේ , එනමුත් ප්‍රේමය වියැකී ගොසිනි .මෛදලීයි මායි එකම වයසේ. ගිරව් දෙන්නාගේ කතාව මෛදලීට කීවේ මං. ඒකෙන් එයා එහෙම වෙන්නත් මම මෙහෙම වෙන්නත් හේතුව සමාජ පසුබිම කියලා එයා තේරුම් ගත්තා. වෛරය නැතිම කර ගත්තා. එයාට ඕනෙ වුනේ නිදහසේ ලූණු වවන්න. ඇයි ලූණුම ඇහුවම.. අනික්වත් වවන බව කීවා. අපි සැරයක් යද්දි ...
හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ? අනිත් කොණ - The Other End හරියට වැඩෙන්නත් කළින්, ඔයා හිත හදන් එන්නත් කළින් ඔයාට එන්න වැඩ සිද්ධවෙනකොට, හුස්ම ඉල්ලගෙන ආපු ඔයාට හුස්ම නොදී කොහොමද පුතේ...අම්මාටත් එපා වුණු ඔයාට හොර ගබ්සා මධ්‍යස්ථානයේදිම පරලොව යන්න සිද්ධ නොකර හදිසියේම අපි ඉන්න හවසක රෝහලටම ඒගන්න ඒ අම්මාට සිදුවුනේ දෛවයේ හාස්කම නිසා. ඒක වාසනාවද අවාසනාවද කියලා මම දන්නේම නෑ පුතේ...ඔයාව ජීවත් කරවපු එක අපි කළ වැරැද්දක්ද දන්නේ නෑ පුතේ. අපිට ...
පුපුරා යන ගැහැණු ! අනිත් කොණ - The Other End සැමියා මිය ගිය පසු දරු දෙදෙනෙකුගේ බර දරාගෙන ඈ ජීවත් වූයේ, කම්කරුවෙක් ලෙස ඇය යම් ආයතනයක සේවය කර ගන්නා වැටුපෙනි. සැමියා රෝගීව සිටි නිසා යම් කාලයක් ඔවුන් දැඩි කරදර මධ්‍යයයේ ජීවත් වුණ බව පැවසුවේ මෙහි ඉන්නා අතර ය.ණය කාරයන් ගෙදරට හොයාගෙන එද්දී , අවටින් පීඩනය දැඩිව දැනෙද්දී උදව් කරන්න නෑ සියන් හෝ කිසිවෙක් නො ආ බව පවසයි."හිස ඇතුලෙන් මට කීවේ ...
සහවේදනය - empathy අනිත් කොණ - The Other End ප්රශ්නය අපේ නොවන නිසා අපිට හරි ලේසියෙන් අනුන්වවිවේචනය කරන්නවිනිශ්චය කරන්නඒ ගැන කතා කරන්නඒ ගැන තීන්දු දෙන්නඒගැන අදහස් දෙන්නපුළුවන්, ඒ ප්රශ්නය අපේ නොවන නිසා.සහවේදනය ඉගෙනුමට කාලය මෙය යැයි මට සිතේ.It is easy for usto judge one,to talk about it,to make conclusions,to express views and opinionsto criticize itBecause the problem or issue is not ours !අද වන විට සෞඛ්‍ය ක්ශේත්‍රය ගැනම සමාජයේ ...
වණ්ණ දාසි ඔස්සේ සමාජය කියැවීමි. අනිත් කොණ - The Other End පුතේ අන්න අර පාරෙන් එද්දි අන්න අර ගෑණු ඉන්න අර හරියෙන් පාර පැනලා එහාපැත්තෙන් එන්න ! කොච්චරවත් මහල් නිවාස සංකීර්ණේ ඉන්න අපිට ඇසුණු වදන් පෙළක්.“කතාකරාට කතා කරන්න එපා ! මූණ බලන්න එපා ! , හිනා වෙන්න එපා !”කීව නිසාම ඒ හරියෙන් යද්දී දිව යන්නත්, ඔවුන් දිහා නොබලන්නත් පුරුදු වුනා. නමුත් ඒ මුහුණු මතකයේ තිබුණා.එක්තරා ජනාකීර්ණ ටවුමක ජනාකීර්ණ මහමාර්ගයක තිබුණු අස්සයෝ ...
මොනවද කරන්නේ - දිවි නහගන්නවට ! අනිත් කොණ - The Other End සිය දිවි හානි කරගන්න හිතෙන අයට මොනවද කියන්න ඕනෙ කියලා කෙනෙක් අහනවා. මම නම් කියන්නේ හැකි ඉක්මනින් ඔබම,ඔහු හෝ ඇයව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්න කියලයි. මේ කියන්නේ මනෝ වෛද්‍ය ඒකකයක වැඩ කළ වෛද්‍යවරයෙක් වෙන මමයි. මම එහෙම කියන්නේ මනෝ වෛද්‍ය විෂය හෝ උපදේශනය සුළු කොට තකන්න පුළුවන් විෂයක් හෝ ක්‍රමවේදයක් නොවන නිසයි. කාගෙ හරි හිත හැදෙන්න කතා කරන්න පුළුවන් වෙන්න ...
ඔය කෙල්ලෝ මොනවද දන්නේ ! අනිත් කොණ - The Other End ඔය කෙල්ලෝ මොනවද දන්නේ !මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය. උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු. ආච්චිලා ...
ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ? අනිත් කොණ - The Other End වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, ...
සමාජයක් වශයෙන් අප පරාජිත ය. අනිත් කොණ - The Other End සමහරු එක පාරම නින්දෙන් ඇහැරී ඇත. එහෙමත් නෙමෙයි, ඔවුන්ව ඇහැරවලා , සමාජයේ ගඳගහන අපිරිසිඳු යථාර්තය වෙත බලෙන් තල්ලු කර දමා ඇත. මගේ ලිවීම ඒ තරම් ප්‍රබල ලෙස දැනෙන්නේ ඇයිදැයි සිතා වෙහෙස නොවන්න. මේ සැබෑ ලංකා සමාජ යේ නිරුවත ය. අපි රටක් වශයෙන් පරාජිත වී තිබේ, මනුෂ්‍යත්වය, කරුණාව සහ උසස් ජීවන තත්වයන් යන මේවා හීන වුණු රටක් සමාජයක් ලෙස අපි පරාජිතයන් ...
මොකුත්ම කරන්න බෑ අම්මේ ! අනිත් කොණ - The Other End වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ. ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්"ඔයාගේ දරුවා හරියට ...
උතුරෙන් දකුණට...writing again අනිත් කොණ - The Other End "ඩොක්ටර් මට හොඳට සිංහල පුළුවන්" සත් මස් හැවිරිදි ගැබිනි මව ඉතා පැහැදිලි සිංහලෙන් කියද්දිත් මා විශේෂ පුදුමයක් , සතුටක් හෝ ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. එහෙම කියද්දී මගෙන් ඈ එවැන්නක් බලාපොරොත්තු වූ වගක් මට හොඳටම තේරුනත්, නෑ මම "ආ" යනුවෙන් සඳහන් කොට ඊළඟ ප්රශ්නය ඇසුවා. ඒත් දෙමලෙන්... "ඩොක්ටර්ට පුදුම නැද්ද මං සිංහල කතා කරන එක... කඳවුරේදී මම ආමි එකට උදව් කලා දෙමළ ...
මොකක්ද මේ GBV අනිත් කොණ - The Other End //හිස් බැල්මෙන් ඔහේ බලාගෙන ඉන්න ඇගේ මුහුණ දෙස යලිත් වතාවක් මම බැලුවෙමි. "අපි කිසි දෙයක් මේ අම්මාගේ කැමැත්තෙන් පිට කරන්නේ නෑ. මෙහෙම වහ බීලා ඇවිත් ඒ ගැන පොලිස්සියට පැමිණිල්ලක් කරොත් ඔයාගේ මහත්තයට වෙන දේ පොඩ්ඩක් හිතන්න." "මට අද දවල් ඉඳන් හොඳටම බැන්නා. බිම ඉඳගෙන වලං හෝද හෝද ඉන්නකොට තඩි ගලකින් ගැහුවා. දැන් කොන්ද රිදෙනවා. මේ ටිකේම රතිඤඥා පත්තු කරලා ඇඟට ...
ඔය කෙල්ලෝ මොනවද දන්නේ ! අනිත් කොණ - The Other End ඔය කෙල්ලෝ මොනවද දන්නේ !මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය. උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු. ආච්චිලා ...
වණ්ණ දාසි ඔස්සේ සමාජය කියැවීමි. අනිත් කොණ - The Other End පුතේ අන්න අර පාරෙන් එද්දි අන්න අර ගෑණු ඉන්න අර හරියෙන් පාර පැනලා එහාපැත්තෙන් එන්න ! කොච්චරවත් මහල් නිවාස සංකීර්ණේ ඉන්න අපිට ඇසුණු වදන් පෙළක්.“කතාකරාට කතා කරන්න එපා ! මූණ බලන්න එපා ! , හිනා වෙන්න එපා !”කීව නිසාම ඒ හරියෙන් යද්දී දිව යන්නත්, ඔවුන් දිහා නොබලන්නත් පුරුදු වුනා. නමුත් ඒ මුහුණු මතකයේ තිබුණා.එක්තරා ජනාකීර්ණ ටවුමක ජනාකීර්ණ මහමාර්ගයක තිබුණු අස්සයෝ ...
කිරි දොවලා දෙන්න මිස් ! නිතර ඇසු දුටු කඳුළු... අනිත් කොණ - The Other End කොරිඩෝවේ සිටියේ ඇය ය. මා සොයමින් සිටි බවක් කියයි. “මොකෝ මාව හොයන්නේ”“අනේ ඩොට්ටර් කිරි දොවලා දෙන්න”ඇය හැමෝටම ආමන්ත්‍රණය කරන්නේ ඔහොමය.ඔය කියන දවසට පෙරේදා හවස හදිසියේ රෝහල් ගතවුණු මේ අම්මා අඩුම අඩු බර බිළිඳියක ප්‍රසූත කළාය. පෙරේදාට කළින් දා, රෑ සිට ප්‍රසව වේදනා සමග වතුර යන්න පටන් ගත්තාට කිසිවෙක් කියන දෙයක් වගේ වගක් නොකර හිතුමතේ ගෙදරට වී උන් ඇය පසුවදා කුදලාගෙන ...
මමත් ඔයා වගේ ... අනිත් කොණ - The Other End සලාං බලාං ...සලාං බලාං රෝහල් කොරිඩෝව දිගට දම්වැල් ඇතිල්ලෙන සද්දෙත් එක්ක මට සිහිවෙන්නේ පෙරහැරක යන අලි ඇතුන් ය. අත් දෙකෙත් මාංචු , කකුල් දෙකෙත් මාංචු, ඇතැම්විට ඒ දෙක අතරත් දම්වැලක්... ඒ එක්කම බොහොම භය බිරාන්ත වූ මුහුණු. ඇතැම් විට රකුසු වෙස් ගත් මුහුණු.අනිත් කොන නමින් මා යුද්ධය අවසන් වූ තැන පටන් ජීවිත ගොඩ ගැනීමේ මානුෂීය මෙහෙවරට උරදුන් ආකාරය ලීවේ ඒකාලේ ...