ඔබේ දරුවා W sitting ද ? අනිත් කොණ - The Other End ඩබ්ලිව් අකුරක ආකාරයට ඉඳ ගන්නවා ද පින්තූරය ගත්තේ https://www.gymbaroo.com.au/.../w-sitting-and-what-to-do.../අපි කොච්චර වෛද්‍ය ශිෂ්‍ය කාලේ පොත් වනපොත් කළත් හරියටම දේවල් ඔළුවට යන්නේ සායනික වට වලදී. අපට උගැන්වූ අපේ මහාචාර්යවරිය වාට්ටුව පුරා යනකොට මේ ආකාරයට ඉඳන් ඉන්න ළමයින්ගේ කකුල් හරියට තියලා වෙනස් කරනවා ඒ කියන්නේ එරමිණියා හෝ දණහිස් ඇතුල් පැත්තට නැවෙන්න ඉන්දවන්න කියනවා. අම්මලාට කියලත් දෙනවා, මෙහෙම දැක්කොත් ඉඳන් ඉන්නවා වෙනස් කරන්න කියලා.මම ...
ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ? අනිත් කොණ - The Other End ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?මහ රෑ දොළහට පමණ ප්‍රසව හා නාරිවේද වාට්ටුවට, ප්‍රාදේශීය රෝහලකින් ගෙන ආවා ප්‍රෙශර් තිබ්බ සති 39 පමණ ගර්භණී අම්මා කෙනෙක්. ඒ ගෙනා ස්ට්‍රෙචර් ඒකේ ලේ ගංගාවක් ගලලා තිබුනා. අපි දැක්ක ගමන් දැනගත්තා අපිට තියෙන අභියෝගය මොකක්ද කියලා.ඒ අම්මාට සංකූලතා බොහොමයක් තිබුනා, වැඩිමහළු කම , ප්‍රෙශර් සහ ගිය වර දරු උපත සිසේරියන් සැත්කමකින් ...
හිර ගෙදර කලබලේ අනිත් කොණ - The Other End ඒ කාලය අපි වෙහෙසකර සීමාවාසිකය අවසන් කරලා නිදහසක් ලැබූ කාලය යි. අපේ කණ්ඩායමේ එක්කෙනෙක් රාජ්‍ය සේවයෙන් අස් වූ අතර තව කෙනෙක් ගෙවල් ළඟ ඉස්පිරිතාලෙකට මාරුවීමක් රැගෙන තිබුනේ සියල්ලන්ටම හොර රහසේය. වෛද්‍යවරු ඉල්ලා තිබූ විවිද වාට්ටුවලට ඉතිරිවූ අපි කිහිපදෙනා බෙදා දුන් නමුදු බාහිර රෝගී අංශයෙන් වෛද්‍යවරු ස්ථානමාරුවීම් සඳහා බෙදා හැරිය නිසා විටින් විට අපව එම කොටසට අනුයුක්ත කෙරිනි. ඒවනවිට උතුරේ ...
ඇඳලා හරි කියා දෙන්න ! අනිත් කොණ - The Other End අම්මෙක් සහ දරුවෙක් අපේ රෝහලේ සායනයකදි මුණ ගැහුනා,අප වෙත යොමු වෙන මේ දරුවට වෙනත් තැන් වලින් ඇදුම රෝගයට ඉන්හේලරය දුන්නට හොඳක් වෙන බවක් නෑ.නිතරම ඇදුම රෝගය උත්සන්න වෙනවා. මම ඇහුවා ඇගෙන් කොහොමද මේ බෙහෙත පාවිච්චි කරන්නේ කියලා, අම්මා කියනවා කිඹුහුම් යද්දි, කැස්සක් ආවොත් විතරයි පාවිච්චි කරන්නේ කියලා. ඒ කියන්නේ ඇයට රෝගය ගැන පැහැදිලි කිරීමක් ලැබිලා නෑ.මම වෙනදා වාගේම රූප සටහන් ...
ප්‍රේමණීය මිනිසුන් අනිත් කොණ - The Other End ඔබ ගැන අපි ගැන කතාවක් !රුධිරය වෙනුවෙන් කෘතිම ආදේශක නොමැති බව ඔබ දන්නවා ඇති. ඇස්, ලේ සහ අවයව දන් දෙමින් පාරමිතා පුරන්නාවූ බෝසත්වරුන් අපි මේ මානව සමාජයේ නිරන්තරයෙන් දකිමු. ජාතික රුධිර පාරවිලයන සේවය යනු එවන් බෝසත් දේව ගුණැති මිනිසුන්ගේ පරිත්‍යාගයන්ගෙන් මිනිසුන් වෙනුවෙන් සේවය ලබාදෙන්නාවූ තැනකි.ප්‍රේමණීය මිනිසුන්, මානව වර්ගයා වෙනුවෙන් කැපකරන ලද තම සිරුරේ කොටස් බොහෝ පරිස්සමෙන් සකසා මිනිසුන්ටම පුදකරන තැනකි. ...
චේරන් ලියූ සලාද දවස් අනිත් කොණ - The Other End Salad days by Cheran Rudramoorthy හෙවත් දකුණ නොදත් උතුරේ කතාව ! මගේදෑස් බොඳවී කල්පනා ලෝකයක අතරමං කරවූ මා දින ගණනක් පුරා කියවන ලද Salad days නම් පරිච්ච්ජේදය ගැන මගේ අදහස් මෙසේ එකතු කර ලියමි. තම තමන්ගේ පක්ෂග්රාහී බව එක්ක, biases එක්ක මේ ලියැවිල්ල ඕනේ ආකාරයකට කියවා ගන්න !“ඔහුට කරදර කරන්න එපා ඔහු අපේ උප කතෘ…” ප්‍රධාන කතෘ එසේ පවසද්දී එහෙත් ...
නොපෙනෙන ලෝකය පෙනෙන වුන් සේ ජයගත් ඔවුන්.... අනිත් කොණ - The Other End ඔබ සතුටින්ද ඉන්නේ සහ වෙනත් කතාජීවිතේට අභියෝග කරන්න පුළුවන් මිනිසුන් විරලය..... නෙතින් අප දකිනා ලෝකය ඔවුන් අසා විඳ ගත් අයුරු විශ්මය ජනකය. මේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාදිත ජන සම්මේලනයේ , කාන්තා ජාතික සංසදයේ කාන්තා දින උත්සවයයි. එහිදී මා කළ කතාවThe sri lanka federation of visually handicapped held their womens day conference today. They launched their audio magazine and appreciated their fellow ...
Blook බවට පත් වූ බ්ලොග් එක. අනිත් කොණ - The Other End මා ලියූ පළමු පොත... ගැන අද මතක අලුත් වූයේ කල්හාරී ලියනගම ඒවෙනුවෙන් ලියූ මේ කවිය දුටු විටය... මෙහි ඇති නම් ගම් සියල්ල මනංකල්පිතය..යුද්ධය අවසාන වූ කාලයේ පටන් අවුරුදු 3ක ඇතැම් මතක අනිත් කොන පොතේද තව කොටසක් සායනික සටහන් නොවේ පොතේද ඇත.පොත මුද්‍රණයේ නැත.. එහෙත් එහි එන මේ චරිත මා හද තවන මතක ඉතිරි කර ඇත... ඉන්දු.. වෙන්කටේශ්... රාජිතන්.. ගීතා... ඇතුළු ...
සමීපවෙන්න ! අනිත් කොණ - The Other End "ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඔබට කරදරයක් නොවෙයිනම් මට කතා කරන්නපුළුවන්ද ? "මෙසේ අසමින් මා සමග කතා බස් කළ යොවුන් දියණිය බොහෝ සංකා සංවේදනා බහුල කරදරකාරී දිවියක් ගත කරන බව පැවසුවාය. ඇයට ඕනෑ වුණේ කතාබස් කරන්නට, ඇය පෙළන ප්රශ්නය කියන්නට කෙනෙකි. ඇය සිටියේ උසස්පෙළ පන්තියේ ය. එවැනි දරුවන් මා හමුවේ ඔවුන්ගේ මානසික අවපීඩනයන් මුදා හැරියේ ගෙදරදී මේ ගැන කතා බස් කරන්නට ...
The social function of music... අනිත් කොණ - The Other End Penning my 2 cent after listening to this Powerful and extraordinary masterpiece! Thank you Charitha Rakshitha Attalage / Kasun Edirisingheමේ රටේ අප්‍රමාණ ප්‍රශ්න තියෙද්දී ඒවා නොදැක්කා සේ මන දොල සපුරන තමන්ගේ පරිස්සම විතරක් බලා ගත් පිරිස් දැක බොහෝ කම්පිතව සිටින කාලෙක මේ ගීතය දකින්නේ.එනිසාම මේ ගීතය වගේම මේ රූපමය පෙළ ගැස්ම ගැන වචනයක් ලියන්න ඕනේ කියා සිතුණා. තවමත් නොවිසඳුණු අලි ...
පිපිරුණු හිත අනිත් කොණ - The Other End “කොච්චර කිව්වත් ඔයා ඔය කියන තරම් මේ ලෝකේ හොඳ නෑ ඩොක්ටර්’ කමලා කොරිඩෝවේ පුටුවේ ඉඳගෙන එහෙට මෙහෙට පැද්දෙන ගමන් තමන්ගේ අතේ තිබුණු තණකොළ ගහ මා දිහාට පෙන්වමින්, “මේ තණකොළ ගස් ඊට වඩා හොඳයි” කීවාය. කමලා ඇතුළු බොහෝ දෙනෙක් ඒ වෙනකොට නිතර නිතර වාට්ටුවට ආවේ ගියේ ඔවුන්ගේ මනස මූලිකව පැවති ගැටළු නිසා. බොහෝ හිතවත්ව කතා කරන නමුදු ඇතැම් විට තරහා ...
මිහිමඬලේ දරුවෝ - why plant ? අනිත් කොණ - The Other End මේ ලෝකේ පවතින්නේ සොබාදහම නිසා. පොඩ්ඩක් හිතන්න අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික අපිට නැති උනොතින් මොකද වෙන්නේ මේ කියවන ඔබම හිතලා බලන්න. පෙනහළු අකර්මණ්‍ය වුනු හුස්ම ගන්න අපහසු රෝගීන්ට ඔක්සිජන් සැපයූ විට ඔවුන් බොහොම පහසුවෙන් හුස්ම අරගෙන යථා තත්වයට පත් වෙනවා. ඔවුන්ගේ නම් පෙනහළු දුර්වල වීම නිසයි එහෙම වෙන්නේ... නමුත් මහ පොළව ? මහ පොළවේ පෙනහළු වෙන්නේ මේ ගහ කොළ ...
ටිකක් දිග මතකයක් ! අනිත් කොණ - The Other End එක්තරා උදයක අතින් අල්ලන හුස්මක මැකෙන හද රිද්මෙක තාල හොයමින් උන්නෙමි බෙර නලා නැතිවම නටපු බලි තොවිලෙක සිනා පමණක් ඉතිරිවිය හද පැරණි සැමරුම් සිනාකැන් මැද ඇඟිල්ලක දැවටෙන සිඟිති අත් පහසට බිළිඳු මදහසකට නිවනු හැකි වෙයි හිතේ දහඩිය අදත් විත් දොරකඩ මතක පෙන්වයි ඇද ඇඟිලි තුඩු වලටත්මැවිය හැකි බව සැනින් ජීවය... බෝධිනී සමරතුංග 2018මේ කවිය ලියැවුනේ, මුහුණු පොතෙන් කරන ලද මතක් ...
කැමැත්තෙන් කිරීම! අනිත් කොණ - The Other End අනෝජා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත දැරියක්. ඇය අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ වෛරස් උණ නිසා. මේ දවස් වල වගේම ඒ දවස් වලත් වෛරස් උණ තිබුනා, වාට්ටු පිරී ගියා, අනිත් කොණ තිබුණු වාට්ටු වල ඇඳන් හතලිහක් පමණ තිබුනට ලෙඩුන් අසූවක් පමණ හිටියා. අපේ රටේ සාමාන්‍ය ජනයාගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවය එකී ජනතාවට හිතකර පිණිස වැඩි දියුණු කරන්න, සම්පත් ...
අකම්පිතය, අචල ය ! අනිත් කොණ - The Other End සත්‍ය සිදුවීමක් ඇසුරිනි. "දැමුවොත් ශුද්ධ වූ ග්රන්ථයක් වැසිකිළි වලකට ස්වාමිනී ඔබ කුමක් නම් කරන්නේද ?" ඇසුවා අජාන් හිමිගෙන් පත්තරේකින් දවසක්... "විගහින් අරන් දුරකථනය ඇමතුමක් දෙනවා මම නම්" "කාටද කා හටද ? අනෙක් පැවිදි උතුමන්ටද පොලිසියට හමුදාවටද අපහාසයට නඩු යන්න ලෝයර් උන්නාන්සෙටද ගිහි දායක සභාවටද මාධ්‍ය ආයතන වලටද කියනු මැන හිමියනේ ඒ ඇමතුම ගන්නේ කාටද?" "නැත නැත ඒ වැඩය ඔය ...
Jesus knew... but Judas ate too... අනිත් කොණ - The Other End ජේසු දැනන් හිටියා ඒත් ජුදාස්ව එලෙව්වෙ නෑ..මා වැඩ කළ ආයතනයේ චීෆ් ෆාමසිස්ට් එක්ක සේවය කළ ෆාමසිස්ට් මාරුවීම් ලැබ යද්දී සමුගැනීමේ සාදයක් පැවැත්වූවා. එතනදී ආයතනයේ අධ්යක්ෂතුමා හරි අපූරු කතාවක් කීවා.සහයක ඩැනීලා ගැන ඒ අපූරු කතාවෙන් මතක හිටින ටික මම ලියා තැබුවා. "මේ සහය දුන්නු ෆාමසිස්ට් ගැන එයාගේ ඉහළ ඔෆිසර් කීව කතා කොච්චර ලස්සනද ? ටීම් එකක සහයෝගය දෙන්න ඕනේ එහෙමයි. ...
We are doctors , so "saving lives" is not optional අනිත් කොණ - The Other End ඔබ වෛද්‍යවරයෙක්... ජීවිත බේරා ගැනීම ඔබේ වගකීමයි.අපට රැයක් දවාලක් නැත, තුන් වේල හරියට කෑමක් නැත. සීමාවාසික සමයේ සෑම වාට්ටුවකම, ලෙඩුන් සිය ගණනකම ජීවිත අප අතේය. ඇඩ්මිට් කරනා සෑම කෙනෙක්ම, පරීක්ෂා කර බලා අවශ්‍ය සියලුම පරීක්ෂණ , නිරීක්ෂණ නිගමන ආදිය ජේෂ්ඨ වෛද්‍යවරුන් පැමිණීමට කලින් සිදු කළ යුත්තේ අපියි. අසාධ්‍ය රෝගීන් සේරම බලා කියා තත්වය වාර්තා කරයුත්තේ අපියි. රැයක් දවාලක් නැතිව වැඩකරන ...
වෙන්කටේෂ් නැවතත් ළිඳට පැන්නේය.... අනිත් කොණ - The Other End වැඩ වැඩිවෙනවත් එක්කම වෙහෙසත් එක්ක හිතේ කලබලයත් වැඩී උනා. Stress, depression... ඔය වගේ ඒවට සාත්තු කරන අපිටත් ඒක අඩු වැඩියෙන් එන එක පුදුමයක් නොවේ කියලත් හිතුනා... නෙට් එන්න බැරි උනා. නෙට් එන්න ඕනෑකමක් ආවත් නිතර විදුලි කප්පාදුව නිසා අපට ඕනෑ වෙලාවට එන්න පුළුවන් කමක් තිබුනෙම නෑ. ලියන්නවත් බැරි තරම් හිත වෙහෙස වුනා. සේරම උනේ අපේ ඒකකයේ වෛද්‍යවරු කිහිපදෙනෙක් මාසයක සම්මන්ත්රණ ...
ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් සමග රාජිතන් අපරාජිත විය ! අනිත් කොණ - The Other End ජීවිතේ බොහෝ දුක් පීඩා මැද ඉගෙනුම ලැබූවෙමි. වෛද්‍යවරියක්/වෛද්‍යවරයෙක් වූ පසුද දුක පීඩාව වෙනස් වූයේ නැත. නමුත් ඒවා මම පිළිගන්නා ආකාරය වෙනස් කෙරුවෙමි. තව දුරටත් දුක හෝ පීඩාව මට වෙහෙසකර වුනේ නැත. මා ඊට ගොදුරක් වෙන්නට ගියේද නැත.දිගු කලකින් දන්නා හඳුනන මල්ලියෙක් කතා කළේය. "ආයුබෝවන් අක්කා" "ආ දැන් සිංහලෙන්ම කතා කරනවා" මට එක වරම කියැවිනි. මුලින්ම මා දකිද්දී ඔවුන් සිටියේ වයස ...
නුඹ මට ජීවිතය ඉගැන්නුවා....වෙද සිතක වත්කම අනිත් කොණ - The Other End මේකලා ගමගේ...ඔබේ ගී හඬ හිත නිවනහද තවන මහා වැස්සක් වගේ ඇවිත්මගේ හදවත සැනසුවා.ඔබ අන්ධ යුවතියක් බව සඳහන් ඔබේ ජීවිත කතාව කියවූ විට මට මහත් කණගාටුවක් සහ දුකක් ඇති වුනා. (ඒක කියෙව්වේත් මේ ගීතය ඇසුවේත් යහළුවෙක් විසින් එවූ මේ අඩවියේ තිබුනු ලින්ක් එකෙන්.)ඒ ඇස් හිස් මොළ යහතින් ඇති ඇතැමුන් ජිවිතයේ සියුම් සත්‍යය වටහා ගන්නේ නැතිව සදාකාලික ජීවත් වෙන්නන් ලෙස මුදල් හරි ...