මං තමා ලොකුම හොල්මන ! අනිත් කොණ - The Other End අවුරුදු දා කට්ටිය එක්ක හොලමන් කතා කිව්වට පස්සෙ මේ කතාව මතක් වුණේ.... මම නම් කනත්තක් පහු කරගෙන ගෙදර යන කෙනෙක් සහ කනත්ත පේන දුරක ගෙදර තියන කෙනෙක් නිසාත් පොඩ් කාලේ ඉඳන් නෑදෑ අයියලා අක්කලා එක්ක ඔය කනත්ත සහ සියලුම යක්කු පෙරේතයෝ ගැන කතායි අහලා, බය වෙලා බය කරලා, යක්කු බලන්න රෑ දොලහ වෙනකම් ඇහැරගෙන ඉඳලා, හොඳට පදම් වෙලා නිසා කළුවරට ...
අන්නාසි සහ කඩලාගොටු මතක.... අනිත් කොණ - The Other End මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක මට අන්නාසි සහ කඩලගොටු හෙවත් A &K lit festival එකේ සංවාද මණ්ඩපයක කතා කරන්න ලැබුණා.මිනිස්සුන්ගේ සැබෑ ජීවන අත්දැකීම් ගැන කතා කරන වේදිකා මට කිහිපවරක් හමුවෙනවා.අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උළෙල එසේ මා දෙවරක් සහභාගී වූ සංවාද මණ්ඩපයක්...මේ ගිය අවුරුද්දේ අප සහභාගී වූ සංවාද මණ්ඩපය - ලේඛනය ආශ්රිත ස්ත්‍රී චින්තනය යන මැයෙන් පැවැත්වූ අතර ඒ ...
හරිනම් එයා එන්ඩ ඕනේ අපිව බලන්න ! අනිත් කොණ - The Other End මේකත් අනිත්කොන පොතේ ලිව්වෙ නැති කතාවක්. අනිත්කොන රෝහලේ දවසක් හෙණ කාලගෝට්ටියක් නලුවෙක් නිලියෙක් එනවා කියලා.අපිත් ඔන්න වැඩ නවත්තලා බලන්න ගියා කියමුකෝ සල්මාන් කාන් සහ අසින්. සලමන්ට එච්චර කැමැත්තක් නැතිවුණත්...අසින් මාත් කැමති නිළියක්,ගජිනි වගේම තව කැමති ෆිල්ම්ස් කීපයක් තිබ්බා ඒ වෙද්දි. කොහොමත් මං දෙමළ ෆිල්ම් බැලුවේ තරුණ කාලේ ඉදන්.. මාධවන්, සූර්යා ඊටපස්සේ කාර්තික් මට නම් ඉතින් මාරයි. ප්‍රභූ දේවා නම් අදටත් ...
පෑන් ඉස්සීම අනිත් කොණ - The Other End බ්ලොග් ලියන්න කියලා විටින් විට මුහුණු පොතේ මතක් කිරීම්.ඇත්තටම මගේ අන්තර්ජාල ලියැවිල්ලට තිත වැටුණේ පත්තර කෝලම් එක නිසා කියලයි හිතුනේ. පහුගිය අවුරුද්දේ ඉඳන් මේ දක්වා හරිම කලබල කාලයක් ගත වුණා කොවිද වසංගතය එක්ක ඇතිවුණු කලබල අස්සේ ඇතැම් දිනවල ඇතැම් කතා කියලා මම පොඩි සටහන්වාගයක් මුහුණු පොතට එකතු කළා. ඒවා විටින් විට මේ අතරින් පතර පල කරන්න හිතුවා.පෑන් ඉස්සීම..පෑන්වල නම ගහගෙන ...
දරුවන්ට හොඳම නෑ ! අනිත් කොණ - The Other End ලියන්න හරි කම්මැලියි.... ඒත් බ්ලොග් ආයෙත් ලියන්න කියලා හෙමි හෙමින් උත්සාහය.අද උදේ journal paper එකක් කියවනකොට කොහොම හරි මේ ටික කෙටියෙන් ලියන්න හිතුවා. පොඩි පොඩි සටහන්... කියවන්න කම්මැලි නැති සටහන්.ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් .. ඇමෙරිකාවේ නම් බැන් කරන්න හෙවත් තහනම් කරන්නයි කතාව. ඒත් බැට් බොල් තරු ඇවිත් කීවත් දරුවන්ට දෙන්න එපා කියලයි කියන්නේ.මේ ඇමෙරිකාවේ හෘද විශේෂඥයින් ගේ ජර්නල් එකෙන් කොටසක්.ඒක බෑන් ...
ළමයින්ටයි පාට පාට අනිත් කොණ - The Other End 2019 මැයි මස ලියූ පුවත්පත් ලිපියකි විවිධාකාරයේ ඉස්ලාම් ආගමික පාසල් පසුගිය කාලයේ සිදුවීම් පෙළ සමඟ කරළියට ආවේය. විවිධ වූ සංස්කෘතීන්, ආගම් හා ජාතීන් රැසක් ඇති මේ කුඩා දිවයිනට මේ සා විසල් බෙදීමක් සැඟවීමක් කුමටදැයි මට සිතේ. මේ සියල්ල අවුරුදු කිහිපයක් තුළ මේ රට බිලිගත් ආගමික අන්තවාදයේ බිහිසුණුකමය.දිවයිනේ සියලුම දරුවන් කෙරෙහි එකම නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුය. නමුත් විසි එක්වන ...
Poetic expressions on Anithkona book by Anura Gunathilaka අනිත් කොණ - The Other End ....."අනික් කොන"....අඳුරට ඇදෙන දෙනයන මඟ හරස්............වනඑළියකි ඈත දක්වන කඳුළැලිත්...........එනකියවා බැලුවෙමි මම පොත "අනික්..කොන"පද,තර ඇඳුනි සිතුවිලි හදවතින්............පැනමිනිසා මිනිසගෙන් ලොව අද වෙනස්...........වනකුල මල ජාති ආගම් වස විසක්..........මෙනඇසුවත් උපන්දා සිට අප කොතෙක්....බණපැනයක් තැබූ වෙය පොත සිත රිදුම්...........දෙනනොසිතන සේම කිසිවිට නොම දකින.......පැතීදිවි මඟ තිබෙනවා,මය අඳුරකම..............එතීහොඳ සහ නරක හසුරන මිනිසුනගෙ..........ගතීඅබියස දුක කඳුළ දෙක පණිවිඩද............දෙතීවෙනසක් නොමැතිවම දුක
Blook බවට පත් වූ බ්ලොග් එක. අනිත් කොණ - The Other End මා ලියූ පළමු පොත... ගැන අද මතක අලුත් වූයේ කල්හාරී ලියනගම ඒවෙනුවෙන් ලියූ මේ කවිය දුටු විටය... මෙහි ඇති නම් ගම් සියල්ල මනංකල්පිතය..යුද්ධය අවසාන වූ කාලයේ පටන් අවුරුදු 3ක ඇතැම් මතක අනිත් කොන පොතේද තව කොටසක් සායනික සටහන් නොවේ පොතේද ඇත.පොත මුද්‍රණයේ නැත.. එහෙත් එහි එන මේ චරිත මා හද තවන මතක ඉතිරි කර ඇත... ඉන්දු.. වෙන්කටේශ්... රාජිතන්.. ගීතා... ඇතුළු ...
මේ දොස්තරලට විතරක් නෙමේ WHO එකටත් කුමන අමාරුවක්ද ? අනිත් කොණ - The Other End ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 2010 දී රිපෝට් එකක් පල කරලා තියෙනවා, global strategy to reduce harmful use of alcohol හෙවත් හානිකර ලෙස මත්පැන් භාවිතය අවම කිරීමේ ගෝලීය උපායමාර්ගය කියලා. එය පල කර තිබුනෙ 2010දී. ඒවගේම 2018 දී පල කළ global status report on alcohol and health කියන ලිපියත් ඔබට අන්තර්ජාලයෙන් කියවන්න පුළුවන්.දැන් බලමු WHO එකට මොන අමාරුවක්ද මේ ...
දැන් අත හෝදන්න ඕනෙ නැද්ද ? අනිත් කොණ - The Other End "මහත්මයා මාස්ක් එක හරියට දා ගන්නවද ?" "මේ මම ෆේස් ශීල්ඩ් එකක් දාගෙන ඉන්නේ හරිද ?" රූපවාහිනී වැඩසටහන්වල ෆේස් ශීල්ඩ් විලාසිතාව නිසා සමාජගත වුණු තවත් අමනෝඥ වැඩක් ඒ. හපොයි ! මම අත හෝදමින් ඉන්න අතර කෙලින්ම සුපර් මාකට් එකට යන පිරිස දැක...මුරකාර උන්නැහේගෙන්...."මහත්මයා දැන් අත හෝදන්න ඕනෙ නැද්ද ?" අනේ අපි කීවට අහන්නෑ..ඕක තමා මුරකාර උන්නැහේලාගේ උත්තරේ... කොහේ ගියත් ඇතුලේ ...
පපුව හිරවෙන ස්මාරක අනිත් කොණ - The Other End "අක්කා, මේ වෝඩ් එක හදලා තියෙන්නේ පයිලට් කෙනෙක් සිහි වෙන්න..."අසල පඩි පෙල නඟින තැන තිබූ ස්මාරකය පෙන්වමින් මගේ සහෝදර වෛද්‍යවරයා පවසද්දී තමා එය මගේ ඇස ගැටුනේ. "මම ඒක සම්පූර්ණයෙන් කියෙව්වා. මේ පැත්තේ අහිමිවීම් ඒ පැත්තේ අහිමිවීම් වගේම සැරයි. දරුණුයි. ඒක මතක් කරන්නේ මේවගේ අහිමිවීම් දුක් කඳුළු රැගත් ස්මාරක. බලලෝභී දේසපාලනය නිසයි මිනිස්සු හැමෝම දුක් වින්දේ, අපි එහෙ ඉන්නකොට හිතුවේ යුද්දෙ ...
Jesus knew... but Judas ate too... අනිත් කොණ - The Other End ජේසු දැනන් හිටියා ඒත් ජුදාස්ව එලෙව්වෙ නෑ..මා වැඩ කළ ආයතනයේ චීෆ් ෆාමසිස්ට් එක්ක සේවය කළ ෆාමසිස්ට් මාරුවීම් ලැබ යද්දී සමුගැනීමේ සාදයක් පැවැත්වූවා. එතනදී ආයතනයේ අධ්යක්ෂතුමා හරි අපූරු කතාවක් කීවා.සහයක ඩැනීලා ගැන ඒ අපූරු කතාවෙන් මතක හිටින ටික මම ලියා තැබුවා. "මේ සහය දුන්නු ෆාමසිස්ට් ගැන එයාගේ ඉහළ ඔෆිසර් කීව කතා කොච්චර ලස්සනද ? ටීම් එකක සහයෝගය දෙන්න ඕනේ එහෙමයි. ...
තෙවන මුද්‍රණය අනිත් කොණ - The Other End සායනික සටහන් නොවේ....නවතම මුද්‍රණය (තෙවන මුද්‍රණය) ඔබ වෙත "නංගී පොත වැඩිය යන්නේ නෑ නේද ?" පොත ගත්තා කියා සටහන් පෝස්ට් වැඩිය දකින්න ලැබුනේ නැතිවුණාම මම හිතේ ඇතිවුණු දුක සමඟ මගේ පොත් ප්‍රකාශක ග්රන්ථ ආයතනයේ හිමිකාරිය තනෝජා නංගිගෙන් ඇහුවා."ඔයාට තේරුනේ නැතිවුනාට අක්කේ පොත විකිණෙනනවා. අපි හිතුවට අක්කේ පෝස්ට් දැම්මේ නැතිවුනාට සේල් එකක් තියෙනවා" තනෝජා කීවා.පොත out of stock වෙද්දී මට පණිවිඩ ...
ප්‍රේමණීය මිනිසුන් අනිත් කොණ - The Other End ඔබ ගැන අපි ගැන කතාවක් !රුධිරය වෙනුවෙන් කෘතිම ආදේශක නොමැති බව ඔබ දන්නවා ඇති. ඇස්, ලේ සහ අවයව දන් දෙමින් පාරමිතා පුරන්නාවූ බෝසත්වරුන් අපි මේ මානව සමාජයේ නිරන්තරයෙන් දකිමු. ජාතික රුධිර පාරවිලයන සේවය යනු එවන් බෝසත් දේව ගුණැති මිනිසුන්ගේ පරිත්‍යාගයන්ගෙන් මිනිසුන් වෙනුවෙන් සේවය ලබාදෙන්නාවූ තැනකි.ප්‍රේමණීය මිනිසුන්, මානව වර්ගයා වෙනුවෙන් කැපකරන ලද තම සිරුරේ කොටස් බොහෝ පරිස්සමෙන් සකසා මිනිසුන්ටම පුදකරන තැනකි. ...
හිර ගෙදර කලබලේ අනිත් කොණ - The Other End ඒ කාලය අපි වෙහෙසකර සීමාවාසිකය අවසන් කරලා නිදහසක් ලැබූ කාලය යි. අපේ කණ්ඩායමේ එක්කෙනෙක් රාජ්‍ය සේවයෙන් අස් වූ අතර තව කෙනෙක් ගෙවල් ළඟ ඉස්පිරිතාලෙකට මාරුවීමක් රැගෙන තිබුනේ සියල්ලන්ටම හොර රහසේය. වෛද්‍යවරු ඉල්ලා තිබූ විවිද වාට්ටුවලට ඉතිරිවූ අපි කිහිපදෙනා බෙදා දුන් නමුදු බාහිර රෝගී අංශයෙන් වෛද්‍යවරු ස්ථානමාරුවීම් සඳහා බෙදා හැරිය නිසා විටින් විට අපව එම කොටසට අනුයුක්ත කෙරිනි. ඒවනවිට උතුරේ ...
පිපිරුණු හිත අනිත් කොණ - The Other End “කොච්චර කිව්වත් ඔයා ඔය කියන තරම් මේ ලෝකේ හොඳ නෑ ඩොක්ටර්’ කමලා කොරිඩෝවේ පුටුවේ ඉඳගෙන එහෙට මෙහෙට පැද්දෙන ගමන් තමන්ගේ අතේ තිබුණු තණකොළ ගහ මා දිහාට පෙන්වමින්, “මේ තණකොළ ගස් ඊට වඩා හොඳයි” කීවාය. කමලා ඇතුළු බොහෝ දෙනෙක් ඒ වෙනකොට නිතර නිතර වාට්ටුවට ආවේ ගියේ ඔවුන්ගේ මනස මූලිකව පැවති ගැටළු නිසා. බොහෝ හිතවත්ව කතා කරන නමුදු ඇතැම් විට තරහා ...
මොනවද මෙහෙ තියන අඩුපාඩු ? අනිත් කොණ - The Other End අලුතෙන් පත් වී ආ වෛද්‍ය අධ්යක්ෂවරයා සියලු වෛද්‍යවරුන් රැස් කර අහන්නේ එකම ප්‍රශ්නයක්.“කොහොමද මම ඔබට උදව් කරන්නේ ?”කිසිඳු පිළිතුරක් නොවන තැන ඔහු තව දුරටත් පැහැදිලි කරන්නේ ” මම ඔබට උදව් කළොත් ඔබේ සේවය පහසු කළොත් ඔබට ඔබේ රෝගීන්ට පිහිට විය හැකියි “ කියාය.නව අධ්යක්ෂ ලෙස වැඩ භාරගත් පළමුදවසේම “රෝගී සත්කාරයට වඩා අය කරන මුදල් ප්‍රමාණය වැඩි” ඒකකයක වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් ...
සමීපවෙන්න ! අනිත් කොණ - The Other End "ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඔබට කරදරයක් නොවෙයිනම් මට කතා කරන්නපුළුවන්ද ? "මෙසේ අසමින් මා සමග කතා බස් කළ යොවුන් දියණිය බොහෝ සංකා සංවේදනා බහුල කරදරකාරී දිවියක් ගත කරන බව පැවසුවාය. ඇයට ඕනෑ වුණේ කතාබස් කරන්නට, ඇය පෙළන ප්රශ්නය කියන්නට කෙනෙකි. ඇය සිටියේ උසස්පෙළ පන්තියේ ය. එවැනි දරුවන් මා හමුවේ ඔවුන්ගේ මානසික අවපීඩනයන් මුදා හැරියේ ගෙදරදී මේ ගැන කතා බස් කරන්නට ...
එහෙම කළාම මෙහෙම වෙනවද ? අනිත් කොණ - The Other End හතේ අපේ පොත නමින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය සපයන පොතක් නිර්මාණය වී ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ ක්ශේත්‍රයේ ප්‍රවීන අධ්‍යාපන විශේෂඥයින් මගිනි. ඒ පොතට ඇති වූ සමාජ විරෝදය හමුවේ එය අද ඉවත් කරගැනීමට සිදුවී තිබේ.ඉතා කුඩා වයසේදිම බරපතල ලිංගික අපචාරවලට ලක්වුණු දරුවන් දැරිවියන් මට හමුවෙන්නේ රෝහල් වාට්ටු තුළදීය. දරුවන් මෙලෙස අපයෝජනයට ලක්කරන වැඩිහිටියා බොහෝ දුරට ඔවුන්ගේ නිවසේ සිටින තමන්ගේම කෙනෙකි. අප හමුවේ ...
මේ දුක හරි පොඩියි ! අනිත් කොණ - The Other End තනිවුණු දා දැනෙනා ළතැවුල් අත ගෙනමහ ගින්නක පැන මියෙන්න සිතක් සිතනවාසාගින්නද උහුලනු බෑ පොඩිවුන් අරගෙන පිම්මටමහ දියකඳ බදා වැළඳ නිමක් සොයනවාඅනෙකා ඇවිදින මග තොට උන් විඳිනා මහ කරදරඒ ගැන වඩියක් හිතුවද ඔබෙන් අහනවාඋන් ඇවිදින ගව් සිය දුර උරහිස් දරණා බර පොදිඒ ගැන විමසා සිටි උන් නැතැයි පෙනෙනවාසංසාරේ විඳිනා දුක මඟ සොයලා මඟ දකින්නමුනිවරයන් දෙසූ දම් හඬ අදත් ඇහෙනවාඅනුන්ගෙ දුක ...