~මහිම මන්දහාසි~ 20වන කොටස Iceගේ කොලම මගේ තීරණේ ගැන වචනයක්වත් අහන්නේ නැතුව මහිම ෆෝන් එක කට් කරපු එකත් හොඳයි කියල හිතුනා. මොකද එයාට කියන්න ඕනේ හැමදෙයක්ම මෙහෙම ෆෝන් එකෙන් කියල වැඩක් නැති නිසා. මහිම අහපු දේට අඬන්න ඕනෙද, හිනා වෙන්න ඕනෙද කියලවත් නොතේරෙන තරමට මං අවුල් වෙලයි හිටියේ. ඇත්ත ..... මං අහන්න ආසාවෙන් හිටිය දෙයක් තමයි මහිම ඇහුවේ , ඒත් ඒක ඇහුවේ වැරදි කෙනාගෙන්. මට ...
~මහිම මන්දහාසි~ 15වන කොටස Iceගේ කොලම මහිම ටෙක්ස්ට් කරපු දේවල් අකුරක් නෑරම සඳුත් එක්ක කියවලා අන්තිමේදී කෝල් කරපු කතාව ගැනත් කියන්න මට සිද්ධ වුණා. කිසිම ගින්නක් නැතිව ඒ ටික ඉවරයක් කරගන්න මට පුළුවන් වුණ එක ගැන නම් ලොකු පුදුමයක් තිබුණා සඳුට. ඒ වගේම ලොකු ආඩම්බරෙකුත්. ඇයි යකෝ උන්ගේ ප්ලෑන් එකේ හැටියටනේ මං වැඩ. තව පැයක් යන්න කලින් මේ ආරංචිය ලැව් ගින්නක් වගේ සෙට් එක අතරේ ...
~මහිම මන්දහාසි~ 17වන කොටස Iceගේ කොලම හැමදාමත් මගේ අදහස් බෙදාගත්ත මගේ යාළුවා එයා.... මං එයාව බොහොම පරිස්සමින් රැකගත්තා.. ලස්සනට, පිළිවෙලට එයාව මගේ ලඟින්ම තියාගත්තා. මගේ ආදරේ ගැන මගේ හොඳම යාලුවන්ටවත් නොකිව්ව දේවල් මං එයාට කිව්වා. ඒත් ...... ඒත් දැන් එයා නෑ. මට පුළුවන් හැමතැනම හෙව්වත් එයා හිටියේ නෑ. මගේ ආදරණීය දිනපොත. යන්න කලින් පොත් රාක්කෙ අනිත් පොත් අස්සෙන් හංගලා ගියේ කවුරුත් දකියි කියල තිබුණු බය ...
~මහිම මන්දහාසි~ 12වන කොටස Iceගේ කොලම මන්දහාසි වෙලා මහිමට ටෙක්ස්ට් කරන්න කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වුණාට ඔය කවුදෝත් කියලා තියෙනවලු නේ 'කියන්න තරම් ලේසි නෑ ,කරන්න ගියාම' කියලා. ඉතින් මං හිතුවෙත් දැලි පිහියෙන් කිරි කනවා වගේ ඔය වැඩ කරන්න ගිහින් මාට්ටු වුනොත් එහෙම මගේ විතරක් නෙමෙයි අපේ අයියාකාරය ගෙත් සායම හේදෙයි කියලා. ඉතින් මං ඒකමතිකව අදහස ප්‍රතික්ෂේප කරා. ඉතින් මගේ අතිජාත පාපමිත්‍රයෝ ටික එදා ...
~මහිම මන්දහාසි~ 21වන කොටස Iceගේ කොලම 'එහෙනම් ඒකත් එහෙමලු ඈ....' මං මුළු කතාවම කියල ඉවර වෙනකන් ඉඳපු සඳු එහෙම කිව්වා. යාළුවො සෙට් එකම ආවේ අම්මි ගෙදර ඉන්න වෙලාවක නිසා කට්ටිය කතා බහ කරේ බොහොම පරිස්සමින්. 'ආ..... ඒ පාර උඹ මොනවද කල්පනා කරන්නේ?' ළඟ හිටිය දිනාදිගේ ඔලුවට පුංචි තට්ටුවක් දාන ගමන් මගේ වෙන්ඩ නෑනාන්ඩි ඇහුවා. 'නෑ බං,බලපන් පොඩ්ඩක් කල්පනා කරලා. මහිමයා කොච්චර රොමෑන්ටික් පොරක් ද කියල?' ...
~මහිම මන්දහාසි~ 23වන කොටස [අවසන් කොටස] Iceගේ කොලම සඳුට කෝල් එකක් දෙන්න බැරි නිසාම මං මැසේජ් එකක් දාල ඇහුවා කොහෙද ඉන්නේ කියලා. කට්ටිය මාව දාලා හෝල්ට් එකටත් ගිහින් ඉවරයි. 'Wade shape da ban?' සඳු ඇහුවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා මං හොරෙන් මහිම දිහා බැලුවා. කිසිම ගානක් නැතුව හුරතල් විදියට කතා කර කර මං ලඟින් ඇවිදගෙන එන මහිමව දැක්කම මට හිතුනේ ශේප් කියලා කියන්න. ඒත් මේ ...
~මහිම මන්දහාසි~ 8වන කොටස Iceගේ කොලම දවස් තුනක් හරි ඉක්මණට ගෙවිලා ගියා. කන්නයි, බොන්නයි, පාඩම් කරන්නයි, cartoons බලන්නයි දවසම ඉවරයි. හෙට ජීවිතේ තීරණාත්මක කඩයිමක් ආරම්භවෙන දවසක්. ඉතින් අදවත් ටිකක් relax එකේ ඉන්න කියල අම්මියි,අයියයි දෙන්නම කියපු නිසා මාත් ඉතින් එහෙම ඉන්න තීරණේ කරා. නැතුව මේ මගේ ආසාවකට එහෙම නෙමෙයි. හවස පන්සලේ බෝධි පුජාවට ගිය වෙලේ මට හදිස්සියේම මහිමව මතක් වුණා. ඇත්තම කිව්වොත් මේ දවස් තුනේ ...
~මහිම මන්දහාසි~ 13වන කොටස Iceගේ කොලම ඔක්කොටම කලින් සමාවෙන්ට ඕනේ මේ කොටස දාන්න ගොඩක් පරක්කු වුණාට. කාලෙකින් සෙට් එක සමග සෙට් වීමේ ප්‍රීතිය සමග ඒ අස්සේ තවත් ජල්තරස් වැඩක් වුණා. ඒ වැඩේට පිළියම් හොයමින් කාලය ගත කල නිසා තමයි මේ පොස්ට් එක ලියල ඉවරයක් කරන්න පරක්කු වුණේ. ඒ ජල්තරස් වැඩේ මොකද්ද කියල නම් අහන්න එපා ඔන්න.. අනික වෙනද වගේම ඒ වැඩේ වුණේ අපේ මධුවා නිසා ...
~මහිම මන්දහාසි~ 7වන කොටස Iceගේ කොලම මං වැඳලා ඉවර වෙලා ඇස් දෙක අරිනකොට මහිම මං එනකන් පඩිපෙළ ළඟ බලාගෙන ඉන්නවා. අනිත් අය පහලට ගිහිල්ලත් ඉවරයි. 'ඔයා අද ලස්සනට සින්ග් කරා' මං කිව්වේ පඩිපෙළ බහිනගමන්. 'ඇත්තද? තෑන්ක්ස්. ආ ..... සොරි සොරි ගොඩක් පින් හොඳේ'. මහිම හිනාවෙලා කිව්වා. ඒ මං ඉස්සෙල්ල කිව්ව කතාවට හින්ට් එකක්. 'මියුසික් කරනවද?' 'හ්ම්...ඔව්. ඉස්කෝලේ මියුසික් ගෘප් එකේ ඉන්නවා'. ආ... එහෙනම් මේපාර තෝමස් ...
ආයු බොහෝ වේවා! :D Iceගේ කොලම විස්සයි විස්සේ උණුහුමත් එක්ක අයිස් නැවතත් කරලියට....... අයිස් කිව්වේ, අර ඉස්සර බ්ලොගේට පොස්ට් එහෙම ලිය ලියා ඉඳලා දුෂ්කර පළාතක රාජකාරියක් එක්ක අතුරුදහන් වුණ අයිස් හොඳේ..... :P (මේ ටිකට තවත් අයිස්ලා බ්ලොග් ලෝකෙට පැමිණ ඇත්දැයි සැක සිතී) මේ ටිකට බ්ලොග් ලෝකේ ගොඩක් දේවල් වෙනස්වෙලා නේ. මට සයිබර් උළෙලත් මග ඇරුණා. ඔබා මාමා අපි අතරින් වියෝ වුණු බව ඇහුවම මට අදහගන්නත් බැරි ...
~මහිම මන්දහාසි~ 10වන කොටස Iceගේ කොලම සකූ.... computer තිරේ ඉස්සරහ නිකන් අකුණක් ගැහුවා වගේ හැගීමක් මගේ හිතට දැනුනේ. කවුද මේ සකූ?. මහිමත් ඔය තරම් ආදරෙන් කතා කරන්නේ නිකන් වෙන්න බෑනේ.. ඒ මදිවට එයා අයියාවත් දන්නවා. මං සකුණිගේ profile එකට ගිහින් බැලුවත් privacy හදල නිසා බලන්න පුළුවන් pro pic එක විතරයි. ඉතින් මං request එකක් දාන්න ගියෙත් නෑ. ' Vish??' ඔන්න මහිම අදත් එව්වා message එකක්. ...
--- ඒ ගොනා වික්කා --- Iceගේ කොලම මං දැන් හැදිලා...මට ඔයාගේ ආදරේ දැනෙනවා...ඔයාව අතෑරලා මං ගියේ මිරිඟුවක් හොයාගෙන...මං ඔයාට ලොකු දුකක් දුන්නේ...සමාවෙන්න කියල ඒ පව් ගෙවාගන්න බෑ කියලා මං දන්නවා,ඒත් පුළුවන් නම් මට සමාවෙන්න...අපිට බැරිද ඉස්සර වගේ අයෙමත් ආදරෙන් ඉන්න??--------------------------මේ හැමදේටම මට දෙන්න තියෙන එකම උත්තරේ ,"සමාවෙන්න, මං ඒ ගොනා වික්කා".. ...
මගේ ආදරණීය හිමූට... Iceගේ කොලම ටික දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න ඕනේ කියලා හිතුන ඕන්... ගොඩක් කාලෙකට කලින් මේ පොස්ට් එක දාන්න හිතාගෙන හිටියට කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරිව හිටි නිසා ඒ වැඩෙත් දවසින් දවස කල් ගියා.... ඒත් දැන් තමයි ඒකට අවස්ථාව කියලා හිතුණා, එත් දුක හිතෙන කතාවකුත් එක්කම...... :( අයිස්ට සහෝදරයෙක් නෑ කියලා ගොඩක් කස්ටිය දන්නවා මයේ හිතේ. මගේ ජීවිතේට ...
~දේදුනු පැහැ සිහිනයක්~ [කෙටිකතාව] Iceගේ කොලම වැව් දියරැළි පිසගෙන හමන හිතුවක්කාර හීන් හුළඟට මුණ දී හුන් මා දෙනෙත් යොමුව තිබුණේ බෝගම්බර වැව් මැද්දේ දඩයමේ යෙදෙන දියකාවෙකු දෙසටය. "අන්න ඔයාගේ නෑදෑයෙක්" ඈත වැව් කොනේ මසුන් දඩයම් කරමින් පසුවූ දියකාවෙක් දෙසට සුරත දිගුකරමින් ඔහු පැවසුවේ මීට කලකට ඉහතය. ඒ අප හොඳම මිතුරන් වූ අවදියයි. "ඇයි මොකද මාව දැන් පෙන්නේ දියකාවෙක් වගේද?" ඔහුට රවමින් ඇසුවෙමි. "නෑ ඉතින්... ඒ ...
~මහිම මන්දහාසි~ 11වන කොටස Iceගේ කොලම මගේ හිත ඉගිල්ලුනේ මං මහිමව දැකපු ඉස්සෙලාම දවසට. ඊටපස්සේ මේ වෙනකම්, එයාව දැකපු දවස්, කතා කරපු දේවල්, එයා ගැන හිතපු විදිය .... හැමදෙයක්ම මගේ මතකෙට ආවා. මගේ යාලුවන්ගේ නම් ලිස්ට් එකේ පිරිමි ළමයි කීපදෙනේක්ගෙත් නම් තියෙනවා හොඳම යාලුවෝ විදියට. ඒත් මෙච්චර කාලෙකට මගේ අයියට තරම් වෙන පිරිමි පරාණයකට මං ලං වෙලා නෑ. අවස්ථා කීපයකදිම පිරිමි ළමයි ගැන පුංචි පුංචි ...
ඇයයි මමයි | ඔබේ ඇසින් Iceගේ කොලම මම තලෙලුය.ඇය සුදුම සුදුය.මම කැසටුය.ඇය බෝල ගෙඩියක් මෙන් පිරිපුන්ය.මගේ කැරලි කොණ්ඩය උරහිසට මදක් පහතට වන්නටය.ඇයගේ කෙලින් කොණ්ඩය දිගම දිගය.මම දඟකාරය.ඇය තැන්පත්ය. මම කටකාරය.ඇය නිහඬය.මම තරමක් සැරය.නමුත් ඇය 'පට්ටම' නපුරුය.ඉතින් ඔබට හොඳ වැඩේ යැයි කියා මට සතුටු විය (නො)හැක. ...
~ මහිම මන්දහාසි ~ ළා හිරු මඬලයි මා අබියස ඔබ බැසයන්නේ නැති සසර පුරා... Iceගේ කොලම Coming Soooon.... >>>ඔක්කොම කොටස් මෙතනින් ගන්න...~ මහිම මන්දහාසි ~ 1වන කොටස ~ මහිම මන්දහාසි ~ 2වන කොටස ~ මහිම මන්දහාසි ~ 3වන කොටස ~ මහිම මන්දහාසි ~ 4වන කොටස ~ මහිම මන්දහාසි ~ 5වන කොටස ~ මහිම මන්දහාසි ~ 6වන කොටස ...
~මහිම මන්දහාසි~ 6වන කොටස Iceගේ කොලම 'හරි හරි ඉතින් හොඳක් කරාමත් රවන්න එපාබං..එහෙනම් මෙයාලත් එක්කගෙන මාලිගාව ඉස්සරහට වරෙන් හොඳේ , අපි ඉන්නම්' අයියා අපිඉන්නම් කිව්වේ විනූ දිහා බලාගෙන.විනූ මං දිහා බැලුවා 'මොනවද බලාගෙන ඉන්නේ? පලයන් පලයන්' මං එහෙම කියලවිනූව අයියා ලඟට තල්ලු කරලා වගේ යැව්වා. මහිමයි,යාළුවෝ ටිකයි පුදුමෙන් බලාගෙන ඉන්නවා.මේ මොනවද වෙන්නේ කියල හිත ගන්න බැරුවඇති. අයියාගේ උරහිස යන්තමට අල්ලාගෙන බයික් එකටනගින විනූ දිහා බලාගෙන ...
~මහිම මන්දහාසි~ 2වන කොටස Iceගේ කොලම සර් නම් දැන්මඑන පාටක් නෑ වගේ.බංකුවේ අයිනේම ඉන්න නිසා මුළු ක්ලාස් එකම පේන්නෙත් නෑ.දැන් නම්අරයව හොයාගන්නම ඕනේ.බංකුවේ මුල්ලේම වාඩිවෙලා හිටියේ විනුරි. 'විනූ,මං ඔතෙනට එන්නද?'මං ඇහුවේ මුල්ලට වෙලා බිත්තියට හෙත්තුවුනාම මුළු ක්ලාස් එකම පේන නිසා. 'ඔන්න ඔතන දීපන් බං.නැත්තං අද ක්ලාස් ඉවරවෙනකොටමෙයා නවතින්නේ බෙල්ලේ අමාරුවක් හදාගෙන.කාවදෝ හොයනවා මං හිතන්නේ'. හුටා.ඒ කියන්නේ සඳුට ඒක නෝට් ද? ශිෂ්‍යත්ව පන්තියේ ඉඳන් සහෝදරියක් වගේ එකටඉන්න ...
~මහිම මන්දහාසි~ 3වන කොටස Iceගේ කොලම 'ස් ස් ...'.විනූ එයාලට කතාකරා. හිනා වෙවීම එයාලා අපි ලඟට ආවා. 'පාඩම් කරලා ඉවරද බං දැන්?'සඳු එහෙම ඇහුවේ කෙලින්ම නියම ප්‍රශ්නේ අහන්නබැරි නිසා. 'ඉවරයි බං.අද සර් කිව්ව ටිකයි,හෙට මැත්ස් ක්ලාස් එකේ කියන ටිකයි ආයෙත් බල ගන්න ඕනේ'.උත්තර දුන්නේදිනාදී. 'මේ මොකද මේ?'. දෞපදී ඇහුවේඅපේ අයගේ ඇඳුම් වල නිල් පාරවල් දැකලා. 'අන්න අර බූරු පැටවුන්ගේ වැඩනේ බං' 'කාගේද?විශ්වලාගේද?'. 'ඔව්.අර අනිත් උන් ...