-ආඩම්බර සඳවතී- [3] Iceගේ කොලම [1] කොටස [2] කොටසහුටා.......... දැන් ඉතින් මොකේද කියහල්ලකෝ දන් වළඳන්නේ? සර්ගේ ගෝරනාඩුව ඇහෙනකොට නැගිටලත් බෑ, ඒ වුණාට ඉතින් ඉඳගෙන ඉන්නවා කියන්නේ ඊට හපන් භයානක වැඩක්. පන්තියේ එවුන්ගෙන් කිසිම හැල හොල්මනක් නැති වුණ වෙලාවේදී "කිත්තා" ස්ටේජ් එකෙන් බැහැලා ඩෙස් පේළි අතරින් ඇවිදින්න පටන් ගත්තා. කොල්ලෝ කිත්සිරි සර්ගේ නම කොට කරලා කිත්තා කියලා තමයි කතා කරේ. ආයේ ඉතින් නැට්ට පිටින් අලි ...
ආඩම්බර සඳවතී [1] Iceගේ කොලම "කලණ, කෝල් එකක් දාල බලපන් අවිශ්කයා දැන් කොහෙද කියල" කාර් පාර්ක් එකේ සිමෙන්ති බිත්තියට හේත්තු වෙන ගමන් මං කලණට කිව්වා. නුවර අහස වැහිබරයි. මොනවා නැතත් අද නම් හොඳටම නාන්න වෙනවා කියලා මට ඉර හඳ වගේ ෂුවර්."දිදුල, බලපන් බං අහස කළු කරලා තියෙන කැත විතරක්. වැස්සකට කලින් අපේ මේ වහුකුණා ආවොත් ලොකු දෙයක්" සමීර කිව්ව කතාවට ඇහුම්කන් දුන්නා වුණත් මගේ ඇස් ...
-ආඩම්බර සඳවතී- [2] Iceගේ කොලම [1]කොටස මෙතැනින්මිස් පර්ෆෙක්ට්ගෙ වීදුරු බෝල වගේ ඇස් වලට ටිකා....ක් වශීවෙලා හිටිය මම ඉක්මනට අහක බලාගත්තේ සමියාගෙ කටහඬ ඇහුණු වෙලාවේ. "කවුද බං?""අර සුදු උස එක බං""ඉතින් ඒ කවුද කියපන්""දන්නෑ බං" අවිශ්ක උරහිස් දෙකත් ගස්සලා ගානක් නැතුව කියල දැම්මා."නොදකින් මේ වහුකුණා! තොට හෙනයක්ම ගහපිය. අම්මපා අර කෙල්ලෝ ටික මෙතන හිටියේ නැත්තන් උඹට දෙකක් ඇනලා, හංගනවා අර බෝක්කුව අස්සේ" සමියා අවිශ්කයට දෙහි කපන ...
~මහිම මන්දහාසි~ [පසු වදන] Iceගේ කොලම මගෙත් කට කහනවට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ ලෑස්තිය. :Pමහිම මන්දහාසි ..... ඒ මගේ කුලුඳුල් නවකතාව... ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මං ලියන්න පටන් ගත්ත මේ කතාවේ කොටස් 23 ක් ලියල ඉවර කරන්න මට මාස 5 ක විතර කාලයක් ගත වුණා. කොච්චර පරක්කු වුණත් පහුගිය ආදරවන්තයින්ගේ දවසේ කතාව ඉවර කරන්න මං තීරණේ කරලා තිබුණා. ඉතින් ඒ විදියටම කතාව ඉවරකරන්නත් මට ...
~මහිම මන්දහාසි~ 9වන කොටස Iceගේ කොලම මං පාර පනින්න ඔන්න මෙන්න තියෙනකොට තමයි දැක්කේ අර පිරිමි ළමයින්ගෙන් කෙනෙක්ගේ school badge එක... තෝමස් ... තව අඩි 4,5කින් මං එයාලව පහු කරගෙන යනවා. ඔව් ඔව්..ඒ කියන්නේ මං නිල් නානවා... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ අප්පා. මං බිම බලාගෙන මූණත් ඇඹුල් කරගෙන ඇස් දෙක පියාගත්තා. නිල් නාල බස් එකේ යන විදිය හිතේ ඇඳගත්තා. අනේ අම්මප මෙහෙමත් කරුමයක්..නිල් ...
අතුරුදහන් වීම! Iceගේ කොලම ඔන්න එහෙනම් නමෝ විත්තියෙන්ම කිව්වා හැමෝටම "ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා!" කස්ටියට අයිස්ව අමතකත් වෙලාද මන්ද... කොලමේ පොස්ට් 1 ක්, කමෙන්ට් 1 ක් නැතුව ලොකු කාලයක් ගෙවුණා නොදැනුවත්වම... බ්ලොග් ලෝකේ අලුත් වෙලා... වෙනස් වෙලා... හැමෝම අලුත් පෝස්ට්ස් ලියලා.. හැම පොස්ට් එකක්ම කියවන්න නම් වෙලා නෑ. වහෙන් ඔරෝ නැතුව ඔහෙන් වරෝ කියලා දැන් මේ කියන්න හදන්නේ මගේ අතුරුදහන් වීම ගැන...හා හා ...
~මහිම මන්දහාසි~ 16වන කොටස Iceගේ කොලම දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ අයියා පදිංචි වෙලා හිටියේ මං දැන් ඉන්න කාමරේ. මං හිටියේ එයා දැන් ඉන්න උඩ තට්ටුවේ කාමරේ. ඒත් දවසක් මේ මනුස්සයා ගෙදරට හොරෙන් රෑ ජාමේ යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එකක් බලන්න ගිහින් අප්පච්චිට අතේ මාට්ටු වෙලා තිබුණා. ඉස්සරහ දොර ලොක් කරලා තිබුණා නිසා මෙයා එළියට ගිහින් තිබුනේ කාමරේ ජනේලෙ ග්‍රිල් එකක් ගලවලා. ඊට කලිනුත් ...
~මහිම මන්දහාසි~ 18වන කොටස Iceගේ කොලම හිත පුරා දැනුණු මගේ අහිංසක ආදරෙත් යටපත් කරගෙන අලුතින්ම ලියලන්න පටන්ගෙන තිබුණු හැගීමට නමක් දෙන්න මට බැරිවුණා. බයක්, තැතිගැන්මක් වගේ සමාන සිතිවිලි නිසා මගේ හිතේ තිබුණු සතුට, සැනසීම හරියට හොරු අරන් ගියා වගේ. මං මහිමට කොහොමද මේ දේවල් කියන්නේ? එයා මන්දහාසිව විශ්වාස කරන තරමට, මන්දහාසිට ලං වෙන තරමට විශ්මි විදියට අසරණ වුණේ මං. ඒකට වගකිවයුත්තා විදියට මට මං ගැනම ...
T A R G E T Iceගේ කොලම "ඔයාල ගිහින් එන්න. මං මෙතන ඉන්නම්" මා එසේ පැවසුවේ ත්‍රී රෝද රථය තුල වාඩිගෙනමය. මා පැවසු දෙයට පිළිතුරක් නොදීම අක්කා සහ මස්සිනා සිඟිති පුතුවත් රැගෙන කඩිනමින් ළමා රෝහල වෙත පිය නැගීය. ටික වේලාවක් ඔවුන් ගිය මග දෙස බලාගෙන සිටි මා හට ත්‍රී රෝද රථයෙන් බිමට බැසීමට අවශ්‍යතාවය ඇතිවුණේ දැඩි අව් රශ්මිය දැනෙන්නට පටන්ගත් නිසාවෙනි. රියෙන් බිමට බැස අසල තිබු ...
~ ලෝක සොභාවය සහ මියැදුණු ආලය ~ Iceගේ කොලම ඔයා වෙනස් වුණාමං එදා දුක් වුණා...පස්සේ මං කාලෙත් එක්ක වෙනස්වීම් දරාගන්න හුරුවුණා...ඒත් දැන්,ඔයා දුක් වෙනවාමං වෙනස් වෙලා ලුඉස්සර වගේ නෑ ලුඅනේ............ඔයත් හිත හදාගන්නකෝ වස්තුවේ මොකද,'මේ ලෝකේ වෙනස් නොවෙන එක්කම දේ වෙනස් වීම විතරයි'කියල මට ඉගැන්නුවෙත් ඔයා නේ.. ...
-හිතුවක්කරයාගේ පාපොච්චාරණය- Iceගේ කොලම හැමෝම එපා කියද්දිත්,කොහේදෝ ඉඳන් ඇවිත් නහය උඩ වහපුපාට පාට සමනලියක් දිහා බලන්න ගිහින්සදහටම ඇස් වපර කරගත්තුහිතුවක්කාරයෙක් මං....ප/ලි : මගේ කවි වගේ බහුබූත කියෙව්වම හිතුනද මට පිස්සු කියලා? ඔව් ඔයා හරි. මට ටිකා...කා....ක් විතර පිස්සු තමයි.. :P ...
අඹේපුස්ස = The Missing + The Bad Smell Iceගේ කොලම කම්මැලි අෆ්ෆා.... ගොඩ දවසක ඉඳන් බාගෙට ලියල තිබුණු කතාවක් ඉවර කරලා දාන්න හිතුවා.. මගේ ජීවිතේ අමතක නොවන , රසවත් සිදුවීමක් වුනත් මේ කතාව ලියන්න ඇත්තටම මං බයයි. මොකෝ මං ලියන විදියේ අඩු පාඩුවක් වුණොත් මේ කතාවේ රස නැතිවෙයි කියල බයයි අනේ.. ඒත් අපේ සෙට් එකම මේ කතාව ලියන්න කිව්ව නිසා ලියනවා ඕන්.... ඔන්න දැන්ම කිව්වා මේ පොස්ට් පොස්ට් එක ...
~මහිම මන්දහාසි~ 14වන කොටස Iceගේ කොලම 'Who'z dis plz?' අහ්.... දැන් දීපන්කො උත්තර. හ්ම්..... කොහොමද පටන් ගන්නේ... දවස් ගානක් පෙරුම් පුර පුරා හිටපු මොහොත උදා වෙලත් මං දැන් ලොප් වෙලා. අපේ එකෙක්ට කෝල් කරලා උපදෙසක් ගන්න විදියක් ගැන හිතනකොටම මගෙන් උත්තරයක් නැති නිසාම ද කොහෙද මහිම රින්ග් එකකුත් තිබ්බා. කමක් නෑ... ඔන්න ඔහේ කමක් නෑ. ආවොත් ආවා, ගියොත් ගියා කියල හිතලා මාත් රිප්ලයි කරා. 'Hi ...
-ආඩම්බර සඳවතී- (හැඳිනුම) Iceගේ කොලම ආඩම්බර සඳවතියකට පෙම් බැඳි විසේකාරයෙකුගේ කතාවක්.....-ආඩම්බර සඳවතී- ICEගේ කොලමේ අකුරු කෙරෙන ආදරණීය සයිබර් නවකතාව... ළඟදීම>>>එක්වන්න...තටු සලන මතකයන්, හිත් මානයෙන් ඉගිලී යන්නට පෙර සයිබරයේ අකුරු කෙරෙන ICEගේ කොලම සමගින්...ජයෙන් ජයම වේවා! ...
තැන්කූ ඔරකලයෝ !! තැන්කූ ඉන්ෆොටෙක් !! Iceගේ කොලම මෙච්චර දවසක් මේ කොළමේ මං ලිව්වේ නවකතාවයි, කවි වගේ අපබ්‍රංශ ටිකකුයි විතරනේ. ජීවිතේ හරි බෝරිං අප්පා.... ඉතින් මං හිතුවා පොඩි වෙනසකටත් එක්ක මගේ ජීවිතේ රසවත් සිදුවීම් කීපෙකුත් ලියල බලන්න... නමෝ විත්තියෙන්ම පටන් ගන්නම්කො අපේ ක්ලාස් එකෙන්. ඒ වගේම මේක කෘතඥතාවයේ ලිපියක් විදියටයි ලියන්නේ. හ්ම්... ඕන් ඉතින් (අපරාදේ.පොත් ගත්ත.සල්ලි) උ/පෙළ කරලා ඉවර වෙලා අයිසුත් වැඩිදුර පරිගණක අංශය ගැන ඉගෙන ගන්න ...
-පාන් කෑවොත් ඔහොමමයි- Iceගේ කොලම මචං මං UK යනවා. Job එකකට..යාලුවොන්ට කිව්වා."නෑ...... නියමයි නෙ. උඹ නම් මාර Lucky"එහෙම කිව්වට උන් මට ඉරිසියා කරා...අපේ පුතා එංගලන්තේ යනවා. රස්සාවකට. අපේ අම්මා ගමේ උන්ට කිව්වා.."කොල්ලට තෙරුවන් සරණයි!"එහෙම කිව්වට උනුත් මට ඉරිසියා කරා...Honey මම England යනවා. Job එකකට. Girl Friendට කිව්වා.."ඔයා ආයෙත් එනවා නේද?"එහෙම ඇහුවට එයා හිතුවා මං සුද්දියක් බැඳගනී කියලා...අන්තිමේදී කවුරු කොහොම හිතුවත් මං එංගලන්තෙට ආවා.වැඩිකල් ඉන්න වුණෙත් ...
සුබ උපන්දිනයක් අප්පච්චි!! Iceගේ කොලම අද මගේ ආදරණීය අප්පච්චිගේ 53 වෙනි උපන්දිනේ... තාත්තෙකුගේ ගුණ කියල ඉවරයක් කරන්න බෑ කියල මේක කියවන මගේ සහෘදයෝ හොඳටම දන්නවනේ.. ඉතින් අප්පච්චි ගැන ලිව්වොත් කොතනින් පටන්ගෙන කොහොම ඉවර කරන්නද කියල හිතාගන්න බැරි උභතෝකෝටිකයක මං පැටලිලා ඉන්නේ දැන්.. අප්පච්චි මට දෙන ආදරේට , සෙනෙහසට ,රැකවරණයට මං ජාති ජාතිත් ණයගැතියි මගේ අප්පච්චි.මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා!! ...
~මහිම මන්දහාසි~ 22වන කොටස Iceගේ කොලම රෙස්ටුරන්ට් එක ඇතුලේ හිටිය සෙනග දිහා බැලුව මහිම අයෙත් ඉක්මනටම මගේ දිහා බැලුවා. ඒ ඇස් දිහා අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්න ඕනේකමක් තිබුණත් මං ඉක්මනින්ම බිම බලාගත්තේ හිතට දැනෙන අපහසුව මග හැර ගන්න හිතාගෙන. 'වාඩි වෙන්නකෝ' මට එයාගේ ඉස්සරහින් තිබුණු පුටුව අතින් පෙන්නන ගමන් මහිමත් වාඩි වුණා. 'ශික් මං වගේ මෝඩියක්. මොකට මෙහෙම මීට් වෙන්න ආවද මන්ද.. එක්කෝ ඕනේ මගුලක් වෙද්දෙන් ...
~මහිම මන්දහාසි~ 19වන කොටස Iceගේ කොලම අනේ මහිමගෙන් ඒ ගැන ඇහුවේ අපරාදේ කියල මට හිතුනේ ඇහුවට පස්සේ. එයා මොන විදියේ උත්තරයක් දෙයිද? මොන විදියේ උත්තරයක් හම්බවුණත් මට කඩා වැටෙන්න සිද්ද වෙනවා කියල මට තේරුණා. නොතේරෙන අමුතුම විදියේ අද්භූත හැගීමකින් මුළු හිතම පිරිලා තිබුනත් බස් එකෙන් බහිනකන් ඒ ගැන මුකුත් කරන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. විකාර විදියට බස් එකේ කලබල වෙලා හැසිරුනොත් කොහෙන් නමුත් ගෙදරට ...
සහෘද ඔබගේ දැනගැනීම පිණිස ලියන වග නම්... Iceගේ කොලම මගේ බ්ලොග් එකේ තිබුණු template එක හදිස්සියේම වෙනස් කරන්න සිද්දවුණා. කලින් template එකේ තිබුණු කලුපාට පසුබිම නිසා පෝස්ට්ස් කියවනකොට ඇස් වලට අපහසුයි කියල යාළුවෙක්ගෙන් පැමිණිල්ලක් තිබුණා.ඒ නිසා කලින් මේ විදියට තිබුණු බ්ලොග් එක >> මේ විදියට වෙනස් කරන්න හිතුවා. පොස්ට් එකකින්ම මේ ගැන කියන්න හිතුනේ ටිකක් විතර ලොකු වෙනසක් කරලා තියෙන නිසයි. මං template එක edit කරන වෙලාවේ බ්ලොග් ...