ඒජීයේ මහත්තයාගේ වල්ල තැලූ හැටි හිස් අහස පොසොන් මාසෙක උස්න කාලේ සිද්ද වෙච්ච මේ කතාව .. නත්තල් මාසේකදී කියන එක පොඩ්ඩක් අපිළිවෙළයි තමා ..ඒත් ඉතින් මං පිළිවෙළට වැඩ කරන මිනිහෙකුත් නෙවෙයිනේ . කෝමහරි ඉතින් මට මේ කතාව මතක් වුණේ ගෝල්ෆේස් පිට්ටනියේ හදන්න ගියපු ලෝකෙ ලොකුම නත්තල් ගහ සීන් එක නිසානේ .. ඉතින් ඒ වගේ ලොකු සීන් එකක් ගැන තමයි මේ කථාවත් ..ක්‍රිස්තියානි කාරයන්ට නත්තල් වගේ තමයි .. ...
රතු ගූ හිස් අහස මෙය විද්‍යා ප්‍රබන්ධයක් විය හැක :නම් ගම් සහ සිද්ධිය මනංකල්පිතයිකතෘ අනාථයි .පෙරුම් පුරාගෙන ඉඳලා, ඉඳලා, ඉඳලා... පෝය නිවාඩුවක් අල්ලලා මං පහුගිය දවසක අම්පාරේ ගියා ගියා ..ඒ මගේ ගමනේ . ගමේ ගියොත් ඉතින් බොන්න එපෑය . ඉතින් මට පෝය කියලා අමතක වෙලා ගියා .. මම ආ විජහට උඩදාගෙන බොන්ඩ ගියා .මගේ හොඳම බොක්ක වෙච්ච රිපිටා මේ වතාවේ ගමේ හිටියේ නෑ..ඉතින් තවත් ...
Facebook කපුවා ගේ කතාව හිස් අහස මම දන්න කියන මගේ යාළු මිත්‍ර හැත්ත වරිගෙ එවුන් කාටත් කලියෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්තේ මම . ඉස්සර ෆේස්බුක් ගැන කොච්චර කීවත් ෆේස්බුක් කියන්නේ මොකක්ද ඒකෙන් වෙන්නේ කරන්නේ මොනවාද කියලා මගේ යාළුවන්ට තේරුම් බේරුම් කරලා දෙන්ඩ මට බැරි වුණා . උන්ට ෆේස්බුක් ගැන උනන්දුවක් තිබුණෙම නෑ . ඒත් අද වෙනකොට තත්වේ බොහොම වෙනස් . ෆේස්බුක් ගැන නොදන්න වැඩිහිටියෙක්වත් අපේ ...
රාළහාමි හිස් අහස ටවුමට යන අතර මහදී පාරෙ අයිනේ පුංචි ගෙදරක උන්නු මන්දමානසික කොල්ලෙක්ව මම නිතරම දැක්කා .ඌ මට වඩා වයසින් සෑහෙන්න වැඩිමල් වුණත් මනසින් යාන්තමටවත් මෝරලා නැති ඌ බොහොමයක් වෙලාවට පාර අයිනට වෙලා පාරේ යන වාහන දිහාවේ කට ඇරගෙන ඔහේ බලාන හිටියා. ළඟකදී ඉඳන් මම බයික් එකකින් ටවුන් යන විටදී මම ඒ මන්ද මානසික කොල්ලා පාර අයිනේ ඔහේ බලාන ඉන්නවා දැක්කොත් ...
ඇල ළඟ T කඩේ වෙච්චි වින්නැහිය හිස් අහස මෙච්චර කාලයක් මහ ඇලේ එගොඩ මෙගොඩ යාකරලා දමලා තිබුණු මුරුංගා පාලම වෙනුවට රෝද හතරේ වාහනයකට මාරු වෙන්ඩ පුළුවන් විදිහේ අලුත් පාලමක් වැටෙනවාලු ඔය කතාව පට්ටලේ වැඩකරන නිශාන්ත අයියා හන්දියේ කඩේ ගාවදී කීවාම හැමෝගෙම හිත් වලට සතුටක් දැනුණා , නොදැනුණා පාර මට්ටමේ ඉඳන් බලද්දි මහ ඇල හරි ගැඹුරුයි . මයෙ හිතේ මිම්මට ගත්තොතින් අඩි පාළොහක් , විස්සක් තරම් ඇති. අවුරුදු ...
ඔයා නිසා මට බඩත් ගියා හිස් අහස මම අරක්කු බොන්න පටන්ගත්තේ ඉස්කෝලේ දහය වසරේ මුල් කාලයේ හෝ නවය වසරේ අග කියලා තමයි මගෙ මතකයේ තියෙන්නේ . මගෙත් එක්ක එකට උන්නු යාළු මිත්‍රයෝ නොසෑහෙන්න මත්පැන් කෙළින හැටියට මම නිතරම හිතුවා මම කොයිතරම් දුරට බීමෙන් පාලනය වුණ එකෙක්ද කියලා .ඇත්තටම මට බොන්න ඔනෑ වුණේ , මල ගෙදරක ,මගුල් ගෙදරක සහ ඇස්ටොං ගෙදරක ගියාම එහෙමත් නැතිනම් දවසෙම වැඩකරලා ඇඟපත ...
රණවිරුවෙකුගේ වම් කකුල . හිස් අහස මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට මාස තුනක් විතර ඇති . සිද්ධියක් වෙච්ච ගමන්ම ඒක ලියන එක මට කොහෙත්ම කරන්න බෑ ඒ සිද්ධිය මාස ගකීපයක් හිතේ තැම්බිලා ගානට පදම් වුණාට පස්සේ තමයි මට ඒ සිදුවීම අකුරු කරන්න හිතෙන්නේ . මම හිතන්නේ ඒ මම හිතන්නේ ඒ මැයි මාසේ . අවුරුදු කාලා අතේ සතේ නැති මැයි මාසේ කියන්නේ මට වගේම කාට ...
කොලනි කාරයෝ. අවසන් කොටස හිස් අහස අදට හිස් අහස බ්ලොග් එක ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකම් බ්ලොග් එකට ආපු ගියපු කියෝපු හෑම කෙනෙකුටම ස්තූතියි !! කොලනි කාරයෝ කතාවේ පහුගිය කොටස් නොබලපු අය ඉනවා නම් මෙහෙන් ගිහින් ඒ කොටස් කීපයත් බලලාම අවසන් කොටසට එකතු වෙන්ඩ 1 කොටස 2 කොටස " නළු බට්ටෝ බැහැපියවු බිමට .තොපිත් එක්ක මට ගනුදෙනුවක් බේරගන්ඩ තියෙනවා" නාට්‍ය බලමින් උන්නු ...
දෙයියොත් මඩ ගහයි වැරදුණු වෙලාවට හිස් අහස රන්සිරියා ඇවිදිල්ලා මට කතා කරද්දී වෙලාව දවල් දෙකට විතර ඇති. බත් ඩිංඟිත්තක් හෙම කාලා යන්තම් ඇලවෙන්න හදවුව කෑම දිරවන අවෙලාවේදීම රන්සිරියා කඩා පාත්වුණ නිසා මම කන නිදන රාජකාරිය පොඩ්ඩකට කල් දැම්මා .. "සඳරුවා යමං මාළු බාන්න. “"කොහේ මාළු බාන්ඩ යන්නේ?” "නයිජීරියාව වැවට යන්නේ.. ඒකේ වතුර ටිකක් අඩු වෙලා.. යමං උපුලා, චමියා සෙට් එක හන්දියේ ඉන්නවා . ගනිංකෝ බයික්කේ ස්ටාට් ...
මේඩින් චයිනා අවසන් කොටස හිස් අහස පලමු කොටසට මෙතනින් මාපිලා බෝක්කුව යට පෙරාපු මත් වතුර වල උකු ගතිය වැඩි නිසාම බෝතල් දෙක ඉවර වෙනකොට දෙන්නෙක්ම කට් වුණා . අපි කාටත් වඩා මාපිලා පානය බීපු චීනත් චීන සරුංඟලයක් වගේ ඔහේ කරකැවෙමින් උන්නා.තව මොහොතක් ගිය තැන මගෙත් ඔළුව කැරකැවෙන්න ගත්ත නිසාම මමත් බීම නතර කලා . මාව අනුගමනය කල අනෙක් එවුන් හැමෝමත් තමන්ගේ ප්ලාස්ටික් කෝප්ප පොඩි කරලා වීසි ...
කුප්පයා හිස් අහස ජොබකුත් නැති එකේ එකේ මේ දවස් වල උදෙන්ම නැගිටලා වැඩක් නෑ . උදෙන්ම නැගිට්ටොත් මම යාළුවොත් එක්ක අයිලේ යාවි කියලා බය හිතිලාද මන්දා අම්මා වුණත් මම දවස පුරාම නිදාගන්නවාටයි කැමති . ඉතින් කාගේවත් හිරිහැරයක් නැතුව මද්දහනේ ඉර එළිය ඇඳට වැටෙනකම් මම නිදියෑවා . පහුගිය සතියේ මැද දවසක නම් මම උදෙන්ම ඇහැරුණේ ගෙවල් දෙකකට එහෑ කළු මාමා මොර දීලා කාටදෝ ...
සාටර් පෙම්වතාගේ කවිය හිස් අහස කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත පරණ කමිසයක් නිතරම ඇඳගත්ත සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති සල්ලිය යාන වාහන ගේ දොර නොමැති පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති චාටර් කන මටද ඔබගේ හිත කැමතී ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී දෙවරක් චක්කරේවත් මට කියනු බැරී මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් ...
කොලනි කාරයෝ හිස් අහස මේ ලියැවෙන කතාව සිද්ධ වෙච්චි දින වකවානු ආයේ ආයේ මතක් කරන එක මල කරදයක් නිසා මම ලේසියට මෙහෙම කියන්නම්..ඒ මාව ඉස්කෝලෙන් බලෙන්ම දොට්ට දමාපු අවුරුද්ද... කෙටියෙන්ම කීවොත් .. ඒ මම දොළහ වසරේ ඉගෙන ගත්තු කාලේ ..මම ගියවුව ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වාපු ගුරුතුමී එතුමියගේ දුෂ්කරක්‍රියා සමය නිමා කරලා අපෙන් සමු අරගෙන එතුමියගේ ගම් පළාතේ ඉස්කෝලෙක වැඩ බාරගත්ත දවසේ පටන් අපේ ඉංග්‍රීසි ...
මේඩින් චයිනා හිස් අහස මේ කතාව ලියන්න පටන් ගත් දිනය 2013 පෙබරවාරි මාසයේදී බව සලකන්න දැයට කිරුළ ප්‍රදර්ශනේ මේ වතාවේ පැවැත්වෙන්නේ අපි ඉන්න ඉසවුවෙලු . ටවුමේ හයි කරාපු සද්දන්ත බෝඩ තඩියක එහෙම ලියලා තිබුණා . ඉතින් මේ පළාතේ බොහොමයක් දෙනාට වගේම මටත් සතුටු හිතුණා . සමහරු නම් තුහ් නෙද්දකිං කියලා කෙළ ගැහුවා ඒත් වැඩි මනක් දෙනා වගේම මමත් දැයට කිරුළට නම් එකෙන්ම මනාපයි . ...
Facebook කපුවාගේ කතාව 2. අවසන් කොටස හිස් අහස පලමු කොටසට මෙතනින් "අඩෝ රණා මේ පැත්තට සිග්නල් කඳුළක් නෑනේ බං . ඉතින් මල් කුමාරි ෆේස්භුක් ගියේ කොහොමද . මට නම් මේක අල්ලන්නෑ බං " බයික් එකෙන් බහින්න කලින් මම රණමල් ගෙන් ඇහුවා . මල් කුමාරි ටවුමේ කොමිනිකේෂන් එකක වැඩ බං ඒකෙ ඉන්න වෙලාවට තමා ෆේස්බුක් එන්නේ . උඹටත් මොනවදෑ සැක නැත්තේ . ?මල් කුමාරිගේ ගෙදර උදවිය අපිව බොහොම ...
සවළෙන් ගහන්නට හිතුණා නුඹට නඟේ හිස් අහස පහු ගිය මාසයක එක දවසක හැන්දෑ වරුවක ජයසේන අත්තගේ තේ කඩේ දී යාළුවෝ කීප දෙනෙක් එක්ක කයිය ගහලා මම ගෙදර ආවේ හවස හයත් පැන්නායින් පස්සේ . මම ගෙදර අවුදිල්ලා වතුර ටිකක් නාගන්න හදන කොටම වාගේ මට කෝල් එකක් ආවා . "සඳරු මම අජිත් ." "කියහන් අයියේ .. " "මල්ලි අපේ අම්මට හොඳටම අමාරුයි බේත් ගන්ඩ සල්ලි වියදම් වුණා. මම ...
පොලීසියෙන් වහං වෙච්චි හොර ගෙඩියෙක් කනප්පුවකින් ඇල්ලූ හැටි හිස් අහස ගෙවල් කිට්ටුව චූටික්කු අයියලෑගේ ගෙදර හොරකමක් වෙලා සති ගාණක් ගත වුණා . පොලීසියත් අපරාධ කරුවන් සුවඳින් අල්ලාගන්ට දක්ෂකම් පෑ පොලිස් බල්ලනුත් ඇවිදින් ගම මුනිං අතට පෙරළලා වැරදි කරුවන් හෙවුවත් අබමල් රේණුවක තරම්වත් හෝඩුවාවක් හොයාගන්ඩ බැරි වුණා . මේ සිද්ධ වුණ හොරකම නිසා ගමේ උන්නු අපි පොලිස් බල්ලෙන්ව අපේ ඇස් වලින් දැකගත්තා. මීට ඉස්සර නම් පත්තර වල ටීවී එකේ ඉඳලා ...
ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව 2 හිස් අහස පලවෙනි කොටස "පිස්සුද බං . මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?” "දන්නවා දන්නවා !! උඹ ඔය රට බයිලා නොකියා කතාව කියපන්කෝ" "මම දවස් ...
වැවුගම් පත්තුවටම දඩයක්කාරි මැණිකා හිස් අහස මැණිකාව මම මුලින්ම අඳුනගත්තේ දෙයියංගේ ලෙඩ හැදිලා උන්නු මගේ ලොකු මාමට සාත්තු සප්පායම් කරන්න උන්දැලාගේ ගෙදර ගිය සන්දියේදීයි. ඒ අදින් වසරකට පමණ ඉස්සර. මැණිකාගේ පැල තිබුණේ අම්පාර බුද්ධංගල කැලේ මායිමේ . ඔප්පු තිරප්පු නැති ඒ ඉඩමත් බුද්ධංගල කැලේටම අයිති එකක් බවත් කාලෙකට ඉහතදී බලෙන් අල්ලාගත්ත ඉඩමක් බවත් එක බැල්මකින් කිව හැකි . මැණිකා තමයි ඔය ඉඩමේ හිමි කාරි, බුද්ධංගල ...
කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනිය හිස් අහස "හෙට දිහාට අපෙ ගෙදර කිරි දානේ. පුතේ උඹ එනව නේ ?” ලොකු අම්මා මගෙන් එහෙම අහද්දී මට දෙන්න තිබුණ එකම උත්තරේ තමා ඔළුව දෙපැත්තට පද්දලා "හා" කියන එක . උදේ ඉඳන්ම පන්තියේ උගන්වලා නැහිලා නැහිලා. රෑට මුනිං වැටිලා බුදියගන්නං කියලා හිතාගෙන ගෙදරට වදින මම ආයේ උදේට අවදි වෙලා වැඩට යන්නේ හාන්න දක්කාගෙන යන මිවුවෙක් වගේ. එහෙවු එකෙක් වෙච්ච මට ...