සංවිධාන විනයේ නිල් සිනමා නිර්නායකයන් මධ්‍යස්ථානය වංගීස මගෙන් කීප සැරයක් ඇහුව මගේ සහ නිර්මාල්ගේ විනය පිරිහීම සම්බන්ධයෙන් දීප්ති කරන විවේචනය. අන්තිමට අපි දෙන්න එයත් එක්ක යාපනේදී ගත්ත පින්තුර වගයකුත් දාල ලොකු කතාවක් කියල තිබ්බ. ඒ නිසා මෙන්න මේ ටික ලියන්න හිතුන. කෙටියෙන්ම කියනවනං එයාගේ සංවිධාන විනය ගැන තියෙන නිර්වචනය මෙහෙම එකක්: ගුනේ සමග අපි හිවියම, අමිමට හුඞු කල්යා. අමිමට හුඞු නිර්මාල්. ගුනේ සමග අපි නැතිවිට ...
සාකෝසි යනු කුමක්ද? ග්රන්ථ සමාලෝචනයක් මධ්‍යස්ථානය 2007 දී ප්‍රංශයේ පැවැති මැතිවරණය සහ එහි ප්‍රතිඵලයක් ගැන වූ පොතක් පරිවර්තනය කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ සහ අදාල වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් ය. මම හේතු දෙකක් නිසා වංගීස සුමනසේකරගේ උත්සාහය සාදරයෙන් පිළිගත යුතු යැයි සිතමි. ප්‍රංශ විප්ලවයේ සිට ඉතිහාසය පෙන්වා දී ඇති ආකාරයට, ප්‍රංශ දේශපාලන සිදුවීම් (events) වලට විශ්වීයව වැදගත්වන්නා වූ න්‍යායාත්මක සහ දේශපාලනික අතු විහිදීම් තිබේ. දෙවනුව, ...
ආදරය සඳහා ඇවින්යොන් වේදිකාව... මධ්‍යස්ථානය 1990 දශකයේ ආරම්භය යනු 'ඉතිහාසය අවසන් වීමෙන්' පසු ගෝලීය ආධිපත්‍යයට නිතරඟයෙන් තේරී පත් වූ අවසාන - පුද්ගලත්ව කේන්ද්‍රීය - මිනිසාගේ මොහොත විය. සකලවිධ සාමූහිකත්වයන් පිළිබඳව කෙරෙනා ඕනෑම ආකාරයක සිතා බැලීම් අනිවාර්ය ලෙසම ලේ ගංගාවකින් නිම වීමට නියම වන්නා, ත්‍රස්තවාදී සහ සර්වාධිකාරී සමාජ ක්‍රමයකින් අවසන් වීම යනු එකල ඉතිහාසයේ සදාතනික නියාමය විය. "ආදරය සඳහා හෝටන් තැන්න" යන කුඩා ව්‍යාපාරයෙන් ඇරඹි 'ප්‍රේමය' ...
ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි! මධ්‍යස්ථානය පරිවර්තනය - ලක්ප්‍රිය නානායක්කාර.අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ ‘වෝල් ස්ටී්රට්’ වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ? දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් ...
"සාකෝසි යනු කුමක්ද?" මධ්‍යස්ථානය ප්‍රංශ දාර්ශනික ඇලේන් බදියුගේ "The Meaning of Sarkozy" කෘතියේ සිංහල පරිවර්තනය "සාකෝසි යනු කුමක්ද?" නමින් එළිදැක්වීම නිමිතිකොට ගෙන කොමියුනිස්ට්වාදය හා සමකාලීන දේශපාලනය පිළිබඳ සම්මන්ත්‍රණයක් හා සංවාදයක් ඔක්තෝම්බර් මස 12 වන දින සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ (නිදහස් මාවත) දී පැවැත්වේ. මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදුකරනු ලබන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සුමනසිරි ලියනගේ ප්‍රදීප් ජයරත්න විසිනි.මුලසුන කල්‍යානන්ද ...
"සමපේක්ෂී යථාර්ථවාදය" පිලිබඳ ලාංකික සාකාච්චාවක අනිවාර්ය පූර්ව-කොන්දේසියක් වන සිතන්නෙක් සම්බන්ධව මධ්‍යස්ථානය කෙන්ටින් මෙයසු (Quentin Meillassoux) යනු පසු ගිය වසර කීපය තුල දාර්ශනික ලෝකය කැළඹු මැදිහත්වීමක් කල යොවුන් චින්තකයාය. සමකාලීන දර්ශනයේ උද්යෝගිමත් ව්‍යාපාරයක් වන සමපේක්ෂී යථාර්ථවාදී ව්‍යාපාරයේ (Speculative Realism Movement) කේන්ද්‍රීය ප්රකාෂකයාය. මෙයසු පිළිබඳව සාකච්චාව ලාංකික සන්දර්භය තුල සලකා බැලීම හදිසි අවශ්‍යතාවයක් බව අපගේ තක්සේරුවයි. 'නාථ දෙවියන්' විසින් ලාංකික බුද්ධිමය කතිකාව හොල්මන් කරන විට මෙයට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ, 'හෙතුවාදීන්ගේ' ළදරු ප්‍රතිචාර ...
නීස් බෝර් සහ නීල්ස් බෝර් මධ්‍යස්ථානය එකෝමත් එක රටක නීස් බෝර් කියල දාර්ශනිකයෙක් ඉඳල තියනවා. මේ දාර්ශනිකය ගොඩාක් කතා කරලා තියෙන්නේ දෘෂ්ඨිවාදය ගැන. එයා සහ නීල්ස් බෝර් කියන භෞතික විද්‍යාඥයා අතර සම්බන්ධයක් තියනවද කියල මේ දවස් වල අපි හොයමින් යනවා. මොකද, එයත් සමහරක් අය කියන විදියට දෘෂ්ඨිවාදය ගැන ලියල තියෙනවා. ජිජැක් කරලා තියෙන්නේ නීල්ස් බෝර් දෘෂ්ඨිවාදය ගැන ලියපු දේවල් කොපි කරන එකලු. ඒ නිසා ජිජැක් ගේ ...