‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ මධ්‍යස්ථානය ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන්ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරුලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි. පහත පළවන්නේ ඉරිදා ලක්බිම සංග්‍රහය පළ නොකළ එම ලිපියයි.නිර්මාල්‘ගෝඨාගේ ...
අභියෝගය බාර ගත්තෙමු! මධ්‍යස්ථානය දීප්ති කුමාර ගුණරත්න මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ඒ මහතා නිර්මාල් හට අභියෝග කර තිබේ. මේ 2004 වසරේ අවසාන භාගයේ සිට අප බලාපොරොත්තු වූ දෙයකි. දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් හෝ ඔහු මෙයට ඉදිරිපත්වීම අප අගය කරමු.මේ සටහන තබන්නේ නිර්මාල් එම අභියෝගය ඉමහත් සතුටින් බාරගත් බව පැවසීමටයි. අප දෙපාර්ශවය අතර එකිනෙකා පිලිබඳ තිබෙන විවේචන වලින් එකක් අවසන් වන තුරු ...
ලෝක කුසලානයේ අවසානය සහ ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයේ අවසානය මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් මාස තුනකට අදික කාලයක් කරමින් සිටි වැඩ වර්ජනය අවසන් කිරීම පිලිබඳ යෝජනාව කරලියට පැමිණීමත් සමග ෆේස්බුක් එකේ, සහ පොදුවේ අන්තර්ජාලයේ එක එක තැන වල විවිධ කොමෙන්ට් දමන, තමන්ගේ දෛනික ජීවිතය තුල සමාජය සංවිධානය කිරීමට කිසිදු වැඩක් නොකරන නිකමුන් පිරිසක් දැන් 'නැවතත් අරගලය පාවා දී ඇත' සහ 'මෙයින් වූ කිසිවක් නොමැත' කියා විශාල ...
විවාදයේ පූර්ව කොන්දේසි පිළිබඳව මධ්‍යස්ථානය දීප්ති කුමාර ගුණරත්න මහතා, එක්වරම, විවාදය පැවැත්වීමටනම් මවිසින් ඉටු කරනු ලැබිය යුතු පූර්ව කොන්දේසි කීපයක් ඉදිරිපත් කර තිබේ. එනම් ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම පිළිබඳව කල්‍යානන්ද පෙරේරා ට චෝදනා එල්ල වීම පිළිබඳව ඔහුගේ මිතුරෙකු ලෙස මට කීමට ඇති දෙය සහ එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳට බීමත්ව පහරදීම පිළිබඳව වංගීස සුමනසේකර ට විරුද්ධව ඇති කතාව පිලිබඳව මට කීමට ඇති දෙය පැවසීමයි. නමුත් ගුණරත්න මහතා ...
ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ මධ්‍යස්ථානය ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ්රයෙනි. ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව ...
මහසෝනා දැක ගැනීමට කැමති අය, මේ පැත්තෙන් එන්න! මධ්‍යස්ථානය එය නිර්මාල් විසින් 1999 වසරේදී ලියන ලද ලිපියකි. නලින් ද සිල්වා විසින් රූපවාහිනී සාකච්චා වට කීපයකදීම ජනයා ඉදිරියේ හෙළි කරනා බවට අනතුරු හැඟවූ ලිපියකි. මෙය පල කිරීමෙන් අපගේ වත්මන් දේශපාලන ආස්ථානයන් දෙදරා යනු ඇතැයි සිතා අප වෙත කොමෙන්ටුවක් සේ යොමු කර ඇති ලිපියකි. 1840 දශකයේ කොමියුනිස්ට්වාදය නම් අවතාරය යුරෝපයේ හොල්මන් කළා මෙන්ම අපව හොල්මන් කරනා මෙම ලිපිය අප ගුරුකමක් ...
ඇට දෙකේ උපමා කතාව මධ්‍යස්ථානය රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කරන රජයේ ආයෝජන වැඩි කිරීම සඳහා කෙරෙන විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වෘත්තීය සමිති අරගලය ධනවාදයට එරෙහි මිනිස් අරගලයක කොටසක් ලෙස හඳුනා ගැනීමට නොහැකි විවිධ ආකාරයේ නන්නත්තාර වූ වාමාංශිකයන් පිළිබඳව අප අතර ඇති වූ සාකච්චාවකදී කරලියට පැමිණි ජිජැක් ගේ මෙම විහිලු කතාව සහ ඒ හා සම්බන්ධ විග්‍රහය ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමු.ජිජැක් ගේ විහිලු කතාව මෙයයි: මොන්ගෝලියානුවන් විසින් ...
සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය ...
මහින්දගේ ආගිය කතා - නිර්මාල් ගැන මහින්ද අබේසුන්දර! මධ්‍යස්ථානය 1. නිර්මාල් පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ 2004 වර්ෂයට පසුව ඔස්ට්රේලියාවනි.2. එකල ලංකාවේ භීෂණයක් තිබී ඇත. 3. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කලයුත්තේ ඔවුන්ට අවශ්‍ය වැටුප කොලයක ලියා දී, දේශන ශාලා වලට ගොස් වැඩ පන්ති පැවැත්වීමය. 4. ඔවුන් දේශන කිරීම නවත්වන්නේ නැතිනම් ඔවුන්ගේ වෘත්තීය සටන් වලට මහින්ද අබේසුන්දර ගේද සහය ලැබේ. පහත සබැඳිය හරහා මේක බලන්නමහින්දගේ ආගිය කතා ...
විවාදය - 2013 සැප්තැම්බර් 17 සවස 3.00 ට මධ්‍යස්ථානය අවසානයේ දී දීප්ති කුමාර ගුණරත්න මහතා ඒ මහතා විසින්ම යෝජිත (කල්යාට අනුව නම් කොහොමටත් කිසිදා සිදු නොවීමට කලින්ම නියමිතව තිබූ) විවාදය පිළිබඳව අපව කරකවා අතහරින ප්‍රකාශයක් කරනු ලැබ තිබේ. තමන්ගේ අනුගාමිකයින්ට facebook ප්‍රජාව ඉදිරියේ ලැජ්ජාවෙන් ගැලවීමට පමණක් ඉවහල් වන බොරු දාර්ශනික හෑල්ල අතහැර දැමූවිට එහි ඇත්තේ මෙයයි. ''නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි ...
වසන්තේ නිදා උන්, යොවුන් කෝකිලාවුන් වෙනුවෙන්! මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ගේ අරගලය ට එරෙහිව සටන් බිමට අවතීර්ණ වී ඇති ජාතික චින්තන ගුරු කුලයෙන් මෙම අරගලය සඳහා අපූරු විවේචනයක් එල්ල වෙයි. එනම්, ඔවුන් 'අරාබි වසන්තය' ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවයි. මේ පිළිබඳව අපට කියන්නට තිබෙන්නේ මෙවැන්නකි. එක්කෝ මෙය විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය වෙත ජාතික චින්තන ගුරුකුලය විසින් ලබා දෙන අති විශිෂ්ඨ ගෞරවයකි. නැතිනම්, මෙය ශ්‍රේෂ්ඨ ...
නිර්මාල්, අනුරුද්ධ, නලින් - වාද පිටිය මධ්‍යස්ථානය දෙරණ රූපවාහිනිය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනය පිලිබඳ සංවාදයට අදාල සබැඳිය. මෙහිදී මූලික වශයෙන් ප්‍රශ්න අසන්නන්ගේ භූමිකාව රඟ දැක්වූයේ නලින් ද සිල්වා සහ - අඩු වශයෙන් - රොහාන් රාජපක්ෂ වන හෙයින් 360 සංවාදයේදී මෙන්, අපගේ බ්ලොග් අඩවියේ එක කොමෙන්ටු කරුවෙක් කියා තිබූ පරිදි, සංවාදය නිල වශයෙන් මෙහෙයවන්නාගේ හක්ක තැලීමට ඔබට සිතීමට ඇති ඉඩ කඩ අඩුය. http://www.youtube.com/watch?list=PLD4C31E2AE1A01988&v=AhTEI3eqR18&feature=player_embedded ...
අජිත්ගේ පාට පාට ලා...ස්සන ලෝකය ගැන.. මධ්‍යස්ථානය අජිත් පැරකුම් ජයසිංහ නිර්මාල් ගේ ජීවිතයට එල්ල වූ තර්ජනය සහ එය පසුබිමේ ඇති විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ යෝජිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ලියා තබා ඇති සටහනට අපට කනගාටුවෙන් උවත් තරමක් කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවේ.මෙහිදී අජිත් බොහෝ දේ ගැන ඔහුට සිතෙන දේ ලියා තිබෙන අතර, ඒවා සියල්ලටම පිළිතුරු දීමට අපට උවමනාවක් නොමැත. නමුත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය ...
කිසිවක්ම නොමැති වීමටත් වඩා අඩුවෙන්.... මධ්‍යස්ථානය පහතින් පල වෙන්නේ ස්ලැවෝයි ජිජැක් ගේ “Less Than Nothing – Hegel and the Shadow of Dialectical Materialism” නම් කෘතියෙන් කොටසක් සඳහා කල දල සිංහල පරිවර්තනයයි. හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද, එය පිළිබඳව මාක්ස්වාදය තුල ඇති විවේචනය, ආදිය සම්බන්ධයෙන් විවිධ හේගලියානු බුද්ධිමතුන්ගේ විවරණ යොදා ගනිමින් මෙහිදී ජිජැක් සරල පැහැදිලි කිරීමක් කරයි. හේගල් පිළිබඳව කරන කියවීමකදී මග හැරිය නොහැකි මෙම සමකාලීන හේගලියානුවාගේ අර්ථ ...
අධ්‍යාපනය ගැන අරගලයෙන් අරගලයේ අධ්‍යාපනයට මධ්‍යස්ථානය මේ ලිපිය සරසවි ආචාර්යවරුන්ගේ අරගලය දෙස ආපසු හැරී බලන්නට උත්සාහ කරයි. මේ දිනවල බොහෝ දෙනා එසේ කරනු පෙනෙයි. ඒ හැම බැල්මකම එහිම වූ රාමුවක් තිබේ. ඒ රාමුවෙන් එකිනෙකා ගේ සිතීමේ උත්කර්ෂවත් වස්තූන් ඔවුන් දෙස බලා හිඳිනු දැකිය හැකි ය. කෙනෙකු වෙත අරගලය තුලින් කොටියෙක් දත් විලිස්සාගෙන සිටියි, තවකෙකු වෙත ඩොලර් ඉගිමරයි, තවත් කෙනෙකු ගේ කවුලුවෙන් අරාබි වසන්තයේ හිරු රැස් ...
තාරාවෝ ඉගිලෙති මධ්‍යස්ථානය ගල්කිස්ස පොලීසිය විසින් “ගණිකා” නිවාසයක් කළමනාකරණය කිරීමක් සම්බන්ධ බව පවසා මට විරුද්ධව චෝදනා ගොනු කොට අගෝ. 11 දින අත් අඩංගුවට ගෙන (එම අවස් ථාවේ එහි වෛද්‍යවරයෙක් නොසිටි නිසා) රිමාන්ඩ් දින 07 කට පසුව (එයද උසාවිය නොපැවැත්වෙන දින නිසා) අගෝස්තු 20 දින මා වෙනම වත් එම ආයතයේ සිටි සේවාදායකයින් 06 දෙනාමත් නිවැරදි කරුවන් ලෙස උසාවියේ පෙනී සිටීමින් පසු නඩු දිනයක් ...
අපේ ලිංගික ජීවිතය ගැන, නැවතත්! මධ්‍යස්ථානය දීප්ති කුමාර ගුණරත්න මහතාගේ අලුත්ම සොයාගැනීම වන්නේ අප වලත්තයන් බවයි. එතුමාට අනුව, අප වෙනත් කෙනෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ බව පිළිගැනීමම වලත්තකමකි. ඔවුන්ගේ සංවිධානයේ සිටින්නේ ලිංගික ආශාවන් නැති, ස්වයං වින්දනය පවා කරන්නේ නැති, ආශාවන් නිහීන කල මිනිසුන්ය. එය 'රත්මලානේ දේවාලය' ලෙස අප නම් කරන්නේ ඒ නිසාය. නමුත් අපනම් ඉතාම සාමාන්‍ය මිනිසුන් වන හෙයින් අපට ලිංගික ආශාවන් තිබේ. නමුත් අප කවුරුත් ...
මීන රාශියේ නතරවුණු බුද්ධිමය සංවාදය මධ්‍යස්ථානය පසුගිය දොරමඩළාව වැඩසටහනේදී අපූරු මොහොතක් දැක ගැනීමට අපට හැකිවිය. එහිදී නලින් ද සිල්වා මහතා සිය මූලික කරුණු ඉදිරිපත් කිරීමේදී දැනුම පිලිබඳ ඔහුගේ ප්‍රවාදය ට එරෙහිව ලොව සිටිනා ඉහලම විද්වතෙකු ගෙන්වන ලෙසත් එම විද්වතා ඉදිරියේ දී පවා තම මතය ඔප්පු කල හැකි බවත් පැවසීය. මෙතනදී විද්‍යාවේ දර්ශනය පිලිබඳ අද ලොව සිටින ඉහලම බුද්ධිමතා කවුරුන්ද කියා නලින් ද සිල්වා මහතා සිතන්නට උත්සාහ ...
දේශපාලනය කිරීමට හේගල් අවශ්‍යය වන්නේ ඇයි? මධ්‍යස්ථානය හේගලියානු දර්ශනය පිළිබඳව ලංකාවේ තරමක උනන්දුවක් ඇති වී තිබීම යහපත් තත්වයකි. මෙහි ප්‍රතිපලයක් ලෙස හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද කියනා ප්රශ්නය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබේ. මේ පිළිබඳව ලියවුනු ස්ලැවොයි ජිජැක් ගේ "අරගලය සහ ප්‍රතිසංධානය" නම් කෙටි ලිපියේ පරිවර්තනයක් අපි ඉදිරි දින කීපයේදී පල කරන්නට අදහස් කරමු. මෙම සටහන වෙන් වන්නේ එය සඳහා වන ඉල ඇදෙන පූර්විකාවකටයි.හේගල් පිළිබඳව ඇති වී ඇති ...
බොරු කියන්නේ නැතුව ඇත්තටම කරනවානං, අපි එකඟයි දීප්ති! මධ්‍යස්ථානය නිර්මාල්ගේ ලිංගික ජීවිතය පිළිබඳව අප ලියු සටහනට දීප්ති කුමාර ගුණරත්න මහතාගේ වෙබ් අඩවියෙන් හොර රහස් ප්‍රතිචාරයක් දී තිබේ. එහිදී ඔහු ඉතා වැදගත් යෝජනාවක් කර ඇති අතර, එයට අපද එක සිතින් සහය පල කරමු. එම යෝජනාව වන්නේ, ඔවුනට වද නොදෙන ලෙසත්, ඔවුනගේ වෙබ් අඩවිය නොබලන ලෙසත් කරනා ඉල්ලීමයි. මෙයට අපේ පැත්තෙන් කියන්නට තිබෙන්නේ, "ඉතාම හොඳයි, අපිත් මේ බලාගෙන හිටියේ ඔය වැඩේ ...