ලිලියන් චාලට් ද සිල්වා - සැබෑ සොබාසුමිතුරු මෑණිය... Gordonia ceylanica මිනිස්සු ඉන්නවා ලෝකෙ අධ්‍යාපනය වත්පොහොසත්කම අතින්,සමාජ තලයෙන් එතරම් උසස් තැනක නැති.ඒත් ඒ මිනිස්සු අතර ඉන්නවා හොඳ හදවතක් සහ අවබෝධයක් තියනව සුන්දර මිනිස්සු.මේ ලියන්න යන්නෙ එහෙම අම්ම කෙනෙක් ගැන.මේ අම්මාගෙ නම ලිලියන් චාලට් ද සිල්වා.මහා පෝසත් උගත් අම්ම කෙනෙක් නෙවේ බැලූ බැල්මට.ඒත් මේ අම්මා ලොකූ සේවයක් කරපු කෙනෙක් පරිසරයට.ලංකාවේ තියනවා ඉතාම දුර්ලභ කඩොලාන ශාකයක්.මේකෙ නම රතමිල්ල/ රතඹිල්ල [Lumnitzera littorea - Family ...
රාස්සිගෙ අව්ව - දුකෙන් කළකිරීමෙන් ලියමි... Gordonia ceylanica අනේ ඉතිං දෙයියනේ කියලා වැහි කාලෙ පටං ගත්තා.හොඳට වහිනව දැන්, වැහැල පෑයියම ලස්සනයි පරිසරේම.ඒ වගේම මේ කාලෙට ඉර එළිය වැටෙන ආනතිය තිරසට බර වෙනවනෙ, ඒ නිසා හවසට අමුතු ලස්සනක් තියනවා.මම ටික දවසකට කලින් රාස්සිගෙ අව්ව ගැන ලියන්න හිටියා.අදවත් ලියන්න හිතං ඔන්න පටන් ගත්තා.බලමුකො,රාස්සිගෙ අවුවත් මම ගොඩක් ආස කරන දෙයක්,ඒක හරිම ලස්සනයි,පරිසරේ හැමදේම කහපාට වෙලා පේනවා.කහ කීවට මේක නිකන් රත්තරන් පාට ...
රෑට ඔබ සෙනෙහෙන් ඇවිදින් මා හද පුබුදයි.... Gordonia ceylanica කැලේට පායපු හඳ වාගේ ලස්සනයි,කියන කියමන අපි ගොඩක් අය අහල තියනවා.ඒත් කීයෙන් කීදෙනාද ඒක අත්විඳල තියන්නෙ?මගේ යහළුවන් 7 දෙනෙකු, දවස් 7ක දැවැන්ත ගවේෂණ චාරිකාවක නිරත වූහ.හන්තානේ සිට හෝටන් තැන්න දක්වා සිරිලක අති සුන්දර මධ්‍යය කඳුකරයේ නොදුටු සුන්දරත්වය අත්විඳින්නට සහෝදරත්වය සහ එකමුතුකමින් යුතුව අවම පහසුකම් යටතේ සිදු කරන මේ 7Day Hike එකට සහභාගි වීම මගේ කුඩා කල සිටම සිහිනයක් විය.එහෙත් මගේ ...
මට පට්ටම පට්ට ආතල් ...... පිස්සු වගේ..... Gordonia ceylanica මට කාලෙකට පුදුමාකාර ආතල් හෙවත් ඔටෝචූන් ඇති වේ.මේ සංසිද්ධියට බලපාන්නේ සොබාවයි.කාලෙකට පෑවිල්ලද, කාලෙකට වැස්සද මට මේ තත්වය ඇති කරයි.එයට නිසි අර්ථ දැක්වීමක් හෝ පැනවීමක් නැත.මට හිතෙන හැටියට පරිසරය යම් ආකාරයෙන් ප්‍රමෝධමත් වේද මමද එය සමඟම නැලවෙන්නේ වෙමි.මට හිතෙන හැටියට එය නිසි ක්රමයකි,හැමවිටම පරිසරයේ වෙනස්කම් ගැන සිත සිතා එයට බැනවැදීම නිවැරදි නැත.අපේ රටේ ඉහිලිය හැකි උණුසුමක් හෝ සීතලක් ලේසියෙන් ඇති වෙන්නේ ...
අරුම පුදුම නරි මහත්තයා..... Gordonia ceylanica මම හැමදාමත් ආසාවෙන් බලන ෆිල්ම් ටිකයි තියන්නෙ,පොත් වුනත් එහෙමයි.ඈත කාලෙ බලපුවගෙන් ආස "Some Birds Can't Fly" කියන එකට,ඒක බලනකොට මම පොඩියි.ඒත් මම හැමදාම ඒකේ තියන පරිසරයට ආස කරා.මම හැමදාම කියනවා වගේ පරිසරය එක්කයි ළමා ජීවිතේ ගෙවන්න ඕන කියන එක තමා ඒකෙත් කියන්නෙ.මේක හැමෝම බලල ඇති කියල මම හිතනවා, ඒනිසා මේක ගැන ලියල වැඩක් නෑ.කියන්නෙත් ඒ වගේම එකක්.ඒකත් බොහොම ප්‍රසිද්ධයි.මේක නම් ...
මා මළ පසු සිහිවන්නට සොබා සුමිතුරෙක් වෙනු මැන.... Gordonia ceylanica අද උදේ මා විශ්වවිද්‍යාලයට යන්න පෙර, හදිසියේ බ්ලොග් එකට ආවා.එතකොට මම කතන්දර මාමගෙ අලුත් ලිපියක් දැක එය බලන්න ගියා,එහිදීයි මට පෙනුණේ ගැජට් එකක් හරහා "ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි".මම හිතුවා මේක කාගේ හරි මරණයක් ගැන වග.පින්තූරෙන් පෙණුනා එය කතන්දර ශූරීන්ගේ පියාණන් හෝ වෙනත් කාගෙ හරි පියාණන් කෙනෙක් ගැණ කියලා.අන්තිමට බැලුවම කතන්දර මාමගෙ අප්පච්චි ගැන.මට සංවේගයක් ඉපදුනා අනේ මටත් මෙහෙම වෙනවා නොවේද ...
කුමාරිහාමි අක්කේ බලන්න දැන් මේක තේරෙනවද කියලා ... Gordonia ceylanica Carl Linnaeusමේකත් මම ලියන්න කියලා හිතං හිටිය එකක්.සොබා සුමිතුරු වෙන්න මේකෙන් වැදගත්කමක් කෙලින්ම නෑ.මොකද මේ දේ ලෝකෙට එන්න කලින් ඕන තරම් සොබා සුමිතුරෝ හිටිය ලොකේ.ඒත් ඉතිං දෙයක් ඉගන ගන්න එක වටිනවනෙ.මේ දේ ටිකක් දැන ගත්තොත් ශාක සහ සතුන් ගැන තියන ඉංග්‍රීසි දේවල් තේරුම් ගන්න ලේසි වෙයි චුට්ටක් විතර.අපි හිතමු අපි ගහක් ගැන හා ඔන්න අඹ ගහ ගත්තා කියමු.ඔන්න ගියා බ්‍රවුසර් ...
මාර ගස් ගැන මාර කතාවක් - මොකද්ද සංරක්ෂණය ? Gordonia ceylanica මම මේක ලියන්ට ගොඩක් කල් හිත හිත හිටියා.ඒත් ලියන්ට බැරි වුනා.ඒත් මට ඊයේ ඒක මතක් වුනා මගෙ ලිපියකට ලියපු අදහක් නිසා.ඒක දාපු සහෝදරයට ගොඩක් ස්තූතියි.කොහොම වුනත් මට කියන්න තියන ගොඩක් එව්ව ලියන්ට ඕන.ඉස්සල්ලාම මට කියන්න තියන්නෙ මම මේ විෂය ගැන ඩිප්ලෝමාවක්වත් නැති කෙනෙක් කියලා.මම තවම පොඩි කොල්ලෙක්.ඒ නිසා කෙනෙක්ට අහන්න පුළුවන් ඔයාට මොකද්ද තියන සුදුසුකම මේක ලියන්න කියල.ඒකට දෙන්න තියන ...
ජමනාරං Gordonia ceylanica මම රෝස ගහකුයි ජමනාරං ගහකුයි ගෙනාවා.මේ පැල ගත්තේ ඉස්කෝලෙ වැඩේට ගස් ගත්ත තැනකිං.ඉස්කෝලෙ ගස් ටික බලන්න ගිය වෙලාවක ඒවට වතුර දාලා පේරා පැත්තෙ යන්න හිතුනා.මගදි වෙලා යනව කියල මතක් වෙලා පැල කඩේ ගාවින් බැහැල පැල ගත්ත.මට ඉස්සර ඉදල ආසාවක් තිබුනා ජමනාරං ගහක් හදාගන්න.ඒත් හරි ගියේ නෑ.අන්තිමට ගත්ත ඔන්න.කොහොම හරි ඔන්න ගස් දෙක උස්සගෙන ගෙදර ආවා.ගෙදර ඇවිත් රෝස ගහ නම් හිටෙවුවා ...
පොඩි එකාව ලොකු ඉස්කොලෙකට දාගන්න ඕන.... Gordonia ceylanica මා පසුගිය ලෝක ළමා දිනයේදී අපේ අම්මා උගන්වන පාසැලට ගියේ එහි දුප්පත් පොඩිවුන්ට ළමා චිත්‍රපටියක් පෙන්වීමටය.ජාතිකයේ ගිය පුංචි ඉත්තෑවා (The Little Hedgehog) චිත්‍රපටිය අවම පහසුකම් යටතේ වුව සාර්ථකව පෙන්වා අසීමිත සතුටක් භුක්ති විඳිමට හැකි විය.මගේ අදහස වූයේ Fantastic Mr. Fox පෙන්වීමට වුවත්,එය පසුව සාකඡ්චා මඟින් Robots බවටද ජනතාවගේ ඉල්ලිම මත පුංචි ඉත්තෑවා බවටද පත්විය.අම්මාගේ පාසල දුප්පත් එකකි.මගේ මුල්ම පාසල වූයේද ...
අපූ, මම, සත්‍යවරණ යුගලප්‍රසාද් විභූති භූෂණ සහ සොබාව... Gordonia ceylanica විභූති භූෂණ ගැන මා පට්ට ගසනවා වැඩිද මම නොදන්නෙමි.මගේ බ්ලොගය සොබාව ගැන කතා කරන නිසා මට මොන සහිත්‍යයද යැයි ඔබට සිතෙනවාදැයි නොදනිමි.ඒත් මේ ලිපියද කවුරුන් හරි කියවනු ඇත.තවත් බ්ලොගයක් පවත්වා ගැණීම අපහසු නිසා මම මෙහිම මෙවන් දේද දමමි.මට මේ බ්ලොගයේ ලිපි වර්ග දෙකකට බෙදීමට අවශ්‍යය වුවත් මම ඒ ක්‍රමය නොදනිමි.මා කලින් කී පරිදි මට රසවිඳීමට මහා සුන්දර පරිසරයක් තිබුණේ නැත.එහෙත් ...
අල මැස්සා.... Gordonia ceylanica අපෙ ගෙදර පිටිපස්සෙ වැටක් තියනවා,මේක ජීව වැටක් නෙවේ.කොලපාට දැල් ගහපු යකඩ වැටක්.මේකත් ජීව කරලා තීයන්නෙ අල වැල් (Dioscorea sp) සහ කෝවක්කා (Coccinia grandis) වැල්.ඊට අමතරව මේකෙ තිබුනා ලංකා කඩල සහ මෑකරලුත්, දඹලත්.දැන් නම් මෙහෙට පෑවිල්ල.කෝවක්ක සහ අල විතරයි ඉන්නෙ.කෝවක්කා මලඉතින් අල මැස්සා එන්නෙ මේ වැටට තමා.අල මැස්සා කියන්නෙ ලස්සන සමනලයෙක්,Yamfly -Loxura atymnus උට තියනවා සුලබ නොවන හැඩයක්.Yam = අල Fly ...
විසඝොර සර්පයා දැක නෑරු මෝඩයා! Gordonia ceylanica අද මම පාර අතුගානකොට (අපෙ ගෙදර තියන්නෙ පාරෙන් පහල, ඒ නිසා ගෙදරට පාරෙ ඉඳලා කොන්ක්‍රීට් පාරක් දාල තියනවා )මෙන්න බොලේ උඩ කරපිංචා ගහේ මොකෙද්දෝ ඇදෙනවා.."ඊයා බුදු අම්මෝ මෙන්න සර්පයෙක්, මාව බේරගනියෝ" කියලා ඉදල විසික් කරලා දුවන්ටතිබුනා මම වෙන කෙනෙක් නම්.මට නම් ව්‍යවහාරික වදනින් කියනව නම්,"පට්ටම ආතල් එකක් ගියා"මොකද කියනව නම් අපේ වත්තෙ ඇහැටුල්ලෙක්වත් නෑ.හිටියෙ ගැරඬි ...
පියසටහන්..... Gordonia ceylanica මගේ අහිංසක අම්මා අද මා සමඟ පංසලට ගියාය.ඇය කිසි දිනක මහා පොෂ් කාන්තාවක් නොවූවාය.ඇය ගැමි කාන්තාවක්ද නොවූවාය.එහෙත් ඇය සංකරද නැත.මම දැක ඇහි හොඳම කාන්තාවන් අතර අපේ අම්මාද සිටී.සෑම අම්මෙක්ට මෙන්ම මගේ අම්මාටද මා කෙරෙහි බලවත් ස්නේහයක් තිබෙන බව මා දනිමි.ඇය අර්ධ ගැමි කාන්තාවක් හෙයින්,සිකුරාදා සරසවියට පියමණින වෙන්ට දොස්තර පුතා සමඟ පංසල් ගියේ එහෙයිනි.ඈ මසකට වරක් ...
දෙස්පළුවෝ නළුවෝ සහ එළුවෝ ..... Gordonia ceylanica මම මේ ටිකකට කලින් ගියා සාලෙට,අම්මා බලනවා මිණිපුර හටන.ටෙලි කියන්නෙ රියැලිටි නෙවේ තමා,ඒකෙ පෙන්නන්නේ හීනයක්,අදාල තිරරචකයා මවපු.ඒක ඔය වගේ නාට්‍යයකදී නම් බොහෝ විට සමාජෙ දකින් දේ එකතු කරලා තමා ලියන්නෙ.එතකොට දෙස්පලුවගෙ ගෙදර සරසනවා ඉටිකොල වලින් වැහෙන්න.හතරවටේ පොලිතින්.ඕක තමා රියැලිටිය.ඒත් ඉතින් මේකෙ ඉන්න දෙස්පලුවා හොඳ පාට් එකනෙ රඟපාන්නෙ (රොජර්)එහෙම එකේ අපෙ කලාකරුවන්ට තිබු
පොඩි එවුන්ට පුරුදු කරමු සොබා බලන්න ........ Gordonia ceylanica අපි ඊයෙ කතා කරා පොඩි එවුන් කොහොමද සොබා සුමිතුරු කරන්නෙ කියලා.අපිට පුළුවන් පරිසරේ නිරීක්ෂණය කරන්න ළමයින්ට කියල දෙන්න.එතකොට ළමයි තුල ඇති වෙන අනවශ්‍ය බයවල් නැති වෙනවා.මේක ළමයින්ට දෙන අනවශ්‍යය දේවල් වෙනුවට කාලය ගත කරන්න හොඳ විනෝදාංශයක් කරන්නත් පුළුවන්.මොකද සමහර ළමයි පොඩි පොඩි සත්තුන්ටත් බයයි.කොච්චර ලස්සන වුනත් සමනල්ලුන්ටත් බයයි.ඒකට කියනව Lepidophobeia කියල ඉංගිරිසියෙන්.ඒ වගේ ළමයි බිහිවෙන එක වලක්වන්න අපිට පුලුවන්.මේ වගේ ...
හොඳ දේ ළමයින්ටයි (කියමනකි) Gordonia ceylanica ළමා කාලය තම ජීවිතේ සුන්දරම කාලෙ කියන්නෙ.ඒත් ඒක එහෙම වෙන්ට නම් හොඳ පරිසරේක ජීවත් වෙන්න ලැබෙන්න ඕන.ළමයෙක් සොබාවිකතවයට ලං වෙන්න වෙන්න වෙන්න වෙන්න සුන්දර වෙනවා කියන එකයි මගේ හැඟිමයි.ළමයි ඉන්ට ඕන ළමයි වගේ.ඒකයි ළමයගෙ සොබවික තත්වය, නැතුව ස්ටාර් කෙනෙක් වෙන එකවත්,නිරූපිකාවක් වෙන එකවත් නෙවේ.ඒත් දැන් කාලේ ළමයි මහා විසිවිත්තරකාරියෝ වෙලා,මම දන්නවා අපෙම ළඟ නෑදෑයෙක්ගෙ දරුවො ...
අරණකට පෙම් බැඳ Gordonia ceylanica චින්තා ලක්ෂමී සිංහාරච්චි සහ විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය සහ යන සොඳුරු මිනිසුන් දෙදෙනා මා කිසිදා දැක නැත.කතා කරවත් නැත,එහෙත් මට ඔවුන්ගේ හදවත් තුල තිබුණ සුන්දරත්වය නොරහසකි.මම කලක් පොත් ගුල්ලෙක් වී සිටියෙමි.දැනුදු එහෙම එකෙකුදැයි නොදනිමි.මක් නිසාද යත් මම දැන් වැඩිය පොත් නොකියවන බැවිනි.මා කුඩා කල සිටම පරිසරයට බෙහෙවින් ආදරය කළෙමි.මට රස විඳීමට ඝන වනාන්තරයක් හෝ දිය ඇලිවත් දං බෝවිටියා ...
ඉඩකඩ ප්‍රයෝජනයට ගැනීම සහ කුඩා පරිසර පද්ධති... Gordonia ceylanica Red Pierrot (Talicada nyseus) අපිට තියන්නෙ බොහොම පොඩි ඉඩමක්,පොඩි කියන්නෙ පර්චස් 26ක්ද කොහෙද.ගෙදර තඩියි.අනික ඒක හදලා තියන විදිහ නිසා තවත් ඉඩමෙ ඉඩ අඩු වෙනවා ගස් හදන්න.ඒත් මට ගස් හදන්නම ඕන.මේක මට පොඩි කාලෙ ඉදලම තිබුණ ආසාවක්.ඒත් ඉතින් ඒකට ඉඩක් හම්බුනේ අඩුවෙන්.මොකද මට හිටවන්ට ඕන කැලෑවක් වගේ එකක්,තඩි ගස් වවන්න මට ඕන,ඒත් ඉතින් ගෙදරක ඔව්ව කරන්න ...
කරවල කැබිල්ල ගහ...... Gordonia ceylanica සොබාසුමිතුරා දැන් මහළු වයසේ පසු වෙයි.වත්තේ වූ පුංචි කඳු ගැටය මත වසර 15කට විස්සකට පෙර සිටවූ කරවලකැබිල්ල ගස දැන් ලොකු ගසකි.එහි සෙවන යට වූ ඔහුම සදාගත් පුටුවේ හිඳගෙන සැහැල්ලු කපු ඇඳුමින් සැරසී නිවීහැනහිල්ලේ සිය අතීතය සිහි කරන්නට වන්නේය.වියපත් නොවූ මිහිරාවිය, ඔහුගේ ගිටාරය පැත්තක්කින් පුටුවට හේත්තු වී සිටියාය.ඔහු ඒ වන විට විශ්වවිද්‍යාලයට යන්නට සිටින තරුණ කොල්ලෙකි.ඔහු ..