වෙරළ අරුණැල්ල හුදෙකලාවේ වෙරළ දිහා බලාගෙන ඉන්දෙද්දී මට හිතුන අපේ ජීවිතත් හරියට වෙරළ වගේ කියලා..උදේ ඉදන් දවල් වෙනකම් අහු මුළු වලට වෙලා පෙම් සුව විඳපු පෙම් යුවළවල් දවල් වෙද්දී නික්මිලා යනවා..එතකොට තනි වෙන වෙරළට පුංචි එවුන් ඇවිත් කෙළිදෙලෙන් ගත කරනවා...වෙරළේ තනිකම මකනවා..ඒ වගේ ම ටික ටික හවස් වෙද්දී පවුල් පිටින් ඇවිත් වෙරළ හරිම කලබලකාරී කරනවා..ඒත් ටික වෙලාවකින් ඒ හැමෝම නික්මිලා යනවා..උදේ ඉඳලා ...
ඉරබටු තරුව අරුණැල්ල ක්ෂිතිජයට ඉහළින් නැගීකිරි සුදුව දිදුලවළා කැරලි කළු පැහැ වීපියා නොසලන වවුලන් සේඊටත් වැඩියෙන් අඳුරු පැහැ වීතැන් තැන් වල රැඳීබියකරු වළා කැරලි මැදනොනිවී දැල්වෙයි එක ම තරුවක්....නෙක තරු නැගෙද්දීසැගවෙන්නට අවසර යදියිඒ තරුව..මෙලාන වී දිදුලන සුදු පැහැයෙන්කෙමෙන් කහ පැහැයටත්අනතුරුව රත් පැහැයටත්පසුව අඳුරු පැහැයටත්ලං වී මළානිකව..කොහෙන්දෝ පා වී ආ අඳුරු රැල්ලකතරුව සැඟවී නොපෙනී යද්දීක්ෂිතිජයේ රැඳී දිදුලන එළිබියපත් ව ඔබ මොබසරන්නට විය..ගුළි ගැසුණු වළාව ...
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්.. අරුණැල්ල දෙනෝ දාහක් මැදහුදෙකලා වෙමිසරන පිරිවර නික්ම නොයන හින්දාඅතීතය මම සිතින් විඳින්නෙමිගෙවුණු කාලයයළි නො එන හින්දාසිතින් දිරි ගෙන දුකට සිනාසෙමිකඳුළු කැට උණුනෙතට නුහුරු හින්දා.. ...
වියැළුණු සිතක් අරුණැල්ල හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති කිසිවෙකුත් තව - පය ගසා නැති දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති පතොක් ගසුත් පණ ගසනවා සකි කටුක ගිරි හිස - වලාකුළු ඇති සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති විටින් විට වැහි -... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
ජන කතා අරුණැල්ල අරුණැල්ල කියවන හැමෝම කවි කියවනවාට වඩා කතා කියවන්න කැමති කියලා අපි දන්නවා..ඒ හින්දා අලුත් වැඩකට අත ගහන්න හිතුවා..ඒත් මේ වැඩේ මට තනියම කරන්න නම් බෑ.. පාඨක ඔබේ සහාය මේ කටයුත්තේ දී ගොඩාක් වැදගත් වෙනවා..අපේ රටේ විවිධ ප්‍රදේශ වලට අදාල කටයුතු සහ ඒ ප්‍රදේශ වල අතීත සිදුවීම් ආශ්‍රිතව ජනකතා ගොඩ නැගී තියෙනවා..ඒ බොහොමයක් මුඛ පරම්පරා ගත ව මේ දක්වා නොනැසී රැඳිලා ...
සරසවිය අරුණැල්ල පටුනෙහිරැඳී හුන් අපිපෙරලන්නෙමුපිටුවෙන් පිටුවටජීවිතය..හැඩ ගැන්වෙයිඅකුරු ඇමිණී..වියසවියරසවියසරසවිය..
සෙනෙහස අරුණැල්ල ඉඩෝරයට හසු වීපසෙහි රැඳී පැලකේඩෑරි ව යද්දීහිත් පිත් නැතිවනැගී පවුරු හිසරැඳී හිඳියි..සෙනෙහසින් ලංවීඑක් කළු ගලකරැඳී මීවණ පැලයක්නුහුරු නුපුරුදු බිමෙහිපවුරු පදනම් නැතිවහුරු පුරුදු සේයාවෙන්...නිමිත්ත :- සරසවි බිමෙහි තනි වූ වියළි ශිඛරයක් හිස රැඳී එක් මීවණයක් දුටිමි... ...
සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය අරුණැල්ල නුඹට වෛර කළ කඳුළ, බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව, නුඹ වෙනුවෙන් වග උත්තර බඳින මගේ නෙත් බොඳ කළා... නුඹට වෛර කළ කේශ නාලිකා, නුඹ දැක ගන්නට නොනිත් ආශාවෙන් පෙළුණු දෙඇස, ලෙයින් පිරවුවා.. නුඹ වෙනුවෙන් නික්මන්න අකමැති වුණු ඉකිය, නුඹ වෙනුවෙන් හෙලුනු සුසුම මොහොතකට ඇද සිර කළා.. නුඹේ සුවඳට වෛර කළ නාසය, ඒ සුවඳ යළි නො එන්නට, ඇසෙහි පිරවුණු කඳුළු ගෙන ...
පිනි බිඳ.. අරුණැල්ල ගසක් අතු රිකිලි ලාමහත් තේජසින්හාත්පස විහිදීසිය රිකිලි හිස පැළඳිමලක් දකිනු රිසින්ඔබ මොබ සැලෙද්දීඑහි රැඳී එක් පිනි බිඳක්පත් අගින් ගිලිහීමහත් වෙහෙසක් දරාමුල සිප ගනු දුටිම්මලක් සොයාවෙහෙසට පත් ගසසෙමෙන් පිනි බිඳ දෙසට හැරීපවස සංසිඳුවා ගති..
Orientation සහ අපි.. අරුණැල්ල දිලෙන විදුලි එළියටින් එල්ලීබමන පංකාඊටත් යටින්නිදන අපි...ලියවෙයි මැකෙයිසුදු පුවරුවකකළු පැහැයෙන්තවත් විටෙකනිල් පැහැයෙන්වැදගත් නම්රතු පැහැයෙන්..තට්ට හිසෙන්උපැස් යටින්සම්ප්රේෂණය වෙයි"ග්‍රැමර්"කන කකියයිපොත් ගෙන එයිපියවෙන නෙත්නොපියා අසනෙමුඋගන්වන හැටි"රයිටින්""ඩෝන්ට් රයිට්,අයිල් ගිව් යූටයිම් ටු රයිට්..." ...
සමාචාර අභිනන්දන - 2010 අරුණැල්ල සැඩ ඔය අපි තරණය කළෙමුපහුර සේ නුඹඅප එතෙර කළ නිසා..සරුංගල් සේමිහිර වින්දෙමුසුළඟ සේ නුඹඅප ඉහළ නැංවූ නිසා..ගගන තරු සේදිදුලන්නට වීමුරෑ අහස සේ නුඹඅඳුර පැතිරූ නිසා..දිසාපාමොක් වී නුඹමහත් වෙහෙසීදුන් දිරියෙන්අපි විශිෂ්ටයෝ වීමුසමාචාර අභිනන්දන ඒ නිසා....
සර්ව ආගමික ප්‍රේමය අරුණැල්ල අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා... පින්තුරය උපුටා ගැනීම : http://4.bp.blogspot.com/-lNbIXdXSaAM/UdBZinWCg6I/AAAAAAAAkBk/P4CY6KRpqwI/s600/weddingar600.jpg Posted by : Nj_A najathakram1@gmail.com ...
අලයන් හා අල වීම.. අරුණැල්ල වසර හතරක්යහතින් වෙසෙනු පිණිසමාස කිහිපයක්වාත වීමට සිදු විය..මාසයක්යන්තමින් වාත වීමු..හොඳ හරිය තවම නැත..කොහේ දෝ ලොවකින්හිටි වනමගසාගෙන ආගිනි පුපුරකින්වාතය රත් වීඉහළ නගින්නට විය..නොහොත්දෙපිටින් යන්නට විය..වාත වූ මාසය අපරාදේ ය..කවුරුන් කෙසේ කීවත්වැඩේ අල විය... ...
නගුලේ ඇව්ළුම් බොහොම හොදයි අරුණැල්ල සමා වෙලා වදාරන්න ඕන ටිකක් පමා උනාට.. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව හින්දා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න නෙවෙයි.. නිකමට ඇවිත් යන්න වත් බැරි උණා.. ඔන්න අද ඕන එකක් උනාවේ කියලා ආවා..අද දාන්නේ කලින් ලියලා තිබ්බ එකක්..මේ කතාව කියන ශෛලිය කලින් ට වඩා වෙනස්.. හොඳ ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ.. පෞද්ගලිකව මගේ අදහස නම් මේ ලියන විදිය ...
විසිරාගේ වැඩ - වං ගෙඩියේ කතාව අරුණැල්ල ඔන්න හා හා පුරා කියලා හොර වැඩකින් ම වැඩේ පටන් ගන්න හිතුවා..මම මේ කියන්න යන සිද්ධියට පාදක වෙලා තියෙන්නේ 19 වන සියවසේ, ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන් වල උඩරට ප්‍රදේශයේ හරියටම කියනවා නම් පාත හේවාහැටේ එක්තරා ගමක ජීවත් වුනු එක්තරා පුද්ගලයෙක් හා බැඳුනු සිදුවීමක්..නියම නමක් තිබුනත් ගමේ ලොකු කුඩා හැමෝම අපේ කථා නායකයා ව දැනගෙන හිටියේ "විසිරා" කියන නමින්.. විසිරා ...
විසිරාගේ වැඩ - කුකුළා මග දී හඬලයි.. අරුණැල්ල ඔන්න මම අද කියන්න යන්නෙත් විසිරාගේ ම කතාවක් තමයි.. විසිරා කියන්නේ එක තැනක එක විදියකට ඉන්න බැරි මිනිහෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..ඔන්න ඉතින් දවසක් විසිරා තමන්ගේ ගමෙන් නික්මලා උඩ හේවාහැට ප්‍රදේශයේ ඇවිදින්න ගියා. ඇවිදින්න ගියා කිව්වේ මොකක් හරි වැඩකට යන්න ඇති.. කොහොම හරි ඔහු ගිය කටයුත්ත හිතපු තරම් ඉක්මනින් ඉවර කර ගන්න බැරි උන හින්දා එන ගමනේ මග ...
අපේ එවුන් අරුණැල්ල එකෝමත් එක කාලෙකහිස් අහස දිහා බලාගෙනඅවුරුද්දක් පුරාවට හුල්ලපුඅපේ කාලයේ මීටර ටිකක්..නා නා විධ ආයිත්තම් පැළඳතවත් අයෙක්අතුල්ලා නූල් ගියදිය වී ගියරෙදි පෙරෙදි හැඳතැන් තැන් වලවල බැස්සහ..විසිරී ගිය උන් රැලඑක තැනකට එක් වීගත විය මාසයක්ඉන් පසු තවත් එකක්..දැන් උන්ගේකතාව කඩ්ඩෙනි..මුවගඩිජිටල් සිනහවකි..කවුරු කෙසේ කීවත්දෙසියය ම එකා මෙනි..කට්ට කා අවසන් වූ විටමදය හමු වන බවඋහු දනිති...මදය හමු වන තුරුඋහු කට්ට කති.. ...
අවසානයේ සමනලයා මිය ගියේ ය. අරුණැල්ල සමනල තටු වලනෙක නෙක පාට සොරා ගත්වෛවර්ණ මකුළුවාදැල වියන්නට පටන් ගත්තේ ය. හිමිදිරියේ මීදුම් අතරින්දේදුනු පාට පෙති අතරසුවඳ සොයමින් සමනලයානෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය.. සමනල තටු වලනෙක නෙක පාට සොරා ගත්වෛවර්ණ මකුළුවාදැල වියන්නට පටන් ගත්තේ ය. සොඳුරු සමනල මාවතඅවුරා එළුණු දැලවළකන්නට විය කවුළුවසොඳුරු ලොවකට මග විවර කළ සමනල තටු වලනෙක නෙක පාට සොරා ගත්වෛවර්ණ මකුළුවාදැල වියන්නට පටන් ගත්තේ ය. ...
ආදරණිය අක්කේ.. අරුණැල්ල මේ තරම් ආදරෙන්නුඹ මගේ ළඟ රැඳී..පෙර යම් භවයකපුරුදු ලෙසින් අපිසිනා සලන්නෙමුදබර වන්නෙමුවැළඳ ගන්නෙමුසෙනෙහසින්..නොවේ කිසියම්රාග සිතිවිලිකිම් ද නුඹ මාසොයුරිය යි...