FAKE ප්‍රොෆයිල් අඳුන ගමුද? Internet එකට Girl Guide අන්තර්ජාලෙ හැම ප්‍රොෆයිල්(Profile) එකම නරක නෑ. ඇනෝනිමස්(Anonymous) ප්‍රොෆයිල් වුනත් තියෙනවා ඩීසන්ට්. එහෙම අය කිහිප දෙනෙක්ම අපෙ කෙල්ලෝ සෙට් එකෙත් ඉන්නව. ඒ නිසා මේ අද කතා කරන දඩයක්කාර ප්‍රොෆයිල් කියන්නෙ වෙනම මාතෘකාවක්. සමහර ප්‍රොෆයිල් ඉන්නවා ඉන්නෙ නමින්මයි, ඒත් එයාල නෝටිම නෝටි... මොනවාද මේ දඩයක්කාර ප්‍රොෆයිල්? ඔයාලට එහෙම ප්‍රොෆයිල් එකකින් රික්වෙස්ට් එකක් ආවොත් අඳුන ගන්නෙ කොහොමද? අපි මේ පෝස්ට් කෙල්ලන්ට විතරයි කියලා ...
ස්ටේටස් අප්ඩේට් ලියන්නෙ බලාගෙනයි ! Internet එකට Girl Guide මේක ෆෙස් බුක් කතාවක්.කෙ/ කො ල්ලන්ට කතාවක්... එකසිය ගානට ස්ටේටස් අප්ඩේට් වලින් ආගිය , උන් හිටි හැම එකම , කොම්පීටරෙන්, ෆෝන් එකෙන් වමාරන ඕනෙ කෙනෙක්ට කියන කතාවක්.ඕයික හරි අනතුරුදායක වැඩක්. ඉන්න තැන් ආව වෙලාවල් , පිටත් වුනු වෙලාවල්, හිටිය තැන්... ඔය හැම දේම එලිදරව් කරලා නේද අපි දන්නෙවත් නැතුවම ?ඔන්න කොල්ලනේ , කෙල්ලනේ බලාගෙනයි. අපේ පුද්ගලික ජීවිතේ ඕනාවට වැඩියේ එලියට ...
හිතේ අමාරුකම් ඇනෝලට කීමේ ආදීනව... Internet එකට Girl Guide අපේ කොල්ලො හරිම දස්සියො හිත් අමාරුකම් ගස් බෙන වලට කියන්ට.ඇයි මම මෙහෙම කියන්නෙ? මට එහා පැත්තෙ මේ වෙලාවෙ ගොර ඇද ඇද නිදියන මෝඩ කෙල්ලත් එහෙම කරලා ලෝක අමාරුවක වැටුන නිසා. චුට්ටිත්තක් කොල්ලා එක්ක වලියක් ඇදුනාහම, කොල්ල දාල ගියාම, එහෙම නැතිනම් අම්ම බැන්නම , අපිට හිතෙන්නෙ ලෝකෙ කවුරුත් අපිට නෑ. ඉතින් අර චැට් ලිස්ට් එක දාස් ගානක් වට කරාගෙන 'හායි හායි' ...
හයානකයි චැට් !!!!! Internet එකට Girl Guide මේ ගැන නම් කොච්චර ලිව්වත් මදි... මොනවද? චැට් !!!!!!!මූණ නොපෙනී එහා පැත්තෙ ඉන්න එකාට මොනවද කියාගන්න බැරි?? මූන නොපෙනෙන වසංගතය නම් හිතන තරම් සුලුපටු නැහැ. ලේසියෙන් ගන්නත් බැහැ. හරීම අනුවේදනීය කතාවක් එක් කොනක ඉන්න කෙනෙක් තෙපලද්දි අනික් කොනේ ඉන්න එකා , හොටු පෙරාගෙන අඬන ඉස්මයිලියක් දමමින් , ඒ අස්සෙ මේ කතා අන්දර තමන්ගෙ කාර්යාල සගයටත් පෙන්වමින් , උඩ පැන පැන සිනා ...
වෙල්කම් Welcome කෙල්ලනේ.. Internet එකට Girl Guide ආදරයෙන් සාදරයෙන් ඔන්න පිලිගන්නවා ඔයගොල්ලන්ව..පොඩියෙන්ම කියනවනම් ඉතින් අපිට මේ පිටුව හදන්න හිතුනෙ , අන්තර්ජාලය මේ ඉස්කෝලෙ යන යුනිවර්සිටි යන, රස්සා කරන පුංචි ඇච්චි බැච්චියො නිරපරාදේ නාස්ති වෙන්නෙම ඉන්ටනෙට්ටුව නිසාය කියලා හිතෙන්ඩ ගත්ත නිසා... සහතික ඇත්ත තමයි, මේ පිටුව ලියන අපේ බැචියන් කීපෙ දෙනෙකුත් මේ අපරාදෙටම මුහුණ දෙන්න සිද්ධ වෙච්චි අයමයි. ඒ ඈයොම තමයි අදහස ඉස්සර කෙරුවේ අපි මෙහෙම දෙයක් ලියමු ...
මධ්‍යම රාත්‍රියේ පැණි කුරුල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න ! Internet එකට Girl Guide මහ රෑ ජාමේ ඔන්ලයින් ඉන්න කුරුලු රාජයො ඔය ගොල්ලන් එක්කලා කයිය ගහන්න ඇවිත් තියනවාද ??නිකමට හිතුනද ,අම්මාපල්ල මේ කොල්ලන්ට රෑට නින්ද යන්නෙ නැද්ද කියලා. (දැන් ඉතින් ඒක කරනා කෙල්ලගෙනුත් අහන්න වෙන්නෙ ඒකම තමයි ඉතින් ) :-)අපි හිතෙ මොකක් හරි දුකකින් ඉද්දි තමයි නිතරම චැට් එක දිහා බලාගෙන ඉන්නෙ. මම හරිද? එක්කො මොක්ක හරි වැඩක්...රෑ මැදියමේ ඉන්ටනෙට් එක අස්සෙ ඉබාගාතෙ ...
ෆිල්ම් බොක්ස් , චැට් බොක්ස් .. කෝකද හොඳ ? Internet එකට Girl Guide කෙල්ලනේ...අම්මෝ සතුටුයි... මැස්සො වහ වහා තිබුන බ්ලොග් ලෑල්ලට අඩු ගානෙ දෙන්නක් ෆලෝ කරන බව කියලා ගිහින්. ඒත් මැදැයි. ඔන්න අද මේක ලියන්නෙ කෙල්ලො සෙට් එකෙ තුන්වෙනි එකී. ඒ වයසින්. කරන වැඩ වලින් තුන්වෙනි පන්තියෙ එහෙම නෙවේ හරිද ඔන්න. චැට් බොක්සි හරහා ලවු කරන එකයි, ෆිල්ම් හෝල් වල බොක්ස් වල ලවු කරන එකයි දෙකේ තියන සමාන හා අසමානකම් ලියන්ඩයි අද ලෑස්ති ...